මේ පාර ඔයාලට අරගෙන ආවෙ අලුත්ම, පට්ටම පට්ට, සිනාවෙන් පිරි හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි 2020 නොවැම්බර් 13 දින ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කල Freaky. මේක ඔයාලට ගේන්න ප්‍රමාද වුනේ මේකෙ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත්වුනේ දවස් දෙකකට කලින් නිසා. සිනමා ශාලා 2472 ක එකවර ප්‍රදර්ශනය ඇරැඹූ Freaky, මුල් දිනයේම ඩො.මිලියන 1.45 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගත් අතර, පළමු සති අන්තයේ එය ඩො.මි. 3.6 ක් විය. සමස්ථ බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඩො.මිලියන 12.7 ක් උපයාගැනීමට සමත්වූ මෙම චිත්‍රපටය 2020 දෙසැම්බර් 04 දින “වීඩියෝ ඔන් ඩිමාන්ඩ්” මාධ්‍යයෙන් නිකුත්විය. භයානක දර්ශන තිබුනත් මුල සිට අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන්, හිනාවෙන්, කුතුහලයෙන් පිරිච්ච චිත්‍රපටයක්. හැබැයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් බවත් මතක් කරන්න ඕනෙ. විශේෂයෙන්ම “බ්ලැක් කොමඩි” නිසා.
Cast
Kathryn Newton – මිලී
Vince Vaughn – බුචර්
Celeste O’Connor – නයිලා
Misha Osherovich – ජෝෂුවා
Dana Drori – චාරීන්
චිත්‍රපටය පටන් ගන්නෙ උසස් විද්‍යාල තරුණ තරුණියන් හතර දෙනෙක් ඉතාමත්ම බිහිසුණු විදිහට ඝාතනය කිරීමෙන්. මිනීමරුවා රක්ෂිත සිර ගෙදරකින් පලාගිය දරුණු දාම මිනීමරුවෙක්. මිනිස්සු ඔහුට කියන්නෙ බුචර් කියලා. ඔහුගෙ අම්මව පවා බෙල්ල කපලා මරපු හිතක් පපුවක් නැති මිනීමරු උන්මත්තකයෙක්. ඉන්පසු ඔහුගේ අලුත්ම ගොදුර බවට පත්වෙන්නේ උසස් පාසල් සිසුවියක් වන 17 හැවිරිදි මිලී. එයාගෙ තාත්තා නෑ. අම්මයි අක්කයි එක්ක ජීවත් වෙන්නෙ. අක්කා චාරීන්, පොලිස් නිලධාරිනියක්. මිලී බොහොම අහිංසකව ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා බොහෝ වෙලාවට අනිත් ළමයින්ගෙ හිරිහැර, උසුලු විසුලු වලටත් ලක්වෙනවා. මිලීට තියෙන එකම සැනසීම සහ හයිය එයාගෙ අතිජාත යාලුවො දෙන්නා. නයිලා සහ ජෝෂුවා. ඉතින් එදා පාසලේ ක්‍රීඩා දවසක්. එයාව එක්ක යන්න අම්මා එන්න පරක්කු වෙනවා. අනිත් අයත් එතකොට ගිහිල්ලා. ටිකක් රෑත් වෙලා. ඒ වෙලාවෙ තමයි මිලීව බුචර්ට අහුවෙන්නෙ. බුචර් මිලීට කිණිස්සකින් අනිනවා. ඒක පපුවෙ උරහිස් පැත්තට වෙන්න වදින්නෙ. ඒ අනිනකොටම බුචර්ගෙත් එතනම තුවාල වෙලා ලේ එනවා. එතකොට චාරීන් ඇවිත් මිලීව බේරගන්නවා. බුචර් පැනලා යනවා. තුවාලෙට බෙහෙත් දාලා මිලීව ගෙදර එක්කන් යනවා. එදා රෑ එයාට එක එක සද්ද ඇහෙනවා. පහුවදා උදේ මිලීට ඇහැරෙන කොට එයා ඉන්නෙ කාමරේ නෙමේ. අත්හැරලා දාපු පරණ මෝලක. මුලින්ම එයාට කටහඬේ වෙනසක් දැනෙනවා. පස්සෙ තමන්ගෙ රූපය කන්නාඩියකින් දැක්කම එයා භ්‍රාන්තයට පත්වෙනවා. එයාට තියෙන්නෙ බුචර්ගේ ශරීරය. එතකොට බුචර්? බුචර් මිලීගෙ ගෙදර, මිලීගේ ශරීරයේ. බුචර්ගේ පින්තූරයත් ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. පොලීසියෙනුත් හැමතැනම හොයනවා. අහිංසක මිලීට මොන ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? මිලීගේ ශරීරයේ සිටින බුචර්ගෙන් තම අම්මා, අක්කා, යාලුවන් සහ පාසලේ ළමයින් බේරාගත හැකිවේද? ෆිල්ම් එක බලමු නේ. ජය වේවා.
Genres – English / American / Comady / Horror / Thriller / 18+
Ratings – IMDb – 6.6/10 / Rotten Tomatoes – 83% / Google – 85%
Quality – 480p – 400MB / 720p – 938MB / 1080p – 1.8GB
Sub Format – SRT & IDX

බොහොම ස්තූතියි මචං
Thanx saho.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි.