ෆිල්ම් එකේ හැටියට ජුරාසික් ලෝකය විනාශ වෙලා වසර තුනකට පස්සෙ අන්තිම ඩයිනසෝරයන් ටික ඉතුරු වෙන්නෙ ඉස්ලා නුබ්ලාර් කියන දූපතේ, ඒ දූපතේ තියෙනවා ගිනි කන්දක්, ගිනි කන්ද පුපුරා යෑමට ආසන්නව තමයි තියෙන්නෙ, ඉතින් ගිනි කන්ද පුපුරා ගියොත් ලෝකෙ ඉන්න අන්තිම ඩයිනසෝරන් ටිකත් වඳවෙලා යනවා, ජනතාවගේ උනන්දුව මත ආණ්ඩුවෙන් මේකට විසඳුමක් සෙවුවත් පියවරක් ගන්නෙ නෑ, ඒ අතරෙ තවත් පැත්තකින් ඉන්නවා ඩයිනසෝර රැකවරණ කණ්ඩායමක්, එතන සංවිධායක තමයි ක්ලෙයාර් කියන්නෙ, එයාට ඇමතුමක් එනවා ලොක්වුඩ් කියන විශාල ධනවතෙකුගෙන්, ඔහු සෑහෙන මහළු කෙනෙක්, එයාගෙ ව්‍යාපාර දේපල හැමදෙයක්ම බලාගන්නෙ මිල්ස් කියල කෙනෙක්, එයා ක්ලෙයාර් ට කියනවා දූපතේ ඉන්න සත්තු ගිනි කන්දෙන් විනාශ වෙන නිසා සත්තුන්ව අරගෙන ඇවිල්ල ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමකට ගෙනල්ල දාමු කියල, ඉතින් ක්ලෙයාර් කැමති වෙනවා මේ අදහසට, නමුත් දූපතට ගිහින් සත්තුන්ව අල්ලගන්න තවත් කෙනෙකුගෙ උදව් ඕන වෙනවා, එයා තමයි ඔවන්, ඉතින් මේ හැමෝම එකතු වෙලා යානයකින් දූපතට පියාසර කරනවා, දූපතේ ඉන්නවා හමුදාවකට සමාන කණ්ඩායමක්, එතන ප්‍රධානියා තමයි කෙන් වීට්ලි, එයා මිල්ස් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා, මොකද දූපතේ ඉන්න සත්තුන්ව අරගෙන එනවට ලොකු ගෙවීමක් කෙන් වීට්ලි ට ලැබෙනවා, කොහොම හරි මේ හැමෝම එකතු වෙලා දූපතේදි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරල සත්තුන්ව අල්ලගෙන ලොක්වුඩ් මහත්මයාගෙ ඉඩමට අරගෙන එනවා, එතන ශාක භක්ෂක සතුන් සහ මාංස භක්ෂක සතුන් දෙවර්ගයම ඉන්නවා, නමුත් සත්තුන්ව ලොක්වුඩ් මහත්මයාගෙ වත්තට අරගෙන ආවට පස්සෙ එතනදි සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, ඒ තමයි මිල්ස් උත්සාහ කරන්නෙ සත්තුන්ව වෙන්දේසි කරන්න, ලොක්වුඩ් මහත්මයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ, ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ විද්‍යාගාරයක් තියෙනවා, එතන ජාන තාක්ෂණය පාවිච්චි කරල අලුත් සතුන් නිර්මාණය කරන තැනක්, කොහොම හරි දූපතෙන් ගෙනාපු සතුන්ව මිල්ස් වෙන්දේසි කරන අතරෙ කූඩු කරල ඉන්න ගොඩක් සත්තු එලියට එනවා, ඒ වෙලාවෙ එතන ඉන්නවා ඔවන් සහ ක්ලෙයාර්, මේ දෙන්නට ලොකු මෙහෙවරක් කරන්න සිද්ධ වෙනවා, මොකද කූඩු වලින් එලියට එන සමහර සත්තු මාංස භක්ෂක කොටසටයි අයිති, වෙන්දේසියට ආපු සෑහෙන දෙනෙක්ව මාංස භක්ෂකයන් විසින් ගිල දමනවා, ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නෙ ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ, අපි බලමු මෙතනදි, ඔවන් සහ ක්ලෙයාර්, එයාලගෙ මෙහෙවර මොන විදිහට කරයිද කියල, මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද මේ ෆිල්ම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා, මං හිතන්නෙ වැඩිහිටියන්ටත් වඩා පාසල් යන පුංචි ළමයි තමා මේ ඉතිහාසය ගැන ගොඩක්ම දන්නෙ, කොහොම නමුත් පවුලෙ ලොකු පුංචි හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, එහෙනම් වැඩි විස්තර නැතුව උපසිරැසිය ඔයාලට බාර කරන්නම්, Subz.lk වෙබ් අඩවියට එන සියළුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!!
Chris Pratt
Owen Grady
Bryce Dallas Howard
Claire Dearing
Rafe Spall
Eli Mills
Justice Smith
Franklin Webb
Daniella Pineda
Zia Rodriguez
James Cromwell
Benjamin Lockwood
Toby Jones
Mr. Eversoll
Ted Levine
Ken Wheatley
Jeff Goldblum
Ian Malcolm
BD Wong
Dr. Wu
Geraldine Chaplin
Iris
Isabella Sermon
Maisie Lockwood
Robert Emms
Tech Merc
Peter Jason
Senator Sherwood
Kevin Layne
Sub Pilot
John Schwab
Tech Operator
Sam Redford
Helicopter Pilot
Charlie Rawes
Lead Mercenary
Patrick Crowley
Prop Plane Pilot
Alex Dower
Russian Mob Guy
Honey Holmes
Russian Bidder Girlfriend
Neil Bishop
Russian Bidder
Philippa Thomas
BBC News Anchor
Ronan Summers
Brutish Mercenary
Cory Peterson
Committee Chairman
Jeremy Gilbert
Hero Tracker
Victor Gardener
Crewman
Daryl Kwan
Another Bidder
Eric Kofi Abrefa
Helicopter Merc
Ben Peel
Helicopter Merc
Mark Griffin
Helicopter Merc
Paul Sockett
Bearded Merc
Douglas Robson
Mercenary in Tunnel
Gil Kolirin
Mill's Man
Nathan Florence
Surfer
Bryan Phillips
Surfer
Mitchell L. Johnson
Jungle Merc
Michael Papajohn
InGen Contractor (uncredited)
Daniel Stisen
Russian Bodyguard (uncredited)
Mark Addison
Drive Thru Movie Goer
Karl Farrer
Driver (uncredited)
Arnold Janssen
DPG Activist (uncredited)
සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න, පළමුවෙන්ම ස්තූතියි කරන්න ඕනෙ මේ ෆිල්ම් එක වෙන්කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාට, දවස් තුන හතරකට කලින් තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය වගේම ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මේ ෆිල්ම් එකට උපසිරැසියක් අරගෙන එන්න ලැබුනු එක ගැනත් බොහොම සතුටුයි, හරි එහෙනම් ෆිල්ම් එකේ අවශ්‍යම විස්තර ටික පැහැදිලි කරන්නම්, ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ, මැයි මාසෙ 21 වෙනිද, ෆිල්ම් එකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 187 ක්, ආදායම ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 1.260 ක්, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ක් ලැබිල තියෙනවා, IMDB අගය සඳහන් වෙනවා 6.5 ක් විදිහට, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක විදිහට රඟදක්වන්නෙ Chris pratt සහ Bryce Dallas Howard, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ J.A Bayona කියන අධ්‍යක්ෂකවරයා, ඊළඟට අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..
Thanks bro
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
නියමයි දිනූෂ සහෝ, පැහැදිලි උපසිරැසියක්, දිගටම සබ් දෙමු, බොහොම ස්තූතියි…!
Thanks, bro…!
Hadawathinma suba pathanawa, obata jaya…!
Thanks, bro..! obata jaya…!!
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා, ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා,
ඔබට තෙරුවන් සරණයි….!!!!!!!
Nice job, keep it up..
Thank you so much….