Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle

March 06, 2019 Expert Subtitler

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ ලෝකයේම ජනප්‍රියතාවයට පත්වෙච්ච හැරී පොටර් කතා මාලාවේ පළමු වෙනි චිත්‍රපටයේ උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටයේ උපසිරැසිය නිර්මාණය කළේ, මං Subz Lk වෙබ් අඩවියත් එක්ක එකතු වී මුල්ම චිත්‍රපට දෙකට උපසිරැසි ලබාදීමෙන් පසුවයි. නිර්මාණය කළාට පස්සේ හිතුණා උපසිරැසිය දෙනවද නැද්ද කියලා. මොකද සෑහෙන දෙනෙක් මේ කතා මාලාව බලලා තියෙන නිසා. අනික සමහර අය කියනවා පරණ ඒවට සබ් දෙන්න එපා කියලා. කොහොම වුණත් පස්සේ චිත්‍රපට කිහිපයකටයි, එක් ටීවි සීරියස් එකටයි උපසිරැසි ලබා දෙන්න හිතපු නිසා මේ ගැන අමතක වෙලා ගියා. ආයෙත් දවසක මේක දැක්ක නිසා කරපු එකේ දෙන්න හිතුණා. ඒ විදියට තමා ඔන්න අද අරගෙන එන්න හිතුවේ.

ඉතින් මේ කතාව ගැන අමුතුවෙන්ම මුකුත් මතක් කරන්න ඕනේ නෑ කියලා හිතනවා. අනික මේ කතා මාලාව ගැන කියනවනම් විස්තරාත්මක ලිපියක් මගින් සඳහන් කරන්න පුළුවන්. මං හිතන්නේ නෑ කවුරුවත් ඒ හැටි ලිපි කියවන්න කැමැත්තක් දක්වනවා ඇති කියලා. ඒත් වෙනදා වගේම කෙටි හැඳින්වීමක් කරන්නම්.

බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන J.K. Rowling විසින් රචිත නවකතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇත.2001 වර්ෂයේ නොවැම්බර් මස 16වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ Harry Potter and the Sorcerer’s Stone නමිනි. Adventure, Family, Fantasy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Chris Columbus. ඒවගේම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය.

Cast

  • Richard Harris as Albus Dumbledore.
  • Maggie Smith as Professor McGonagall.
  • Robbie Coltrane as Hagrid.
  • Saunders Triplets as Baby Harry Potter.
  • Daniel Radcliffe as Harry Potter.
  • Fiona Shaw as Aunt Petunia Dursley.
  • Harry Melling as Dudley Dursley.
  • Richard Griffiths as Uncle Vernon Dursley.
  • Rupert Grint as Ron Weasley.
  • Emma Watson as Hermione Granger.

ඉහතින් දක්වා ඇත්තේ නළු නිළියන් කිහිප දෙනෙක්ගේ නම් පමණි. කතාව ගැන නම් කියන්න අවශ්‍ය නෑ කියලයි හිතන්නේ මොකද කතාව බලලා තියෙන නිසා. අනික තමා ඉතුරු චිත්‍රපට ටිකට නම් උපසිරැසි ලබාදෙන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නෑ කාලයත් එක්ක. හරි එහෙනම් කතාව බලපු නැති අය ඉන්නවනම් නරඹන්න කියන ගමන් මං සමු ගන්නවා.

ඔබ සැමට බුදු සරණයි!

• මෙම චිත්‍රපටයේ එක් තැනක නිකලස් ෆ්ලෙමිල් නම් රසායනික විද්‍යාඥයෙක් ගැන සඳහන් වෙනවා. මෑතකදී නිකුත් වෙච්ච මේ කතා මාලාව හා සම්බන්ධ Fantastic Beasts දෙවෙනි චිත්‍රපටයේ මොහුව දැක බලාගන්න ලැබෙනවා.

ලබා දී ඇති උපසිරැසි අදාළ පිටපත සඳහා පමණක් ගැලපේ. (Extended Version)

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

Rip Type: BRRip
Download Links
720P
TOR
720P
DIR
Available Torrents
720p bluray 1.43 GB
1080p bluray 2.93 GB
2160p bluray 7.15 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (16)
  • Methu Unregistered
    Android 9 Chrome 77

    Thank you brother

  • Pathum Winchester User
    Android 9 Chrome 76

    නියමයි තෑන්ක්ස්

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search