Escape Plan: The Extractors (2019) Sinhala Subtitle

August 08, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඉතින් කොහොමද යාලුවනේ?ඔන්න ඉතින් අද මන් Movie එකකට උපසිරැසි අරන් ආවා.සමහරවිට මේක දැනටමත් කට්ටිය බලලා ඇති කියලා හිතනෝ.ඒත් කරන්න දෙයක් නෑ මට වාර විභාග තිබ්බ නිසා ෆිල්ම් එක මිස් වුණා.ඒවගේම මන් මේකට සබ් දෙනවා කියලා ගොඩ කාලයක් තිස්සේ හිතන් හිටියේ.මොකද මේ චිත්‍රපටි මාලාවේ මුල් කතා දෙක බලපු අය දන්නවා ඇති මේ ෆිල්ම් එක මොන වගේද කියලා.හරි, ඉතින් තව වැඩි කතාවක් නොකර කෙලින්ම ෆිල්ම් එකට බහිමු.

මන් මුලින්ම කියන්නේ මේ චිත්‍රපටිය බලනවනම් මේ චිත්‍රපටි මාලාවෙ ආව අනෙක් චිත්‍රපටි දෙක බලලා ඉන්න කියලා.මොකද අද සබ් ගෙනාපු කතාව Escape Plan(2013)ෆිල්ම් එක බලල නැත්නම් තේරෙන එකක් නෑ.ඉතින් මන් මුලින්ම අද චිත්‍රපටිය ගැන කියන්න කලින් අනෙක් චිත්‍රපටි දෙක ගැන කියලා ඉන්නම්.

Escape Plan (2013)

2013 වර්ෂයේ තිරගත වුණු මේ චිත්‍රපට ආරම්භයේ මූලාරම්භක කතාව තමා මෙය.ඉතින් කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටි මාලාවේ ප්‍රධානම චරිතේ රේ බ්‍රෙස්ලින්.මුගේ ජොබ් එක තමා හිරගෙවල් වල ඕනකමින්ම ලැඟලා ඒ හිරගෙදරින් පැනගන්න ගේම් ගහන එක.කතාව පටන්ගද්දිම තියෙන්නේ මූ හිරගෙදරකින් පැන්ගන්න ගහන්න ප්ලෑනක් ගැන.ඉතින් මූ හිරගෙදරින් පැනගත්තයින් පස්සේ මූ ඔප්පු කරන්නේ ඒ හිරගෙදර ආරක්ෂිත නෑ කියලා.ඒ කිව්වේ ඒ හිරගෙදර සිරකරුවන්ට පැනගන්න ගොඩක් දුර්වල තැන් තියෙනවා කියන එක.ඒත් කතාවේ හොදම හරිය කියන්නේ, වෑන් එකකින් මිනිස්සු වගයක් ඇවිත් මූව වෙනත් හිරගෙදරකට දානවා.ඒක දැක්කම හිරගෙදරක්ද කියන්නත් අමාරුයි.ඒවගේම කියන්න ඕන ඒ හිරගෙදර Escape Plan 3 එකෙනුත් දැකගන්න තියෙනවා.ඉතින් කතාවේ යන්නේ ඌ ඒ හිරගෙදරින් පැනගන්න ගහන මාස්ටර් ප්ලෑන ගැන.හොදම දේ කියන්න මේ හිරගෙදර හදලා තියෙන්නේ මුහුදේ පාවෙවි තියෙන නැවක.

ඉතින් පළවෙනි කතාව ගැන කිව්වා ඇති වගේ දැන් අනිත් කතාවට යමු.

Escape Plan 2 –The Hades (2018)

මේ කතාව දිවයන්නේ ෂූරේන් කියන චරිතයක් වටා.ඒවගේම රේ බ්‍රෙස්ලින් මේ කතාවේ දැකගන්න පුළුවන්, මොකද ෂූරේන් රේ බ්‍රෙස්ලින්ගේ යටතේ වැඩ කරන්නේ.ඉතින් මේ කතාවත් පළවෙනි කතාව වගේ.මේ කතාවෙදි ෂූරෙන්ව හිරගෙදරකට ඇතුළත් කරනවා.හැබැයි ඒ හිරගෙදර පළවෙනි කතාවට ඉතා විශාල එකක්.තාක්ෂණය මට්ටමිනුත් ඉහළයි කියන්නේ ඒ හිරගෙදර භූමි සැලැස්ම වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා.කතාවේ හොදම හරිය කියන්න ෂූරේන් හිරගෙදරදි වැඩියෙන්ම ආශ්‍රය කරන කෙනා තමා ඒ හිරගෙදර ලොක්කා.ඉතින් මේ කතාව යන්නේ ඒ හිරගෙදරින් බේරෙන්න ගහන මාස්ටර් ප්ලෑනක්.

Escape Plan 3 – The Extractors
ඉතින් මන් ආයෙ සැරයක් කියනවා මේ කතාව බලන්න කලින් කලින් කතා ටිකත් බලලා ඉන්න කියලා.නැත්නම් මේ කතාවේ සමහර තැන් තේරුම් ගන්න අමාරු වේවි.ඉතින් මන් දැන් කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

2019 ජුනි 27 රුසියාවේ තිරගත කළ මේ චිත්‍රපටය IMDb හි 4.4/10 අගයක්ද Rotten Tomatoes හි 33% අගයක් වගේම Empireහි 2/5 අගයක්ද ලබාගැනීමට සමත්ව ඇත.මේ කතාව John Herzfeld විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Randall Emmett, Mark Canton, Robbie Brenner, George Furla, Zack Schiller වැනි අය නිෂ්පාදකවරුන් වෙයි.කතාවේ ප්‍රධානම චරිතය Sylvester Stallone(රේ බ්‍රෙස්ලින්) වන අතර සුළු චරිත වශයෙන් Dave Bautista, Jaime King වැනි අය දක්නට ලැබේ.

ඉතින් මන් මේ කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නෑ.ඒක දැනගන්න එක මන් ඔයාලටම බාර කරනවා.ඒවගේම මේ වගේ ෆිල්ම් එකක් මිස් කරගන්නත් එපා කියනවා.මොකද කතාව ACTION වලින්ම පිරිලා තියෙන හින්දා නින්දක් නැතුව බලන්න පුළුවන් වෙයි.

Download Links
720P
DIR
1080P
DIR
Available Torrents
720p bluray 765.48 MB
1080p bluray 1.61 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Milinda priyalal Unregistered
    Android 9 Chrome 76

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් සහෝ සබ් එකට…
    ජය වේවා.!

  • danuka Unregistered
    Windows 7 Firefox 68

    superb…….

  • Batmann User
    Android 9 UC Browser 13.2

    Patta##:grinning:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search