Frozen II (2019) Sinhala Subtitle

January 05, 2020 Expert Subtitler

!…Frozen II…!

කොහොමද එහෙනම් කස්ටියටම. පහු ගිය දවස් වල වැඩ වලටම හිර වෙලා ඉඳලා වෙනසකටත් එක්ක ඔන්න අද මම ඔයාලට ෆිලුමක් ගෙනාව.එහෙනම් යමු අපි ෆිලුම පැත්තට.

Frozen කිව්වහම අපි ඉතින් දන්නවනේ. මොකද මේක එතරම් ලොකු කුඩා හැමෝ අතරම ඉතාමත් ජනප්‍රියම අනිමෙට් චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට මාස එක හමාරකටත් වඩා යන්න කලින් මේ ඩොලර් බිලියනයේ සීමාව පසු කරා කියලා. ඉතින් හිතා ගන්නකො. ඒ වගේම කලින් සිනාමපටයත් ඩොලර් බිලියන 1.27 වගේ ප්‍රමාණයක් ලබා ගන්න සමත් වුණා. මේකේ imdb අගය 7.2 අර ගන්නවා ප්‍රේක්ෂකයන් 50,000 අධික ප්‍රමාණයකින්. ඒ වගේම දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට සහ තවත් 48 කට නොමිනේ වෙලා තියනවා. ඒ වගේම එයින් දෙකකුත් දිනා ගෙන තියනවා. ඒ වගේම ඔයාලට මතක ඇති නම් මේකේ පලවෙනි චිත්‍රපටිය ඔස්කාර් සම්මාන දෙකක් ලබා ගත්තා කියලා. ඉතින් මෙවාරත් ඊට වඩා සම්මාන ලබා ගනිවී යැයි කියලා අපි හිතමු.ඉතින් මේ නිර්දේශ වෙලා තියන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙක තමයි හොඳම සජීවීකරණ චිත්‍රපටිය සහ, හොඳම ගීතය කියන නිර්දේශ දෙක. ඉතින් මෙහි එන “Into The Unknown” කියන ගීතය තමයි නිර්දේශ වෙලා තියෙන්නේ (මගේ දැන් ආසම ගීතය හිකිස්).

හොඳයි සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය ක්‍රිස් බක් සහ ජෙනිෆර් ලී විසින්ම සිදු කරලා තිබෙනවා. ඒ වගේම කට හඬින් දායකත්වය ලබා දෙන කට්ටිය කලින් එකේ වගේමයි.ඒ වගේම මේක හදන්න ගිහින් තියෙන්නේ ඩොලර් 150 වගේ මුදලක්. කොටින්ම කිව්වොත් මේක මේ වෙනකොට ආදයම් වාර්තා තබමින් ඩොලර් බිලියන 1.24 වගේ ප්‍රමාණයකටත් වඩා වැඩියෙන් උපයලා තියනවා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය පෙර පරිදිම වෝල්ට් ඩිස්නි සමාගම විසින්ම සිදු කරලා තියනවා.ඒ වගේම මේක රූප ගත කරලා තියෙන්නේ නොර්වේ වල කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක පැය 1 විනාඩි 43 තිරයේ දිව යනවා. පලවෙනියටම මුදා හැරෙලා තියෙන්නේ ඇමරිකාවේ 2019 නොවෙම්බර් 22 වෙනිදා.  Animation, Adventure, Comedy යන කැටගරි වලට මේ ෆිලුම අයත් වෙනවා.

ප්‍රධාන හඬකැවීම් ශිල්පීන්:-

  • ආනා – Kristen Bell
  • ක්‍රිස්ටෝෆ් – Jonathan Groff
  • එල්සා – Idina Menzel
  • ඕලාෆ් – Josh Gad

ඒ වගේම මේ සිංදුවේ තවත් වර්ෂන් දෙක තුනක්ම තියනවා. ඒ හැම එකක්මත් අහන්න.  හරිම ලස්සනයි. ඒ වගේම මේකේ අන්තිමට යන මේ සිංදුව ගායනා කරන්නේ panic! at the disco බෑන්ඩ් එක. ඉතින් එයාලා මම දැකපු සෑහෙන්න හොඳ rock,pop බෑන්ඩ් එකක්.

කලින් චිත්‍රපටිය ගැන හෝ මේ චිත්‍රපටිය ගැන නම් කියන්න යන්නේ නම් නැහැ, උදේ දාන්න හිටියත් උදේ පන්තියක් වැටුන නිසා ඒක හබස් වුණා. ඒක නිසා දැන් රෑත් වෙලා නිසා කොටලම මහන්සියි. ඒක නිසා මුකුත්ම කියන්න යන්නේ නැහැ වැඩිය. එහෙනම් හැමෝම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කස්ටිය ආපහු උපසිරසියකින් හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා!

මෙහි පොස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.

Download Links
720P
TOR
1080P
TOR
Available Torrents
3D bluray 1.9 GB
720p bluray 947.91 MB
1080p bluray 1.83 GB
2160p bluray 3.45 GB
720p web 954.78 MB
1080p web 1.85 GB
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මචං Daybreak එකේ 6වෙනි episode එකට සබ් එක දෙන එකක් නැද්ද අපේ Thamod Godakanda මල්ලි 😊 තව episode 5යි තියෙන්නෙත් 😊😊..
    ජය වේවා.! 👊

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • LÃhírü SHãshikâ User
    Android 9 Chrome 70

    Sabata thanks mcn

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 81

    thanks sub ekata.

  • KAVINDU KALHARA Unregistered
    Android 8.1 Brave 74

    willoughby film ekt sub ek denwd?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search