Easy Money (2010) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ස්වීඩන චිත්‍රපටයකට උපසිරැසි. මේ තමයි Snabba Cash චිත්‍රපට ත්‍රිත්වයේ පළමු චිත්‍රපටය. ඉංග්‍රීසියෙන් කියනවනම් Easy Money (2010) ඇත්තටම කියනවනං මම මේකෙ තුන්වෙනි චිත්‍රපටය මීට කාලෙකට කලින් බලල තිබුණ. කොහොමහරි මේ ලඟදි දවසක ටොරන්ට් අඩවියකදි අහම්බෙන් දැකල ආයිත් තුනම බැලුව. ඒ එක්කම මට හිතුණ මේකට අන්තර්ජාලයේ උපසිරැසි තියද බලන්න, කොහොමහරි තිබුණෙ තුන්වෙනි චිත්‍රපටයට විතරයි. ඒනිසා මම තීරණය කලා චිත්‍රපට ත්‍රිත්වයටම උපසිරැසි දෙන්න. ඒකෙ ආරම්භක පියවර තමයි අද මේ තියන්නෙ. කොහොමහරි මුල් චිත්‍රපට දෙකටම සීඩ් සහිත හොඳ ටොරන්ට් තිබුණත්, තුන්වෙනි එකටනම් එකක් මට හම්බවුණේ නෑ. ඒත් බයවෙන්න එපා. තුන්වෙනි චිත්‍රපටයෙ බ්ලූ රේ පිටපත මගෙ ලඟ තියනවා. මම ඒක ක්ලවුඩ් අප්ලෝඩ් කරල හරි ඕගොල්ලන්ට දෙනවා කියල පොරොන්දු වෙනවා. මොකද කිව්වොත් මේ චිත්‍රපට ත්‍රිත්වය බලන්නම වටින චිත්‍රපට තුනක්. එහෙනම් පටන්ගමු VFX, CGI වලින් නොවැහුණ ගමනක් Easy Money හරහා අපරාධ ලෝකයේ ඇවිදල බලන්න. චිත්‍රපටය බලල ඕගොල්ලන්ගෙ අදහසත් කියන්න. මම ඉතිරි චිත්‍රපට දෙකටත් අනිවාර්යයෙන්ම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණය මේ චිත්‍රපට ත්‍රිත්වය එකිනෙක සම්බන්ධයි. හරි, දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.
ඇත්තටම මේ චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය වෙන්නෙ ස්වීඩන ලේඛක හෙන්ස් ලැපිඩස් මහතා 2006 වසරේ ලියා පළකල Easy Money නම් අපරාධ නවකතාව ඇසුරින්. මේ ලේඛකයාගේ තිබෙන විශේෂය වෙන්නෙ ඔහු ස්වීඩනයේ අපරාධ නඩු සඳහාම පමණක් පෙනී සිටින නීතීඥයකු වීම. ඔහු විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම් පුරා ඇති පාතාල ලෝකය ඇසුරු කරගෙන කල නවකතා පෙළක එකක් තමයි මේ චිත්‍රපටයට පාදක කරගත් පෙරකී නවකතාව. මේ කෘතිය ඇසුරින් මෙය සිනමාවට ගෙන එන්නේ Daniel Espinosa අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම අන්තර්ජාල අඩවිවලින් මේ චිත්‍රපටයට ලැබී ඇති අගයනුත් ඉතාම ඉහළයි. ඒ IMDB අඩවියෙන් 6.7ක් (මෙයනම් අවතක්සේරුවක් මම දකින විදියට), Rotten Tomatoes වෙතින් 85%ක්, මෙටාක්‍රිටික් වෙතින් 75% ක් වශයෙන්. ඊට අමතරව මෙය සම්මාන පහකට නිර්දේශව එයින් 4කට හිමිකම් කියන්නටද සමත් වූවක්. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ ජොයෙල් කිනමන් (ජේවි/ යොහාන්), මතායස් වරෙලා (ජෝජ්), ඩ්‍රැගොමිර් මිසිච් (මරාඩෝ), ලීසා හෙනි (සොෆී), ෆරෙස් ෆරෙස් (මහ්මුද්), ඩෙයාන් කුචික් (රදෝවාන්) වගේ පිරිසක්. අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට.
මේ කතාවෙ ප්‍රධාන චරිත තුනක් අපිට පෙන්වනවා. ඒ තමයි ස්වීඩන ජාතික ජේවි නොහොත් යොහාන්, මෙක්සිකානු ජාතිකයෙකු වන ජෝජ් සහ සර්බියානුවෙකු වන මරාඩෝ. මෙතනින් ජේවි කියන්නෙ ස්වීඩනයේ නෝලන්ඩ් කොටසින් පැමිණ නේවාසිකව ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. ඔහු සාමාන්‍ය පවුලකින් පැවත එන්නෙක් වුණත් වැඩිපුරම ප්‍රිය කරන්නෙ ධනවත් පුද්ගලයන් ඇසුරේ ජීවත්වෙන්න. ඒ ජීවිතය වෙනුවෙන් ඔහුට ඉහළ වියදමක්ද දරන්න වෙනව. ජේවි මුදල් හොයාගන්නෙ රාත්‍රියේදී කුලී රථ රියදුරෙකු ලෙස සේවය කිරීම මගින්. හැබැයි ජේවිගෙ ජීවන රටාවට ඒ ලබන ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ නිසාම දැඩි මුදල් වුවමනාවකින් තමයි ඔහු නිතරම කාලෙ ගතකරන්නෙ.
ඊලඟට ජෝජ් (මේ නම ස්පාඤ්ඤ බසින් ජොහේ (Jorge) විදියටයි කියවෙන්නෙ භාවිතයේ පහසුව තකා මම එය ජෝජ් විදියට දැම්මා). මේ ජෝජ් කියන්නෙ මෑතකදී සිරෙන් පලා ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහුට සේරටම ඉන්නෙ අම්මයි අක්කයි විතරයි. ඔහු සර්බියානු පාතාලය හා ප්‍රශ්ණ ඇතිකරගෙන බොහොම අවධානම් ජීවිතයක් ගෙවන්නෙ. ඔහුටත් මුදල් වුවමනාව දැඩිව තියනවා.
තුන්වෙනියා තමයි සර්බියානු ජාතික මරාඩෝ. ඔහු සර්බියානු පාතාලය මෙහෙයවන රදෝවාන් නැමැත්තා යටතේයි වැඩකරන්නෙ. අපරාධ ලෝකය තුල කාලයක් පදම් වී සිටින ඔහුට මේ වනවිට තවත් කෙනෙක් ගැන හිතන්න වෙලා. ඒ තමයි ඔහුගේ කුඩා දියණිය, ලුවීසා.
කොහොමහරි එකිනෙක පෑහීයන සිදුවීම් පෙළක් හරහා ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු වුන ජේවීත්, ජෝජුත්, මරාඩෝත් එකට මුණගස්සවන්නට දෛවය සමත්වෙනවා. තම පෞද්ගලික ගැටලුද සමග අපරාධ ලෝකය තුල ජීවිතය බේරාගෙන සිටීමට වෙර දරන නමගිය අපරාධකරුවන් දෙදෙනෙක් සමග මේ තරුණ ශිෂ්‍යයාගේ ජීවිතය වෙනස්ම මාර්ගයක යන ආකාරය තමයි චිත්‍රපටය තුල තියෙන්නෙ. එහෙනම් මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන්, මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්. (වෙලාව උදෑසන 2:15යි. නිදිමතයි සෑහෙන්න)
වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න
Thanks machan…..jayawewa……!
බොහොම ස්තූතියි සහෝ
thnx bro..ikmanata deweni ekat denna
DOWNLOAD https://baiscoppisso.blogspot.com/2018/12/easy-money-2010.html?m=1
😍ela hode
Thank you..!
Ela machan. . Thanx
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Great work 👍 . Thanks
ela saho thanks
එලහ්……..👍