ජීවත් වෙන්න ඕන නම් දුවන්න.
ආනෝල්ඩ් කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. ඉතින් ලෝකයේ අංක එකේ නලුවෙක් වන Arnold Schwarzenegger ගේ තවත් පට්ටම පට්ට පැරණි සිනමා පටයක් තමයි මෙවර ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1987 නොවැම්බර් 13 දින ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරමින්, පළමු සති අන්තයේදීම ඩොලර් 8,117,465 ක වාර්තාගත බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්වූ “Running Man “. ඩොලර් මිලියන 27 ක් දරා නිෂ්පාදනය කර, ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මිලියන 38.1 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත් වූ Running Man, 1982 දී Richard Bachman ( ඔහුගේ නියම නම Stephen King වේ. ) විසින් ලියන ලද The Running Man නවකතාව ඇසුරෙන් නිපදවන ලද්දක්. මේ චිත්‍රපටයේ අවස්ථා කීපයකදීම මනරම් ඩාන්ස් ෂෝ එකක් තියෙනවා. ඒක නිර්මාණය කරලා තියෙන්නෙ ජනප්‍රිය ඇමරිකන් පොප් ගායිකාවක්, සිංදු ලියන්නියක්, නිලියක් සහ ඩාන්සර් කෙනෙක් වන Paula Abdul විසින්. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 101 යි.
Cast
Arnold Schwarzenegger … බෙන් රිචර්ඩ්ස්
Maria Conchita Alonso … ඇම්බර් මෙන්ඩෙස්
Yaphet Kotto … විලියම් ලෝග්ලින්
Marvin J. McIntyre … හැරල්ඩ් වයිස්
Richard Dawson … ඩේමන් කිලියන්
මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක්. පසුබිම 2019 වසර. දැන්නම් 2021. ඒත් චිත්‍රපටය නිෂ්පාදනය කලේ 1987 නෙ. ඒ නිසා එහෙම හිතාගෙන බලමු. මේකෙ තියෙන්නෙ මනඃකල්පිත ජන සමාජයක් සහ ඇමරිකාවක්. 2019 වෙනකොට ලෝකයේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ආහාර, ස්වභාවික සම්පත් සහ තෙල් හීනවෙලා ගිහිල්ලා. පොලිස් දෙපාර්තමේන්තුව, පැරාමිලිටරි කලාප වලට බෙදලා. හමුදා බල ඈණි වගේ කණ්ඩායම් හරහා දරුණු පාලනයක් ගෙනයනවා. මේ පාලනයට විරුද්ධ කැරලි කණ්ඩායමකුත් රහසිගතව ඉඳන් ක්‍රියාත්මක වෙනවා. රූපවාහිනිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ රජය. පට්ට බොරු කියන්නෙ. මේ රූපවාහිනිය තමයි ICS නෙට්වර්ක් එක ලෙසින් හඳුන්වන්නෙ. ඒකෙන් කරන රියැලිටි ගේම් ෂෝ එකක් තමයි “රනින් මෑන්”. ඇමරිකන් ඉතිහාසයේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන. මේකට ධාවකයෝ නැත්නම් දුවන්නො හැටියට දාන්නෙ හිරබත් කන අපරාධකාරයො. ඔවුන් අති විශාල ක්‍රීඩා කලාපයකට දානවා. ඒකෙ තැන තැන ඉන්නවා “ස්ටෝකර්” ලෙසින් හඳුන්වන අධි බලැති ආයුධ වලින් සන්නද්ධ, නෙට්වර්ක් එකේ වෘත්තීමය මිනීමරුවො. එයාලගෙන් බේරිලා ඒකෙන් පිටවෙන්න ධාවකයන්ට පැය තුනක කාලයක් ලැබෙනවා.මේ සජීවීව ප්‍රචාරය වෙනවා. හැබැයි ඉතින් ප්‍රහාරකයන්ගෙන් බේරුනු කෙනෙක් නම් නෑ. ඔවුන් අපරාජිතයි. ෂෝ එක ඉහළම මට්ටමට ඇවිත් නිසා, මාසයක් තිස්සෙ එක තැන පල්වෙමින් තියෙන රේටින් ඉහල දාගන්න, රනින් මෑන් එකේ නිශ්පාදක සහ නෙට්වර්ක් එකේ ප්‍රධානී ඩේමන් කිලියන්ට ඕන වෙනවා. ඒ සඳහා “රනින් මෑන්” එකට උත්තේජනයක් දෙන්න පුලුවන් “රනර්” (දුවන්නෙක්) හොයනකොට ඩේමන්ගෙ ඇහැට අහුවෙනවා විශේෂ චරිතයක්. ඒ තමයි බේකර්ස්ෆීල්ඩ් ඝාතකයා ලෙස ප්‍රසිද්ධ බෙන් රිචර්ඩ්ස්. පොලිස් නිලධාරියෙක්. මිනිසුන් 60 ක් සමූලඝාතනය කල බවට බොරු චෝදනාවකට තමයි රජය ඔහුව හිරේට යවන්නෙ. ඩේමන් සැලසුම් කරලා රිචඩ්ව බලෙන්ම රනින් මෑන් ෂෝ එකට දානවා. නමුත් තමන් තෝරගත්තෙ වැරදි කෙනා බව ඩේමන්ට තේරුම් යන්නෙ, ඔවුන්ගේ මුල්ම ප්‍රහාරකයා වන, ප්‍රබල “සබ්සීරෝ” රිචඩ් අතින් “නිකන්ම සීරෝ” බවට පත්වුනාට පස්සෙ.
විශේෂයෙන්ම කියන්න ඕන මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලා.
ජය වේවා.
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
ගොඩක් ස්තූති සබ් එකට
මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න
Aniwaren. subz.lk ekka inna.
තෑන්ක්ස් සහෝ
Thanx for the comment.
Thanks jayawewa…..!
Thanx for the comment.
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ. මේ චිත්‍රපටය දෙනකම් බලාගෙන හිටපු එකක්. නැවත වාරයක් ස්තූතියි.
stephen king ගේ කෘති වලින් හදපු තවත් ත්‍රාසජනක චිත්‍රපට තියනවා.
Cat’ Eye – 1985
Maximum Overdrive – 1986
The Dark Half – 1993
Thinner – 1996
මේවා හොදයි නම් ඒවාටත් උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.
හැකිනම් මේ චිත්‍රපට කිහිපය සදහා ද උපසිරැසි ලබාදීම පිළිබඳව සලකා බලන්න.
Shaolin Temple – 1982
Cape Fear – 1991
Swordsman II – 1992
The Legend – 1993
Street Fighter – 1994
Sudden Death – 1995
Fearless – 2006
once upon a time in china collection
ට්‍රයි කරන්නම්.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Redemption Day (2021)
Horizon Line (2020)
Synchronic (2019)
Fatale (2020)
කමෙන්ට් එකට ස්තූතියි.