Fifty Shades Darker (2017) Sinhala Subtitle
dakota johnson, jamie dornan, eric johnson, eloise mumford
පෙර පළවූ ලිපිය
ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මම සබ් එකක් අරගෙන ආවා.දිගු නිහැඩියාවකට පස්සේ තමා මම මේ උපසිරසි නිර්මාණය කරන්න ගත්තේ.. ඇත්තටම මම කලින් මේ වගේ Category එකට අයිතිවෙන ෆිලුමක් කරලාම නෑ, ඒ මොකද කියනවා නම් ඉතිං මේක Romance,Drama කියලා තමා Category එකේ එන්නේ මේ Xategory එකේ ඉංග්‍රීසි චිත්‍රපටි නම් මම වැඩිය බලන්නෑ යාළුවනේ.ඒත් කිව්වාම මොකද මේ චිත්‍රපටයේ ලස්සන ආදර කතාවක් තමා තියෙන්නේ…සම්ප්‍රදායික ආදර කතා සංස්කෘතියෙන් බැහැරව අධ්‍යක්ෂවරයා විසින් හොඳ නිර්මාණයක් බිහිකරලා තියෙනවා…
කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් ඇනස්ටේසියා ස්ටීල් සහ ක්‍රිස්ටීයන් ග්‍රේ කියන ආතරවන්තයින් දෙදෙනා වටා කතාව දිව යයි. ඔවුන්ගේ ආදර සම්බන්ධයට තිත තබා කලක් ගතවූ පසු නැවත ක්‍රිස්ටීන් ප්‍රේම සම්බන්ධය ඇරඹීමට ඇනස්ටේසියා වෙත යෝජනා කරනවා.. ටිකක් අදි මදි කලත් ඇයත් එම යෝජනාව පිලි ගන්නවා.ඊන් පසු ඔවුන්ගේ ජීවිත ගලා යන ආකාර චිත්‍රපටය මගීන් නිරූපණය කෙරෙයි. තවත් මෙහි විශේෂත්වයක් වන්නේ මින් පෙර කතා නොකෙරුණු සමාජයේ වෙනමම පැතිකඩක් මෙම චිත්‍රපටය මගීන් ප්‍රෙක්ෂකයාගේ අවධානයට යොමු කීරීමයි. ඒ විවිධ පුද්ගලයන් සතු විකෘතිවු ලිංගික ආශාවන් ගැනයි, බෝහෝ දුරට එම ගැටළු ඇති වීමට මුල් වූ හේතුව පවා මෙම චිත්‍රපටය මගීන් පෙන්නුම් කර තිබෙනවා. මේය වැඩිහිටියන්ට පමණක් යැයි නැතහොත් 18+ කාණ්ඩයට අයත් නොවුනත්, මෙහි ඇති ඇතැම් දර්ශනය හේතුවෙන් මගේ පුද්ගලික මතය වනුගේ මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන අතර පවුලේ සැමට එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපටයක් බවය. ඒසේ පැවසීමට හේතු වූයේ මෙතෙක් කලක් මා නරඹා ඇති 18+ ඉංග්‍රීසි චිත්‍රපටයකටත් වඩා අසභ්‍ය දර්ශන සංඛ්‍යාවක් මෙහි අන්තර් ගත බැවිණි…
චිත්‍රපටයේ මූලීකාංග ගැන පවසනවා නම්, මෙහි ඇනස්ටේසියා ස්ටීල් ලෙස Dakota Johnson ද, ක්‍රිස්ටීන් ග්‍රේ ලෙස Jamie Dornan ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංග දායකත්වය ලබාදී තියෙනවා.මිනිත්තු 118 පුරා දිවෙන මෙම චිත්‍රපටයට ඇමරිකානු ඩොලර් 55,000,000 මුදලක් යොදවා තිබෙනවා ඒ අතරින් පලමු සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ප්‍රදර්ශන කර ඇමරිකානු ඩොලර් 46,607,250 මුදලක් උපයාගෙන තිබෙනවා.තවද මෙය IDMB දර්ශකයේ 4.9 ලෙස සටහන්ව තිබෙන අතර මේහි අධ්‍යක්ෂවරයා වන්නේ James Foley මහතාය…
එහෙනම් යාළුවනේ කාලෙකින් ගොඩක් මහන්සිවෙලා කාලරාමු හදලා තව තව වෙනස් කම් ගොඩක් කරලා තමා මම මේ නිර්මාණය ඔයාලට ගෙනාවේ ඒ වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන්ම මම නවතිනවා, නැවතත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!
යාවත්කාලීන කරන ලද ලිපිය
එහෙනම් යාළුවනේ උපසිරසි ගොණුව දීලා දවස් 3ක් යන්නත් කලින් හොඳ වීඩියෝ විටපතක් අන්තර්ජාලයට නිකුත් අනානේ, ඉතිං ඒ නිසා සුපුරුදු ලෙස මෙම උපසිරසි ගොණුව යාවත්කාලීන කරා, ඒත් යාළුවනේ මේ නිකුත් වෙලා තියෙන්නේ කොරියන් සබ්එක හාඩ්කෝඩ් කරපු පිටපතක් ඒ පිටපතේ කියන ප්‍රධානතම දුර්වලතාවය තමා චිත්‍රපටයේ අඩංගු ඇතැම් දර්ශන විශාල ප්‍රමාණයෙන් ඉවත් කරලා තියෙන්නේ,(අසභ්‍යය දර්ශන ඉවත්කොට ඇත) ඉතිං ඒ නිසා අපි මේ ගොණුව තුල යාවත්කාලීන කල WEB-DL පිටපත සමඟම HD-TS පිටපතත් ලබාදීලා තියනවා, කව්රුහරි සම්පූර්ණ චිත්‍රපටය නැරඹීමට අවශ්‍යය කෙනෙක් ඉන්නවා නම් HD-TS පිටපත ලබා ගත යුතුය, චිත්‍රපටය නැරඹීමට පෙර දැනුවත් වීමක් විදිහට තමයි මම මේක ඔයාලට කිව්වේ යාළුවනේ. එහෙනම් මම නවතිනවා, ඔබට ජය!!!
Every fairy tale has a dark side
WED DL Updated
නියමයි සහෝ…එහෙනම් සබ ඉක්මනටම ගෙනාවා…
උපසිරැසියට බොහොම ස්තුතියි…ජය!!!
එල සහෝ උපසිරැසියට ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ…
ජය!!!
ස්තුතියිිි හොද නිර්මාණයක් ගෙනාවට….
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Thanks bro..??
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි මචෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…..
thanks mcn.. 1weni parata meken ganne
elz mcn digatama sub demu………
me film eke oya gawa full sinhala subtitle eka thiyenawa nume mata email ekak ewana
hasithanaveendra@gmail.com
Fifty Shades Darker (2017) [1080p] [YTS.AG]
Bluray Available Please update.
thanks mchn
Download & Watch Onlien
https://www.sirisarafilmslk.com/movies/fifty-shades-darker/