In the Line of Duty IV (1989) Sinhala Subtitle

July 19, 2020 Admin
Subtitle by Rasika Samanjith

             Donnie Yen කියන්නේ ලංකාවේ සිනමා ලෝලීන්ට දෙපාරක් මතක් කල යුතු නලුවෙක් නොවේ. මන් හිතන්නෙ අපේ නලුවෙක්ගෙ නමක්වත් එච්චර දන්නෙ නෑ. පොඩි හරි ටියුබ් ලයිට් කාරයෙක් හිටියොත් Ip Man කිව්වොත් ටක්කෙටම මතක් වෙනවා. Ip Man ෆිල්ම් සෙට් එක හරහා නව පරපුරේ අතිශය ජනාදරයට පත් Donnie Yen ගේ ඉතාමත්ම ජනප්‍රිය වූ පැරණි සිනමා පටයක් තමයි subz.lk හරහා ඔබට ඉදිරිපත් කරන්නෙ. මේක හොංකොං පට්ට ෆිලුමක්. In The Line of Duty 4. විනාඩි 94 ක ධාවන කාලයක් සහිතයි. Action, Crime, Martial Arts ගණයටයි වැටෙන්නෙ. IMDb අගය 7.1/10 ට කරකවන්න සමත් වෙලා තියෙනවා. 1989 ජූලි 21 දා හොංකොංහීදී මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලා. හො.කො.ඩොලර් 12,100,193 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගෙන තියෙනවා. ජෙට් ලි රඟපෑ Tai Chi Master [1993], ජැකී චෑන්ගෙ Drunken Master [1978] සහ Snake in the Eagle’s Shadow [1978] වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපට සිනමා ලෝකයට දායාද කල Yuen Woo-Ping ගේ අධ්‍යක්ෂනයක්. Donnie Yen සමඟ රංගනයෙන් දායක වුනේ එකල තවත් දක්ෂ සටන් ශූරියක්, Cynthia khan.

 කතාව පටන්ගන්නෙ ඇමරිකාවේ සියැටල් නගරයෙන්. මත්ද්‍රව්‍ය ජාවාරමක් පස්සෙ ගිය ඇමරිකානු පොලිස් නිලධාරියෙක්, ජාවාරම් නායකයා විසින් මරා දමනවා. එහෙත් මියයාමට පෙර, සාක්ෂි අඩංගු ෆිල්ම් රෝලක් ඔහු විසින් වරාය සේවකයෙක් වන ලූක් බාර දෙනවා. නමුත් ඒ මිනීමැරුමට ලූක්ව තමයි අල්ලගන්නෙ. කොහොමහරි ඔහු අතින් ෆිල්ම් රෝල නැතිවෙනවා. මේ ගැන පරීක්ෂණ කටයුතු කරන්නේ ඩොනී (Donnie Yen), මයිකල් සහ හොංකොං පොලීසියෙන් වෙනුවෙන් මිස් යැන්ග් [Cynthia khan]. පොලීසිය ෆිල්ම් රෝල පස්සෙ යන අතර ජාවාරම් කාරයන් ෆිල්ම් රෝල සහ ලූක් පස්සෙ පන්නනවා. ඒත් ඔවුන්ගේ සෑම උත්සාහයකදීම හරහට ඩොනී සහ යැන්ග් ඉන්නවා. රජයේ ජාතික ආරක්ෂක අංශයේ ඉහලම සාමාජිකයනුත් කුඩු ජාවාරම්කාරයන් අතර ඉන්න කල, අවසානයේ පොලීසියත් තමන්ට විරුද්ධව සිටින කල, අවංක පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පමණක් සාක්ෂිකරුව බේරාගැනීමට හැකි වේද?

ඉතා ඉහල ගණයේ මාෂල් ආට් සටන් අඩුවක් නැති සිනමා පටයක්. තරුණ ඩොනී යෙන්ගේ හැකියාවනුත් බැලුවට පාඩු වෙන එකක් නෑ. ජය වේවා.

BRRip / 720p / 1080p

Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (7)
  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 68

    තෑන්ක්ස් සබ් එකට.
    හැකිනම් ජැකී චෑන්ගේ ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.

    • Rasika Thushara Samanjith Admin
      Windows 7 Opera 68

      අනිවාර්යයෙන්. මගේ ප්‍රියතම නලුවා ජැකී. ස්තූතියි කමෙන්ට් එකට.

  • ශාමල් මනෝජන් Unregistered
    Android 7 Chrome 83

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ජැකී චෑන්, ජෙට් ලී, චක් නොරිස් ගේ පැරණි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.

    • ශාමල් මනෝජන් Unregistered
      Android 7 Chrome 83

      හැකිනම් ජෙට් ලී ගේ,

      Once Upon a Time in China 01 – 1991
      Once Upon a Time in China 02 – 1992
      Once Upon a Time in China 03 – 1992
      Once Upon a Time in China and America – 1997
      යන චිත්‍රපට එකතුව සඳහා උපසිරැසි ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      විවේක ලැබෙන හැටියට අනිවාර්යයෙන් කරන්නම්.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 84

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    (psarips(dot)one site eke thiyana
    (honda aluth movies walata sub denna plz..)

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 70

    ස්තූති සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search