Dr. Wai in the Scripture with No Words (1996) Sinhala Subtitle
Dr. Wai in the Scripture with No Words කියන්නෙ 1996 මාර්තු 14 මුලින්ම තිරගත කෙරුනු Cantonese / Martial Arts / Action / Adventure / Comedy / Fantasy / Thriller ශානරයේ හොංකොං ෆිලුමක්. සටන් නලු ජෙට් ලිගේ තවත් පැරණි බොක්ස් ඔෆීස් චිත්‍රපටයක්. ඔරිජිනල් නම Mo him wong (තේරුම "වික්‍රමාන්විතයන්ගේ රජු" ) වන අතර පිලිපීනයේදී නිකුත්වුනේ Adventurer from China යන නමින්. Hong Kong release සහ International exported release වශයෙන් මෙහි සංස්කරණ ( version ) දෙකක් නිකුත් වුනා. ඔරිජිනල් එක තමයි Hong Kong Version එක. මේවායේ කථා වස්තුව, පසුබිම සහ සංස්කරණ එකිනෙකට බෙහෙවින්ම වෙනස්. හොංකොං සංස්කරණයේදී කථාව දිග හැරෙන්නේ 'මෙටා-ප්‍රබන්ධ' (metafiction) ස්වරූපයෙන්. එනම් නූතන ලේඛකයෙකු විසින් 'Adventure King' ප්‍රධාන චරිතය කරගනිමින් නවකතාවක් ලියන ආකාරය එයින් නිරූපණය වෙනවා. නමුත් අන්තර්ජාතික සංස්කරණයේදී (International version), 'Adventure King' ගේ කථාව පුතෙකුට සිය පියාගෙන් අසන්නට ලැබෙන කථාවක් ලෙස තමයි ඉදිරිපත් කෙරෙන්නෙ. හොංකොං සංස්කරණයේදී, නූතන කොටසේ චරිතම විවිධ චරිත නිරූපණය කරමින් 'Adventure King' නවකතා කොටසේදී පෙනී සිටිනවා. Hong Kong Version හී ධාවන කාලය මිනිත්තු 90 ක් වන අතර International exported Version එක මිනිත්තු 87 ක් වෙනවා. අපි ඔයාලට දීලා තියෙන්නෙ ඔරිජිනල් හොංකොං පිටපතයි.
නිෂ්පාදන කටයුතු අතරතුරදී හොංකොං ඩොලර් මිලියන 10 ක් වටිනා පසුතල නිර්මාණ ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. ඒ නිසා නිෂ්පාදකයින් දරුණු මුදල් ප්‍රශ්න වලට මැදිවෙලා තියෙනවා. ඉතින් හානිය අවම කරගන්න, තිර පිටපත වෙනස් කරලා, කතාවට අලුත් කොටස් එකතු කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට 'Adventure King' ඉපැරණි කතාවේ දර්ශන අඩු කරලා, වර්තමාන කතාවේ දර්ශන වැඩි වෙලා තියෙනවා. the Golden Horse Award සම්මාන උලෙළේදී හොඳම දෘෂ්ටි ප්‍රයෝග ( Best Visual Effects ) සම්මානය දිනාගත් අතර 16 වෙනි Hong Kong Film Awards සම්මාන උලෙළේදී Best Action Choreography සම්මානය වෙනුවෙන් නිර්දේශ වුනා. Jet Li (වික්‍රමාන්විත රජු / චව් සී කිට් ) සමඟ රංගනයෙන් එකතු වෙනවා Rosamund Kwan ( මොනිකා / කැමී ), Charlie Yeung ( යැන් යැන් / ඉවෝන් ), ජපන් නලු Takeshi Kaneshiro ( ෂින්ග් ), Billy Chow ( චෑන් ) සහ Collin Chou ( හුං සිං ).
චව් සී කිට් ජනප්‍රිය නවකතාකරුවෙක්. ඔහු වසරකට කතා කොටස් 100 ක් ලබාදෙන්න පුවත්පතක් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කරල තියෙනවා. නමුත් කොටස් 93 කට පස්සෙ, යම් පවුල් ප්‍රශ්න නිසා ඔහුගේ බිරිඳ ඔහුගෙන් ඩිවෝස් වෙන්න හදනවා. වැඩ වලට මිසක් ඇය ගැන උනන්දුවක් නෑ කියලයි ඇය කියන්නෙ. එයින් මානසිකව වැටෙන චව් සී කිට්, ඔහු ලියන 1930 වසරේ චීනය පසුබිම් කරගත් 'Adventure King' කතාවේ ප්‍රධාන කාන්තා චරිතය, නපුරු තැනැත්තියක් විදිහට වෙනස් කරනවා. මේ අතර මොනිකා හා චව් අනතුරකට මුහුණ පා රෝහල්ගතව ඉන්නා විටකදී, චව්ගේ සහායකයන් දෙදෙනා වන ෂින්ග් සහ ඉවෝන්, නවකතාවෙ ඉතිරි ටික ලියනවා. එවිට ඔවුන් කැමීව නැවත යහපත් කෙනෙක් කරනවා. මේ වගේ, නවකතාව සහ සැබෑ ජීවිතය කලවමේ තමයි ගලාගෙන යන්නෙ. නවකතා කොටසේ තමයි සටන්, ගැටුම්, ඇක්ෂන් තියෙන්නෙ. මොකද, අනාගතය කිව හැකි ඉපැරැණි අද්භූත පෙට්ටියක් සහ වචන නොමැති ශුද්ධ ලියවිල්ලක් සොයා යන ත්‍රාසජනක ගමනක් තමයි ඒකෙ මූලය. එයා සොයා දීමේ කාර්යය ජෙනරාල් ලෝන් විසින් වික්‍රමාන්විතයන්ගේ රජා, 'Adventure King' ට බාරදෙනවා. මේක පස්සෙ පන්නන කණ්ඩායම් කීපයකුත් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ සටන බලන්න ආරාධනා කරමින් නවතින්නම්.
මේක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හොයාගන්න බැරිවුනා. වයිටීඑස් එකේ තිබ්බත් සීඩ්ස් මදි. ඉතින් මන් ළඟ තිබ්බ BluRay [Duel Audio] [Hindi- Chinese] පිටපතක් ගූගල් අප්ලෝඩ් කරලයි ඔයාලට ලබා දෙන්නෙ. Chinese සිලෙක්ට් කරගෙන බලන්න. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලත් විශේෂයෙන්ම කියන්න ඕනෙ.
ජය වේවා.



