Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හතරවැන්නටත් උපසිරැසි අරගෙන ආවා. තුන්වෙනි චිත්‍රපටය වෙනකන් උපසිරැසි දීලා තිබුණා. හුඟක් අය කියලා තිබුණා හැරී පොටර් සීරියස් එකටම උපසිරැසි දෙන්න කියලා. සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ විදිහට උපසිරැසිය දෙන්න පුළුවන් වුණේ. හැබැයි ඉක්මනින්ම උපසිරැසි දෙන්න බැරිවුණත් අනිවාර්යෙන්ම ඉතුරු චිත්‍රපට ටිකටත් උපසිරැසි දෙනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න එපා.
ආ… ඒවගේම කියන්න ඕනේ මං මේ හැරී පොටර් සීරියස් එකම ඩවුන්ලෝඩ් කළේ MkvCage සයිට් එකෙන්. ඒ සයිට් එක දැන් නෑනේ. මං ගාව ඒ ටොරන්ට් ෆයිල් ටිකත් නෑ. තිබුණානම් දෙනවා. ඉතින් ඒ නිසා මං වෙන සයිට් එකක ටොරන්ට් ෆයිල් එකක් දීලා තියෙනවා. බ්ලූ-රේ පිටපතකට උපසිරැසි කරලා තියෙන නිසා, හැම බ්ලූ-රේ පිටපතකටම ගැලපෙයි. ඒ නිසා අවුලක් වෙන එකක් නැතුව යයි.
එහෙනම් කතාව ගැන නොකියා ඔයාලට නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
Meka balanne komada kiyanna puluwanda