Derailed (2002) Sinhala Subtitle
සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ තවත් වික්‍රමයක් තමයි DERAILED. රිදී තිරයේ මුලින්ම දිග හැරුනේ 2002 මැයි 19 ප්‍රංශයේදී. ඇමරිකාවේ නිකුත්වුනේ කෙලින්ම DVD මාධ්‍යයෙන්. ඒ 2002 ඔක්තෝම්බර් 15 දිනයි. Action, Thriller වර්ගයේ සිනමා පටයක් වන අතර ධාවන කාලය විනාඩි 89 යි. 4/10 ක IMDb අගයක්ද, Google පරිශීලකයන්ගේ 85% කැමැත්තක්ද ලබාගෙන තියෙනවා. ඇමරිකන් ඩොලර් 297,835 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත් වූ මෙය Bob Misiorowski ගේ අධ්‍යක්ෂණයක්. Van Damme (ජාක්ස් ක්‍රිස්ටොෆ්) සමඟ සෙසු චරිත වලට පණ පොවන්නේ මේසන් කෝල් ලෙස Tomas Arana, ගලීනා ලෙස Laura Harring, සහ මැඩලිනා ලෙස Susan Gibney. ජාක්ස්ගේ පුත් ඊතන් ක්‍රිස්ටොෆ්ගේ චරිතයට පණ පොවන්නේ වෑන් ඩෑම්ගේම පුතා වන Kristopher Van Varenberg. තවත් විදිහකට කියනවා නම් Kris Van Damme. 2001 ඔක්තෝම්බර් 20 සිට දෙසැම්බර් 15 දක්වා කාලය අතර දින 56 ක් තුල, බෝල්ෂෙවික් සහ බල්ගේරියාවේ අග නගරය වන සොෆියා වලදී මෙහි රූපගත කිරීම් සිදුකර ඇත.
ගලීනා කොන්ස්ටන්ටින් කියන්නෙ හොරකම රස්සාව කරගත් රුවැති කාන්තාවක්. ඇගේ අලුත්ම හොරකම වන්නේ ස්ලෝවැකියා රජයෙන් සොරාගත් ඉතාමත්ම වටිනා ඒ වගේම අතිශය රහසිගත යම් දෙයක්. ඇය නේටො සංවිධානයේ ඉහළම නිලධාරියෙක් වන ජෙනරාල් සකෙව් සමඟ එකඟ වෙනවා එය ඉතා විශාල මුදලකට ඔවුන්ට ලබාදීමට. ඇය සහ ඒ දෙය ආරක්ෂිතව මියුනිච් වලට රැගෙන ඒමට, එයාලගෙ සුපිරිම නියෝජිතයෙක් වන ජාක්ස් ක්‍රිස්ටොෆ්ව යවනවා. කලබල ගොඩකින් පස්සෙ එයාලා මියුනිච් බලා යන දුම්රියට ගොඩවෙනවා. දුම්රියේදී ජාක්ස් පුදුමයට පත්වන්නේ තමන්ගේ බිරිඳ, පුතා සහ දුවත් එම එම දුම්රියේම සිටින බව දැකීමෙන්. ඔවුන් එසේ පැමිණ ඇත්තේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සර්ප්‍රයිස් කිරීමකටයි. මේ අතර මේසන් කෝල් නමැත්තෙකුගේ නායකත්වයෙන් යුතු ආයුධ සන්නද්ධ මිනීමරු කල්ලියකුත් මේ දුම්රියට ගොඩවෙනවා. ඔවුන්ගේ ඒකායන අරමුණ ගලීනා සොයාගෙන, ඇය ළඟ ඇති දේ ලබාගන්න එකයි. ඔවුන් දුම්රියේ ආරක්ෂකයින් සහ රියදුරු මරා දමා දුම්රිය සම්පූර්ණයෙන්ම ඔවුන් යටතට ගෙන ජාක්ස්ගේ පවුල ඇතුලු සියලුම මගීන් ප්‍රාණ ඇපයට ගන්නවා. ගලීනා ළඟ ඇත්තේ, ඒ මුලු දුම්රියේම සිටින අය මරණය කරා ගෙන යා හැකි මාරක දෙයක් බව දන්නේ ඇය සහ මේසන් කෝල් කල්ලිය පමණයි. මේසන් කෝල් පොඩි මිනිහෙක් නොවේ. ඔහු බුද්ධිමත්. අනුකම්පා විරහිතයි. ඔහුට ඉහළ අනුග්‍රහයක් තියෙනවා. තමාට අවශ්‍ය දේ අරගෙන මාරුවෙන්න ගුවන් සහය පවා තියෙනවා. ඒත් ඔහු සහ ඔහුගේ අරමුණ අතර එකම එක මිනිහෙක් හිටගන්නවා. ඒ ජාක්ස් ක්‍රිස්ටොෆ්.

ගොඩක් ස්තූති සබ් එකට
මේ වගේ පරන ඒවට සබ් දෙන්න
Thanx saho.
Thanks jayawewa…..!
sub ekta thanks
Thanx saho.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ චිත්‍රපට කිහිපයටත් උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.
Once upon time in china – 1991
Once upon time in china 2 – 1992
Once upon time in china 3 – 1992
Once upon time in China and America – 1997
Thanx. balamu.
thanks sahodaraya…
van damme ge knock off(1998) film ekata sub denawada
තෑන්ක්ස් සබ් එක දුන්නට.