Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Project A (1983) Sinhala Subtitle · S1 E1

Project A (1983) Sinhala Subtitle

May 21, 2020 Rasika Samanjith | Admin
IMDB RATING 7.2
GENRES
ActionAdventureCANTONESE MoviesComedyGenresMovies
CAST

Jackie Chan, Sammo Kam-Bo Hung, Biao Yuen

 

        ලැබුවා වූ නව වසර වෙනුවෙන් සියලු දෙනාටම සුබ පැතුම් එක්කරමින් මෙවර ඔබ වෙත අරන් ආවේ කාලයේ වැලි තලාවෙන් වැසීගිය තවත් මැණිකක් බඳු පරණ සිනමා පටයක්. ඒ තමයි අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු, කොමඩි කින්ග්, ජැකී චෑන්ගෙ Project A චිත්‍රපටය. මේකෙ කතාව සහ අධ්‍යක්ෂනයත් ජැකී චෑන්ගෙමයි. එදා මෙදා තුර මගේ ප්‍රියතම නලුවා තමයි ජැකී චෑන්. කොටින්ම ජැකී චෑන් පිස්සෙක් කියල කිව්වොත් හරියටම හරි. ඒ නිසා ජැකීගේ ෆිලුමකට සබ් දාන එක මගේ තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඒ හීනෙ හැබෑ කරගෙන, ජැකී චෑන්ගේ චිත්‍රපටයක රසය, subz.lk රසිකයන් වන ඔයාලත් එක්ක බෙදාහදා ගන්න මා තෝරාගත්තේ මන් බලපු ඔහුගේ දෙවන චිත්‍රපටය වූ Project A යි. මේක හොංකොං ෆිලුමක්. බෘස් ලීගෙ සහ ජැකීගෙ චිත්‍රපට බොහොමයක් නිපදවූ Golden Harvest සමාගම වෙනුවෙන් රේමන්ඩ් චව්ගේ නිෂ්පාදනයක්. මුලින්ම තිරගත වූයේ 1983 දෙසැම්බර් 22 දිනයි. Family, Adventure, Fantasy, Martial Arts, Action, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය 7.4/10 කටද, Rotten Tomatoes අගය 83% කටද කරකවන්න සමත්වූ මේ සිනමා පටය මිනිත්තු 106 ක ධාවන කාලයක් සහිතයි. Jackie Chan සමඟ ඔහුගේ අතිජාත යාලුවන් වන Sammo Hung, Fei ලෙසද සහ Yuen Biao, Tzu ලෙසද රංගනයෙන් දායක වෙනවා. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එකම එක කාන්තා චරිතයක් පමණක් ඇතුලත් වීමයි. ඒ Winnie ලෙස රඟපාන Isabella Wong ය. එයද වාර්තාවෙන්නේ මුදල් ලබා නොගත් ගරු රඟපෑමක් හැටියටයි.
            මෙහි ඇති, අතෙහි යකඩ මාංචුත් දමාගෙන, සෙවණ සඳහා දමා ඇති රෙදි දෙකකුත් ඉරාගෙන, අඩි 60 ක් පමණ උස ඔර්ලෝසු කණුවක උඩ සිට බිමට වැටෙන දර්ශනය ඔහුගේ සිනමා ජීවිතයේ සුවිශේෂී අවස්ථා අතරින් එකකි. ඔහු ඒ සඳහා තමාම ඉදිරිපත් වූ අතර කිසිඳු කැමරා ප්‍රයෝගයක් භාවිතා නොකරන ලදි. එම දර්ශනය සඳහා ධෛර්යය ලබාගැනීමට ඔහුට සතියක පමණ කාලයක් ගතවූ බව කියැවේ.
මේ ඒ දර්ශනයයි.
         ජැකී ප්‍රථම වරට හොලිවුඩ් සිනමාවට පය තබා රඟපෑ Cannon Ball Run සහ Battle Creek Brawl චිත්‍රපට වලින් පසුව හොංකොං පැමිණ මුලින්ම රඟපෑ චිත්‍රපටය Project A වූ අතර එය හොංකොංහි පමණක් නොව නැගෙනහිර ආසියාව පුරාම බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්විය. හොංකොංහි බොක්ස් ඔෆීස් ආදායම, හොංකොං ඩොලර් 19,323,824 (ඇ.ඩො. මිලියන 2.7) විය. ජපානයේද අති සාර්ථකව තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 26.72 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර Project A, 1984 වසරේ ජපානයේ ප්‍රදර්ශනය කල විදෙස් චිත්‍රපට අතර ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට තුනෙන් එකක් විය. දකුණු කොරියාව තුලද ඇ.ඩො. මිලියන 1.5 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගනිමින් 1984 වසරේ ඉහලම ආදායම් ලද චිත්‍රපට හය අතරට එක්විය. තායිවානයේද අති සාර්ථකව තිරගත වෙමින්, නැගෙනහිර ආසියාවෙන් ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 31.32 ක ආදායමක් උපයාගැනීමට සමත්විය. 1985 වසරේ පැවති 4th Hongkong Film Awards හීදී හොඳම නලුවා සම්මානයට ජැකී චෑන්ගේ නමද නිර්දේශ විය. මෙම චිත්‍රපටය එහිදී Best Action Geography සම්මානය දිනාගත්තේය.
Jackie, Sammo & Isabella Wong
       19 වෙනි සියවසේ හොංකොං එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති කාලය පසුබිම කරගෙන තමයි මේකෙ කතාව යන්නෙ. හොංකොංවලට විශාල තර්ජනයක් වූ ලෝ කියල මිනීමරු මුහුදු මංකොල්ලකාරයෙක් ඉන්නවා. එයාගෙ කණ්ඩායම හරිම බලවත්. හොංකොංහී මුහුදු ආරක්ෂක බලකාය ලෝව අල්ලගන්න වසර ගාණක ඉඳන් උත්සාහ කරනවා. මුදල් නාස්තිවෙනවා විතරයි. කිසිම සාර්ථකත්වයක් නෑ. මේකට හොංකොං පොලීසිය බාල්දිමයි පෙරලන්නේ. මොකද මේ වියදම් නිසා එයාලට වසර ගාණකින් කිසිම ප්‍රතිපාදනයක් ලැබිලා නෑ කියලා. මේ දෙපිරිසට එකිනෙකා පෙන්නන්න බෑ. හැමතැනම වලි. දෙපැත්තේම හොඳ දක්ෂ කොල්ලො ඉන්නවා. මුහුදු බලකා කණ්ඩායමේ නායකයා ඩ්‍රැගන් (Jackie Chan) සහ පොලිස් කණ්ඩායමේ නායකයා සූ (Yuen Biao) ඒ අතර වෙනවා. හැබැයි දෙන්න නයයි පොළඟයි වගේ. මුහුදු කොල්ලකාරයෝ බෝම්බ තියලා මුහුදු බලකායේ නැව් පුපුරවා දැමීම නිසා මුහුදු බලකාය වසා දමා එයාලව පොලීසියට අනුයුක්ත කරනවා. නිකම්ම නෙමේ. සූ යටතට තමයි දාන්නෙත්. පොලිස් පුහුණුව කාලෙත් කචල්ම තමයි. ඒත් පුහුණුවෙන් පස්සෙ මෙයාලට මත් කුඩු ජාවාරම්කාරයෙක් අල්ලන්න යන මෙහෙයුමකදී මාරාන්තික සටනක් දෙන්න වෙනවා. ඒකෙන් පස්සෙ මෙයාලා අඹ යාලුවො බවට පත්වෙනවා. මේ අතර එංගලන්ත රාජකීය හමුදාවේ රියර් අද්මිරාල් සහ පිරිස මුහුදු මංකොල්ලකාර ලෝගේ හිරකාරයන් බවට පත්වෙනවා. මේක හොංකොං රජයට විශාල ප්‍රශ්නයක් වෙනවා. යම් යම් යෝජනා ආවත් අවසානයේ මුහුදු ආරක්ෂක බලකාය නැවත ස්ථාපිත කරලා, පොලීසිය හා ඒකාබද්ධව ඩ්‍රැගන්ගේ නායකත්වය යටතේ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා. මේකට අහම්බෙන් එකතුවෙනවා ඩ්‍රැගන්ගෙ යාලුවෙකුත්. ලෝක හොරෙක්. ඒත් වැඩකාරයෙක්. හැබැයි අපෙත් යාලුවෙක්. ඒ තමා ෆෙයි (Sammo Hung – දන්නවනේ..හොංකොං සිනමාවේ තවත් පතාක යෝධයෙක්. මේ ෆිල්ම් එකේ ක්‍රියාදාම අධ්‍යක්ෂනයත් සැමූ තමයි)ලෝගේ තිප්පොල තියෙන්නේ ඈත මුහුදේ කිසි කෙනෙක් නොදන්න රහස් දූපතක.     
       Best Friends – Jackie, Sammo & Yuen.
            තවම මේ කතාව කිව්වේ ඉන්ටවල් එක ගාවට විතරයි. ඩ්‍රැගන් සහ පිරිවර සමඟ ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන, කොල්ලකරුවන් අල්ලා ගැනීමේ වීර චාරිකාවට එකතුවෙන්න කියල ඔයාලටත් ආරාධනා කරමින් සහ, ජැකී චෑන් සමඟ විනාඩි 106ක් විනෝද සාගරයක කිමිදෙන්න ආරාධනා කරමින් නවතින්නම්. ඔබේ ජීවිතයේ සියලුම ප්‍රශ්න, දුක් දෝමනස්සයන් විනාඩි 106 ක කාලයකට දූරීභූතවී යනු සිකුරුය. අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි! ජය වේවා!

BRRip / 720p /1080p

Rasika Samanjith
Rasika Samanjith Translator
179 Movies
0 TV Series
179 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2200 වාරයක්
Download Links
BRRip 720P
884 MB DIR
BRRip 720P
MB TOR
BRRip 720P
MB TOR
BRRip 1080P
MB TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 884.82 MB
GET
1080p bluray 1.45 GB
GET
Discussion (9)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 81
    2020-05-21

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-05-21

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    Reply
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2020-05-24

    තෑන්ක්ස් අයියේ සබ් එකට.
    පුළුවන්නම් වෑන් ඩෑම්ගේ ඩබල් ඉම්පැක්ට් ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68
      2020-06-01

      ඔයාගෙ ඉල්ලීම ඉටුකලා.

  • Lahiru Sandaruwan Unregistered
    Windows 7 UC Browser 7
    2020-06-01

    හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් ටිකෙන් කිහිපයකටවත් සබ් දෙන්න බලන්න.
    Project A Part 2 (1987)
    Gorgeous (1999)
    Thunderbolt (1995)
    City Hunter (1993)
    My Lucky Star (1985)
    Heart Of Dragon (1985)
    The Protector (1985)

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68
      2020-06-01

      අනිවාර්යයෙන් කරනවා. කාලයෙ ප්‍රශ්නයක් තියෙන්නෙ. City Hunter එකට සබ් හදන්න ලෑස්ති කරලා තියෙන්නෙ. Snake in the Eagle’s Shadow අද හෙටම බලන්න පුලුවන්.

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7
      2020-06-01

      අවුලක් නෑ. පුළුවන් වෙලාවට සබ් එකක් කරලා දෙන්න. සබ් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ජැකී චෑන්ගේ නම් ඕනම ෆිල්ම් එකක් බලනවා. පරණ ෆිල්ම් වලටම සබ් දෙන්න. හුඟක් දෙනෙක් ඒවා කරනවා අඩුයිනේ.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86
    2020-12-05

    ගොඩක් ස්තූති සබ් එකට
    ජැකි චැන්ගේ ෆිල්ම් නම් ඉතින් තව මොනාද
    එයාගේ තව පරණ ෆිල්ම් තියෙනවා ඒවාටත් සබ් දෙන්න

    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 86
      2020-12-06

      aniwaaryen saho. Thanx for the comment.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved