ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්නෙ ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් J.K රෝලින්ග්ස් මහත්මියගේ හැරීපොටර් විශ්වය තුල නිර්මාණය වුණ Fantastic Beasts හි දෙවන චිත්‍රපටය එනම් Fantastic Beasts: The Crimes of Grindelwald (2018) චිත්‍රපටයේ උපසිරැසිය. මුලින්ම ස්තූතිය කවීෂ සහෝදරයාට. ඇත්තටම මට මේක බාරවෙලා දවස් කීපයක් වෙනවා දැන්, උපසිරැසිය දෙන්න ටිකක් කල් ගිය හේතුව වුණේ මම මෙහි මුල් චිත්‍රපටය වන Fantastic Beasts And Where To Find Them (2016) නරඹල නැති වීම, ඒ වගේම හැරී පොටර් චිත්‍රපට මාලාවෙත් මම බලල තියෙන්නෙ චිත්‍රපට තුනක් විතර. ඒ නිසා මට මේක අල්ලගන්න ටිකක් කල් ගියා, කොහොමහරි මුල් චිත්‍රපටයත් නරඹල, අන්තර්ජාලයෙත් සොයල බලල, දැඩි හැරී පොටර් රසිකාවියක් වන අපේ පවුලේ සාමාජිකාවකගේ උදවුවෙනුත් තමයි ගොඩක් දේ දැනගත්තෙ. ඇයටත් බොහොම ස්තූතියි. හරි දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටය පැත්තට යන්න වුණත් මේක හැරීපොටර් මායාකාර ලෝකයේම කොටසක් නිසාත් දෙක අතර යම් යම් සම්බන්ධකම් ඇති නිසාත් ටයිම් ලයින් එක ටිකක් පැහැදිලි කරගමු.
• 1926: Fantastic Beasts and Where to Find Them ( මුල් චිත්‍රපටය)
• 1927: Fantastic Beasts: The Crimes of Grindelwald ( මේ තමයි මේ චිත්‍රපටයෙ එන කාලය)
• 1991-1992: Harry Potter and the Philosopher’s Stone
• 1992-1993: Harry Potter and the Chamber of Secrets
• 1993-1994: Harry Potter and the Prisoner of Azkaban
• 1994-1995: Harry Potter and the Goblet of Fire
• 1995-1996: Harry Potter and the Order of the Phoenix
• 1996-1997: Harry Potter and the Half-Blood Prince
• 1997-1998: Harry Potter and the Deathly Hallows
• 2017-2020: Harry Potter and the Cursed Child
දැන් ඔබට පේනවනෙ Fantastic Beasts චිත්‍රපට යුගලයේ කාල සමය හැරී පොටර් කාල සමයට වඩා බොහොම කලින් බව . ඒ කියන්නෙ හැරී පොටර් සහ මිතුරන් හොග්වාට් පාසලට ඇතුල්වෙලා වොල්ඩමොට් හා සටන් කිරීමට දල වශයෙන් වසර 70කට පමණ පෙර. කොහොමහරි අපි දන්නවනෙ මේ හැරී පොටර් විශ්වයේ තියෙන්නෙ මායා බල ඇත්තන්ගෙ සහ නැත්තන්ගෙ අතර සිද්ධි දාමයක් කියල. මේ Fantastic Beasts වටහා ගන්නටනම් අපිට යන්නෙ වෙනවා 10වන ශතවර්ෂය හරියට, ඒ කියන්නෙ හොග්වාට්ස් මායා පාසලේ ආරම්භයට, හරියටම කිව්වොත් ක්‍රි.ව 990ට .
ක්‍රි.වර්ෂ 990 බ්‍රිතාන්‍ය හොග්වාට්ස් මායා පාසලේ ආරම්භය :
හොග්වාට්ස් පාසල ඇරඹෙන්නෙ ගොඩ්‍රික් ග්‍රිෆින්ඩර්, සලාසාර් ස්ලිතරින්, හෙල්ගා හෆ්ල්පෆ් සහ රොවීනා රේවන්ක්ලෝගෙ මූලිකත්වයෙන්. කොහොමවුණත් පස්සෙ සාලාසාර්ගෙ පියෝ බ්ලඩ්ස්ලට එහෙමත් නැත්නම් පූර්ණ මායා පෙළපතකින් පැවතෙන්නන්ට පමණක් මායා සහ ගුප්ත කලා ඉගැන්විය යුතු බවට වන අදහස නිසා පස්සෙ යම් ප්‍රශ්ණයකුත් ඇතිවෙනවා.
1100 කාලසමය: මර්ලින් ආතර් රජුගෙ රාජ සභාවෙ කොටසක් වෙන්නෙ මේ කාලයේ. ඔහු මායාකරුවන් විසින් මගල්ස්වරුන්( බ්‍රිතාන්‍යයේදී මායා-නැත්තන් හැඳින්වෙන නම) මායාබලයට ලක් කිරීම වළක්වන්නට කටයුතු කරනවා.
1300 කාලසමය: ප්‍රංශ රසායන විදයාඥයෙකු වන නිකොලා ෆ්ලැමල් විසින් මායාකරුවාගේ පාෂාණය නිර්මාණය කරනවා, එයින් නිපැයුණු අමෘතය පානය කිරීමෙන් ඔහු සහ බිරිඳ අමරණීය වනවා.
1962: ලොව පුරා පැතිරී යන මායා-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ජාත්‍යන්තර මායාකරුවන්ගේ එකමුතුව මායා රහස්‍යතා පණතක් පනවමින් මායාකරුවන්ට කුඩා කණ්ඩායම් ලෙස රහසිගතව ජීවත්වන්නට කටයුතුද සකස් කරදෙනවා.
1707 : එක්සත් රාජධානියේ මායා කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් පිහිටුවනවා.
1880 දශකය : පසුව හොග්වාට්ස් පාසලේ ආචාර්යවරයෙක් බවට පත්වන ඇල්බස් ඩම්බල්ඩෝර්, ඇබර්ෆෝත් ඩම්බල්ඩෝර් සහ ඔවුන්ගේ සොයුරිය ඇරියානා ඩම්බල්ඩෝර් උපත ලබනවා.
1890 : ඩම්බල්ඩෝර් පවුලට අවාසනාව ලඟාවෙන්නෙ මේ කාලයේ. ඒ සය වියැති කුඩා ඇරියානා ඩම්බල්ඩෝර් මගල්ස්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමෙන්. පවුලේ පියාවන පර්සිවල් මගල්ස්වරුන්ට ප්‍රහාරයක් එල්ල කරන අතර, ඒ වරදට ඔහු අස්කබාන් බන්ධනාගාරයේ සිර කරනවා. ඇරියානාව රැකගැනීම සඳහා ඩම්බල්ඩෝර් සොයුරන් ඇයවත් රැගෙන ගොඩ්‍රික්ස් හොලෝ ගම්මානයට යනවා.
1899: ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් අපිට හමුවෙන්නෙ මෙතනින්. ඩර්ම්ස්ට්‍රැන් පාසලෙන් අස් කෙරෙන ඔහු ගොඩ්‍රික්ස් හොලෝ ගම්මානයට පැමිණෙන අතර එහිදී ඔහුට ඇල්බස් ඩම්බල්ඩෝර්ව මුණගැහෙනවා. මේ දෙදෙනා අතර සංකීර්ණ හිතවත්කමක් ගොඩනැගුනත් පසුව ග්‍රින්ඩල්වෝල්ඩ් මේ ඩම්බල්ඩෝර් සොයුරන් දෙදෙනාම සමග සටන්වදින අතර එහිදී ඇරියානා ඛේදජනක ලෙස මියයනවා. ග්‍රින්ඩල්වෝල්ඩ් විසින් එල්ඩර් මායා යෂ්ටිය නම් බලවත් යෂ්ටියක් තමන් සතුකරගත් බවට කටකතා පැතිර යන්නෙත් මේ කාලයේදියි.
1900 කාල සමය : මේ තමයි Fantastic Beasts : Where To Find Them හි අපි දකින ක්‍රීඩන්ස් බෙයාබෝන් කතාවට සම්බන්ධවන කාලය. ඔහු මේ වනවිට මේරි ලූ බෙයාබෝන් භාරයේ හැදී වැඩෙන අත දරුවෙක්. ( ඔහුගේ පසුබිම් කතාව Fantastic Beasts දෙවන චිත්‍රපටය තුල කියවෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්).
1908 : නිව්ට් ස්කැමන්ඩර් සහ ලීටා ලෙස්ට්‍රේන්ජ් ( මේ දෙදෙනා ගැනත් Fantastic Beasts තුලින් දැනගන්න පුළුවන්) හොග්වාට්ස් පාසලට බැඳී ආචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් සහ මැක්ගොනගල් යටතේ මායා කලා හදාරනවා.
1920 : ආයිත් වතාවක් ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් ඉස්මතුවෙන්නෙ මේ කාලයේ ඔහු තමන් වෙත අනුගාමිකයන් රැස්කරගන්නට පටන්ගන්නවා යුරෝපය පුරා ප්‍රහාරයන් දියත් කරමින්.
1926 : Fantastic Beasts : Where To Find Them කාල සමය..
මේ කාලය වනවිට බ්‍රිතාන්‍යය ඇමරිකාව සහ ප්‍රංශය ආදී රටවල මායා කටයුතු අමාත්‍යාංශ මගින් මායා- ඇත්තන්ව මායා-නැත්තන් නොහොත් නෝ මැජ්ලා ( ඇමරිකාව තුල මායා බල නැත්තන් හඳුන්වන නාමය) ගෙන් සෑහෙන දුරස් කරලයි තියාගෙන ඉන්නෙ. ඇමරිකාවේ ඉන්න මායා-ඇත්තන්ව පාලනය වෙන්නෙ ඇමරිකානු මායා කටයුතු කොංග්‍රසය හරහා, එහි සභාපතිනිය සෙරෆිනා පිකරි. මේ මායා කටයුතු අමාත්‍යාංශ විසින් ඔරෝරවරුන් නමින් මායාකරුවන් අතර නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ද පත්කර තිබෙනවා. කොහොමහරි මේ කාලය වනවිට ලමා කාලයේ සිටම මායාකරුවන්ට දැඩිව විරුද්ධ මේරි ලූ බෙයාබෝන්ගේ සෙවණේ වැඩෙන ආදරය අහිමි හුදකලා ක්‍රීඩන්ස් ඔබ්ස්කියුරසයක් වී විවිධ කරදර ඇතිකරනවා නිව්යෝක් නගරය පුරා. ග්‍රේව්ස් නම් ඔරෝරවරයෙක් ඇතුළු ඔරෝරවරුන් මේ නාඳුනන තැනැත්තාව සොයනවා හැමතැනම. නමුත් ග්‍රේව්ස් ක්‍රීඩන්ස් පසුපස යන්නේ වෙනම අරමුණක් ඇතිව. නිව්ට් ස්කැමන්ඩර් මායා සත්වයන් ගැන තමන් ලියන පොතකට අවශ්‍ය කරුණු සහ දුර්ලභ සත්වයන් එකතු කරමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙත සංචාරය කරන්නේත් මේ එක්කමයි. ඔහුගේ මායා සූට්කේසය පිරෙන්නට සිටින්නෙත් අපූරු සත්තු. කොහොම නමුත් නිතරම වැඩ පටලගන්න නිව්ට්ට නිව්යෝක්වලදිත් ගැලවීමක් නෑ, ඒ තමන්ගේ සූට්කේසයේ සිටි දිදුලන දෑවලට ඇළුම් කරන නිෆ්ලර් සතෙක් බැංකුවක් තුලට රිංගාගැනීම නිසා. එතනදී ඔහුට බේකරියක් ඇරඹීම සඳහා බැංකුවෙන් ණයක් ලබාගැනීමට ගොස් සිටින ජේකොබ් කොවෝල්ස්කි නම් මායා-නැත්තෙක්ද මුණ ගැසෙනවා. නිෆ්ලර් සත්වයා එහි ඇතිකරන කලබගෑනිය නිසා ටීනා ගෝලඩ්ස්ටීන් නම් හිටපු ඔරෝරවරියක් ඔහුව ගෙනයනවා මායා කටයුතු කොංග්‍රසයට. නමුත් ඇයට ලැබෙන්නේ ඒතරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි එතනින්. කොහොමහරි මේ වගේ පැටලිලි දාමයක් නිසා නිව්ට් ස්කැමන්ඩර්ට ටීනාගේ සොහොයුරිය වන ක්වීනිවත් මුණගැහෙනවා, ඒ වගේම අර පෙරකී ජේකොබ් කොවෝල්ස්කි නම් මායා-නැත්තාත් මේ තිදෙනාගේ පටලැවිලි මැද්දට මැදිවෙනවා. අවසානයේ ක්‍රීඩන්ස් හා ග්‍රේව්ස් ඇතුළු අය අතර දැඩි සටනක් ඇතිවී එහිදී ක්‍රීඩන්ස් මියයන අතර ( නමුත් පොඩි හෝඩුවාවක් පෙන්නනව මෙතනදි) එහිදී හෙලිවන්නේ මේ ග්‍රේව්ස් අන්කවරකුවත් නොව ග්‍රින්ඩල්වෝල්ඩ්ම බවත් මුල සිටම ඔහුගේ අරමුණ වී තිබෙන්නේ බලවත් ඔබ්ස්කියුරසයක් වන ක්‍රීඩන්ස්ව තමන්ට නතු කරගැනීම බවත්. කෙසේ හෝ නිව්ට්ගේ මැදිහත්වීමෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට හැකිවෙනවා. මායා-නැත්තන් විශාල පිරිසක්ද මේ ගැටුම අත්විඳීමත් සමග මායාකාර ප්‍රජාවගේ රහස හෙලිවීම හේතුවෙන් පිකරි සභාපතිතුමියගේ අණ පරිදි නිව්ට් සතුව සිටින ෆ්‍රෑන්ක් නම් ගිගුරුරම් පක්ෂියාගේ ( මේ පක්ෂියාගේ කතාව සම්බන්ධයි දෙවන චිත්‍රපටයට) උදවුවෙන් වර්ෂාවක් ඇතිකර මායා-නැත්තන්ගේ සිතින් එම ගැටුමේ මතකය මකාදමන්නට නිව්ට් ඇතුළු පිරිස සමත්වෙනවා. මේ වනවිට ටීනාගේ සොයුරිය වන ක්වීනි හා පෙමින් බැඳී සිටින කොවොල්ස්කිටද බල කෙරෙනවා මතකය මකාදමාගන්නා ලෙස. අවසානයට මොහොතක් තිබියදී අපි දකින්නේ නිව්ට් විසින් කොවෝල්ස්කිට බේකරිය ඇරඹී සඳහා ආධාර කරන අයුරුත් එම බේකරියටම ක්වීනි පැමිණෙන අයුරුත්.
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)
මේ චිත්‍රපටයේ කතාව ගැනනම් මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ, කෙටියෙන් කියන්නම් මෙහෙම. මේ වනවිට 1927 වර්ෂය. අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රින්ඩල්වෝල්ඩ් ඇමරිකානු බන්ධනාගාරයක දැඩි ආරක්ෂාව යටතෙයි ඉන්නෙ. ඔබට මතක ඇතිනෙ ග්‍රින්ඩල්වෝල්ඩ් යුරෝපය පුරා විවිධ අපරාධ කල අයෙක්, ඒ සම්බන්ධ නීති කටයුත්තකට ඔහුව යුරෝපය වෙත ගෙනයන්නට කටයුතු සූදානම් කරනවා. නමුත් ග්‍රින්ඩල්වෝල්ඩ් මේ මොහොත යොදාගන්නවා තම අරමුණ වෙත ලඟාවීමට…
Imdb වෙතින් 6.8ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 38%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 52%ක අගයකුත් ලබා Batfa සම්මාන උළෙලේ සම්මාන දෙකකටද නිර්දේශව ඇති මේ Fantastic Beasts: The Crimes of Grindelwald (2018) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ඩේවිඩ් යේට්ස්ගෙන්මයි. රංගනයෙන් දායක වෙන්නෙ ජොනී ඩෙප් ( ග්‍රින්ඩල්වෝල්ඩ්), එඩී රෙඩ්මේන් ( නිව්ට් ස්කැමන්ඩර්), සෝ ක්‍රැවිට්ස් ( ලීටා ලෙස්ට්‍රේන්ජ්), කැලම් ටර්නර් ( තීසියස් ස්කැමන්ඩර්), එර්සා මිලර් ( ක්‍රීඩන්ස් බෙයාබෝන්), ජූඩ් ලෝ ( ඇල්බස් ඩම්බල්ඩෝර්), ඩෑන් ෆොල්ගර් ( ජේකොබ් කොවෝල්ස්කි), කැතරින් වෝටසන් ( ටීනා ගෝල්ඩ්ස්ටීන්, ඇලිසන් සුඩොල් ( ක්වීනි ගෝල්ඩ්ස්ටීන්), ක්ලෝඩියා කිම් ( නාගිනී), විලියම් නැඩිලම් ( යුසුෆ් කාමා) , ජේමි කැම්ප්බල් බවර් ( තරුණ ග්‍රින්ඩල්වෝල්ඩ්) වගේ පිරිසකුයි. ඇතිනේ එහෙනම්..අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
තොරතුරුවල වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න.
BLURAY EXTENDED CUT පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. වෙනත් පිටපත් සඳහා උපසිරැසිය නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.

Year :
2018
Genre :
Adventure, Family, Fantasy
Actors :
Johnny Depp, Kevin Guthrie, Carmen Ejogo, Wolf Roth
Writer : N/A
Director :
David Yates
Plot : The Second Installment Of The

Update In 2020-09-20
සිංහල උපසිරැස Download කරගන්න 21252 times
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි, Kantha.
niyamai harry potter sub gaththeth subz.lk walin. idiriyata ena film 3 tath sub eka balaporrothu wenawa sibz.lk ta jaya
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, හැරී පොටර් එකේ ආපු කාලවලුයි,පෙන්වන කාල වලුයි දෙකම එකයි.හැරී පොටර් ඉපදෙන කාලය නම් 1996 වගේ තමයි,කතාව පටන් ගන්නේ 2007,හැරී පොටර් පොතේවත් හරියට ඩම්බල්ඩොර්ගේ වයස කියවෙන්නේ නැහැ.එත් කතාවේදී එයාගේ වයස 116(මැරෙනකොට).එත් j.k Rowlling කියලා තියනවා මුල් කාලයේදී මෙයාගේ වයස 150 කියලා එත් එයාගේ වෙබ් site එකේ තියෙන්නේ එයාගේ වයස 116 කියලා,මේ කතාවට අනුව නම් ඩම්බල්ඩොර්ගේ වයස හදලා තියෙන්නේ අවුරුදු 150 ආකාරයෙන් තමයි,හැරී පොටර් කතාවේ මේ දෙන්නගේ සටන ගැන කිය වෙන්නේ මීට අවුරුදු 50කට විතර කලින් සිද්ද වුණු දෙයක් හැටියටයි.
ආ..මේ ඉන්නෙ හොඳ හැරී පොටර් රසිකයෙක්. සහන්ට කියන්න මේ ලිපිය ලියන්න ගිහිල්ල මගෙ මුළු ඔළුවම අවුල් වුණා. දැන් මම හිතාගෙන ඉන්නෙ හැරී පොටර් ෆිල්ම් සේරම ටික බලන්නයි මුල ඉඳන්. Possible Spoiler Alert ; ඩම්බල්ඩෝර් අතින් ග්‍රින්ඩල්වෝල්ඩ් පරාජය වෙන්නෙ 1945 අවුරුද්දෙද ?
ඔව්, 1945.
Thanks, Indika.
Thanks for sub saho
Pattaaaaaaaaaa…thnxxxxxxxxxxxxx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සියලු දෙනාටම ස්තූතියි!
hoda post ekak dala sub ekath dunnata thankyou. mn dana subz.lk site eke 1st comment eka meka. thankyou digatama kaaran yamu sub hindi film walta sub denna. goda kalekin hindi sub awe ne.
Bro black lightning eke ithuru subs tikath dennako ikmanta
බ්ලැක් ලයිට්නින් ඉතුරු කොටස් දෙක ඉක්මනටම දෙන්නම්, ධනුෂ්ක
ආ තව දෙයක් අයියේ,පොතේ තියන අවුරුදු මීට වඩා ටිකක් විතර පරණයි.මොකද පොත එලි දැකවලා තියෙන්නේ,1995 වගේ ඉඳන් 2006 වගේ කාලයක් ඇතුලත,හරියටම කියන්න ආමාරුයි,ඒ වගේම තව මේ වගේ films 2 ක්ම එනවා.ඉදිරියේදී මේ දෙන්නගේ සටන බලා ගන්න පුළුවන් වෙයි.මොකද ඒක හැරීපොටර් එකට වඩා ගොඩක් බිහිසුණු එකක් වුණා කියලා තමයි හැරී පොටර් ඉතිහාසයේ කියන්නේ.මේ දෙන්නගේ සටන නම් වෙන්නේ 1945 තමයි.
බොහොම ස්තූතියි, සහන්
නියමයි.බොහෝම ස්තූතියි සහෝ
Ashes in the Snow (2019) 720p WEB-DL 800MB ඔකටත් දාන්නකො. අලුත් එකක් 2019 .හොදයි වගෙ
බොහොම ස්තුතියි සහෝදරයා ..!
මචං.. ඔයාට පුලුවන් නම් මෙන්න මේක දෙන්න පුලුවන්ද ඉක්මන්ට.. ‘ Glass Jaw 2018 ‘ සිංහල උපසිරැසිය තාම කවුරුත් දීලා නැහැ.. puluwan nam denna. හොද ෆිල්ම් එකක් මචං.. Good Luck ❤️
මචං මේ සබ් එක දීල තියෙන HC-HDRip පිටපත BluRay වගේම හොඳට පැහැදිලියිද?
HC-HD rip පිටපත බ්ලූරේවල අහලකින්වත් තියන්න බෑ, අෂාන්. WEB-DL සහ BLURAY රිප් නම් ගොඩක් වෙලාවට තත්වයෙන් සමානයි. හොඳටම බලන්න ඕනෙනම් පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනව ඒ දෙකෙන් එකක් එනකම්.
එලහ්………….
thank you oyata godakkkk.
Sabtitel ekata thanks saho❤💖
Ada tma gatta
Meketh sub ekanam maru aiye godak sthuthi
meke tiyena web sub eka ,, yts eke tyna web formt ekata hari yanawa neda ?
ප්‍රින්ට් එක WEB-DL නම් හරි.
Harri poter aluth film ekak enavada thava?
e film sirious eka end kara neda?
harry potter and cursed child නේද ඔය කියන්නෙ? ඒක චිත්‍රපටයක් විදියට එලියට එන කතාවක් තියනව, හැබැයි හරියටම කියන්න අමාරුයි. ඒකට එක හේතුවක් ඒක වේදිකා නාට්‍යයක් ලෙස මේ වනවිටත් රඟදැක්වෙමින් තිබීම.
https://www.harrypottertheplay.com මේ තියෙන්නෙ නිල වෙබ් අඩවිය.
Thank you machan sub ekata..
Jaya wewa!
thank you for sub…nice
Thnx bro👍
Good luck❤️
film eke extended copya dala thiyenne sub eka update karanna puluwannam bro..
EXTENDED CUT පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත.
උපසිර ලබා දුන්නට ස්තූති…සහෝ….good luck..❤
Thank You For The Sub….!
Good Luck…!#
thanks saho..
Wow hoda pahadili kirimak wadagath machn 👍👍👍👍😙
machan fantastic beats 1, 2 film eka extended version downloded karannee kohomada?
torrent eke 2 film eka neeneee.
puluvanam link eka dana vada …please…..
god bless you!
2 වෙනි ෆිල්ම් එකේ ලින්ක් අප්ඩේට් කලා. ඒක ගන්න ගමන් ඒ සයිට් එකේ සර්ච් බාර් එකේ පලවෙනි ෆිල්ම් එකේ, ඒ කිව්වෙ Fantastic Beasts and Where to Find Them කියල ටයිප් කරන්න. එතකොට එයි ෆිල්ම් එකේ ප්‍රින්ට් ලිස්ට් එකක් විවිධ Gb ප්‍රමාණවලින්. Extendedකියල නේම් එකේ තියනං ඒ ඕනෙම එකක් extended වර්ෂන් එකක්.
film dekema ganna puluvan link eka evanakooo…
please……..
koo first film ekee sub eka
sub ekta thanx. post ekath niyamyi. hasitha ayiya gena katha supiri. math fan kenek. digatama me wage katha walta sub demu. :heart_eyes: