ITTEFAQ (2017) Sinhala Subtitle
ITTEFAQ (2017)
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ Imdb අඩවියෙන් 7.5ක් වැනි විශාල අගයක් ලබා, Rotten tomatos අඩවියෙන් 100%ක අගයක් සහ එහි ප්‍රේක්ෂක ප්‍රසාදය 76%ක් ලබාගත් Ittefaq හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේක ඇත්තටම කිව්වොත් 1969 වසරේ තිරගත වූ යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල මේ නමින්ම යුත් චිත්‍රපටයක (Remake)නැවත නිමැවුමක්. ඒ වගේම අධ්‍යක්ෂණයත් චොප්රා පවුලේ සාමාජිකයෙක් වන අභය චොප්රාගෙන් . මේ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. නිෂ්පාදන කාර්යය ෂාරුක් ඛාන්, ගෞරි ඛාන් සහ කරන් ජොහාර් එකමුතුව. රංගනයෙන් දායක වෙන්නෙ සිද්ධාර්ත් මල්හෝත්‍රා, සොනාක්ෂි සිංහා,
ආක්ෂේ ඛන්නා , මන්දරා බේඩි ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් පෙලක්. අයත් වෙන්නේඅභිරහස්, ත්‍රාසජනක ඝණයට. වැඩි කතා නැතිව දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.එක් රාත්‍රියක් …මාවතේ වේගයෙන් ධාවනය වන කාරයක්… එය පසුපස හඹා එන පොලිස් රථ පෙලක්..කා පසුපසද මේ පොලිසිය ලුහුබඳින්නේ? කුමක්ද මේ තැනැත්තා කර ඇති වරද?… ඔහු නමින් වික්‍රම් සේති, එංගලන්තයේ ජනප්‍රිය නවකතාකරුවෙක්. තමන්ගේ නවතම කෘතියක එලිදැක්වීම් කටයුත්තකට ඉන්දියාවට පැමිණි ඔහු තම ආදර බිරිඳගේ මරණයේ ප්‍රධාන සැකකරුවා බවට පත්වෙනවා. පොලිසියෙන් පලායන ඔහු අවසානයේ පිහිට ඉල්ලා සිටින්නේ තරුණියකගෙන්. ඇය නමින් මායා සිංහා…
පිහිටක් ලැබීම කෙසේ වෙතත් ඔහු මේ තරුණිය නිසා තවත් කරදරයකට පත්වෙනවා..එතනින් එහාට කියල රසවින්දනයට බාධා නොකර මං ගිහින් එන්නම්.. මේක කුතුහලය, ත්‍රාසය සියල්ල එකට එක්වුණ චිත්‍රපටයක් කියලත් මතක් කරන්න කැමතියි.
” මිනීමැරුම් දෙකක්……”
” සැකකරුවන් දෙදෙනෙක්….”
“එකිනෙකට පරස්පර කතන්දර දෙකක්…..”
” සැබෑ මිනීමරුවා සොයන්නට වෙහෙසෙන නිලධාරියෙක්…”
* වීඩියෝ පිටපත:-
HDrip එකක්. වීඩියෝ සහ ඕඩියෝ තත්වයන්වල කියන්න වරදක් නෑ.
ඕනෙ අයට මෙන්න ස්ක්‍රීන්ෂොට් https://imgur.com/x8mVwIf
supiri film ekak tnx mcn sub ekata
Thank you very much
Man dan maasayaka witara edan me subtitle movis download karaganna try karanna ? Tama hari giya Ne …mata ewa download karaganna be kata hari udaw karanna puluwannm loku udawwak ……
උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න දීල තියන ලින්ක් එක තාමත් වැඩ, ඉෂානි. ඒ වුණාට වීඩියෝ පිටපතට දීල තිබුණ ලින්ක් එක අක්‍රීයවයි තිබුණෙ. දැන් ලින්ක් එක අප්ඩේට් කරල තියෙන්නෙ. ඒ වගේම ඔබ අප අඩවියේ ලියාපදිංචි නැති අයෙක් නිසා පොඩි ඇඩ් එකක් දකින්න ලැබෙනවා ඇති. එම පිටුවේ තිබෙන උපදෙස් අනුගමනය කිරීම මගින් ඔබට ඇඩ් එක මගහැර ටොරන්ට් පිටපත සහිත ලින්ක් එකට පිවිසෙන්න පුළුවන්. ඉන් පස්සෙ… µTorrent , Bittorrent,Webtorrent (මේකෙන් ඩවුන්ලෝඩ් වෙන ගමන්ම නරඹන්නත් පුළුවන්, සිංහල උපසිරැසිත් යොදාගෙන) හෝ Qbittorrent වැනි ටොරන්ට් ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් භාවිතයෙන් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.