Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. English Movies
  3. Escape from Pretoria (2020) Sinhala Subtitle

Escape from Pretoria (2020) Sinhala Subtitle

March 10, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING N/A
GENRES
English MoviesGenresMoviesThriller
CAST

Daniel Radcliffe, Ian Hart, Daniel Webber, Nathan Page

 

[Blu-ray පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. එසේම අන්තර්ජාලයේ ඇති සියලුම Web සහ Blu-ray  පිටපත් සඳහාද උපසිරැසිය ගැලපේ]

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් ත්‍රාසජනක මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි අපි හැරී පොටර් විදියට වඩාත් අඳුනන ඩැනියෙල් රැඩ්ක්ලිෆ් ප්‍රධාන චරිතය රඟදක්වන Escape from Pretoria (2020) . දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී යුගය (Apartheid Era) ලෙස කියූ සැනින් ඔබ දන්නවා සමේ පැහැයෙන් මිනිසුන් වෙන්කෙරුණු තවත් අඳුරු කාලපරිච්ජේදයක් බව. දකුණු අප්‍රිකාව මේ වර්ණභේදවාදය නිසාම බොහෝ දේ අහිමිකරගත්තා, එයින් ප්‍රධානයි ඒ හේතුවෙන්ම ඔවුන්ට අහිමිවන අන්තර්ජාතික ක්‍රිකට් වරම , එතනදි අපිටත් ඉතා විශාල පාඩුවක් වුණා මේ වර්ණභේදවාදී කාලසමයේ දකුණු අප්‍රිකාවට පණවා තිබූ අන්තර්ජාතික ක්‍රිකට් තහනම නොතකා එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (පිරිසක් පමණක්) එහි සංචාරය කිරීම හේතුවෙන් එම පිරිසට ක්‍රිකට් තහනමක් පණවනු ලැබුණු අතර තරඟ මුදල්ද 100%ක් බදුවලට යටත් කරනු ලැබුවා. අපි දැන් බලමු එම යුගයට මගපෑදෙන පසුබිම..

• වර්ණභේදවාදී යුගය (Apartheid Era)

“ස්වදේශිකයන්ගෙන් ප්‍රවේශම් වෙනු”

මේ වර්ණභේදවාදී යුගය නිල වශයෙන් 1948 වසරේ සිට 1990 දක්වා පැවතුණත්, එය ආරම්භ වන්නේ 1913 තරම් ඈත කාලයකදී, ඒ එවක සම්මතවූ ඉඩම් පණත මගින්, ඒ වනවිට දකුණු අප්‍රිකාව නිදහස ලබා වසර තුනක් ගෙවී අවසන්. මෙයින් ප්‍රධාන වශයෙන්ම කෙරුණේ ස්වදේශික කළු ජාතික අප්‍රිකානුවන් සඳහා වෙන්වූ ප්‍රදේශ නියම කිරීම වන අතර ඔවුන්ට අඳගොවියන් ලෙස සේවය කිරීමද තහනම් කෙරුණා. මේ පනතට එරෙහිවූවන් විසින් දකුණු අප්‍රිකානු ජාතික ස්වදේශික කොංග්‍රසය (South African National Native Congress) පිහිටුවාගන්නා අතර පසුව එය අප්‍රිකානු ජාතික කොංග්‍රසය (African National Congress), එනම් කෙටියෙන් ANC ලෙස වෙනස් වෙනවා.

1929 වසරේ ඇමරිකානු මහා ආර්ථක අවපාත සමය (Great Depression) සහ දෙවන ලෝක යුද්ධය දකුණු අප්‍රිකාවට ආර්ථිකමය දුර්භාග්‍ය කාලයක් උදා කරන අතර, එවක රජය ජාතීන් අනුව වෙන්කිරීමේ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.1948 වසරේදී, අප්‍රිකානු ජාතික පක්ෂය (Afrikaner National Party) මහ මැතිවරණය ජයගන්නවා “වර්ණභේදවාදය” යන සටන්පාඨය භාවිත කරමින්. ඔවුන්ගේ අරමුණ වූයේ දකුණු අප්‍රිකානු සුදු ජාතික සුළුතරය සුදු ජාතික නොවන බහුතරය ජනයාගෙන් වෙන්කිරීමම පමණක් නොව, තව දේශපාලන බලය වැඩිකරගැනීම සඳහා සුදු ජාතික නොවන ජනයාද ගෝත්‍ර අනුව වෙන් කර විසීමට සැලැස්වීමයි.

1950 වසර වනවිට අප්‍රිකානු ජාතික පක්ෂ රජය සුදු සහ අනෙකුත් ජාතීන් අතර විවාහයන් තහනම් කර තිබූ අතර, කළු සහ සුදු ජාතික දකුණු අප්‍රිකානුවත් අතර ලිංගික සම්බන්ධකම්ද තහනම් කර දමනවා. 1950 වසරේ ජනගහණ ලියාපදිංචිකිරීම් පනත මගින් වර්ණභේදවාදයේ මූලික අඩිතාලම දැමෙන්නේ, බන්ටු ( කළු අප්‍රිකානුවන්), කළු ( මිශ්‍ර ජාතීන්) සහ සුදු ජාතික ලෙස දකුණු අප්‍රිකානු ජනතාව ජාතීන් ලෙස බෙදා ලියාපදිංචි කෙරෙනවා. පසුව එයට ආසියානු ලෙස සිව්වැනි කොටසක්ද අන්තර්ගත වන එයට ඇතුලත් වන්නේ ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයන්.යම් තැන්වලදී, මේ ලියාපදිංචි ක්‍රමය මගින් එක්ව සිටි පවුල් පවා වෙන්කෙරුණු බවද සඳහන්.

මින්පසුව එන ඉඩම් පනත් දාමයක් මගින් දකුණු අප්‍රිකානු භූමියෙන් 80%ක් පමණ සුදු ජාතික සුළුතරය අතට පත්වන අතර, තහනම් කලාපවල සැරිසැරීමේදී රැගෙන යාමේදී සුදු ජාතික නොවන අය පාස්පොතක් රැගෙන යා යුතුයැයි නීතිද සම්මත කෙරෙනවා. ජාතීන් අතර අනෝන්‍ය ක්‍රියාකාරීත්වය අවම කිරීමට රජය විසින් සුදු ජාතික සහ නොවන අයට වෙන වෙනම පොදු ස්ථාන නිර්මාණය කෙරෙනවා (චිත්‍රපටය තුලදී දැකගත හැකියි එය). මෙයින් පසුව කළු ජාතිකයන්ගේ ඉඩකඩම් ඉතා සුළු මුදලකට සුදු ජාතිකයන්ට විකිණීමට ඔවුන්ට බලපෑම් කෙරී ඇති අතර 1961 සිට 1994 දක්වා කාලය තුල මිලියන 3.5කට වඩා ජනතාවක් මෙසේ බලහත්කාරයෙන් තම ඉඩකඩම්වලින් ඉවත්කර ඇතැයි කියවේ.

එම පාස් පොත අතැතිව සිටින කාන්තාවක්

මේ පීඩන මැද්දේ ස්වභාවිකම සිදුවන ලෙසම ජනතා නැගිටීම් විවිධ අයුරින් ඇතිවෙනවා, 1952 වසරේදී දකුණු ඉන්දියානු ජාතික කොංග්‍රසය (South Indian National Congress) සහ අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) එක්ව දැවැන්ත රැස්වීමක් සංවිධානය කෙරෙන අතර සුදු ජාතික නොවන අයට පනවා තිබූ ගමන් පාස් පොත් පුළුස්සා දමන ඔවුන්ට අවසානයේ සිදුවන්නේ සිරගත වීමටයි.

1960 වසරේ, කළු ජාතිකයන්ට වෙන්වූ ෂාප්ස්විල් නගරයේදී පොලිසිය කල වෙඩිතැබීමකින් අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අනුබද්ධ සමස්ත අප්‍රිකානු කොංග්‍රසයේ (Pan-African Congress) නිරායුධ සාමාජිකයන් 67දෙනෙක් පමණ මියගොස් 180කට වැඩි පිරිසකට තුවාල සිදුවෙනවා.

සාමයෙන් තම අරමුණ කරා යාම කල නොහැක්කක් බව මේ සිදුවීමත් සමග වටහාගන්නා වර්ණභේද-විරෝධී අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) සහ සමස්ත අප්‍රිකානු කොංග්‍රසය (PAC) හමුදා අංශයක් ස්ථාපිත කරනවා. කෙසේ හෝ මේ දෙකම රජයට ඒතරම් තර්ජණයක් වූ බව කියවෙන්නේ නෑ. 1961 වසර වනවිට , වර්ණභේද-විරෝධී නායකයන් බහුතරයක් සිරභාරයට ගෙන, යම් පිරිසක් මරණයටත්, තවත් පිරිසක් දිගුකාලීන සිරදඬුවම් වලටත් ලක්කරතිබෙනවා. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක්ගේ බිහිවීම සිදුවන්නේ මෙතනදීයි, ඒ තමයි නෙල්සන් මැන්ඩෙලා මහතා.

නෙල්සන් මැන්ඩෙලා මහතා

ANC හි හමුදා අංශය, එනම් Umkhonto we Sizwe හි (ජාතියේ හෙලිතුඩ) නිර්මාතෘවූ ඔහුට 1961 වසරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවෙනවා ( 1990 වසරේදී ඔහුට නිදහස ලැබෙන අතර, සිරගතව සිටි කාලයෙන් වැඩි ප්‍රමාණයක්, එනම් වසර 18ක්ම, ඔහු ගෙවන්නේ රොබන් දූපතේ). මේ සිරගත කිරීම දකුණු අප්‍රිකා වර්ණභේද-විරෝධී සටනට අන්තර්ජාතික අවධානය සහ සහය ඇදගන්නට සමත්වනවා. 1976 වසරේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය දකුණු අප්‍රිකාව වෙත ආයුධ විකිණීමේ තහනමක් පනවනවා. 1985 වසරේදී එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය එක්ව දකුණු අප්‍රිකාවට ආර්ථික සම්බාධක පනවනවා.මෙම අන්තර්ජාතික බලපෑම් හමුවේ ජනපති පීටර් බෝතාගේ ජාතික පක්ෂ රජය ගමන් පාස්පත් නීතිය හා ජාතීන් අතර විවාහ තහනම ඉවත්කර දමනවා. කෙසේ හෝ එයින් සැලකියයුතු වෙනසක් ඇති නොවෙන නිසා 1989 වසර වනවිට බෝතා පාලනය දැඩි පීඩනයකට ලක්වෙන අතර එෆ්.ඩබ්. ඩි ක්ලාක් වෙත පාලනය පැවරෙනවා.

ඩි ක්ලාක් මහතා (වමේ) සහ නෙල්සන් මැන්ඩෙලා මහතා (දකුණේ)

ඩි ක්ලාක් රජය යටතේ වර්ණභේදවාදයට නීතිමය පදනම සැකසූ නීති සහ පනත් බහුතරයක් අවලංගු කෙරෙනවා.ඔහු 1990 වසරේ පෙබරවාරි 11 වන දිනදී නෙල්සන් මැන්ඩෙලා මහතාට නිදහස ලබාදෙන අතර ඔවුන් දෙදෙනා එක්ව 1994 වසරේදී සකසන නව ව්‍යවස්ථාවකින් සුදු ජාතික නොවන ජනතාවට ජන්ද අයිතිය ලබාදෙනවා, එම ජනපතිවරණයෙන් නෙල්සන් මැන්ඩෙලා මහතා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපතිවරයා බවට පත්වෙනවා. ඔහුගේ සහ එෆ්.ඩබ්.ඩි ක්ලාක්ගේ මේ ශ්‍රේෂ්ඨ උත්සාහයන් නිසා ඔවුන් දෙදෙනාටම 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගය සමසේ බෙදී යනවා.

History.com අඩවියේ ලිපියක දල පරිවර්තනයකි

ඉහත ලිපිය ටිකක් පිට පාරෙ යාමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇතත්, ඇත්තටම මම ඉහත සියල්ල ලියන්නට අදහස් කලේ චිත්‍රපටය නරඹද්දී සත්‍ය කාල සමයේ යම් සිදුවීම් වැදගත් වන නිසා. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට, එයට අදාල පුද්ගලයන්ගේ සැබෑ වතගොත හෝ කතාව මෙහි පැවසීම මම හිතන්නෙ අවශ්‍ය නෑ, මොකද චිත්‍රපටය අවසානයේ ඔවුන්ගේ ඡායාරූප දකින්නට ලැබෙන නිසා සහ චිත්‍රපටය රසවිඳින්නට අවසානය දැන සිටීම බාධාවක් විය හැකි නිසා..

තිමති ජෙන්කින්(වමේ) සහ ස්ටීවන් ලී (දකුණේ)

ඩැනියෙල් සහ තිමති

Escape from Pretoria පොතේ පිටකවරය

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ෆ්‍රැන්සිස් අනාන් විසින්, ඒ මෙහි ප්‍රධාන චරිතය වන තිමති ජෙන්කින්ගේ Escape from Pretoria පොත ඇසුරින්. රංගනයෙන් දායක වෙන්නෙ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (ටිම් ජෙන්කින්), ඩැනියෙල් වෙබර් ( ස්ටීවන් ලී), ඉයන් හාට් ( ඩෙනිස් ගෝල්ඩ්බර්ග්), රැටිඩ්සෝ මම්බෝ (ඩැෆ්නි),මාක් ලෙනඩ් වින්ටර් (ලෙනට්) ඇතුළු පිරිසක්. මෙය ලබා ඇති IMDB අගය 6.3ක් වන අතර Rotten Tomatoes අගය සඳහන් වන්නේ 75%ක් ලෙසයි. ඊට අමතරව ගූගල් පරිශීලක ප්‍රසාදය 92%ක් දිනාගන්නත් මෙය සමත්ව තිබෙනවා. අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ පැයකුත් මිනිත්තු හතලිස් හයක් පුරාවට ප්‍රේක්ෂකයාට කැපවීමේ සහ වාසනාව යන දෙකේම එකතුවෙන් කෙරෙන බන්ධනාගාර බිඳ පලායාමේ සිදුවීමක් ත්‍රාසයද කැටිකර ලබාදෙන්නට මේ චිත්‍රපටය සමත් බවයි.

විශේෂ :-

මෙහි වර්ණභේද-විරෝධී සටනේදී නෙල්සන් මැන්ඩෙලා මහතා සමගින්ම සිරභාරයට පත්වූ තවත් අයෙක් ගැන කියවෙනවා සිසුලු නමින්.ඔහු නමින් වෝල්ටර් සිසුලු (1912-2003). ඔහු පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) උප සභාපති ධුරයද දරා තිබෙන අතර මැන්ඩෙලා මහතා සමගින්ම රොබන් දූපතේ සිරගතව සිට තිබෙනවා වසර 25ක කාලයක්.

වෝල්ටර් සිසුලූ

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
17497 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
1080P
Direct download
Direct
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 974.47 MB x264
▲10 · ▼3
Magnet GET
1080p bluray 1.95 GB x264
▲24 · ▼3
Magnet GET
720p web 974.86 MB x264
▲4 · ▼2
Magnet GET
1080p web 1.96 GB x264
▲14 · ▼4
Magnet GET
Discussion (21)
Newer →
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 11.1
    2020-03-11

    ස්තුතියි..
    දිග⁣ටම උපසිරැසි දෙන්නෝ
    ජයවේවා…!

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 UC Browser 7
    2020-03-11

    බොහොම ස්තූතියි අයියේ, උපසිරැසියට.

    Reply
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4
    2020-03-11

    බොහොම ස්තුතියි හසිත සබ් එකට 😊👍.. ලිපිය නම් සෑහෙන වටිනව මචං 👊👊

    Reply
    • Shehan Unregistered
      Android 7 Chrome 80
      2020-03-24

      මට sub එක දගන්න කියලා දෙන්නකො

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-03-24

      @ෂෙහාන්:- unzip කරන සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගෙන සබ් එක තියන zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල ඇතුලෙ තියන .srt ෆයිල් එක එලියට ගන්න. ඊට පස්සෙ ඒකයි ෆිල්ම් එකයි එක ෆෝල්ඩරේකට දාලා, එකම නමින් රී නේම් කරන්න. බලන්නෙ ෆෝන් එකෙන්නං MX player එක පාවිච්චි කරන්න. ඊට පස්සෙ ෆිල්ම් එක ඕපන් කරන්න, සබ් එක ඔටෝම සිලෙක්ට් වෙයි.

  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-03-11

    නියමයි හසිත .හොද ෆිල්ම් එකක් තොරල ඉක්මනින් ගෙනාවට ස්තුතියි .. ඩව්න්ලොර්ඩ් කරනව අදම..😍

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 66
    2020-03-11

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80
    2020-03-11

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Thanks PSA link…

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-03-12

    පට්ටම ෆිල්ම් එක සුපිරියක් …..❤ !!!!!!!!

    Reply
  • Arawinda Sunmal Unregistered
    Windows 7 Chrome 80
    2020-03-15

    thanks sub ekata jayawewa budu saranai

    Reply
  • Janiya Unregistered
    Android 9 Chrome 80
    2020-03-17

    Thank you

    Reply
  • Ohidskygjgloufodkgeu Unregistered
    Android 6 Chrome 80
    2020-03-19

    Thanks

    Reply
  • Kithmal Kalhara Unregistered
    Android 10 UC Browser 13
    2020-03-24

    සුපිරි චිත්‍රපටයක් . මෙතන තියෙන ලිපියත් බොහොම වැදගත් .. ස්තූති .

    Reply
  • SLR Unregistered
    Windows 10 Chrome 80
    2020-03-27

    sub ekata thanks and Article eka hondatama hondaii…

    ~The Current War (2017)
    ~Bombshell (2019)

    me dekatath sub hadanna…Thanks..

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 730
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved