Trending

Illang: The Wolf Brigade (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලු දෙනාටම. අද අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මේ තමයි 1999 වසරේදී  තිරගත වුණ Jin-Roh: The Wolf Brigade නම් සම්මානනීය ජපන් සජීවීකරණ චිත්‍රපටය අනුසාරයෙන් නිමවුණ කොරියානු චිත්‍රපටය, එනම් Illang: The Wolf Brigade (2018). පැය දෙකකුත් මිනිත්තු 19ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ වර්ගී-කරණයටයි.  මේ වනවිට මෙය ලබා ඇති imdb අගය 6.0ක් වන අතර rotten tomatoes වෙතින්න් ලබා තියෙන්නෙ 20%ක වගේ අගයක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 87%කගේ ප්‍රසාදය ලබා තිබෙනවා. ඒ වගේම සම්මාන නමයකට නිර්දේශව එයින් එක් සම්මානයක් දිනාගැනීමටත් සමත්ව තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Jee-woon Kim. මේක ඇත්තටම ගත්තොත් මෙහි මුල් නිර්මාණය වඩා කතාව පැත්තෙන් බොහෝ වෙනස්කම් තියනවලු. එහි කතාව එහි කතාව දෙවන ලෝක යුද්ධයෙන් වසර 10කට පමණ, එනම් වසර 1950 කාලයේ සිදුවීමක්. නමුත් මේ නිර්මාණයේදි එය අනාගතයේ එනම්  2029 වසර තුල තමයි දිවෙන්නෙ. මම මුල් නිර්මාණය බලලනම් නෑ, බලන්න ඕනෙ ඉදිරියෙදි. හරි අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…

චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ 2029 වසරෙ සිදුවීමක් වටා වුණත් එය ඇරඹෙන්නෙ 2024 වසරෙන්. ආසියාවේ දැවැන්තයා ලෙස නැගී එන චීනය ඉදිරියේ ජපානය , එක්සත් ජනපදය, රුසියාවතම යුධ ශක්තිය තර කරනවා. මේ දැවැන්තයන් අතර උතුරු -දකුණු වශයෙන් බෙදී සිටීම තමන්ට අවාසියක් බව වටහා ගන්නා උතුරු කොරියාව සහ දකුණු කොරියාව දේශපාලන වශයෙන් ඒකාබද්ධවීමට සැලසුම් සකස් කරන අතර එයට මුල පිරීමක් ලෙස වසර පහක අන්තර්වාර පාලනයක් ප්‍රකාශයට පත් කරනවා. නමුත් අර පෙරකී අසල්වැසි බලවතුන් මේ ඒකාබද්ධවීමට අකුල් හෙලනවා, උතුරු සහ දකුණු කොරියාවට ආර්ථක සම්බාධක පැනවීම මගින්. එයින් මේ රටවල් දෙකම දැඩි අර්බුදයකට පත් වෙනවා. මේ නිසාම මේ ඒකාබද්ධවීමට විරුද්ධ ජනමතයක් රට පුරා ඇතිවෙන අතර ඇතිවන අතර අවසානයේ ‘සෙක්ට්’ නම් ත්‍රස්ත සංවිධානයක් බිහිවෙනවා ඒ වෙනුවෙන්. මේ ත්‍රස්ත කල්ලිය හා සටන් කිරීමට තම පොලිස් බලය ප්‍රමාණවත් නොවන තැන, ජනපතිතුමන් විසින් ඒ වෙනුවෙන්ම විශේෂ බළකායක් නිර්මාණය කරනවා. නමුත් ලැබුණ වැරදි ඔත්තුවක් මත ඔවුන් එල්ල කල ප්‍රහාරයකින් නිරායුධ ශිෂ්‍යාවන් 15 දෙනෙක් මියයන අතර එයින් මේ විශේෂ බළකායට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවෙනවා, මේ සමූහ ඝාතනය ප්‍රසිද්ධ වෙන්නෙ ‘ ලේ වැකුණු සිකුරාදා’ නමින්. වැරදි ඔත්තුවක් මත කල මේ ප්‍රහාරයෙන් සිත් වේදනාවට පත්වන මේ විශේෂ බළකා සෙබළ පිරිස ඉන්පසුව කරළියට එන්නෙ ලෝහ හිස්වැසුම් ලෑ දරුණු බළකායක් ලෙසින්. මේ විශේෂ බළකාය නිසාම කොරියා ජනපතිතුමන් සහ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව අතර සීතල යුද්ධයක් ඇතිවෙනවා. ඕක තමයි කතාවෙ ආරම්භය එතනින් ඉදිරියට ඔබට බාරයි…එහෙනම් මම ගිහින්  එන්නම් The Equalizer (2014) සහ The Equalizer 2 (2018) චිත්‍රපට ද්විත්වයටම උපසිරැසි බලාපොරොත්තු වන්න.

        ස්තූතිය – Kantha DLA සහෝදරයා හට.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 1.24 GB x264
1080p bluray 2.54 GB x264
▲6 · ▼0
Magnet GET
720p web 1.17 GB x264
1080p web 2.24 GB x264
▲5 · ▼0
Magnet GET
Discussion (21)
  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63

    සයිට් එකට ගොඩ වුන ගමන් දැක්කා සුපිරි ෆිලුමක් 😀 මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙනවට අයියට පින් <3

  • silent$ Unregistered
    Windows 8.1 Chrome 70

    Thnxxxxxxxxx

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7

    ස්තුතියි සහෝ සබ් එකට 🙂

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    තාම THE Equalizer 2 බැලුවෙ නෑ. පලවෙනි එක නම් දෙපාරකුත් බැලුව පට්ට ෆිල්ම් එකක් නෙ.. සබ් එක දෙනව කියල සදහන් කරල තියෙනවා හින්ද තම අරගන් නැ. බ්ලුරෙ එකම ගන්න කියල හිතම් උන්නෙ .මොකද මගේ අසම නලුවෙක් . සබ් එක සුපිරි එකටම ඔනේ තැන්ක්ස් brother

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4

    ගොඩක් ස්තුතියි…තෙරුවන් සරණයි…!

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4

    ගොඩක් ස්තුතියි…මෙ වගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න..ඔයාලා නිසයි අපිත් ආසාවෙන් තේරෙන්න ෆිල්ම් බලන්නෙ..නිදුක් නිරෝගී වේවා…!තෙරුවන් සරණයි…!

  • rushan dilruk Unregistered
    Android 5.1 Chrome 66

    Ela niyamai

  • Nishantha Unregistered
    Android 5.1 Chrome 68

    Thanks a lot

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search