Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Adventure
  • Fantastic Beasts: The Crimes of…

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

January 09, 2019 Junior Admin

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්නෙ ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් J.K රෝලින්ග්ස් මහත්මියගේ හැරීපොටර් විශ්වය තුල නිර්මාණය වුණ Fantastic Beasts හි දෙවන චිත්‍රපටය එනම් Fantastic Beasts: The Crimes of Grindelwald (2018) චිත්‍රපටයේ උපසිරැසිය. මුලින්ම ස්තූතිය කවීෂ සහෝදරයාට. ඇත්තටම මට මේක බාරවෙලා දවස් කීපයක් වෙනවා දැන්, උපසිරැසිය දෙන්න ටිකක් කල් ගිය හේතුව වුණේ මම මෙහි මුල් චිත්‍රපටය වන Fantastic Beasts And Where To Find Them (2016) නරඹල නැති වීම, ඒ වගේම හැරී පොටර් චිත්‍රපට මාලාවෙත් මම බලල තියෙන්නෙ චිත්‍රපට තුනක් විතර. ඒ නිසා මට මේක අල්ලගන්න ටිකක් කල් ගියා, කොහොමහරි මුල් චිත්‍රපටයත් නරඹල, අන්තර්ජාලයෙත් සොයල බලල, දැඩි හැරී පොටර් රසිකාවියක් වන අපේ පවුලේ සාමාජිකාවකගේ උදවුවෙනුත් තමයි ගොඩක් දේ දැනගත්තෙ. ඇයටත් බොහොම ස්තූතියි. හරි දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටය පැත්තට යන්න වුණත් මේක හැරීපොටර් මායාකාර ලෝකයේම කොටසක් නිසාත් දෙක අතර යම් යම් සම්බන්ධකම් ඇති නිසාත් ටයිම් ලයින් එක ටිකක් පැහැදිලි කරගමු.

• 1926: Fantastic Beasts and Where to Find Them ( මුල් චිත්‍රපටය)
• 1927: Fantastic Beasts: The Crimes of Grindelwald ( මේ තමයි මේ චිත්‍රපටයෙ එන කාලය)
• 1991-1992: Harry Potter and the Philosopher’s Stone
• 1992-1993: Harry Potter and the Chamber of Secrets
• 1993-1994: Harry Potter and the Prisoner of Azkaban
• 1994-1995: Harry Potter and the Goblet of Fire
• 1995-1996: Harry Potter and the Order of the Phoenix
• 1996-1997: Harry Potter and the Half-Blood Prince
• 1997-1998: Harry Potter and the Deathly Hallows
• 2017-2020: Harry Potter and the Cursed Child

දැන් ඔබට පේනවනෙ Fantastic Beasts චිත්‍රපට යුගලයේ කාල සමය හැරී පොටර් කාල සමයට වඩා බොහොම කලින් බව . ඒ කියන්නෙ හැරී පොටර් සහ මිතුරන් හොග්වාට් පාසලට ඇතුල්වෙලා වොල්ඩමොට් හා සටන් කිරීමට දල වශයෙන් වසර 70කට පමණ පෙර. කොහොමහරි අපි දන්නවනෙ මේ හැරී පොටර් විශ්වයේ තියෙන්නෙ මායා බල ඇත්තන්ගෙ සහ නැත්තන්ගෙ අතර සිද්ධි දාමයක් කියල. මේ Fantastic Beasts වටහා ගන්නටනම් අපිට යන්නෙ වෙනවා 10වන ශතවර්ෂය හරියට, ඒ කියන්නෙ හොග්වාට්ස් මායා පාසලේ ආරම්භයට, හරියටම කිව්වොත් ක්‍රි.ව 990ට .

ක්‍රි.වර්ෂ 990 බ්‍රිතාන්‍ය හොග්වාට්ස් මායා පාසලේ ආරම්භය :
හොග්වාට්ස් පාසල ඇරඹෙන්නෙ ගොඩ්‍රික් ග්‍රිෆින්ඩර්, සලාසාර් ස්ලිතරින්, හෙල්ගා හෆ්ල්පෆ් සහ රොවීනා රේවන්ක්ලෝගෙ මූලිකත්වයෙන්. කොහොමවුණත් පස්සෙ සාලාසාර්ගෙ පියෝ බ්ලඩ්ස්ලට එහෙමත් නැත්නම් පූර්ණ මායා පෙළපතකින් පැවතෙන්නන්ට පමණක් මායා සහ ගුප්ත කලා ඉගැන්විය යුතු බවට වන අදහස නිසා පස්සෙ යම් ප්‍රශ්ණයකුත් ඇතිවෙනවා.

1100 කාලසමය: මර්ලින් ආතර් රජුගෙ රාජ සභාවෙ කොටසක් වෙන්නෙ මේ කාලයේ. ඔහු මායාකරුවන් විසින් මගල්ස්වරුන්( බ්‍රිතාන්‍යයේදී මායා-නැත්තන් හැඳින්වෙන නම) මායාබලයට ලක් කිරීම වළක්වන්නට කටයුතු කරනවා.

1300 කාලසමය: ප්‍රංශ රසායන විදයාඥයෙකු වන නිකොලා ෆ්ලැමල් විසින් මායාකරුවාගේ පාෂාණය නිර්මාණය කරනවා, එයින් නිපැයුණු අමෘතය පානය කිරීමෙන් ඔහු සහ බිරිඳ අමරණීය වනවා.

1962: ලොව පුරා පැතිරී යන මායා-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ජාත්‍යන්තර මායාකරුවන්ගේ එකමුතුව මායා රහස්‍යතා පණතක් පනවමින් මායාකරුවන්ට කුඩා කණ්ඩායම් ලෙස රහසිගතව ජීවත්වන්නට කටයුතුද සකස් කරදෙනවා.

1707 : එක්සත් රාජධානියේ මායා කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් පිහිටුවනවා.

1880 දශකය : පසුව හොග්වාට්ස් පාසලේ ආචාර්යවරයෙක් බවට පත්වන ඇල්බස් ඩම්බල්ඩෝර්, ඇබර්ෆෝත් ඩම්බල්ඩෝර් සහ ඔවුන්ගේ සොයුරිය ඇරියානා ඩම්බල්ඩෝර් උපත ලබනවා.

1890 : ඩම්බල්ඩෝර් පවුලට අවාසනාව ලඟාවෙන්නෙ මේ කාලයේ. ඒ සය වියැති කුඩා ඇරියානා ඩම්බල්ඩෝර් මගල්ස්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමෙන්. පවුලේ පියාවන පර්සිවල් මගල්ස්වරුන්ට ප්‍රහාරයක් එල්ල කරන අතර, ඒ වරදට ඔහු අස්කබාන් බන්ධනාගාරයේ සිර කරනවා. ඇරියානාව රැකගැනීම සඳහා ඩම්බල්ඩෝර් සොයුරන් ඇයවත් රැගෙන ගොඩ්‍රික්ස් හොලෝ ගම්මානයට යනවා.

1899: ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් අපිට හමුවෙන්නෙ මෙතනින්. ඩර්ම්ස්ට්‍රැන් පාසලෙන් අස් කෙරෙන ඔහු ගොඩ්‍රික්ස් හොලෝ ගම්මානයට පැමිණෙන අතර එහිදී ඔහුට ඇල්බස් ඩම්බල්ඩෝර්ව මුණගැහෙනවා. මේ දෙදෙනා අතර සංකීර්ණ හිතවත්කමක් ගොඩනැගුනත් පසුව ග්‍රින්ඩල්වෝල්ඩ් මේ ඩම්බල්ඩෝර් සොයුරන් දෙදෙනාම සමග සටන්වදින අතර එහිදී ඇරියානා ඛේදජනක ලෙස මියයනවා. ග්‍රින්ඩල්වෝල්ඩ් විසින් එල්ඩර් මායා යෂ්ටිය නම් බලවත් යෂ්ටියක් තමන් සතුකරගත් බවට කටකතා පැතිර යන්නෙත් මේ කාලයේදියි.

1900 කාල සමය : මේ තමයි Fantastic Beasts : Where To Find Them හි අපි දකින ක්‍රීඩන්ස් බෙයාබෝන් කතාවට සම්බන්ධවන කාලය. ඔහු මේ වනවිට මේරි ලූ බෙයාබෝන් භාරයේ හැදී වැඩෙන අත දරුවෙක්. ( ඔහුගේ පසුබිම් කතාව Fantastic Beasts දෙවන චිත්‍රපටය තුල කියවෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්).

1908 : නිව්ට් ස්කැමන්ඩර් සහ ලීටා ලෙස්ට්‍රේන්ජ් ( මේ දෙදෙනා ගැනත් Fantastic Beasts තුලින් දැනගන්න පුළුවන්) හොග්වාට්ස් පාසලට බැඳී ආචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් සහ මැක්ගොනගල් යටතේ මායා කලා හදාරනවා.

1920 : ආයිත් වතාවක් ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් ඉස්මතුවෙන්නෙ මේ කාලයේ ඔහු තමන් වෙත අනුගාමිකයන් රැස්කරගන්නට පටන්ගන්නවා යුරෝපය පුරා ප්‍රහාරයන් දියත් කරමින්.

1926 : Fantastic Beasts : Where To Find Them කාල සමය..
මේ කාලය වනවිට බ්‍රිතාන්‍යය ඇමරිකාව සහ ප්‍රංශය ආදී රටවල මායා කටයුතු අමාත්‍යාංශ මගින් මායා- ඇත්තන්ව මායා-නැත්තන් නොහොත් නෝ මැජ්ලා ( ඇමරිකාව තුල මායා බල නැත්තන් හඳුන්වන නාමය) ගෙන් සෑහෙන දුරස් කරලයි තියාගෙන ඉන්නෙ. ඇමරිකාවේ ඉන්න මායා-ඇත්තන්ව පාලනය වෙන්නෙ ඇමරිකානු මායා කටයුතු කොංග්‍රසය හරහා, එහි සභාපතිනිය සෙරෆිනා පිකරි. මේ මායා කටයුතු අමාත්‍යාංශ විසින් ඔරෝරවරුන් නමින් මායාකරුවන් අතර නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ද පත්කර තිබෙනවා. කොහොමහරි මේ කාලය වනවිට ලමා කාලයේ සිටම මායාකරුවන්ට දැඩිව විරුද්ධ මේරි ලූ බෙයාබෝන්ගේ සෙවණේ වැඩෙන ආදරය අහිමි හුදකලා ක්‍රීඩන්ස් ඔබ්ස්කියුරසයක් වී විවිධ කරදර ඇතිකරනවා නිව්යෝක් නගරය පුරා. ග්‍රේව්ස් නම් ඔරෝරවරයෙක් ඇතුළු ඔරෝරවරුන් මේ නාඳුනන තැනැත්තාව සොයනවා හැමතැනම. නමුත් ග්‍රේව්ස් ක්‍රීඩන්ස් පසුපස යන්නේ වෙනම අරමුණක් ඇතිව. නිව්ට් ස්කැමන්ඩර් මායා සත්වයන් ගැන තමන් ලියන පොතකට අවශ්‍ය කරුණු සහ දුර්ලභ සත්වයන් එකතු කරමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙත සංචාරය කරන්නේත් මේ එක්කමයි. ඔහුගේ මායා සූට්කේසය පිරෙන්නට සිටින්නෙත් අපූරු සත්තු. කොහොම නමුත් නිතරම වැඩ පටලගන්න නිව්ට්ට නිව්යෝක්වලදිත් ගැලවීමක් නෑ, ඒ තමන්ගේ සූට්කේසයේ සිටි දිදුලන දෑවලට ඇළුම් කරන නිෆ්ලර් සතෙක් බැංකුවක් තුලට රිංගාගැනීම නිසා. එතනදී ඔහුට බේකරියක් ඇරඹීම සඳහා බැංකුවෙන් ණයක් ලබාගැනීමට ගොස් සිටින ජේකොබ් කොවෝල්ස්කි නම් මායා-නැත්තෙක්ද මුණ ගැසෙනවා. නිෆ්ලර් සත්වයා එහි ඇතිකරන කලබගෑනිය නිසා ටීනා ගෝලඩ්ස්ටීන් නම් හිටපු ඔරෝරවරියක් ඔහුව ගෙනයනවා මායා කටයුතු කොංග්‍රසයට. නමුත් ඇයට ලැබෙන්නේ ඒතරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි එතනින්. කොහොමහරි මේ වගේ පැටලිලි දාමයක් නිසා නිව්ට් ස්කැමන්ඩර්ට ටීනාගේ සොහොයුරිය වන ක්වීනිවත් මුණගැහෙනවා, ඒ වගේම අර පෙරකී ජේකොබ් කොවෝල්ස්කි නම් මායා-නැත්තාත් මේ තිදෙනාගේ පටලැවිලි මැද්දට මැදිවෙනවා. අවසානයේ ක්‍රීඩන්ස් හා ග්‍රේව්ස් ඇතුළු අය අතර දැඩි සටනක් ඇතිවී එහිදී ක්‍රීඩන්ස් මියයන අතර ( නමුත් පොඩි හෝඩුවාවක් පෙන්නනව මෙතනදි) එහිදී හෙලිවන්නේ මේ ග්‍රේව්ස් අන්කවරකුවත් නොව ග්‍රින්ඩල්වෝල්ඩ්ම බවත් මුල සිටම ඔහුගේ අරමුණ වී තිබෙන්නේ බලවත් ඔබ්ස්කියුරසයක් වන ක්‍රීඩන්ස්ව තමන්ට නතු කරගැනීම බවත්. කෙසේ හෝ නිව්ට්ගේ මැදිහත්වීමෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට හැකිවෙනවා. මායා-නැත්තන් විශාල පිරිසක්ද මේ ගැටුම අත්විඳීමත් සමග මායාකාර ප්‍රජාවගේ රහස හෙලිවීම හේතුවෙන් පිකරි සභාපතිතුමියගේ අණ පරිදි නිව්ට් සතුව සිටින ෆ්‍රෑන්ක් නම් ගිගුරුරම් පක්ෂියාගේ ( මේ පක්ෂියාගේ කතාව සම්බන්ධයි දෙවන චිත්‍රපටයට) උදවුවෙන් වර්ෂාවක් ඇතිකර මායා-නැත්තන්ගේ සිතින් එම ගැටුමේ මතකය මකාදමන්නට නිව්ට් ඇතුළු පිරිස සමත්වෙනවා. මේ වනවිට ටීනාගේ සොයුරිය වන ක්වීනි හා පෙමින් බැඳී සිටින කොවොල්ස්කිටද බල කෙරෙනවා මතකය මකාදමාගන්නා ලෙස. අවසානයට මොහොතක් තිබියදී අපි දකින්නේ නිව්ට් විසින් කොවෝල්ස්කිට බේකරිය ඇරඹී සඳහා ආධාර කරන අයුරුත් එම බේකරියටම ක්වීනි පැමිණෙන අයුරුත්.

                      Fantastic Beasts: The Crimes of Grindelwald (2018)

මේ චිත්‍රපටයේ කතාව ගැනනම් මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ, කෙටියෙන් කියන්නම් මෙහෙම. මේ වනවිට 1927 වර්ෂය. අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රින්ඩල්වෝල්ඩ් ඇමරිකානු බන්ධනාගාරයක දැඩි ආරක්ෂාව යටතෙයි ඉන්නෙ. ඔබට මතක ඇතිනෙ ග්‍රින්ඩල්වෝල්ඩ් යුරෝපය පුරා විවිධ අපරාධ කල අයෙක්, ඒ සම්බන්ධ නීති කටයුත්තකට ඔහුව යුරෝපය වෙත ගෙනයන්නට කටයුතු සූදානම් කරනවා. නමුත් ග්‍රින්ඩල්වෝල්ඩ් මේ මොහොත යොදාගන්නවා තම අරමුණ වෙත ලඟාවීමට…

Imdb වෙතින් 6.8ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 38%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 52%ක අගයකුත් ලබා Batfa සම්මාන උළෙලේ සම්මාන දෙකකටද නිර්දේශව ඇති මේ Fantastic Beasts: The Crimes of Grindelwald (2018) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ඩේවිඩ් යේට්ස්ගෙන්මයි. රංගනයෙන් දායක වෙන්නෙ ජොනී ඩෙප් ( ග්‍රින්ඩල්වෝල්ඩ්), එඩී රෙඩ්මේන් ( නිව්ට් ස්කැමන්ඩර්), සෝ ක්‍රැවිට්ස් ( ලීටා ලෙස්ට්‍රේන්ජ්), කැලම් ටර්නර් ( තීසියස් ස්කැමන්ඩර්), එර්සා මිලර් ( ක්‍රීඩන්ස් බෙයාබෝන්), ජූඩ් ලෝ ( ඇල්බස් ඩම්බල්ඩෝර්), ඩෑන් ෆොල්ගර් ( ජේකොබ් කොවෝල්ස්කි), කැතරින් වෝටසන් ( ටීනා ගෝල්ඩ්ස්ටීන්, ඇලිසන් සුඩොල් ( ක්වීනි ගෝල්ඩ්ස්ටීන්), ක්ලෝඩියා කිම් ( නාගිනී), විලියම් නැඩිලම් ( යුසුෆ් කාමා) , ජේමි කැම්ප්බල් බවර් ( තරුණ ග්‍රින්ඩල්වෝල්ඩ්) වගේ පිරිසකුයි. ඇතිනේ එහෙනම්..අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

තොරතුරුවල වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න.

 BLURAY EXTENDED CUT පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. වෙනත් පිටපත් සඳහා උපසිරැසිය නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
27559 වාරයක්
Download Links
720P
TOR
1080P
TOR
720P
TOR
1080P
TOR
Available Torrents
3D bluray 2.15 GB
GET
720p bluray 1.12 GB
GET
1080p bluray 2.14 GB
GET
2160p bluray 6.11 GB
GET
720p web 1.12 GB
GET
1080p web 2.14 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (44)
← Older
  • Dimuthu Unregistered
    Android 4.4 Chrome 72
    2019-03-17

    උපසිර ලබා දුන්නට ස්තූති…සහෝ….good luck..❤

    Reply
  • colabage Unregistered
    Android 5.1 UC Browser 12.1
    2019-03-18

    Thank You For The Sub….!
    Good Luck…!#

    Reply
  • viraj Unregistered
    Windows 8.1 Firefox 66
    2019-03-26

    thanks saho..

    Reply
  • fernando n Unregistered
    Android 8.1 Opera 47
    2019-04-26

    Wow hoda pahadili kirimak wadagath machn 👍👍👍👍😙

    Reply
  • sachintha Unregistered
    Windows 10 Firefox 75
    2020-04-12

    machan fantastic beats 1, 2 film eka extended version downloded karannee kohomada?
    torrent eke 2 film eka neeneee.
    puluvanam link eka dana vada …please…..
    god bless you!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 75
      2020-04-12

      2 වෙනි ෆිල්ම් එකේ ලින්ක් අප්ඩේට් කලා. ඒක ගන්න ගමන් ඒ සයිට් එකේ සර්ච් බාර් එකේ පලවෙනි ෆිල්ම් එකේ, ඒ කිව්වෙ Fantastic Beasts and Where to Find Them කියල ටයිප් කරන්න. එතකොට එයි ෆිල්ම් එකේ ප්‍රින්ට් ලිස්ට් එකක් විවිධ Gb ප්‍රමාණවලින්. Extendedකියල නේම් එකේ තියනං ඒ ඕනෙම එකක් extended වර්ෂන් එකක්.

  • sachintha Unregistered
    Windows 10 Firefox 75
    2020-04-12

    film dekema ganna puluvan link eka evanakooo…
    please……..

    Reply
  • Sachintha Rajapaksha User
    Windows 10 Chrome 81
    2020-05-02

    koo first film ekee sub eka

    Reply
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 85
    2020-09-20

    sub ekta thanx. post ekath niyamyi. hasitha ayiya gena katha supiri. math fan kenek. digatama me wage katha walta sub demu. :heart_eyes:

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved