Easy Money II: Hard to Kill (2012) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන්ට. අද මේ අරගෙන එන්නෙ මම මීට කලින් දවසක උපසිරැසි ලබාදුන්න Snabba Cash එහෙමත් නැත්නම් Easy Money චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැන්න, එනම් Easy Money II : Hard To Kill (2012) ස්වීඩන චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මම මේකෙ මුල් චිත්‍රපටය වන Easy Money (2010) උපසිරැසිය දෙනකොටම ඔබට පොරොන්දු වුණා මෙම චිත්‍රපට ත්‍රිත්වයටම උපසිරැසි ලබාදෙන බව. මේ චිත්‍රපට එකකට එකක් සම්බන්ධයි ඒ නිසා එම මුල් චිත්‍රපටය නරඹල නැති අය මෙතනින් ගිහින් මුල් චිත්‍රපටය නරඹල එන්න. ඉතින් කොහොමහරි උපසිරැසිය හදල අවසන් වෙනකොට මෙහි අන්තර්ජාලයේ ඇති හොඳ මට්ටමේ ටොරන්ට් පිටපත් එකකටවත් සීඩ්ස් නෑ. හොයල හොයල බැරිම තැන මම මගෙ ලඟ තිබුණ 720P පිටපත ඕපන්ලෝඩ් වෙත අප්ලෝඩ් කරන්න මම තීරණය කලා. පිටපත ඩිලීට් වීමක් වෙලා තිබුණොත් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න, ලින්ක් එක නැවත හදල දෙන්නම්. හරි දැන් අපි යමු චිත්‍රපටය වෙත…
මම මුල් චිත්‍රපටයෙ ලිපියෙත් සඳහන් කලා වගේ මෙම Hard to kill චිත්‍රපටයත් ස්වීඩන ජාතික අපරාධ නීතිඥ හෙන්ස් ලැපිඩස්ගේ කෘතියක් ඇසුරින් නිමැවුණ එකක්. තම වෘතීය ජීවිතයේ අත්දැකීම් ඇසුරිනුයි ඔහු මේ කෘති ලියා තිබෙන්නේ. මෙවරත් බබාක් නහාෆිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙය සම්මාන හතරකට නිර්දේශව එයින් එකක් තමන් සතු කරගන්නටත් සමත්වෙලා තියනව. ඊට අමතරව Imdb අගය 6.2 කුත්, Rotten tomatoes වෙතින් 53%ක අගයකුත්,මෙටාක්‍රිටික් වෙතින් 57%ක අගයකුත් ලබා ඇති මෙයත් මුල් චිත්‍රපටය මෙන්ම රේටින් කියන කාරණය තුල අවතක්සේරුවට ලක්වූ චිත්‍රපටයක් ලෙසයි බොහෝ අය සලකන්නේ ( මගෙත් මතය ඒකමයි). මෙහි කතාව පටන්ගන්නෙ එම මුල් චිත්‍රපටයෙ අවසානයට වසර තුනකට පස්සෙ. ඔබට මතක ඇතිනෙ යොහාන් ‘ජේවි’වෙස්ට්ලන්ඩ් නම් ව්‍යාපාර අධ්‍යයන ශිෂ්‍යයා තමන්ගේ දෙබිඩි ජීවිතය නිසාම තම ජීවිතය උඩු යටිකුරු කරගෙන අවසානයේ නිල වශයෙන් අපරාධ ලෝකයේ සාමාජිකයෙක් වුණා. අපරාධ ලෝකයේ නිත්‍ය සාමාජිකයන් වුණ මරාඩෝට සහ ජෝජ්ට දෙදෙනාටත් තමන්ගෙ හිතේ තිබූ අදහස් එකක්වත් සාර්ථක කරගන්නත ලැබෙන්නෙ නෑ. එහි අවසානයෙදි අපි දැක්කෙ ජේවි අතින් මරාඩෝ වෙඩිකනවා, ඔවුන් දෙදෙනාම අවසානයේ පොලිසියට හසුවෙනවා. ජෝජ් ජේවිට පැනයන්නට කතාකලත් තම සිතේ ඇති වරදකාරී හැඟීම නිසයි ඔහු ජෝජ්ට පැනයන්නට ඉඩ හැර පොලිසියට හසුවන්නේ. එයින් පස්සෙ ජේවිට සහ මරාඩෝට මොනවගේ දෙයක් වෙන්න ඇත්ද? චිත්‍රපටය ආරම්භයේදීම ඒක ඔබට පෙන්වනවා, සමහරවිට ඔබ විශ්වාස කරන එකකුත් නෑ එහෙම දෙයක් වෙයිද කියල. කොහොමනමුත් මම කිව්වනෙ මේ වනවිට ජේවි සිරභාරයට පත්වෙලා වසර තුනක් කියල, යහපත් කල්ක්‍රියාව නිසා ඔහුට තාවකාලික සමාවක් ලැබෙනවා. ඔහුගේ ධනවත් මිත්‍රයා නිපේ නොහොත් නිකලස් කෲට්ස්වත් ඔබට මතක ඇතිනෙ, ඔහු හා ජේවි කරමින් සිටි ව්‍යාපෘතියක් සාර්ථක කරගනිමින් හොඳ පුද්ගලයෙක් ලෙස ජීවිතය ගත කරන්නයි ජේවිගේ අදහස. ඔහුට පුළුවන් වෙයිද ඒක කරගන්න? මරාඩෝට මොකද වුණේ? ජෝජ්ට මොකද වුණේ? ඒ සියල්ල ඔබට නරඹන්නට පුළුවන් මෙම චිත්‍රපටය තුලින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදිම තවත් උපසිරැසියකින්. බලාපොරොත්තුවෙන් ඉන්න මෙහි තුන්වන සහ අවසන් චිත්‍රපටයටය වන Easy Money : Life Delux එකටත් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනව මම.
BOHOMA STHUTHI
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Request::
The Man Who Killed Hitler and Then The Bigfoot (2018)
බොහොම ස්තූතියි සහෝ
mcn bohemian rhapsody film ake sub dennako
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
නිදුක් නිරෝගී වේවා
තෙරුවන් සරණයි…!
Man part 1 beluwa.supuri
Meka enakan thama balan hitiye
Thanx mcn… Good luck
SUper bro…
Super film eka sub ekath ela