Liam Neeson ගෙ නවතම සිනමා පටය තමයි මෙවර අරගෙන ආවෙ. ලියම් නීසන් කිව්වම නොදන්න කෙනෙක් නම් ඉන්න බෑ. මතක ඇතිනෙ Taken චිත්‍රපට මාලාව. බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබමින් අංක 1 ස්ථානයට පත්වීමට සමත්වුනු මේ චිත්‍රපටය තමයි “HONEST THIEF”. 2020 ඔක්තෝබර් 16 දින ඇමරිකාවේදී මුලින්ම තිරගත කිරීම ආරම්භ කල මෙම සිනමා පටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුනේ දින කීපයකට කලින්. ඇමරිකාවේ සිනමා ශාලා 2425 ක තිරගත කිරීම ආරම්භ කල Honest Thief, එහි මුල් දිනයේම ඇ.ඩො.මිලියන් 1.3 ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වූ අතර මුල් සතිය අවසාන වනවිට ඇ.ඩො.මිලියන 3.6 ක් උපයාගනිමින් බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පත්වුනා. ඩො.මිලියන 2.4 ක් උපයාගනිමින් දෙවන සතියේද පෙරමුණ ගැනීමට සමත්වූ අතර, 2020 දෙසැම්බර් 10 දින වන විට සමස්ථ ආදායම ඇ.ඩො.මිලියන 28 දක්වා ඉහල දා ගත්තා. විනාඩි 99 ක ධාවන කාලයක් සහිත මෙම සිනමා පටය Open Road Films සමාගමේ බෙදාහැරීමක්.
Cast:
Liam Neeson … ටොම් ඩෝලන්
Kate Walsh … ඇනී විල්කින්ස්
Jai Courtney … නිවන්ස්
Jeffrey Donovan … මේයර්ස්
Anthony Ramos … හෝල්
Robert Patrick … බේකර්
ටොම් කියන්නෙ හිටපු බැංකු මංකොල්ලකාරයෙක්. ඔහුව කවුරුත් දන්නෙ “ඉන් අන්ඩ් අවුට් බැන්ඩිට්” ලෙස. මොකද ඔහු බැංකු කැඩුවට, ඒක ඇතුලට ගියෙ, ආපහු ආවෙ කොහොමද කියලා කාටවත් හොයාගන්න බැරිවුනා. අවුරුදු 8 ක කාලයක් තුල බැංකු 12 කට පොර වැඩේ දීලා තියෙනවා. ඔය අතරෙදි ඔහුට හමුවෙන ඇනී සමඟ ඔහු ආදරයෙන් බැඳෙනවා. ඒකෙන් ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. ඔහු හොරකම් වලින් මුලුමනින්ම ඈත්වෙනවා. හැබැයි ඔහුගේ සැබෑ තත්ත්වය ඇනී දන්නෙ නෑ. නමුත් ටොම් ඇයට කොතරම් ආදරය කලාද කියතොත් ඒ සම්බන්ධයට අවුරුද්දක් ගිය තැන, ඔහුට ඕනවෙනවා නීතියෙන් පිරිසිදු වෙලා ඇය සමග අලුත් ජීවිතයක් ගත කරන්න. ඔහු පොලීසියට බාරවෙන්න තීරණය කරනවා. ඔහු ඒ සඳහා FBI එකත් එක්ක ගනුදෙනුවක් යෝජනා කරනවා. ඔහු සොරකම් කල හැම සතයක්ම ආපහු බාර දෙන බවත්, එතන ඩොලර් මිලියන 9 කට වැඩි මුදලක් ඇති බවත්, ඒ වෙනුවෙන් තමාට අඩු දඩුවමක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලනවා. නමුත් දූෂිත FBI නියෝජිතයන් දෙදෙනෙකු එම මුදල් වලින් මිලියන 3 ක් සොරකම් කර ටොම්ව මරා දැමීමට සැලසුම් කිරීමත්, ඒ ගැන හෙලිවූ නිසා එම නියෝජිතයින්, ඔවුන්ගේ තවත් නියෝජිතයෙකු මරා එය ටොම් මත පැටවීමත්, ඉතුරු මිලියන 6 සොයා ටොම් පසුපස පමනක් නොව, ඔවුන් ඇනී පසුපස යාමත් නිසා, ටොම් ගේ ජීවිතය නන්ස්ටොප් ක්‍රියාදාමයක් බවට පරිවර්තනය වෙනවා. ජය වේවා.

තෑන්ක්ස් සහෝ
Honest thief Film Eke Video Link Wada nane.?
Pl give me some time.
ok, done. enjoy it.
ගොඩක් ස්තූති සබ් එකට
පට්ට නලුඑක්නේ ඉන්නේ ඉතින් නොබලා කොහොමද
ඇත්ත මල්ලි. ලියම් නීසන්ගෙ හැම ෆිල්ම් එකක් වගේම හොඳයි. කමෙන්ට් එකට ස්තූතියි.