පැරිස් නගරය යට නාසි බංකරය
මේ වසරේ නිකුත් වුනු අලුත්ම Horror ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එකක් අරගෙන ආවේ. මේක ප්‍රංශ නිර්මාණයක්. භාෂාවත් ප්‍රංශම තමයි. නමින් Deep Fear. මුලින්ම තිරගත වුනේ 2022 අප්‍රියෙල් 20 ප්‍රංශයෙදි. 5.3/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. පැය 1 යි විනාඩි 20 ක ධාවන කාලයකින් යුක්තයි. Grégory Beghin ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් දායකවෙන්නෙ Sofia Lesaffre (සෝනියා), Joseph Olivennes (රමී), Victor Meutelet (හෙන්රි} සහ Kassim Meesters (මැක්ස්).
කතාවට පසුබිම වෙන්නෙ 1991 වර්ෂයයි. සෝනියා, හෙන්රි සහ මැක්ස් යොවුන් වයසෙ අඹ යාලුවො තුන් දෙනෙක්. මෙයාලගෙන් හෙන්රි හමුදා සේවයට එකතු වෙන්නයි ඉන්නෙ. ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න හිතන සෝනියා ඒ ගැන ඇගේ යාලුවෙක් වන රමීට කියනවා. ඔහු ඇයට කියනවා පැරීසිය වෙනස් විදිහකට පෙන්නන්නම් කියලා. ඉතින් රමී එයාලව එක්ක යන්නෙ පැරිස් නගරය පුරා භූගතව විහිදුනු, පැරීසියේ පොළොව යට ලෝකයට. ඒක යට පිහිටි මලපවාහන පද්ධතිය සහ පුරාණ උමං සොහොන වංකගිරියක් වගේ. නීතියෙන් බේරිලා නානාවිධ ෆන් ගන්න අයගෙ පාරාදීසයක්. ඇයි පොලීසියෙන් එන්නෙ නැති නිසා. ඒ අතරෙ ඉපැරැණි දේවල්, ජනප්‍රවාද ගැන පර්යේෂණ කරන අයත් ඉන්නවා. අවුරුදු 2 කට කලින් මෙහෙදී අතුරුදහන් වුනු තම සහෝදරයා හොයන්න ආපු තරුණියකුත් ඉන්නවා. ඇය ලාමියා. ඉතින් මෙයාලට හොයාගන්න ලැබෙනවා දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු නාසි හමුදාව සතුව තිබුනා යැයි කියන ඓතිහාසික 717 බන්කරය. මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් එතැනට අඩිය තියල නෑ කියල තමයි කියවෙන්නෙ. කෙසේ වෙතත්, ජර්මානුවන් ඉතිරි කරල ගිහින් තියෙන්නෙ, “වයිට් සෝන්” ලෙස හැඳින්වෙන එම සුවිසාල භූගත බන්කරය විතරක්ම නොවෙන බව ඔවුන්ට තේරුම් යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.
ජය වේවා.
QUALITY // 480P – 350MB / 720P – 735MB / 1080P – 1.4GB
SUB FORMAT // SRT // IDX TV
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට සහෝ
:heart_eyes: Ada thama me site eka hambune.nikan hya hoya innakota.issalama me film eka thama ganne.site eka piliwelata thiyenawa.wisthara ehema lassanta dala thiyanawa.thank you for the sub..!