පර්‍යේෂණ ද්‍රව්‍ය
👉👉මේ චිත්‍රපටය ඉතා අධික කෲර වධ හිංසා පමුණුවන, බලාගෙන ඉන්න බැරි දර්ශන සහිත චිත්‍රපටයකි👈👈
Guinea Pig: Devil's Experiment 1985
කියන්නේ අතිශය මතභේදාත්මක ජපන් Horror ගණයේ චිත්‍රපටයකි.....මේක තමයි "Guinea Pig" චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය...
Guinea Pig: Devil's Experiment 1985
අධ්‍යක්ෂණය: Satoru Ogura
කාලය: විනාඩි 43ක් පමණ වේ.
භාෂාව: ජපන්
මේක සාමාන්‍ය කතා තේමාවක් තියෙන චිත්‍රපටයක් නෙවෙයි.....මේ චිත්‍රපටියේ තියෙන්නේ කාන්තාවක් පුද්ගලයන් තුන්දෙනෙක් විසින් පැහැරගෙන එයාව විවිධ වධ හිංසාවලට ලක් කරන ආකාරයයි.....මේකේ ඇතුලාන්තයේ තේරුම මිනිස් සිරුරකට දරාගත හැකි උපරිම වේදනාව පරීක්ෂා කිරීමේ "අත්හදා බැලීමක්.....
එක එක විදි වලට වධ හිංසා කරන එක තමයි මේ චිත්‍රපටියේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ....එක එක විදි වලට වධ හිංසා කරන එක කොටස් 10 කට බෙදා තියෙනවා...
👉👉👉විශේෂ කරුණු👈👈👈
මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය හා අනිත් නලුවන් තුන්දෙනා ගැන කිසිම සදහනක් නෑ...ප්‍රධාන නිලිය විදිහට Hideshi Hino තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ...ඒත් මේ චිත්‍රපටයේ මූලාශ්‍ර වල මේ නිළිය victim විදිහට තමයි සදහන් කරලා තියෙන්නේ....
තව වධ හිංසා කරන පුද්ගකයන් තුන්දෙනා ගැන කිසිම සදහනක් නෑ....මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමේ පිරිසක් විදිහට තමයි හදුනාගෙන තියෙන්නේ.....
මේකට හේතුව විදිහට
චිත්‍රපටියේ නිෂ්පාදකයන්ට ඕන වෙලා තියෙනවා මේක සිනමා නිර්මාණයක් විදිහට නොව රහසිගතව පටිගත කරන ලද සැබෑ වීඩියෝවක් ලෙස ලෝකයට පෙන්වීමට...... නළු නිළියන්ගේ නම් ඇතුළත් කලොත් මේකෙ තියෙන "රහස්‍යභාවය" සහ "භීතිය" නැති වී යන නිසා ඒ අය නිර්නාමිකව සිටීමට තීරණය කරල තියෙනවා...
හොලිවුඩ් නළුවෙක් වන Charlie Sheen අහම්බෙන් මෙම චිත්‍රපටියේ දෙවනි කොටස බලලා මේක ඇත්තම මිනීමැරුමක් විදිහට හිතලා FBI ආයතනයට පැමිණිලි කරල තියෙනවා....ඊට පස්සෙ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන්ට මේ චිත්‍රපටිය විශේෂ ප්‍රයෝග භාවිතා කරලා හැදුව කියල ඔප්පු කරන්න වෙලා තියෙනවා....




