• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitle

Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitle

2023/10/17 at 6:26 pm
Rasika Samanjith
WEBRip
දේශසීමාවට නැවැත්විය නොහැකිවූ ආදරය

සනී ඩියෝල් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වගේම අති සාර්ථක රංගන තරුවක් බවට තවත් වරක් ඔප්පු කරමින් 'ගඩාර් 2' ඉන්දියාව දෙවනත් කරමින් තිරගත වෙන මේ වෙලාවේ මන් හිතුවා, 2001 වසරේ මේ වගේම පෙරලියක් කල ගඩාර් 1 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔයාලට අරන් එන්න. 2001 ජුනි 15 වන දින අශුතෝෂ් ගෝවාරිකර්ගේ නිර්මාණයක් වූ Lagaan සමඟින් ගෝලීය සිනමාවට නිකුත් වූ Gadar: Ek Prem Katha අධ්‍යක්ෂණය කරන ලද්දේ Anil Sharma විසින්. 1947 දී ඉන්දියාව බෙදීමේ කාල වකවානුව පසුබිම් වී අතර බූටා සිංගේ නම් සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වී ඇත. Shaktimaan Talwar විසින් මෙහෙ කතාව ලියා ඇති අතර Action, Thriller, Romance, Drama සහ History යන කැටගරි වලට අයත් වෙනවා. දළ වශයෙන් ඉන්දියානු රුපියල් මිලියන 190 (ඇ.ඩො. මිලියන 4.03) වැය කර නිර්මාණය වූ Gadar: Ek Prem Katha චිත්‍රපටිය, විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුවද, ඉන්දියාවේදී රුපියල් මිලියන 768.8 (ඇ.ඩො. මිලියන 16.29) සහ බෙදාහරින ආයතනයේ මුදලත්ද සමඟින් ලොව පුරා රුපියල් මිලියන 546 (ඇ.ඩො. මිලියන 11.57) ක්ද වශයෙන් රුපියල් බිලියන 1.33 (ඇ.ඩො. මිලියන 28.19) ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර Hum Aapke Hain Koun [1994] චිත්‍රපටයෙන් පසු වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත් විය. ඒ වගේම 1990 න් පසුව ඉන්දියාවේ වැඩිපුරම නැරඹූ දෙවන හින්දි චිත්‍රපටය වන අතර, එම ප්‍රමාණය මිලියන 50කට අධිකය. Box Office India ට අනුව, 2017 දී ප්‍රවේශපත්‍ර අලෙවියට අනුව එහි ඇස්තමේන්තු කළ දළ ආදායම රුපියල් බිලියන 4.86 (ඇ.ඩො.මිලියන 103) කි. එමෙන්ම 1990 ගණන් වලින් පසුව ඉහළම ආදායම් ලද චිත්‍රපට 3 අතරේ Gadar : Ek Prem Katha ද ඇත. ඩියෝල්ගේ සරල, ලැජ්ජාශීලි භූමිකාව ප්‍රශංසාවට ලක් වූ අතර, 47 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත වූ අතර අමීශා පටේල්ද හොඳම නිළිය සඳහා නිර්දේශිත වූ අතර ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානය ලබා ගත්තේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Sunny Deol (තාරා සිං), Ameesha Patel (සකීනා) සහ Utkarsh Sharma (චිරන්ජීත් සිං / ජීතේ) රංගනයෙන් දායක වෙන අතර Amrish Puri (අෂ්රෆ් අලි), Lillete Dubey (ශබානා අලි / සකීනාගෙ මව) සහ Vivek Shauq (දර්මියන්) සෙසු චරිත නිරූපණය කරයි. මෙහි පසුබිම් කථනයට හඬ ලබාදී ඇත්තේ හිටපු අති දක්ෂ රංගන ශීල්පියෙක් වූ Om Puri විසිනි. මෙහි සකීනාගෙ චරිතයට කාජල්ව තෝරා ගත්තත්, මෙය ඇගේ වර්ගයේ චිත්‍රපටයක් ලෙස නොහැඟෙන බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇත. Gadar: Ek Prem Katha හි අනෙක් වැදගත්ම අංගය වන්නේ සංගීතයයි. Uttam Singh ගේ සංගීතයෙන් හැඩවුනු සුපර් හිට් වූ, මියුරු ගීත ගොන්නක් ඇතුලත් වූ අතර සියලුම ගීතවල පද රචනය ආනන්ද් බක්ෂි ගෙනි. උත්තම් සිං වරක් පවසා ඇත්තේ, මෙම චිත්‍රපටය 1947 දී පාදක කරගෙන 2001 දී තිරගත වන බැවින්, 1947 ට ගැලපෙන සහ 2000 යුගයේ ශ්‍රාවකයන්ට ගැලපෙන සංගීතයක් නිර්මාණය කිරීම ඔහුට අභියෝගයක් වූ බවයි. "උඩ්ජා කාලේ කාවාන්.." ගීතය නිර්මාණය කිරීමට ඔහුට මාස එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇත. විය. ඉන්දියානු වෙළඳ වෙබ් අඩවියක් වන Box Office India ට අනුව, එහි ගීත ඇල්බමය පිටපත් මිලියන 2.5ක් පමණ අලෙවි වී ඇත.

♥♥♥ එම ගීත මෙසේය. ♥♥

01. උඩ්ජා කාලේ කාවාන් (පිරිමි) - උදිත් නාරායන් 02. මුසාෆිර් ජානේ වාලේ - උදිත් නාරායන්, ප්‍රීති උත්තම් 03. මේන් නික්ලා ගඩි ලේකේ - උදිත් නාරායන් 04. උඩ්ජා කාලේ කාවාන් (වීවාහය) - උදිත් නාරායන්, අල්කා යාග්නික් 05. හම් ජුදා හෝ ගයේ - උදිත් නාරායන්, ප්‍රීති උත්තම් 06. උඩ්ජා කාලේ කාවාන් (සොයාගැනීම) - උදිත් නාරායන්, අල්කා යාග්නික්, එස්. න්හාර් 07. ආන් මිලෝ සජ්නා - පන්ඩිත් අජෝයි චක්‍රබාර්ති, පර්වීන් සුල්තානා

කතාව කෙටියෙන් කිව්වොත් තාරා සිං ලොරි රියදුරෙක්, ඉන්දියානුවෙක්. ඔහු හින්දු. සකීනා ධනවත්, බලවත් ව්‍යාපාරික සහ දේශපාලන, පාකිස්තාන පවුලක තරුණියක්. ඇය මුස්ලිම්. 1947 ඉන්දියාව බෙදීමේදී ඇතිවුනු කෝලහාල වලදී දෙන්නගෙම පවුල් වල අය ඝාතනය වෙනවා. තාරා පෙර සිටම සකීනාට ආදරය කලත්, ඇයගේ ඉහළ සමාජ තත්ත්වය නිසා නිහඬව ඉන්නවා. වාර්ගික කලබල වලදී ඉන්දියාවේදී ඇයව බේරාගන්න තාරා, ඇයව පාකිස්තානයට ඇරලන්න ඉදිරිපත් වුනත්, ඒ අතර කාලයේදී ඇය ඔහු හා ආදරෙන් බැඳෙනවා. දෙන්නා විවාහ වෙනවා. පුතෙකුත් හම්බෙනවා. වසර කීපයක් යනකොට ඇය දැනගන්නවා ඇගේ දෙමාපියන් පාකිස්ථානයේ ජීවතුන් අතර සිටින බව. ඇගේ පියා අෂ්රෆ් අලි එතකොට ලාහෝර් වල නගරාධිපති. සකීනා තම පවුල මුනගැහෙන්න පාකිස්ථානයට යනවා. නමුත් ඉන්දියාවට, ඉන්දීයානුවන්ට තද බල ලෙස වෛර කරන ඇගේ පියා අෂ්රෆ් අලිට තියෙන්නෙ වෙනමම න්‍යාය පත්‍රයක්. සකීනා ඉන්දියාවේදී විඳි දුෂ්කරතා ඉස්මතුකර, ඒ අනුකම්පාවෙන් දේශපාලන වාසි ගන්න සැලසුම් කරන ඔහු, තම දේශපාලන සගයෙකුගේ පුතෙකුට ඇයව බලෙන් විවාහ කරදෙන්න හදනවා. ඇයව නිවාස අඩස්සියේ තබනවා. තමාගෙ බලය පාවිච්චි කරලා තාරාට පාකිස්ථාන වීසා අවහිර කර ඔහු පාකිස්ථානයට ඇතුලුවීම වලක්වනවා. අසරණ වන තාරා මොනා කරයිද? පාකිස්ථානයට ඇතුලු වී තම බිරිඳ එක්කන් ඒම, තම පුතාගෙ මව එක්කන් ඒම, වලක්වන්න කඩදාසි කැබැල්ලකට හෝ දේශසීමාවකට පුලුවන් වෙයිද?

4K තාක්ෂණයෙන් සහ ඩොල්බි ඇට්මෝස් සවුන්ඩ්ස් සහිත uncut and extended remastered version එකක් 2023 ජුනි 9 වන දින Zee Studios විසින් සීමිත යලි-තිරගත කිරීමක් කලා. අපි ඔයාලට ලබාදෙන්නේ එම කොපියයි. විනාඩි 182 ක ධාවන කාලයකින් යුතු මේ රසාලිප්ත නිර්මාණය රස විඳින්න ආරාධනා කරමින් නවතින්නම්. " අවිහිංසාව උතුම්ම ධර්මයයි "

ජය වේවා.

QUALITY // 480p - 500 MB // 720p - 1.6 GB // 1080p - 4gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1691

Download Links:

WEBRip 480P පිටපත 400 MB GDToT (Direct)
WEBRip 720P පිටපත 1600 MB GDToT (Direct)
WEBRip 1080P පිටපත 4000 MB GDToT (Direct)
WEBRip පිටපත 1600 MB (Direct)
Gadar: Ek Prem Katha
  • 720p (web)
    1.6 GB
    Download Torrent
  • 1080p (web)
    3.27 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kasun Unregistered User
    Android 10Chrome 78

    jackie chan ge films walata sub dennna

    2023-10-17 at 10:01 pm
    Reply
  • kasun Unregistered User
    Android 10Chrome 78

    jackie chan ge films walata sub denna

    2023-10-17 at 10:03 pm
    Reply
  • kasun Unregistered User
    Android 10Chrome 78

    jackie chan ge films walata sub denna

    2023-10-17 at 10:08 pm
    Reply
    • Rasika Samanjith Admin
      Android 10Chrome 115

      Ok, ok.

      2023-10-18 at 6:18 pm
  • Sanjeewa Malith Unregistered User
    Android 10Chrome 118

    Thank u subtitles akata සුපිරි film akak ❤

    2023-10-22 at 3:44 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Thanx, Malith.

      2023-10-26 at 10:14 pm
  • Mahesh .b. User
    Windows 8.1Opera 95

    thankz bro…balan hitapu sub ekak..thanks lot

    2023-10-29 at 10:31 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      ahannath sathutui. Thanx.

      2023-11-09 at 9:25 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms