ITTEFAQ (2017) Sinhala Subtitle
ITTEFAQ (2017)
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ Imdb අඩවියෙන් 7.5ක් වැනි විශාල අගයක් ලබා, Rotten tomatos අඩවියෙන් 100%ක අගයක් සහ එහි ප්‍රේක්ෂක ප්‍රසාදය 76%ක් ලබාගත් Ittefaq හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේක ඇත්තටම කිව්වොත් 1969 වසරේ තිරගත වූ යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල මේ නමින්ම යුත් චිත්‍රපටයක (Remake)නැවත නිමැවුමක්. ඒ වගේම අධ්‍යක්ෂණයත් චොප්රා පවුලේ සාමාජිකයෙක් වන අභය චොප්රාගෙන් . මේ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. නිෂ්පාදන කාර්යය ෂාරුක් ඛාන්, ගෞරි ඛාන් සහ කරන් ජොහාර් එකමුතුව. රංගනයෙන් දායක වෙන්නෙ සිද්ධාර්ත් මල්හෝත්‍රා, සොනාක්ෂි සිංහා,
ආක්ෂේ ඛන්නා , මන්දරා බේඩි ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් පෙලක්. අයත් වෙන්නේඅභිරහස්, ත්‍රාසජනක ඝණයට. වැඩි කතා නැතිව දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.එක් රාත්‍රියක් …මාවතේ වේගයෙන් ධාවනය වන කාරයක්… එය පසුපස හඹා එන පොලිස් රථ පෙලක්..කා පසුපසද මේ පොලිසිය ලුහුබඳින්නේ? කුමක්ද මේ තැනැත්තා කර ඇති වරද?… ඔහු නමින් වික්‍රම් සේති, එංගලන්තයේ ජනප්‍රිය නවකතාකරුවෙක්. තමන්ගේ නවතම කෘතියක එලිදැක්වීම් කටයුත්තකට ඉන්දියාවට පැමිණි ඔහු තම ආදර බිරිඳගේ මරණයේ ප්‍රධාන සැකකරුවා බවට පත්වෙනවා. පොලිසියෙන් පලායන ඔහු අවසානයේ පිහිට ඉල්ලා සිටින්නේ තරුණියකගෙන්. ඇය නමින් මායා සිංහා…
පිහිටක් ලැබීම කෙසේ වෙතත් ඔහු මේ තරුණිය නිසා තවත් කරදරයකට පත්වෙනවා..එතනින් එහාට කියල රසවින්දනයට බාධා නොකර මං ගිහින් එන්නම්.. මේක කුතුහලය, ත්‍රාසය සියල්ල එකට එක්වුණ චිත්‍රපටයක් කියලත් මතක් කරන්න කැමතියි.
” මිනීමැරුම් දෙකක්……”
” සැකකරුවන් දෙදෙනෙක්….”
“එකිනෙකට පරස්පර කතන්දර දෙකක්…..”
” සැබෑ මිනීමරුවා සොයන්නට වෙහෙසෙන නිලධාරියෙක්…”
* වීඩියෝ පිටපත:-
HDrip එකක්. වීඩියෝ සහ ඕඩියෝ තත්වයන්වල කියන්න වරදක් නෑ.
ඕනෙ අයට මෙන්න ස්ක්‍රීන්ෂොට් https://imgur.com/x8mVwIf
අවසාන මොහොත වෙනකම් මම හිතුවෙත් අරයා තමා මිනිමරුවේ කියලා …එත් මට සැකය ආවා..ඒ අර පරීක්ෂණ වලදී සින්ක් එකේ තියෙන දෙයක් නිසා (කතාව කිව්වාම රසේ යනවා නේ )…
මාත් හිතුවෙ එහෙම තමා, දමිත්. සින්ක් එකේ සිද්ධිය මං දැක්කෙ දෙවෙනි පාර බලද්දි (මගෙ බැලීමේ හොඳකම තමයි ඉතිං ? ) .
තව එකයි මචන් ශතකය ගහමු..ඉක්මනින්ම
බොහොම ස්තූතියි, අසිත 🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
බොහොම ස්තූතියි, Kantha 🙂
බොහෝම ස්තුතියි අපි සැමදෙනා වෙනුවෙන් මේ කරන උතුම් වූ සේවයට .
බොහොම ස්තූතියි, කාවින්ද 🙂
ෆිල්ම් එක බැලුවා සහෝ..ඇත්තටම කියන්න වරදක් ඇත්තෙම නෑ..?උපසිරැසියත් සුපිරියටම කරලා තියෙනවා..??සහෝ 100 ගහනකම් තමා මේ බලාගෙන ඉන්නේ..?ඒකත් ඉක්මනින්ම අරගෙන එමු..?ඔබට ජය සහෝ..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 100ත් අරන් එනවා හෙට අනිද්දම.
නියමයි සහෝ!
තව එකායි…..ඉක්මනටම 100 ගහමු හොදේ..
ජය!
🙂
බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂
Ela.. niyama wadak
බොහොම ස්තූතියි, සුභාෂ් 🙂
හසිත TI english ෆිල්ම් එක BR update එකක් කරමුකො
IT(2017) ෆිල්ම් එක නේද, මිතුන්? අප්ඩේට් එකක් දෙන්නම් ඉක්මනටම.
මිතුන් IT එකේ අප්ඩේට් එක යැව්වා. හෙට විතර වෙනකොට පළවෙයි.
මමත් බැලුවා ආවගමන් පට්ට ෆිල්ම් එක
එහෙනම් 100න් හම්බවෙමු?
උපසිරැසියට තුති සහෝදරයා
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු 😉
බොහොම ස්තූතියි! ජය!
හින්දි ෆිලුමක් එමදිවට රොටන්ල 100%දිලා තියනවද පුදුමයි මෙකනම් බලන්නම වෙනව වගෙ.ස්තුති හසිත?
රොටන්ල 100%ක් දීල තියනවා, ඒකෙ ප්‍රේක්ෂක ප්‍රසාදෙ බලන්නෙ වෙනමනෙ, ප්‍රේක්ෂක ප්‍රසාදෙත් 76%ක් තියනවා. බලල කියන්නකො තත්වෙ. ප්‍රතිචාරයට ස්තූතියි, සෑම් 🙂
elma saho thanks