
ෆිල්ම් එකේ හැටියට ජුරාසික් ලෝකය විනාශ වෙලා වසර තුනකට පස්සෙ අන්තිම ඩයිනසෝරයන් ටික ඉතුරු වෙන්නෙ ඉස්ලා නුබ්ලාර් කියන දූපතේ, ඒ දූපතේ තියෙනවා ගිනි කන්දක්, ගිනි කන්ද පුපුරා යෑමට ආසන්නව තමයි තියෙන්නෙ, ඉතින් ගිනි කන්ද පුපුරා ගියොත් ලෝකෙ ඉන්න අන්තිම ඩයිනසෝරන් ටිකත් වඳවෙලා යනවා, ජනතාවගේ උනන්දුව මත ආණ්ඩුවෙන් මේකට විසඳුමක් සෙවුවත් පියවරක් ගන්නෙ නෑ, ඒ අතරෙ තවත් පැත්තකින් ඉන්නවා ඩයිනසෝර රැකවරණ කණ්ඩායමක්, එතන සංවිධායක තමයි ක්ලෙයාර් කියන්නෙ, එයාට ඇමතුමක් එනවා ලොක්වුඩ් කියන විශාල ධනවතෙකුගෙන්, ඔහු සෑහෙන මහළු කෙනෙක්, එයාගෙ ව්‍යාපාර දේපල හැමදෙයක්ම බලාගන්නෙ මිල්ස් කියල කෙනෙක්, එයා ක්ලෙයාර් ට කියනවා දූපතේ ඉන්න සත්තු ගිනි කන්දෙන් විනාශ වෙන නිසා සත්තුන්ව අරගෙන ඇවිල්ල ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමකට ගෙනල්ල දාමු කියල, ඉතින් ක්ලෙයාර් කැමති වෙනවා මේ අදහසට, නමුත් දූපතට ගිහින් සත්තුන්ව අල්ලගන්න තවත් කෙනෙකුගෙ උදව් ඕන වෙනවා, එයා තමයි ඔවන්, ඉතින් මේ හැමෝම එකතු වෙලා යානයකින් දූපතට පියාසර කරනවා, දූපතේ ඉන්නවා හමුදාවකට සමාන කණ්ඩායමක්, එතන ප්‍රධානියා තමයි කෙන් වීට්ලි, එයා මිල්ස් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා, මොකද දූපතේ ඉන්න සත්තුන්ව අරගෙන එනවට ලොකු ගෙවීමක් කෙන් වීට්ලි ට ලැබෙනවා, කොහොම හරි මේ හැමෝම එකතු වෙලා දූපතේදි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරල සත්තුන්ව අල්ලගෙන ලොක්වුඩ් මහත්මයාගෙ ඉඩමට අරගෙන එනවා, එතන ශාක භක්ෂක සතුන් සහ මාංස භක්ෂක සතුන් දෙවර්ගයම ඉන්නවා, නමුත් සත්තුන්ව ලොක්වුඩ් මහත්මයාගෙ වත්තට අරගෙන ආවට පස්සෙ එතනදි සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, ඒ තමයි මිල්ස් උත්සාහ කරන්නෙ සත්තුන්ව වෙන්දේසි කරන්න, ලොක්වුඩ් මහත්මයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ, ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ විද්‍යාගාරයක් තියෙනවා, එතන ජාන තාක්ෂණය පාවිච්චි කරල අලුත් සතුන් නිර්මාණය කරන තැනක්, කොහොම හරි දූපතෙන් ගෙනාපු සතුන්ව මිල්ස් වෙන්දේසි කරන අතරෙ කූඩු කරල ඉන්න ගොඩක් සත්තු එලියට එනවා, ඒ වෙලාවෙ එතන ඉන්නවා ඔවන් සහ ක්ලෙයාර්, මේ දෙන්නට ලොකු මෙහෙවරක් කරන්න සිද්ධ වෙනවා, මොකද කූඩු වලින් එලියට එන සමහර සත්තු මාංස භක්ෂක කොටසටයි අයිති, වෙන්දේසියට ආපු සෑහෙන දෙනෙක්ව මාංස භක්ෂකයන් විසින් ගිල දමනවා, ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නෙ ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ, අපි බලමු මෙතනදි, ඔවන් සහ ක්ලෙයාර්, එයාලගෙ මෙහෙවර මොන විදිහට කරයිද කියල, මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද මේ ෆිල්ම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා, මං හිතන්නෙ වැඩිහිටියන්ටත් වඩා පාසල් යන පුංචි ළමයි තමා මේ ඉතිහාසය ගැන ගොඩක්ම දන්නෙ, කොහොම නමුත් පවුලෙ ලොකු පුංචි හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, එහෙනම් වැඩි විස්තර නැතුව උපසිරැසිය ඔයාලට බාර කරන්නම්, Subz.lk වෙබ් අඩවියට එන සියළුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!!
Download Links:
Download Torrent 720P පිටපතJurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle
Download: 17183
File size : 153.5 KB

Dinusha Rukshan
Comments: 37
Leave a Reply
Search
Login
Updates










wmcsubhash
sub ekata thanks saho.obata jaya
Nirosh
Aththatama hodama sinhala subtitles thiyenne me web site eke..😍💪
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Silent$
Thnxxxxxxxxxxxx
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
hiran_3
ගොඩක් ස්තුතියි සහෝ..ඔන්න මමත් පිලුමයි සබයි බාගත්තා.තෙරුවන් සරණයි..!
duminda_3
good😃good😃good😃good😃good😃good😃good😃good😃good😃good😃
duminda_3
very goodvery goodvery goodvery goodvery goodvery good
duminda_3
ගොඩක් ස්තුතියි සහෝ..ඔන්න මමත් පිලුමයි සබයි බාගත්තා.තෙරුවන් සරණයි..!
CHAMATHKA
PATTA BN
Darshana Abeysekara
Thanx මචන්..
CrZy Shan
patta film aka
chamal
Godak honda wedak eth mata film eka nam ganna dunne na
nishshanka
Thanks bro
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
Lahiru Sampath
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
හසන්ත ලියනගේ
නියමයි දිනූෂ සහෝ, පැහැදිලි උපසිරැසියක්, දිගටම සබ් දෙමු, බොහොම ස්තූතියි…!
Dananjaya Pathirana
Thanks, bro…!
Dananjaya Pathirana
Hadawathinma suba pathanawa, obata jaya…!
Dananjaya Pathirana
Thanks, bro..! obata jaya…!!
Shan wimukthi
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
උපුල් ප්‍රියශාන්ත
මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා, ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා,
ඔබට තෙරුවන් සරණයි….!!!!!!!
John John
Nice job, keep it up..
Prasadini Hettiarachchi
Thank you so much….
Saman Kumara
Thanks, brooooooooooo
Surendra GMS
Gindara kollek, digatama sub demu, jayen jaya..!
Prasadini Hettiarachchi
Thank you so much……
Samanali Serasinghe
සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ, දෙවි පිහිටයි..!!
දමිත් නිශාන්ත
එලකිරි බන්..
Baby 99
Patta, digatama sub demu
Laksman Ajantha
Thanxxxxxxxxxxxx
Yeshani Rupasinghe
Thank you so much……..
හර්ෂි දිසානායක
සිංහල උපසිරැසියට ස්තූතියි”””””””
MGMGSW
Thanks for sub””””””
vijitha
goooooooooooooooooooooooooooooooooooooood
wenura madusanka
වීඩියෝ එක බාන්න බැහැනේ