Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • Chinese Movies
  • Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
MOVIE

Rasika Samanjith 2020-07-11 / 02:29 AM

 

          හොංකොං ක්‍රියාදාම සිනමාව අලුත් මඟකට හැරවූ සිනමා පටයක් තමයි Snake in the Eagle’s Shadow (ස්නේක් ඉන් ද ඊගල්ස් ෂැඩෝ) කියන්නෙ. සුපිරි නලු ජැකී චෑන්ගේ තවත් සුපිරි චිත්‍රපටයක්. අධ්‍යක්ෂනය කලේ Drunken Master[1978], In the Line of Duty IV [1989], Tiger Cage 2 [1990] සහ Master Z: Ip Man Legacy [2018] වැනි සුපිරි සිනමා නිර්මාණ රාශියක් ලොවට දායාද කල Yuen Woo-Ping විසින්. මෙහි එන වයසක මාෂල් ආට් මාස්ටර්ගේ චරිතයට කිහිප දෙනෙක්ම සලකා බැලූ අතර අවසානයේ Yuen Woo-Ping ගේ පියා වන Yuen Siu Tien යොදාගෙන තියෙනවා. ඒ අනුව මෙහෙ රඟපෑමෙන් දායක වන්නේ Jackie Chan, Yuen Siu Tien සහ Hwang Jang Lee. අදටත් ඉතා ජනප්‍රිය Bruce Lee රඟපෑ Big Boss, Fist Of Fury යන චිත්‍රපට අධ්‍යක්ෂනය කල Lo Wei ට අවශ්‍ය වෙනවා ජැකී චෑන්ව අලුත් Bruce Lee කරන්න. ජැකී එතකොට ජනප්‍රිය තරුවක් නොවේ. ඒ අනුව ජැකී යොදා 1976 වසරේ New Fist Of Fury නිපදවනවා. ඒ Lo Wei, ජැකී යොදා අධ්‍යක්ෂනය කල පළමු චිත්‍රපටය. කෙසේවුවත් චිත්‍රපටය ආදායම් අතින් එච්චර සාර්ථක වන්නේ නෑ. පසුව ජැකී යොදා කොමඩි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට Ng See-yuen සූදානම් වුනත් බෙදාහරින ආයතනය එය අනුමත කලේ නෑ. එසේවුවත් 1978 වසරේ Snake in the Eagle’s Shadow නිෂ්පාදනය කරමින් ඔහු ඒ අදහස ඉෂ්ට කරගන්නට සමත්වෙනවා. Comedy, Martial Arts, Stunts සහ Acrobatics එක්ව සම්බන්ධ කරමින් 1975 වර්ෂයේ Spiritual Boxer නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වුනා. එහෙත් Snake in the Eagle’s Shadow තිරගත වීමත් සමඟම එය රැල්ලක් බවට පත්වෙමින්, හොංකොං ඇක්ෂන් සිනමාව නව මඟකට හැරවීමට සමත්වුනා. නිෂ්පාදක, අධ්‍යක්ෂක සහ රංගන ශීල්පීන් ඇතුලු මේ ටීම් එකම එම වසරේම නිපදවූ Drunken Master, ඒ රැල්ල උණක් බවට පත්කිරීමට සමත්වූවා පමණක් නොව ජැකී චෑන්ව ලෝක සිනමාවේ සුපිරි තරුවක් කරමින් ඔහුව පුරාවෘත්තයක් බවට පත් කලා.

             Snake in the Eagle’s Shadow  හොංකොංහීදී ඇ.ඩො.578,792 ක බොක්ස් ඔෆීස්  ආදායමක්  උපයාගත්  අතර දකුණු කොරියාවේද  බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඇ.ඩො.මිලියන 2.4 ක් උපයාගැනීමට සමත්විය. එයදකුණු කොරියාවේ 1979 වසරේ චිත්‍රපටයක් උපයාගත් දෙවන ඉහලම ආදායමයි. එය දෙවෙනි වූයේ ජැකීගේම Drunken Master චිත්‍රපටයට පමණි.

          Snake in the Eagle’s Shadow මුලින්ම තිරගත වූයේ 1978 මාර්තු 01 ය. ධාවන කාලය මි.98 යි.  Action, Adventure, Family, Martial Arts, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය 7.4/10 කටද, Rotten Tomatoes අගය 82% කටද කරකවන්න සමත්වූ මේ සිනමා පටය Google පරිශීලකයන්ගෙන් 93% කගේ කැමැත්ත හිමිකරගෙන තියෙනවා.

             චියෙන් ෆු (Jackie Chan) අනාථ තරුණ කොල්ලෙක්. හුන්ග්ටායි මාෂල් ආට් පාසලේ මාස්ටර් තමයි ඔහුව බලාගන්නෙ.පාසලේ අනම්මනම් හැම වැඩක්ම කරන්නෙ එයා. එහි ගුරුවරයෙක් වන ලී මෙයාට ගොඩක් හිරිහැර කරදර කරනවා. කොටින්ම සිසුන්ගේ පුහුණුවීම් වලට පන්චින් බෑග් එක හැටියට ගන්නේ චියෙන් ෆුව. දිනක් කට්ටියක් වයසක හිඟන්නෙකුට පහර දෙනකොට චියෙන් ෆු එයාට උදව් කරනවා. එක්කන් අවිල්ලා කන්න බොන්න දීලා රෑ ඉන්න තැනකුත් දෙනවා. මේ  හිඟන්නා එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඔහු තමයි පායි චෑන්ග් ටීන්. නාග ශෛලිය (Snake Fist) උගන්වන ගුරුවරුන් අතරින් අන්තිමයා. අනිත් ඔක්කොම අය මැරිලා. මරාදාලා. රාජාලි ශෛලි (Eagle Claw) කණ්ඩායම විසින්. නාග ශෛලිය අතුගා දැමීමේ දැඩි අධිෂ්ඨානයක තමයි එයාලා ඉන්නේ. එයාලා මේ පායි චෑන්ග් ටීන්ව හැමතැනම හොයනවා. ඒ නිසා ඔහුත් නිතරම සැඟවිලා ඉන්නේ. කොහොමහරි පස්සෙ එයාලගෙ පහරදීමකින් චෑන්ග් ටීන් දරුණු ලෙස තුවාල ලබනවා. චියෙන් ෆු තමයි ඔහුට උපස්ථාන කරන්නේ. චියෙන් ෆු ගැන අනුකම්පා කරන පායි චෑන්ග් ටීන් තීරණය කරනවා තමාගෙ Snake Fist ශාස්ත්‍රය ඔහුට ලබාදෙන්න. හැබැයි පොරොන්දු 3ක් පිට. එක… තමාට “සීෆූ”(ටීචර්) කියලා කතා කරන්න බෑ. දෙක…නාග ශෛලිය දන්න බව කාටවත් පෙන්නන්න බෑ. අවශ්‍යම වුනොත් ඇර පාවිච්චි කිරීම තහනම්. තුන… ඒක නම් ටිකක් අමාරු එකක්. ඒත් චියෙන් ෆු එකඟ වෙනවා. ඔහු ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් කුන්ග් ෆු ඉගෙනගන්නවා. ඒත් හුන්ග්ටායි පාසලේ මාස්ටර්ගෙ ජීවිතේ බේරගන්න, ප්‍රාන්ත ශූරයෙක් හා සටනකට අවතීර්ණ වීමට ඔහුට සිද්ධවෙනවා. නරක වෙලාව. ඒ වෙලාවේ එතැනින් යන Eagle Claw එකේ ලොක්කා මේ සටන දැකලා වහාම අඳුනගන්නවා Snake Fist ශෛලිය.ඊට පස්සෙ Eagle Claw කණ්ඩායම චියෙන් ෆු පස්සෙ පන්නන්න පටන්ගන්නවා. මොකද ඔවුන්ට වඩාත්ම ඕනි වෙන්නෙ ගෝලයා පිටුපස ඉන්න ඒ රහසිගත ගුරා. ඉතුරු ටික චිත්‍රපටයෙන්ම බලමු නේද?
       මුල ඉඳන් ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිලුමක්. සහතිකයි. සිනාවෙන් පිරිලා. ගොඩක් නව පරපුරේ අය නම් පරණ ෆිල්ම් වලට කැමති නෑ. ඒත් “ඕල්ඩ් ඊස් ගෝල්ඩ්” කියනවනේ. දැන් වගේ කැමරා ප්‍රයෝග,කොම්පියුටර් ජිල්මාට් වලින් පිරිලා නෑ. මෙය රූගත කිරීමේදී Hwang Jang Leeගේ පා පහරකට ජැකීගේ දතකුත් කැඩිලා තියෙනවා.ජැකී පසුව සඟරාවකට පවසා තිබුනා, තවත් සටනකදී කඩුවකට ඔහුව කැපිලා, වේදනාවෙන් කෑ ගහනකොටත්, දර්ශනයේ කොටසක් කියල හිතලා කැමරාව දිගටම ක්‍රියාත්මක කලාලු. තව කියන්න ඕනෙ මේක පවුලේ සැමට එකට සිට බැලිය හැකි සිනමා පටයක්. 18+ සීන් මොකුත් නෑ.ඉතින් ජැකී චෑන්ගේ තවත් ෆිලුමකට සිංහල උපසිරැසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් නවතින්නම්. ජය වේවා!

මේ විදිහට බාගන්න.
Link 1 – Torrent    720p   892 MB Google
Link 2 – Torrent 1080p     1.6 GB Google
Link 3 – Direct       720p  892 MB Userdrive
Link 4 – Direct       720p  892 MB G-Drive

BRRip / 720p / 1080p

Information

Year : 1978


Genre : Action, Comedy

Actors : Jackie Chan, Siu Tin Yuen, Jung-Lee Hwang, Dean Shek

Writer : N/A

Director : Woo-Ping Yuen

Plot : An Orphan Who Has Been Raised At A Kung Fu School, Where He Is Treated As Little More Than A Dogsbody And Practice Target For The Students, Has A Life-changing Experience After Helping An Old Peripatetic Beggar.

Youtube Trailer
Download Links යාවත් කාලින කර ඇත ..

Torrent පිටපත (720P) 892 MB

BRRip Torrent පිටපත (1080P) 1.6 GB

BRRip Direct පිටපත (720P) 892 MB Userdrive

BRRip Direct පිටපත (720P) 892 MB G-Drive

Update In 2021-01-19

සිංහල උපසිරැස Download කරගන්න 482 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Rasika Samanjith
ExPERT Subtitler
7.4
0%
0%
  1. Hashan M. Unregistered User July 10, 2020 at 11:34 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. හුඟ කාලෙකින් subzlk සයිට් එකෙන් ෆිල්ම් එකක සබ් එකක් බාන්නෙ 😊😊😊😊


    Reply
  2. Kantha_DLA Unregistered User July 11, 2020 at 6:50 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
  3. Lahiru Sandaruwan Subtitler July 11, 2020 at 8:00 am

    බොහොම ස්තූතියි සබ් එකට.
    හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් ටිකෙන් කිහිපයකටවත් සබ් දෙන්න බලන්න.
    Project A Part 2 (1987)
    Gorgeous (1999)
    Thunderbolt (1995)
    City Hunter (1993)
    My Lucky Star (1985)
    Heart Of Dragon (1985)
    The Protector (1985)


    Reply
  4. ශාමල් මනෝජන් Unregistered User July 12, 2020 at 6:19 am

    බොහොම ස්තූතියි සහෝ මේ උපසිරැසියට. ලංකාවේ වෙනත් කිසිම වෙබ් අඩවියක කිසිම කෙනෙක් මේ විදියට ජැකීගේ පරණ ෆිල්ම් එක දිගටම දෙන්නේ නෑ. ඔබ කරනා දේ විශිෂ්ඨයි. දිගටම මෙවැනි පැරණි චිත්‍රපටම දෙන්න සහෝ.

    හැකිනම් ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආනොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේම අති විශිෂ්ට ක්‍රියාදාම නළුවකු වූ චක් නොරිස් යන පැරණි සුපිරි වීරයන් ගේ චිත්‍රපට උපසිරැසි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK