Haunters (2010) Sinhala Subtitle

Published April 27th, 2019 by

ඉතින් කොහොමද මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් පතන අතර මේ දැන් රටේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. වගේම කට්ටියම පාරේ යනකොට පරිස්සම් වෙන්න හොදද…පොස්ට් ලියන එක තමයි මට බැරිම 50 වෙනි සබ් එක වුනත් මට විශේෂ දෙයක් ලියන්න තේරෙන්නේ නැහැ. මං කියුව විස්තර වල අවුල් තියේ නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්න ඕනේ අහම්බෙන් subz.lk පවුලට ඇවිත් මෙච්චර දුර ආවා මන් 50 වෙනි සබ් එක වෙනකන්ම. මුලින්ම මං සබ් එක දුන්නේ scholer who walks in the night කොරියන් drama එකේ අන්තිම ep 5 ට ඒකට සබ් දාන්න ගන්නකොට නම් මං මෙච්චර දුර එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. නමුත් නොදැනුවත්වම ආවා.මං දැන් තවම සබ් දෙන කොරියන් drama දෙකේම අන්තිම හරිය යන්නේ ඒ දෙකත් ඉක්මනට ඉවර කරනවා කියන්න ඕන. subz.lk පවුලට මාව එකතුකර ගත්ත subz.lk පවුලේ admin වරුන්ටද උපසිරැසිකරුවන්ටද ගොඩක් ගොඩක් ස්තූති කරන අතර 50 වෙනකන් මාත් එක්ක එකට හිටිය රසිකයන්ටද ගොඩාක් ගොඩාක් ස්තුති කරනවා.හැමදේටම වඩා සබ් එක එනකන් ඉවසන් ඉන්නවට ගොඩක් ස්තුතියි.තව මට හිත රිදෙන එකම එක comment එකක් ආවාම මගේ පැත්තට කතා කල සහෝදරවරුන්ටද ගොඩක් ගොඩක් ස්තුතියි.වගේම මගේ සබ් වලට comment දාන මාත් එක්ක මෙතෙක් කල් හිටිය සැමටම ගොඩක් ස්තුතියි.

Psychic(2010) මානසික

මේ කලබල අස්සේ මං 50 වෙනි සබ් එක දෙන්න හේතුවේ ඇඩ්මින්තුමා මට කියුවා 50 වෙනි එකට හොද ෆිල්ම් එකකට සබ් දෙන්න කියලා.මට එක කියලා නම් ටිකක් කල් වෙනවා.මං අලුත් අවුරුද්දත් එක්ක කාර්යබහුල වුනු නිසා පරක්කු වුනා.දෙන්න හැදුවේ romance කතාව කට නමුත් මං ඒක දෙන්නේ නැතුව crime thiller ගනයට අයිති මේ කතාව දෙනවා.මේ කතාව මං සබ් දාන්න පටන් ගත්ත මුල් දවස් වල සබ් දාපු කතාවක්.
මේ කතාව ගැන කියුවොත් නම් huanted කියලත් Psychic කියලත් කියනවා ඉංග්‍රීසි වලින් හන්ගුල් නම එනම් කොරියන් නම 초능력자 (Cho-neung-ryeok-ja) වෙන්නේ. මේක 2010 අවුරුද්දේ තිර ගත වුනු ෆිල්ම් එකක් ප්‍රධාන නළුවන් දෙදෙනෙක් ඉන්නවා.ඒ දෙන්නා වටා කතාව ගෙතෙන්නේ.ගන්ග් ඩොන්ග් වොන් (gang dong won)කියුවම අහලා තියෙනවද දන්නේ නැහැ .
මෙයා තමයි Illang: The Wolf Brigade කියන ලගදී තිරගත වුනු ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිතයක් ඒ ෆිල්ම් එක අපේ subz පවුලේ සාමාජිකයෙක් සිංහල සබ් දාලා තිබ්බා.මෙයා කතාවේ චෝ ඉන් නමින් හිටියත් කතාවේ එකම තැනකවත් මෙයාගේ නම කියවෙන්නේ නැහැ.මොහුට පුළුවන් මොහුගේ මනසින් මිනිසුන්ව පාලනය කරන්න.
අනිත් කෙනා තමයි ගෝ සූ (go soo) මොහුත් කොරියාවේ දක්ෂ ප්‍රසිද්ද නළුවෙක්. මොහු මේ කතාවේ ඉම් ග්යෝ නම් විදියට ඉන්නේ. මෙයාට එයාම නොදන්නා super natural බලයක් පිහිටලා තියෙනවා.කතාව ගැන කියුවොත් super natural බල තියෙනවා නේද ඒ වගේ බලයක් තියෙනවා.දෙන්නගෙන් කෙනෙක්ට.super natural කතා කියුවම ඔයාලා ගොඩක් කතා විවිධ ඒවා බලලා ඇති ඒ බල වලින් මිනිස්සුන්ට උදව් කරන ඒවා.ඒ බල නිසාම මිනිස්සුන්ට කරදර වෙන දේවල්. මේ කතාවේ ගොඩක් වෙනස් සිදු වීමක් ගැන කියන්නේ.මං කතාවේ මුකුත්ම කියන්නේ නැහැ ඔයලා බලලාම කියන්නකෝ කතාව හොදද කියලා.

“ඇයි මගේම දෙමාපියන් පවා මාව මරන්න හදන්නේ.”
“මෙහෙම ඉපදුනු එක.”
“ඒක මගේ වරදක් නෙමේ”
“අනිත් අයට වඩා වෙනස් කියන එක. ”
“ඔයාලා කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි.”
“ඒවගේම මමත් ඔයාලා එක්ක එකට ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැ”
“ඔයාලා මට රාක්ෂයෙක් කියලා කතා කලත්”
“අන්තිමට මං විශ්වාස කරන එකම දේ”
“මාව රාක්ෂයෙක් කරපු”
“ඒ බලය විතරයි.”

US

Download Links:

Download Direct 720P පිටපත
Download

Haunters (2010) Sinhala Subtitle

Download: 1464

File size : 25.35 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
6.2
73%
0%

Comments: 57

  • පසිදු සාරංග

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ! අපේ අඩවියෙ තවත් ධෛර්යවන්ත උපසිරැසිකරුවෙක් වැදගත් කඩයිමක් පසු කරලා තියෙනවා..කව්රු මොනා කියුවත් අපි දන්නවා මෙච්චර දුර ගමනක් එන එක ලේසී නෑ කියලා.පෞද්ගලික වැඩ පසෙකලා කොහොම හරි වෙලාවක් හොයාගෙන සබ් එක කරනවා.ඉතිං මෙතනින් නොනැවතී තව කඩයිම් කරා යමු. 100, 150, 200 වගේ කඩයිම් වලටත් යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඉදිරි කටයුතු සියල්ලම ඉතාමත් හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!! සබ් එකටත් බොහොම ස්තූතියි!

    2019-04-27 at 4:07 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:15 am
  • කවිඳු දිල්රුක්

    elama sissss thawa sub onee…

    2019-04-27 at 4:24 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      තව දෙන්නම්.මුලින් drama දෙක ඉවර කරලා.

      2019-04-28 at 10:17 am
  • සහන් සුලක්ඛණ

    හම්මෝ ඇති යන්තම්…මේක දෙන්නේ කවදද කියලා බලා ගෙන හිටියේ(50 වෙනි sub එක).පහු ගිය ටිකේ රටේ සෑහෙන කලබල තියෙන වේලේ මේ විදිහට sub දෙන එක අමාරුයි වගේම ඒකට හිත යොද වන්නත් හරිම අමාරුයි.අහ්හ් ඒ වගේම අර love film එකටත් sub දෙන්න හොඳේ.ඒ වගේම හද වතින්ම සුබ පතනවා මේ 50 වෙනි උපසිරසි නිර්මාණය නැත්නම් ඔයාගේ පලවෙනි කඩයිමට.ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගෙන තවත් ඉදිරි කඩයිම් සඳහා යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ඒ වගේම කියන්න කැමතියි site එකේ දැනට ඉන්න එකම කාන්තා නියෝජිත උපසිරසි කරුවා 50 කඩයිම පහු කිරීම ගැන සෑහෙන්න සතුටක් දැනෙනවා.ඉතින් සහෝදරිය ඔයාගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා………………!!!!!!!(memories of the alhambra කතාව ඕනේ හොඳේ.ඇත්තටම ටිකක් මේක නැහැ කියලා දුකෙන් හිටියේ.)

    2019-04-27 at 4:26 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.දෙන්නම් දෙන්නම්.ඉක්මනටම දැනට තව ටිකක් ඉවසන් ඉන්න.හොදේ.memories of the alhambra පරක්කු වුනු එකටනම් ගොඩක් සමාවෙන්න.

      2019-04-28 at 10:20 am
  • Madawa Mihiranga

    අම්බෝ නියමයි!ඇත්තට සතුටුයි.ඔයා දෙන කොරියන් කතා ආසාවෙන් බලනවා.ඔයා දෙන kings love කතාව අපේ ගෙදර හැමෝම බලනවා..ගොඩක් ස්තුතියි මේ සේවයට!!e wagema 50 sub ekta suba pathanawa.igenime katayuthu sarthaka wenna parthana krnwa …

    2019-04-27 at 4:27 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.අහන්න සතුටුයි මුළු පවුලම බලනවා කියන එක ඒ කතාව දැන් අන්තිම ටික ඉක්මනට සබ් දෙනවා හොදද.

      2019-04-28 at 10:21 am
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata…
    Jaya wewa!

    2019-04-27 at 4:44 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:22 am
  • Sameera Chandrasena

    අපේ වෙබ් අඩවියේ පළමු කාන්තා නියෝජනය, අද දවසෙදි උපසිරැසි ගමනේ පළමු කඩයිම් කණුව පසු කරලා😍 ඇත්තටම ගොඩක් සතුටුයි වෙබ් අඩවියේ ප්‍රමුඛතම උපසිරැසිකරුවන් ගොන්නට ඔබත් එකතු වීම ගැන. උපසිරැසි 50 ආරම්භයක් කරගෙන තව දිගු ගමනක් යන්නට සුබ පතනවා හදවතින්ම! ශ්‍රී ලංකාවේ අතිමහත් වූ කොරියානු කතාමාලා චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන් කරන්නා වූ මෙහෙයට බෙහෙවින් ස්තූතියි!
    තව තවත් උපසිරැසි කරණයේ යෙදෙන්නට සහ තමන්ගෙ පෞද්ගලික ජීවිතේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    2019-04-27 at 4:47 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:22 am
  • Thamod Godakanda

    50වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ්a පතනෝ!ඔහොමම century එකත් ගහන්න ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!සබ් එකට බොහොම ස්තූතියි.

    2019-04-27 at 5:08 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:23 am
  • Sumal

    Thanks. Niyama film ekak.
    So congratulations.

    2019-04-27 at 5:13 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:28 am
  • දමිත් ප්‍රියංකර

    ඉෂි ට වැඩියෙන්ම thank you කියන්න ඕන කෙනා මම ..වැඩ හින්දා මාගේ අතින් නැවතුන scholer who walks in the night කතාවේ ඉතුරු කොටස් දීම සම්බන්දයෙන් මම නැවත වතාවක් ස්තුතිය පල කරනවා ..

    2019-04-27 at 5:32 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ඔබටත් ගොඩක් ස්තුති කරන්න ඕන. ඒ සබ් එක දාන්න ගත්ත නිසානේ මේ තරම් දුර ආවේ .ඒ කට බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:28 am
  • Thusitha

    50 වන උපසිරසියට සුබ පැතුම් සහොදරි තව තවත් උපසිරසි නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා..

    2019-04-27 at 7:49 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:27 am
  • Sasindu

    50 weni sub ekata Suba pethum thawath idiriyata yanna shakthiya dahiriya labewa suda pathum

    2019-04-27 at 9:09 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:25 am
  • පීටර් බාත්ලට්

    සුබ පැතුම් ඉෂි….

    2019-04-27 at 10:49 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:24 am
  • Hasitha Prasad

    උපසිරැසි 50ක් කරනවා කියන එක එක ලේසි පහසු දෙයක් නොවෙන බව අත්දැකීමෙන්ම දන්න නිසාම මේ අර්ධ ශතකයේ වටිනාකම මට හොඳින්ම දැනෙනවා. ඒ වගේම සහෝදර සමාජිකයන්ගෙන් පිරුණ අපේ අඩවියේ සහෝදර සාමාජිකාවකුත් සිටින බව දැනගන්නට ලැබීමත් ඉතාම සතුටක්. අර්ධ ශතක කඩයිමට සාර්ථකව ලඟාවීම පිලිබඳ මගේ සතුට සහ ගෞරවය පළකරන ගමන්ම මේ අර්ධ ශතකය ශතකයක් බවට හරවන්නටත් ඉත සිතින් සුභ පතනවා, සහෝදරිය.
    YOUR TODAY’S SUCCESS IS THE BEGINNING OF TOMORROW’S ACHIEVEMENT.

    2019-04-28 at 12:59 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:24 am
  • Pathum

    Congratulations ishi.. Wada godak asse apitath balanna me wage sub danawta thanx.. Digatama danna.. 100 enakn api balan innawa.. Good luck!!!

    2019-04-28 at 10:24 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 10:26 am
  • Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2019-04-28 at 11:31 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 12:03 pm
  • Kavisha Methruwan

    2018 නොවැම්බර් 9 වෙනිදා පටන්ගත්තු මේ නිමක් නැති උපසිරැසි චාරිකාවේ එක් කඩයිමකට අද ඉෂී සොහොයුරිය අද ඇවිත් තියෙනවා. ඒ තමා පනස් වෙනි උපසිරැසි කඩයිම. 2018 අවුරුද්දේ 9 වැනිදා පටන්ගත්තු මේ ගමනේ අද දක්වා එන්න ලේසි උනේ නෑ කියන එක අපි හැමෝම දන්නවා. බැනුම් අහගෙන, එක එක අයගේ මතවාද අහගෙන හිත් බිදීම් වැනි ගොඩක් බාදක මැද්දේ තමා අද මේ ගමන ඇවිත් තියෙන්නේ. ඒ ගැන මට වගේම අපේ ඇඩ්මින් මණ්ඩලයටත් ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ඉෂී ද සිල්වා සහෝදරිය තමා අපේ පලවෙනි කාන්තා නියෝජනය. ඒ නිසා ඉෂී සහෝදරිය මේ තරම් සුවිශේෂී කඩයිමකට ආව එක ගැන අපේ ඇඩ්මින් මණ්ඩලයට ගොඩක් සතුටුයි. ආ මග කෙටී, ඒ වගේම යා යුතු මග දුරයි. මෙතෙන් තිබුන සුයළුම බාදක ජයගෙන මේ උපසිරැසි කලාවේ ආව ගමන වගේම තව දුරටත් උපසිරැසි කලාවේ යෙදෙමින් ඉදිරියට යන්න හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා. ඒ වගේම මෙතනින් නොනැවතී 100, 150, 200, 250 වැනි කඩයිම් දක්වා යාමට අවශ්‍ය කරන ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සහෝදරියට. ඔබට ජය!

    2019-04-28 at 12:03 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 12:04 pm
  • Ayesha Bandara

    සබ් එකට තෑන්ක්ස් අක්කේ. දිගටම සබ් දෙමු කොරියන් ඒවට. 50ට සුබ පැතුම්…

    2019-04-28 at 1:09 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-28 at 1:34 pm
  • vihanga

    thankss sis

    2019-04-28 at 2:02 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ඔයාටත් බොහොම ස්තුතියි.

      2019-04-28 at 6:23 pm
  • සඳකැලුම්

    සබ් එකට ස්තුති….

    2019-04-29 at 1:17 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-30 at 6:54 am
  • Silent$

    50 වන උපසිරසියට සුබ පැතුම් සහොදරි තව තවත් උපසිරසි නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා..

    2019-04-29 at 4:43 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-30 at 6:54 am
  • Basura indrachapa

    50 වෙනි උපසිරැසියට ජයෙන් ජය!!!

    2019-04-30 at 7:56 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-04-30 at 10:42 am
  • Gayan Chandana

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.
    ජය වේවා !

    2019-04-30 at 9:48 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-05-01 at 6:22 am
  • anuradha

    thanks bro

    2019-05-01 at 12:16 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බොහොම ස්තුතියි.

      2019-05-01 at 6:24 am
  • ushan

    bohoma sthuthi sub ekata 50 weni sub ekata subapathum

    2019-05-02 at 2:19 am
    Reply
  • Madusha

    50 උපසිරැසියට සුබ පැතුම්.බොහොම ස්තූතියි සබ් එකට

    2019-05-02 at 9:32 am
    Reply
  • ඉෂි ද සිල්වා

    බොහොම ස්තුතියි.

    2019-05-06 at 7:35 pm
    Reply
  • chamod vass

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා.ඒවගේම තව බොහෝ දුරක් යන්නට ශක්තිය සහ නිරෝගී සෞඛ්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.අහ්..memories of tha alhambra එකට ඉක්මන් උපසිරැසි දෙන්ඩ කියල ඉල්ලනවා.plzzzz😊😊😊 ජය වේවා.✌️

    2019-05-08 at 8:26 am
    Reply
    • ඉෂි ද සිල්වා

      බෝහොම ස්තුතියි.

      2019-05-08 at 9:28 am
  • Milinda Priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    2019-07-08 at 8:55 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    බෝහොම ස්තුතියි.

    2019-07-09 at 12:21 pm
    Reply
  • madhushan gunawardhena

    Congratulations ❤️

    2019-11-16 at 1:45 pm
    Reply
  • Sajani Jayamaha

    50 sub 1kata suba pathum akki.., e wagema kalin dunna korean subwalata godaaaak thankz akkiyoo.., all the best 😊

    2020-03-06 at 1:45 pm
    Reply
  • Chathuranga

    Radio romance eke sub dennako

    2020-04-14 at 5:16 pm
    Reply
  • Chamodi Rathnayake

    සුභ පැතුම් ඉෂී. ඔයාගේ Sub ඇත්තටම ගොඩක් හොදයි. Iljimae ඉතුරු Episode ටිකත් ඉක්මනටම දෙන්න බලන්න. Wish your all the best.

    2020-05-03 at 4:17 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip