Haunters (2010) Sinhala Subtitle
ඉතින් කොහොමද මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් පතන අතර මේ දැන් රටේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. වගේම කට්ටියම පාරේ යනකොට පරිස්සම් වෙන්න හොදද…පොස්ට් ලියන එක තමයි මට බැරිම 50 වෙනි සබ් එක වුනත් මට විශේෂ දෙයක් ලියන්න තේරෙන්නේ නැහැ. මං කියුව විස්තර වල අවුල් තියේ නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්න ඕනේ අහම්බෙන් subz.lk පවුලට ඇවිත් මෙච්චර දුර ආවා මන් 50 වෙනි සබ් එක වෙනකන්ම. මුලින්ම මං සබ් එක දුන්නේ scholer who walks in the night කොරියන් drama එකේ අන්තිම ep 5 ට ඒකට සබ් දාන්න ගන්නකොට නම් මං මෙච්චර දුර එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. නමුත් නොදැනුවත්වම ආවා.මං දැන් තවම සබ් දෙන කොරියන් drama දෙකේම අන්තිම හරිය යන්නේ ඒ දෙකත් ඉක්මනට ඉවර කරනවා කියන්න ඕන. subz.lk පවුලට මාව එකතුකර ගත්ත subz.lk පවුලේ admin වරුන්ටද උපසිරැසිකරුවන්ටද ගොඩක් ගොඩක් ස්තූති කරන අතර 50 වෙනකන් මාත් එක්ක එකට හිටිය රසිකයන්ටද ගොඩාක් ගොඩාක් ස්තුති කරනවා.හැමදේටම වඩා සබ් එක එනකන් ඉවසන් ඉන්නවට ගොඩක් ස්තුතියි.තව මට හිත රිදෙන එකම එක comment එකක් ආවාම මගේ පැත්තට කතා කල සහෝදරවරුන්ටද ගොඩක් ගොඩක් ස්තුතියි.වගේම මගේ සබ් වලට comment දාන මාත් එක්ක මෙතෙක් කල් හිටිය සැමටම ගොඩක් ස්තුතියි.

Psychic(2010) මානසික
මේ කලබල අස්සේ මං 50 වෙනි සබ් එක දෙන්න හේතුවේ ඇඩ්මින්තුමා මට කියුවා 50 වෙනි එකට හොද ෆිල්ම් එකකට සබ් දෙන්න කියලා.මට එක කියලා නම් ටිකක් කල් වෙනවා.මං අලුත් අවුරුද්දත් එක්ක කාර්යබහුල වුනු නිසා පරක්කු වුනා.දෙන්න හැදුවේ romance කතාව කට නමුත් මං ඒක දෙන්නේ නැතුව crime thiller ගනයට අයිති මේ කතාව දෙනවා.මේ කතාව මං සබ් දාන්න පටන් ගත්ත මුල් දවස් වල සබ් දාපු කතාවක්.
මේ කතාව ගැන කියුවොත් නම් huanted කියලත් Psychic කියලත් කියනවා ඉංග්‍රීසි වලින් හන්ගුල් නම එනම් කොරියන් නම 초능력자 (Cho-neung-ryeok-ja) වෙන්නේ. මේක 2010 අවුරුද්දේ තිර ගත වුනු ෆිල්ම් එකක් ප්‍රධාන නළුවන් දෙදෙනෙක් ඉන්නවා.ඒ දෙන්නා වටා කතාව ගෙතෙන්නේ.ගන්ග් ඩොන්ග් වොන් (gang dong won)කියුවම අහලා තියෙනවද දන්නේ නැහැ .
මෙයා තමයි Illang: The Wolf Brigade කියන ලගදී තිරගත වුනු ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිතයක් ඒ ෆිල්ම් එක අපේ subz පවුලේ සාමාජිකයෙක් සිංහල සබ් දාලා තිබ්බා.මෙයා කතාවේ චෝ ඉන් නමින් හිටියත් කතාවේ එකම තැනකවත් මෙයාගේ නම කියවෙන්නේ නැහැ.මොහුට පුළුවන් මොහුගේ මනසින් මිනිසුන්ව පාලනය කරන්න.
අනිත් කෙනා තමයි ගෝ සූ (go soo) මොහුත් කොරියාවේ දක්ෂ ප්‍රසිද්ද නළුවෙක්. මොහු මේ කතාවේ ඉම් ග්යෝ නම් විදියට ඉන්නේ. මෙයාට එයාම නොදන්නා super natural බලයක් පිහිටලා තියෙනවා.කතාව ගැන කියුවොත් super natural බල තියෙනවා නේද ඒ වගේ බලයක් තියෙනවා.දෙන්නගෙන් කෙනෙක්ට.super natural කතා කියුවම ඔයාලා ගොඩක් කතා විවිධ ඒවා බලලා ඇති ඒ බල වලින් මිනිස්සුන්ට උදව් කරන ඒවා.ඒ බල නිසාම මිනිස්සුන්ට කරදර වෙන දේවල්. මේ කතාවේ ගොඩක් වෙනස් සිදු වීමක් ගැන කියන්නේ.මං කතාවේ මුකුත්ම කියන්නේ නැහැ ඔයලා බලලාම කියන්නකෝ කතාව හොදද කියලා.
“ඇයි මගේම දෙමාපියන් පවා මාව මරන්න හදන්නේ.”
“මෙහෙම ඉපදුනු එක.”
“ඒක මගේ වරදක් නෙමේ”
“අනිත් අයට වඩා වෙනස් කියන එක. ”
“ඔයාලා කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි.”
“ඒවගේම මමත් ඔයාලා එක්ක එකට ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැ”
“ඔයාලා මට රාක්ෂයෙක් කියලා කතා කලත්”
“අන්තිමට මං විශ්වාස කරන එකම දේ”
“මාව රාක්ෂයෙක් කරපු”
“ඒ බලය විතරයි.”
උපසිරැසි 50ක් කරනවා කියන එක එක ලේසි පහසු දෙයක් නොවෙන බව අත්දැකීමෙන්ම දන්න නිසාම මේ අර්ධ ශතකයේ වටිනාකම මට හොඳින්ම දැනෙනවා. ඒ වගේම සහෝදර සමාජිකයන්ගෙන් පිරුණ අපේ අඩවියේ සහෝදර සාමාජිකාවකුත් සිටින බව දැනගන්නට ලැබීමත් ඉතාම සතුටක්. අර්ධ ශතක කඩයිමට සාර්ථකව ලඟාවීම පිලිබඳ මගේ සතුට සහ ගෞරවය පළකරන ගමන්ම මේ අර්ධ ශතකය ශතකයක් බවට හරවන්නටත් ඉත සිතින් සුභ පතනවා, සහෝදරිය.
YOUR TODAY’S SUCCESS IS THE BEGINNING OF TOMORROW’S ACHIEVEMENT.
බොහොම ස්තුතියි.
Congratulations ishi.. Wada godak asse apitath balanna me wage sub danawta thanx.. Digatama danna.. 100 enakn api balan innawa.. Good luck!!!
බොහොම ස්තුතියි.
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තුතියි.
2018 නොවැම්බර් 9 වෙනිදා පටන්ගත්තු මේ නිමක් නැති උපසිරැසි චාරිකාවේ එක් කඩයිමකට අද ඉෂී සොහොයුරිය අද ඇවිත් තියෙනවා. ඒ තමා පනස් වෙනි උපසිරැසි කඩයිම. 2018 අවුරුද්දේ 9 වැනිදා පටන්ගත්තු මේ ගමනේ අද දක්වා එන්න ලේසි උනේ නෑ කියන එක අපි හැමෝම දන්නවා. බැනුම් අහගෙන, එක එක අයගේ මතවාද අහගෙන හිත් බිදීම් වැනි ගොඩක් බාදක මැද්දේ තමා අද මේ ගමන ඇවිත් තියෙන්නේ. ඒ ගැන මට වගේම අපේ ඇඩ්මින් මණ්ඩලයටත් ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ඉෂී ද සිල්වා සහෝදරිය තමා අපේ පලවෙනි කාන්තා නියෝජනය. ඒ නිසා ඉෂී සහෝදරිය මේ තරම් සුවිශේෂී කඩයිමකට ආව එක ගැන අපේ ඇඩ්මින් මණ්ඩලයට ගොඩක් සතුටුයි. ආ මග කෙටී, ඒ වගේම යා යුතු මග දුරයි. මෙතෙන් තිබුන සුයළුම බාදක ජයගෙන මේ උපසිරැසි කලාවේ ආව ගමන වගේම තව දුරටත් උපසිරැසි කලාවේ යෙදෙමින් ඉදිරියට යන්න හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා. ඒ වගේම මෙතනින් නොනැවතී 100, 150, 200, 250 වැනි කඩයිම් දක්වා යාමට අවශ්‍ය කරන ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සහෝදරියට. ඔබට ජය!
බොහොම ස්තුතියි.
සබ් එකට තෑන්ක්ස් අක්කේ. දිගටම සබ් දෙමු කොරියන් ඒවට. 50ට සුබ පැතුම්…
බොහොම ස්තුතියි.
thankss sis
ඔයාටත් බොහොම ස්තුතියි.
සබ් එකට ස්තුති….
බොහොම ස්තුතියි.
50 වන උපසිරසියට සුබ පැතුම් සහොදරි තව තවත් උපසිරසි නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා..
බොහොම ස්තුතියි.
50 වෙනි උපසිරැසියට ජයෙන් ජය!!!
බොහොම ස්තුතියි.
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.
ජය වේවා !
බොහොම ස්තුතියි.
thanks bro
බොහොම ස්තුතියි.
bohoma sthuthi sub ekata 50 weni sub ekata subapathum