Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Animation
  • Hotel Transylvania 3: Summer Vacation…

Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitle

September 22, 2018 Junior Admin

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයාගෙ ඉල්ලීමක් පරිදි අද මේ අරගෙන එන්නෙ Hotel Transylvania 3 : A Monster (Summer) Vacation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔයගොල්ලො හැමෝම දන්නවා මේ Hotel Transylvania(2012), Hotel Transylvania 2 (2015) විදියට ආව චිත්‍රපට ද්විත්වයේ තෙවැන්න බව. මේ මුල් චිත්‍රපට දෙක නරඹල නැති ඇනිමේෂන් රසිකයෙක් හොයාගන්න එක කළුනික හොයන්නා වගේ වැඩක් බව දැනගෙන හිටියත් මම කැමතියි මුල් චිත්‍රපට දෙක කෙටියෙන් මුලින්ම පැහැදිලි කරලම වැඩේ පටන්ගන්න. එතකොට හැමෝටම වැඩේ ලේසියි, වැරදිලාවත් මුල් චිත්‍රපට දෙක නොබලපු කෙනෙක් එහෙම ඉන්නවනං මෙතනින් එහාට ලිපිය කියවීම රසවින්දනයට බාධාවක් විය හැකියි. ඔන්න කලින්ම කිව්වා…

Hotel Transylvania (2012) Recap

වර්ෂ 1895දී ඩ්‍රැකියුලා විසින් ට්‍රාන්සිල්වේනියාවේ නිවාඩු නිකේතනයක් අරඹනවා මිනිසුන්ගෙන් බාධාවක් නොවී තමන්ගේ දියණිය වන මේවිස්ව හදාවඩාගන්නට. ඇය දිනෙන් දින උස්මහත්වන විට  පිටත ලෝකයේ ඇති දෑ බැලීමට ගොස් මිනිසුන්ගෙන් අනතුරක් වේයැයි බියෙන් ඩ්‍රැකියුලා උපායක් යොදා ඇයට හඟවනවා මෘගයන් වන තමන් මෙන් නොව මිනිසුන් ඉතාම දරුණු බවත්, තම හෝටලයෙන් පිටතට පය තැබීම භයානක ක්‍රියාවක් විය හැකි බවත්. ඔය විදියට කාලයක් ගෙවී යනවා. මේ වනවිට ලෝකයේ සිටින බහුතරයක් මෘගයන් මිනිසුන්ගෙන් බාධාවක් නොවී නිදහසේ කාලය ගත කිරීමට තෝරාගන්නේ ඩ්‍රැකියුලා සහ මේවිස්ගේ මේ හෝටලය. ඔය අතරෙදි මේවිස්ගේ 118වන උපන්දිනය (දන්නවනෙ වැම්පයරයන් වයස යන්නෙ නෑ) සැමරීමට ඩ්‍රැකියුලා විසින් උපන්දින සාදයක් සංවිධානය කරනවා. ඔහු එයට සහභාගීවීමට තම මිතුරන් වන ෆ්‍රැන්කන්ස්ටයින්ට (ෆ්‍රෑන්ක්), ඔහුගේ බිරිඳ වන ඉයුනිස්ට, නරවෘක යුවලක් වන වේන්ට සහ වොන්ඩාට, නොපෙනෙන මිනිසෙක් වන ග්‍රිෆින්ට, ඊජිප්තු මමියක් වන මරේට එහෙම ආරාධනා කරනවා. උපන්දින සාදය ඇරඹීමට මොහොතක් තිබියදී වනයේ අතරමං වන 21 හැවිරිදි ජොනතන් නම් තරුණයෙක් අහම්බෙන් මේ හෝටලයට එනවා. ඔහුව දකින ඩ්‍රැකියුලා ඔහුව මෘගයෙක් මෙන් හැඩගන්වනවා ඔහු මනුෂ්‍යයෙකු බව අමුත්තන් දැකීම වැලැක්වීමට, හැබැයි මේවිස් දකිනවා මේ තරුණයාව. මෙතනදි වෙන්න යන දේ වැටහෙන ඩැකියුලා ජොනතන්ට බල කරනවා මෘගයෙක් විදියට තම දියණිය ඉදිරියේ පෙනී ඉන්න ලෙස. හැබැයි මේවිස් නිතරම මේ ජොනතන් ගැන ප්‍රශ්ණ කරනවා ඩ්‍රැකියුලාගෙන්. ඔය සිදුවීම් අතරෙ ඩ්‍රැකියුලාගෙ හිතෙත් මේ තරුණයා ගැන පැහැදීමක් ඇතිවෙනවා. ඒවගේම ඔහුට වැටහෙනවා සියලු මනුෂ්‍යයන් නරක අය නොවෙන බව. කොහොමින්හරි හෝටලයේ කෝකියාවන ක්වාසිමොඩෝ ජොනතන් මනුෂ්‍යයෙක් බව දැනගෙන ඔහුව අල්ලාගන්නවා. ඔහු උපන්දින සාදයේ සිටින අයට එලිදරව් කරනවා මේ කතන්දරය. මේවිස්ට වැටහෙනවා තමන්ගෙ ජීවිතයේ ස්නේහ බැම්ම (Zing) නොහොත් ආදරය මේ ජොනතන් බව. ඩ්‍රැකියුලාට ඇති ගෞරවය නිසාම තමන් මෘගයන්ට අකමැති බව මේවිස්ට පවසන ජොනතන් යන්න යනවා. මේ ගැන සිත් වේදනාවෙන් ඉන්න මේවිස් ඩ්‍රැකියුලාට කියනවා තමන්ගේ මතකයන් සියල්ල මකා දමන ලෙස (මේක වැම්පයරයන්ගේ එක් හැකියාවක්).

මේ වනවිට මෘගයන් ගැන මිනිසුන්ගේ ඒතරම් අකමැත්තක් නැති බව දැනගන්නා ඩ්‍රැකියුලා තමන්ගේ මිතුරන් වන මරේ, ග්‍රිෆින්, ෆ්‍රෑන්ක්, සහ වේන් සමග ජොනතන් හොයන්න යනවා, තමන්ගෙ දියණිය සතුටු කිරීමට. අවසානයේ සෑහෙන වෙහෙසක් දැරීමෙන් අනතුරුව ඩ්‍රැකියුලා සමත් වෙනවා ජොනතන්ව ආපහු හෝටලයට රැගෙන ඒමට. ඒ වගේම ඔහු කැමති වෙනවා ජොනතන් සහ මේවිස් අතර සම්බන්ධයට.

Hotel Transylvania 2 (2015) Recap

කාලයකට පසුව විවාපත් වන ජොනතන් සහ මේවිස් දෙදෙනා ඉතාම සතුටින් ට්‍රාන්සිල්වේනියා හෝටලයේම ජීවත් වෙනවා. වැඩිකල් නොගොස්ම මේ යුවලට පුතෙක් උපදිනවා, ඒ තමයි ඩෙනිස්. ඔහු අවුරුදු පහක වයසට පැමිණියත් තවමත් වැම්පයරයන්ට පොදු උල් දත් වැඩී නැති බව දකින මේවිස් කල්පනා කරනවා ඔහුවත් රැගෙන කැලිෆෝනියාවේ පදිංචියට යාමට, නමුත් ජොනතන් එයට කැමති වෙන්නෙ නෑ. තමන්ගේ සුරතල් මුණුපුරා තමන්ට නැතිවේයැයි යන බියෙන් ඩ්‍රැකියුලා තමන්ගෙ මිතුරන් වන මරේ, ෆ්‍රෑන්ක්, ග්‍රිෆින්,වේන් සහ බ්ලොබී බොබ් එක්ක එකතුවෙලා ඩෙනිස්වත් අරගෙන යනවා ඔහුගෙ වැම්පයර් ගති ඉස්මතු කරගැනීමට. එතකොට මේවිස්ට බෑනෙ ඔහුව කැලිෆෝනියා ගෙනියන්න. කොහොමනමුත් ඩෙනිස් වැම්පයරයෙක් බවට හැරෙන්නේවත්, ඔහුගේ උල්දත් මතුවෙන්නේවත් නෑ. මේ අතරේ ජොනතන් සමග කැලිෆෝනියාවේ සිටින මේවිස් එහි ඇති පහසුකම් නිසා සතුටින් පිනා යනවා. ඇය සිතනවා තමනුත් පුතාත්කැලිෆෝනියාවේ පදිංචියට ආවොත් එය තම පුතාට යහපතක් වනු ඇති බව. තම මුණුපුරා වැම්පයරයෙක් කරගැනීමේ අරමුනෙන්ම වැඩ කරන ඩ්‍රැකියුලා ඔහුව උස කුළුණකින් බිමට දමනවා ඔහු වවුලෙක් බවට හැරෙයි කියල බලාපොරොත්තුව සිතේ තියාගෙන. නමුත් ඒකත් හරියන්නෙ නෑ. අන්තිම තත්පරයේ ඩ්‍රැකියුලාට සිදුවෙනවා මුණුපුරාව බිම නොවැටී බේරාගනීමට. කෙසේහෝ මේ සිද්ධිය කැමරාවට නගාගන්නා පිරිසක් එය අන්තර්ජාලයට මුදාහරිනවා. අවසානයේ එක මේවිස්ගේ සහ ජොනීගේ ඇහැගැටෙනවා. එසැනින් වවුලෙක් බවට පත්වන මේවිස් වහාම ජොනතන්වත් රැගෙන ආපසු තම පියාවන ඩ්‍රැකියුලාගේ හෝටලයට එනවා.

ඉන්පසු ඩෙනිස්ගේ උපන්දින උත්සවය පැමිණෙනවා. මේවිස් එයට තම සීයා සහ ඩ්‍රැකියුලාගේ පියා වන ව්ලැඩ්ට ආරාධනා කරනවා. ජොනී තම මනුෂ්‍ය හිතමිත්‍රාදීන්ටත් මෙයට ආරාධනා කරනවා. තම පියාවන ව්ලැඩ් මනුෂ්‍යයන්ට ඉතාම අකමැති බව දන්නා ඩ්‍රැකියුලා ජොනීට පවසනවා ඔහුත් ඇතුළුව උත්සවයට පැමිණෙන සියලු මනුෂ්‍යයන් මෘගයන් ලෙස වෙස්වලාගෙන සිටිය යුතු බව. කෙසේවෙතත් උත්සවයේදී ව්ලැඩ් හා ඩ්‍රැකියුලා අතර වාදයක් ඇතිවෙනවා ඩෙනිස් තවමත් වැම්පයර ගතිලක්ෂණ පෙන්වා නැතිවීම ගැන. මේ වාදය අතරවාරයේ තම නරවෘක මිතුරිය විනී සමග හෝටලෙන් පිටව යන ඩෙනිස් කැලයේ සැඟවී සිටිනවා. මේ මිනිස්-මෘග ඇයි හොඳයිය ගැන කේන්තියෙන් පසුවන ව්ලැඩ්ගේ සේවක බේලා නම් දුෂ්ට වවුලා මේ කුඩා ඩෙනිස් සහ විනීට පහරදෙනවා. බේලා විසින් විනීට තුවාල කරන අතර හෝටලයද විනාශ කරන බවට කරන තර්ජණයෙන් කෝපයට පත්වන ඩෙනිස් එසැනින් වැම්පයරයෙකු බවට පත්වන අතර ඔහුගේ උල් දලද ක්ෂණයකින් මතුවෙනවා. ඩෙනිස් සොයා පැමිණෙන ඩ්‍රැකියුලා, මේවිස් සහ ජොනීගේ උදවුවෙන් බේලා පරදවන්නටත් ඩෙනිස් සමත් වෙනවා. වැම්පයරයෙකුගේ ලක්ෂණ පෙන්වා ඇති තම පුත්‍රයා සමග කැලිෆෝනියාවේ වාසයට යාමට නොහැකි බැවින්, මේවිස්-ජොනී යුවල තීරණය කරනවා තම පුත්‍රයාව ට්‍රාන්සිල්වේනියාවේදීම උස්මහත් කරන්නට.

Hotel Transylvania 3: A Monster( Summer) Vacation

ඔන්න මේ වෙනකොට සෑහෙන කාලයක් ගෙවිලා, වැම්පයරයන් ඇතුළු මෘගයන් දඩයමේ යෙදෙන වැන් හෙල්සින් පරම්පරාවෙ කරදරත් අවසානයක් වෙලා මේ වෙනකොට මේ හැමදෙනාම ඉන්නෙ බොහොම නිදහසේ. ඒ වුණත් හෝටලේ වැඩවලටම හිරවෙලා ඉන්න ඩ්‍රැකියුලා ජීවත් වෙන්නෙ යම් විදියක තනිකමකින්. තම පියාගෙ මේ කණස්සල්ල නැති කරන්න මේවිස් තීරණය කරනවා ඩ්‍රැකියුලාට ලොකු සප්‍රයිස් එකක් දෙන්න…හැබැයි ඒක හිතුවටත් වඩා ලොකු සප්‍රයිස් එකක් වෙන්නෙ මේවිස් නොහිතපු විදියට. ඔන්න ඔහොමයි කෙටියෙන් කතාව…

IMDB අඩවියෙන් 6.3ක අගයකුත්, Rotten Tomatos වෙතින් 59%ක අගයකුත්, ගූගල් පරිශීලකයන්ගෙන් 93%ක ප්‍රසාදයකුත් දිනාගත්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙවරත් සුපුරුදු පරිදි ගෙනඩි ටාට්කොව්ස්කිගෙන්මයි. චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නෙ…ඇඩම් සැන්ඩ්ලර් (ඩ්‍රැකියුලා), ඇන්ඩි සැම්බර්ග් (ජොනී), සෙලීනා ගෝමෙස් (මේවිස්), කෙවින් ජේම්ස් (ෆ්‍රෑන්ක්), ෆ්‍රෑන් ඩ්‍රෙෂර් (ඉයුනිස්), ස්ටීව් බුෂෙමි (වේන්), මොලී ෂැනොන් (වොන්ඩා), ඩේවිඩ් ස්පේඩ්(ග්‍රිෆින්), කීගන් මයිකල් කී (මරේ), ජිම් ගැෆිගන් (වැන් හෙල්සින්), කැතරින් හාන් (එරිකා), ඈෂර් බ්ලින්කොෆ් (ඩෙනිස්) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. ඊට අමතරව කියනවනම් වෙනද වගේම හාස්‍ය රසයෙන් පිරිලා මුළු චිත්‍රපටයම, ඒ නිසා හොඳින් රසවිඳින්න පුළුවන් හැමෝටම. හැබැයි ව්‍යංගාර්ථ ඇඩල්ට් ජෝක්ස් දෙක තුනකුත් තියනවා චිත්‍රපටය ඇතුලෙ. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම.

WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි ගොණුව තුල අන්තර්ගත කර ඇත. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-Dl සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
16567 වාරයක්
Download Links
720P
DIR
720P
DIR
Available Torrents
720p bluray 827.81 MB
GET
1080p bluray 1.56 GB
GET
720p web 822.46 MB
GET
1080p web 1.55 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (25)
Newer →
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 69
    2018-09-23

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-09-23

    ඇත්තම කියනවනම් මේ මූවී සෙට් එකේ අලුත් එකක් ආව කියල දැක්ක හින්ද තමා අනිත් දෙක බලන්න ගත්තෙ . වැඩි කාලෙකුත් නෑ බලල මසයක් කිට්ටුයි .කියන්න වචන නැ පට්ටම සුපිරි . Animation මුවී අම්බානෙට බලල තියෙනවා මේ සෙට් එක නම් මරු.පරන ෆිල්ම් දෙක බලල ඉවර උනාම මතක් උනේම Despicable Me මුවි සෙට් එක.. මාර ලස්සන කතා තම.. ____________________________________________මේක නම් බ්ලුරෙම ගන්න ඔනේ හසිත ආපුම තැන්ක්ස් .

    Reply
    • kevin Unregistered
      Windows 10 Chrome 70
      2018-12-16

      උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65
    2018-09-24

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-09-25

    ඔන්න සහෝ ඔර්ජිනල් කොපි ඇවිත් please අප්ඩෙට් 😍😊Hotel Transylvania 3: Summer Vacation (2018) 720p WEB-DL 800MB

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55
      2018-09-26

      අප්ඩේට් කලා , මිතුන් 😉

    • Mithun Unregistered
      Android 8 Chrome 69
      2018-09-26

      Thanks you..

  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-09-25

    MkaCage.WS WEB-DL

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-09-25

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • menaka Unregistered
    Windows 7 Firefox 56
    2018-09-26

    උපසිරැසියට බොහෝම ස්තුතියි 👍

    Reply
  • Dilan Unregistered
    Windows 10 Chrome 69
    2018-09-26

    The First Purge එකේ Sub එක දීපන්කෝ 🙁

    Reply
  • Madubashana S Samarasinghe User
    Android 5.1 Samsung Browser 3.3
    2018-09-26

    Thank you 👍

    Reply
  • Arjuna Vidanagama Unregistered
    Windows 10 Chrome 69
    2018-09-27

    Thanks for the Quick Update Subtitle

    Reply
  • dimuthu supun Madhushanka User
    Android 4.4 Chrome 69
    2018-09-27

    ජයවේවා සහෝදරයා..❤….බුදු සරනයි! …

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-09-27

    Bluray release…………….. 😊

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55
      2018-09-27

      UPDATED 😉

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved