• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle

Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle

2020/07/10 at 3:29 pm
Rasika Samanjith
 

          හොංකොං ක්‍රියාදාම සිනමාව අලුත් මඟකට හැරවූ සිනමා පටයක් තමයි Snake in the Eagle's Shadow (ස්නේක් ඉන් ද ඊගල්ස් ෂැඩෝ) කියන්නෙ. සුපිරි නලු ජැකී චෑන්ගේ තවත් සුපිරි චිත්‍රපටයක්. අධ්‍යක්ෂනය කලේ Drunken Master[1978], In the Line of Duty IV [1989], Tiger Cage 2 [1990] සහ Master Z: Ip Man Legacy [2018] වැනි සුපිරි සිනමා නිර්මාණ රාශියක් ලොවට දායාද කල Yuen Woo-Ping විසින්. මෙහි එන වයසක මාෂල් ආට් මාස්ටර්ගේ චරිතයට කිහිප දෙනෙක්ම සලකා බැලූ අතර අවසානයේ Yuen Woo-Ping ගේ පියා වන Yuen Siu Tien යොදාගෙන තියෙනවා. ඒ අනුව මෙහෙ රඟපෑමෙන් දායක වන්නේ Jackie Chan, Yuen Siu Tien සහ Hwang Jang Lee. අදටත් ඉතා ජනප්‍රිය Bruce Lee රඟපෑ Big Boss, Fist Of Fury යන චිත්‍රපට අධ්‍යක්ෂනය කල Lo Wei ට අවශ්‍ය වෙනවා ජැකී චෑන්ව අලුත් Bruce Lee කරන්න. ජැකී එතකොට ජනප්‍රිය තරුවක් නොවේ. ඒ අනුව ජැකී යොදා 1976 වසරේ New Fist Of Fury නිපදවනවා. ඒ Lo Wei, ජැකී යොදා අධ්‍යක්ෂනය කල පළමු චිත්‍රපටය. කෙසේවුවත් චිත්‍රපටය ආදායම් අතින් එච්චර සාර්ථක වන්නේ නෑ. පසුව ජැකී යොදා කොමඩි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට Ng See-yuen සූදානම් වුනත් බෙදාහරින ආයතනය එය අනුමත කලේ නෑ. එසේවුවත් 1978 වසරේ Snake in the Eagle's Shadow නිෂ්පාදනය කරමින් ඔහු ඒ අදහස ඉෂ්ට කරගන්නට සමත්වෙනවා. Comedy, Martial Arts, Stunts සහ Acrobatics එක්ව සම්බන්ධ කරමින් 1975 වර්ෂයේ Spiritual Boxer නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වුනා. එහෙත් Snake in the Eagle's Shadow තිරගත වීමත් සමඟම එය රැල්ලක් බවට පත්වෙමින්, හොංකොං ඇක්ෂන් සිනමාව නව මඟකට හැරවීමට සමත්වුනා. නිෂ්පාදක, අධ්‍යක්ෂක සහ රංගන ශීල්පීන් ඇතුලු මේ ටීම් එකම එම වසරේම නිපදවූ Drunken Master, ඒ රැල්ල උණක් බවට පත්කිරීමට සමත්වූවා පමණක් නොව ජැකී චෑන්ව ලෝක සිනමාවේ සුපිරි තරුවක් කරමින් ඔහුව පුරාවෘත්තයක් බවට පත් කලා.

             Snake in the Eagle's Shadow  හොංකොංහීදී ඇ.ඩො.578,792 ක බොක්ස් ඔෆීස්  ආදායමක්  උපයාගත්  අතර දකුණු කොරියාවේද  බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඇ.ඩො.මිලියන 2.4 ක් උපයාගැනීමට සමත්විය. එයදකුණු කොරියාවේ 1979 වසරේ චිත්‍රපටයක් උපයාගත් දෙවන ඉහලම ආදායමයි. එය දෙවෙනි වූයේ ජැකීගේම Drunken Master චිත්‍රපටයට පමණි.

          Snake in the Eagle's Shadow මුලින්ම තිරගත වූයේ 1978 මාර්තු 01 ය. ධාවන කාලය මි.98 යි.  Action, Adventure, Family, Martial Arts, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය 7.4/10 කටද, Rotten Tomatoes අගය 82% කටද කරකවන්න සමත්වූ මේ සිනමා පටය Google පරිශීලකයන්ගෙන් 93% කගේ කැමැත්ත හිමිකරගෙන තියෙනවා.

             චියෙන් ෆු (Jackie Chan) අනාථ තරුණ කොල්ලෙක්. හුන්ග්ටායි මාෂල් ආට් පාසලේ මාස්ටර් තමයි ඔහුව බලාගන්නෙ.පාසලේ අනම්මනම් හැම වැඩක්ම කරන්නෙ එයා. එහි ගුරුවරයෙක් වන ලී මෙයාට ගොඩක් හිරිහැර කරදර කරනවා. කොටින්ම සිසුන්ගේ පුහුණුවීම් වලට පන්චින් බෑග් එක හැටියට ගන්නේ චියෙන් ෆුව. දිනක් කට්ටියක් වයසක හිඟන්නෙකුට පහර දෙනකොට චියෙන් ෆු එයාට උදව් කරනවා. එක්කන් අවිල්ලා කන්න බොන්න දීලා රෑ ඉන්න තැනකුත් දෙනවා. මේ  හිඟන්නා එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඔහු තමයි පායි චෑන්ග් ටීන්. නාග ශෛලිය (Snake Fist) උගන්වන ගුරුවරුන් අතරින් අන්තිමයා. අනිත් ඔක්කොම අය මැරිලා. මරාදාලා. රාජාලි ශෛලි (Eagle Claw) කණ්ඩායම විසින්. නාග ශෛලිය අතුගා දැමීමේ දැඩි අධිෂ්ඨානයක තමයි එයාලා ඉන්නේ. එයාලා මේ පායි චෑන්ග් ටීන්ව හැමතැනම හොයනවා. ඒ නිසා ඔහුත් නිතරම සැඟවිලා ඉන්නේ. කොහොමහරි පස්සෙ එයාලගෙ පහරදීමකින් චෑන්ග් ටීන් දරුණු ලෙස තුවාල ලබනවා. චියෙන් ෆු තමයි ඔහුට උපස්ථාන කරන්නේ. චියෙන් ෆු ගැන අනුකම්පා කරන පායි චෑන්ග් ටීන් තීරණය කරනවා තමාගෙ Snake Fist ශාස්ත්‍රය ඔහුට ලබාදෙන්න. හැබැයි පොරොන්දු 3ක් පිට. එක... තමාට "සීෆූ"(ටීචර්) කියලා කතා කරන්න බෑ. දෙක...නාග ශෛලිය දන්න බව කාටවත් පෙන්නන්න බෑ. අවශ්‍යම වුනොත් ඇර පාවිච්චි කිරීම තහනම්. තුන... ඒක නම් ටිකක් අමාරු එකක්. ඒත් චියෙන් ෆු එකඟ වෙනවා. ඔහු ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් කුන්ග් ෆු ඉගෙනගන්නවා. ඒත් හුන්ග්ටායි පාසලේ මාස්ටර්ගෙ ජීවිතේ බේරගන්න, ප්‍රාන්ත ශූරයෙක් හා සටනකට අවතීර්ණ වීමට ඔහුට සිද්ධවෙනවා. නරක වෙලාව. ඒ වෙලාවේ එතැනින් යන Eagle Claw එකේ ලොක්කා මේ සටන දැකලා වහාම අඳුනගන්නවා Snake Fist ශෛලිය.ඊට පස්සෙ Eagle Claw කණ්ඩායම චියෙන් ෆු පස්සෙ පන්නන්න පටන්ගන්නවා. මොකද ඔවුන්ට වඩාත්ම ඕනි වෙන්නෙ ගෝලයා පිටුපස ඉන්න ඒ රහසිගත ගුරා. ඉතුරු ටික චිත්‍රපටයෙන්ම බලමු නේද?

       මුල ඉඳන් ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිලුමක්. සහතිකයි. සිනාවෙන් පිරිලා. ගොඩක් නව පරපුරේ අය නම් පරණ ෆිල්ම් වලට කැමති නෑ. ඒත් "ඕල්ඩ් ඊස් ගෝල්ඩ්" කියනවනේ. දැන් වගේ කැමරා ප්‍රයෝග,කොම්පියුටර් ජිල්මාට් වලින් පිරිලා නෑ. මෙය රූගත කිරීමේදී Hwang Jang Leeගේ පා පහරකට ජැකීගේ දතකුත් කැඩිලා තියෙනවා.ජැකී පසුව සඟරාවකට පවසා තිබුනා, තවත් සටනකදී කඩුවකට ඔහුව කැපිලා, වේදනාවෙන් කෑ ගහනකොටත්, දර්ශනයේ කොටසක් කියල හිතලා කැමරාව දිගටම ක්‍රියාත්මක කලාලු. තව කියන්න ඕනෙ මේක පවුලේ සැමට එකට සිට බැලිය හැකි සිනමා පටයක්. 18+ සීන් මොකුත් නෑ.ඉතින් ජැකී චෑන්ගේ තවත් ෆිලුමකට සිංහල උපසිරැසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් නවතින්නම්. ජය වේවා!

Quality  //  720p - 892mb  //  1080p - 1.6gb

♣♣ BRRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1954

Download Links:

720P පිටපත 892 MB (Torrent)
BRRip 1080P පිටපත 16 MB (Torrent)
BRRip 720P පිටපත 892 MB Userdrive (Direct)
BRRip 720P පිටපත 892 MB G-Drive (Direct)
Snake in the Eagle's Shadow
  • 720p (bluray)
    892.09 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.62 GB
    Download Torrent
Profile
172
Movies
0
Tv episodes
172
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. හුඟ කාලෙකින් subzlk සයිට් එකෙන් ෆිල්ම් එකක සබ් එකක් බාන්නෙ 😊😊😊😊

    2020-07-10 at 11:34 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 83

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-07-11 at 6:50 am
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 5.5

    බොහොම ස්තූතියි සබ් එකට.
    හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් ටිකෙන් කිහිපයකටවත් සබ් දෙන්න බලන්න.
    Project A Part 2 (1987)
    Gorgeous (1999)
    Thunderbolt (1995)
    City Hunter (1993)
    My Lucky Star (1985)
    Heart Of Dragon (1985)
    The Protector (1985)

    2020-07-11 at 8:00 am
    Reply
  • ශාමල් මනෝජන් Unregistered User
    Android 7Chrome 83

    බොහොම ස්තූතියි සහෝ මේ උපසිරැසියට. ලංකාවේ වෙනත් කිසිම වෙබ් අඩවියක කිසිම කෙනෙක් මේ විදියට ජැකීගේ පරණ ෆිල්ම් එක දිගටම දෙන්නේ නෑ. ඔබ කරනා දේ විශිෂ්ඨයි. දිගටම මෙවැනි පැරණි චිත්‍රපටම දෙන්න සහෝ.

    හැකිනම් ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආනොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේම අති විශිෂ්ට ක්‍රියාදාම නළුවකු වූ චක් නොරිස් යන පැරණි සුපිරි වීරයන් ගේ චිත්‍රපට උපසිරැසි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    2020-07-12 at 6:19 am
    Reply
  • kasun Unregistered User
    Android 10Chrome 78

    thank you.puluwannam drunken master 1978 sub denna

    2022-08-27 at 5:21 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms