Illang: The Wolf Brigade (2018) Sinhala Subtitle

November 04, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලු දෙනාටම. අද අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මේ තමයි 1999 වසරේදී  තිරගත වුණ Jin-Roh: The Wolf Brigade නම් සම්මානනීය ජපන් සජීවීකරණ චිත්‍රපටය අනුසාරයෙන් නිමවුණ කොරියානු චිත්‍රපටය, එනම් Illang: The Wolf Brigade (2018). පැය දෙකකුත් මිනිත්තු 19ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ වර්ගී-කරණයටයි.  මේ වනවිට මෙය ලබා ඇති imdb අගය 6.0ක් වන අතර rotten tomatoes වෙතින්න් ලබා තියෙන්නෙ 20%ක වගේ අගයක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 87%කගේ ප්‍රසාදය ලබා තිබෙනවා. ඒ වගේම සම්මාන නමයකට නිර්දේශව එයින් එක් සම්මානයක් දිනාගැනීමටත් සමත්ව තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Jee-woon Kim. මේක ඇත්තටම ගත්තොත් මෙහි මුල් නිර්මාණය වඩා කතාව පැත්තෙන් බොහෝ වෙනස්කම් තියනවලු. එහි කතාව එහි කතාව දෙවන ලෝක යුද්ධයෙන් වසර 10කට පමණ, එනම් වසර 1950 කාලයේ සිදුවීමක්. නමුත් මේ නිර්මාණයේදි එය අනාගතයේ එනම්  2029 වසර තුල තමයි දිවෙන්නෙ. මම මුල් නිර්මාණය බලලනම් නෑ, බලන්න ඕනෙ ඉදිරියෙදි. හරි අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…

චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ 2029 වසරෙ සිදුවීමක් වටා වුණත් එය ඇරඹෙන්නෙ 2024 වසරෙන්. ආසියාවේ දැවැන්තයා ලෙස නැගී එන චීනය ඉදිරියේ ජපානය , එක්සත් ජනපදය, රුසියාවතම යුධ ශක්තිය තර කරනවා. මේ දැවැන්තයන් අතර උතුරු -දකුණු වශයෙන් බෙදී සිටීම තමන්ට අවාසියක් බව වටහා ගන්නා උතුරු කොරියාව සහ දකුණු කොරියාව දේශපාලන වශයෙන් ඒකාබද්ධවීමට සැලසුම් සකස් කරන අතර එයට මුල පිරීමක් ලෙස වසර පහක අන්තර්වාර පාලනයක් ප්‍රකාශයට පත් කරනවා. නමුත් අර පෙරකී අසල්වැසි බලවතුන් මේ ඒකාබද්ධවීමට අකුල් හෙලනවා, උතුරු සහ දකුණු කොරියාවට ආර්ථක සම්බාධක පැනවීම මගින්. එයින් මේ රටවල් දෙකම දැඩි අර්බුදයකට පත් වෙනවා. මේ නිසාම මේ ඒකාබද්ධවීමට විරුද්ධ ජනමතයක් රට පුරා ඇතිවෙන අතර ඇතිවන අතර අවසානයේ ‘සෙක්ට්’ නම් ත්‍රස්ත සංවිධානයක් බිහිවෙනවා ඒ වෙනුවෙන්. මේ ත්‍රස්ත කල්ලිය හා සටන් කිරීමට තම පොලිස් බලය ප්‍රමාණවත් නොවන තැන, ජනපතිතුමන් විසින් ඒ වෙනුවෙන්ම විශේෂ බළකායක් නිර්මාණය කරනවා. නමුත් ලැබුණ වැරදි ඔත්තුවක් මත ඔවුන් එල්ල කල ප්‍රහාරයකින් නිරායුධ ශිෂ්‍යාවන් 15 දෙනෙක් මියයන අතර එයින් මේ විශේෂ බළකායට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවෙනවා, මේ සමූහ ඝාතනය ප්‍රසිද්ධ වෙන්නෙ ‘ ලේ වැකුණු සිකුරාදා’ නමින්. වැරදි ඔත්තුවක් මත කල මේ ප්‍රහාරයෙන් සිත් වේදනාවට පත්වන මේ විශේෂ බළකා සෙබළ පිරිස ඉන්පසුව කරළියට එන්නෙ ලෝහ හිස්වැසුම් ලෑ දරුණු බළකායක් ලෙසින්. මේ විශේෂ බළකාය නිසාම කොරියා ජනපතිතුමන් සහ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව අතර සීතල යුද්ධයක් ඇතිවෙනවා. ඕක තමයි කතාවෙ ආරම්භය එතනින් ඉදිරියට ඔබට බාරයි…එහෙනම් මම ගිහින්  එන්නම් The Equalizer (2014) සහ The Equalizer 2 (2018) චිත්‍රපට ද්විත්වයටම උපසිරැසි බලාපොරොත්තු වන්න.

        ස්තූතිය – Kantha DLA සහෝදරයා හට.

Available Torrents
720p bluray 1.24 GB
1080p bluray 2.54 GB
720p web 1.17 GB
1080p web 2.24 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (21)
  • Chama Unregistered
    Windows 10 UC Browser 7

    පට්ට මචන් .. තැන්කූ වේවා !!

  • Sanjaya Unregistered
    Windows 10 Chrome 71

    thankx bro…sub akata

  • lahiru ishan Unregistered
    Windows 8.1 Chrome 65

    thnaks bro

  • Nishantha kumara Unregistered
    Android 7.1 Samsung Browser 8.2

    සබ්ටයිටල් සුපිරි ඉදිරියටත් මේ විදිහට වැඩේ කරගෙන යන්න සහෝ

  • Mithun Unregistered
    Android 8 Chrome 73

    Imdb රෙටින් 7.6ක් තියෙනවා ඔයාට බලල සෙට් නම් විතරක් සබ් එකක් දෙන්න. ඔයාට සෙට් නෑ කියන්නෙ අපිට සෙට් වෙන්නෙත් නෑ නෙ….😊
    Steel Country AKA A Dark Place (2018) 720p WEB-DL 750MB MkaCage

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4

      එහෙමත් කේස් එකක් තියනවා, නේද, මිතුන්? 😀
      බලමුකො ෆිල්ම් එක.

    • Mithun Unregistered
      Android 8 Chrome 73

      ඔක ඔයාට කියන්න හිතුනෙ සහෝ පොස්ටර් එක නිර්දේශ වෙච්ච එකක් වගේ දැක්ක බලම් යද්දී

  • Anuradha Unregistered
    Windows 7 Chrome 60

    Thank you Bro Sub ekata

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekat thank saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search