Kahaani 2 (2016) Sinhala Subtitle

/

ශිවායි චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් හින්දි එකක්ම අරගෙන ආවා.හින්දි චිත්‍රපට බලන අයට Kahaani (2012) චිත්‍රපටය තාමත් මතක ඇතිනෙ, කොහොම අමතක වෙන්නද නේද? ඉතිං මේ Kahaani 2 නොහොත් දෙවෙනි කතාන්දරය.ඒ වුණාට මේක පළවෙනි චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නෑ .ඒ හින්ද පළවෙනි චිත්‍රපටය බැලුවෙ නෑ කියල කිසිම ගැටලුවක් එන්නෙ නෑ.

කහානි 1 අධ්‍යක්ෂණය කල Sujoy Goshම තමයි කහානි 2ත් අධ්‍යක්ෂණය කරන්නෙ.ඒ වගේම මේකත් ප්‍රධාන චරිතය ඒ කියන්නෙ දුර්ගා විදියට රඟපාන්නෙ විද්‍යා බාලන්මයි.ඒ වගේම ඇය මේ චරිතය වෙනුවෙන් ෆිල්ම් ෆෙයා සම්මාන උළලේ හොඳම නිළිය සම්මානයටත් නිර්දේශ වෙනවා, නමුත් සම්මානය ලැබෙන්නෙ Udta Pujab හි රඟපෑ ආලියා බාත්ට.ඒ වුණත් විද්‍යා බාලන්ගෙ චරිතයත් ඒකට කිසිසේත්ම දෙවෙනි නෑ කියලයි මගේහැඟීම.උප ප්‍රධාන චරිතය නොහොත් උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජීත් සිංට පණ පොවන්නෙ අර්ජුන් රාම්පාල්.මේ චිත්‍රපටයට  6.8ක Imdb අගයකුත් ලැබිල තියන අතර Rotten Tomatosල මේකට 67% ක අගයක් දීල තියනවා.ඒ ඇතිනේ,දැන් අපි යමු කතාව පැත්තට….

කතාව මෙහෙමයි විද්‍යා සින්හා කියන්නෙ පුද්ගලික ආයතනයක වැඩකරන තරුණ මවක්, ඇයට ඉන්නෙ ඇය පණ වගේ ආදරය කරන ඇගේ එකම දුව මිනි විතරයි. මේ දෙන්නම ජීවත්වෙන්නෙ බටහිර බෙංගාලෙ තියන චන්දන්නගර් කියන නගරෙක.  විද්‍යගෙ දුව මිනි ආබාධිතයි ඉතිං ඒ නිසා විද්‍යා ඇයව බලාකියාගන්න හෙදියක් ගෙදර නවත්වල තමයි තමන්ගෙ රාජකාරියට යන්නෙ, ඒත් එක දවසක මේ හෙදිය එන්න ප්‍රමාද වෙනව. ඇයට මිනිව තනියම තියල යන්න හිතක් නැතත්, මිනිගෙ පෙරැත්තය නිසාම වැඩට යනවා. තමන්ගෙ හිතේ තිබුණ බලාපොරොත්තුවක් ඉෂ්ඨවීමේ සතුටකුත් පොදිබැඳගෙන වැඩනිමවෙලා ගෙදර එන විද්‍යගෙ සතුට, මහා දුකක් බවට පත්වෙන්නෙ තමන්ගෙ එකම දුව මිනි ගෙදර නැති බව දැනගත්තමයි.දුවව හොයාගන්න යන විද්‍යා තවත් කරදරයකට පත්වෙනවා විතරක් නෙමෙයි ඇය වසර ගාණක් සඟවගෙන හිටපු කටුක අතීතයකුත් හෙළිදරව් වෙනවා. වෙනද වගේම ඔන්න කෙටියෙන් කියල නැවැත්තුවා, කතාවෙ ඉතිරිය ඔයාලට බාරයි..

තව කියන්නම ඕනෙ මේක DVD Rip එකක්.සයිස් එක 1.14GB.වීඩියෝ ඕඩියෝ කොලිටි එකත් හොඳටම හොඳයි.මේකෙ ගීත පරිවර්තනය කරල තිබුණෙ නෑ ඉංග්‍රීසි උපසිරැසියෙ, ඒකට හේතුව  මේකෙ තියන ගීත තුනෙන් දෙකක්ම යන්නෙ දෙබස් එක්කම වීම වෙන්න ඇති මම හිතන්නෙ.මම පුළුවන් තරමට එහෙමෙහෙ කරල ගීතවලටත් සබ් හදල තියෙන්නෙ. බලල කියන්නකො කොහොමද කියල. ස්තූතියි හැමෝටම.එහෙනම් මං ගියා.ආයිත් තව උපසිරැසියකින් (බොහෝවිට අමීර් ඛාන්ගෙ Dangal) හමුවෙමු….

අදාළ DVD Rip පිටපතේ Screenshot බැලීමට මෙතනින් යන්න…

6.9
IMDB

Year : 2016

Actors : vidya balan, arjun rampal, jugal hansraj, kharaj mukherjee

A mysterious woman is charged with kidnapping and murder.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2139
  • File Size : 43.925KB
  • Sub Update :2021-01-08
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    Kahaani 2 මමත් බලන්න හිටියේ…දැන් ඉතින් හසිත සහෝගේ උපසිරැසි එක්කම බලනවා…හසිත සහෝගේ උපසිරැසි ගැන අහන්න දෙයක් නැහැනේ…මගේ වචන වලින් කියුවොත් ඉතින් පට්ටටම පට්ට…
    මේ හසිත සහෝගේ 30 වෙනි උපසිරැසි නිර්මාණය නේ…පොඩි කාලයක් තුලදී ලොකු දුරක්ය ඇවිත්…ජය වේවා!!!

    2017-03-03 at 9:22 am
  • Pc World LK User
    Windows 8.1Waterfox 46

    නියමයි සහෝ…ජය!!!

    2017-03-03 at 3:44 pm
  • hasitha Unregister User
    Windows 7Firefox 51

    බොහොම ස්තූතියි , කවීෂ . මෙච්චර දුර ආව එකට ඇත්තටම ස්තූති කරන්න ඕනෙ Subzlk කරගෙන යන ඕගොල්ලන්ට. ඕගොල්ලො හින්දයි මම ආසාවෙන් සබ් කරන්නෙ.

    2017-03-03 at 4:12 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Android 5Chrome 54

    Hasitha kiyanne..personally mama asama sub karana kenek..jaya wewa..digata yamau bro

    2017-03-03 at 6:59 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 51

      ඒ වචනෙම හිතට ලොකු හයියක් ,බොහොම ස්තූතියි දමිත්!

      2017-03-03 at 8:16 pm
  • Damidu Dineth Unregister User
    Android 5.1Chrome 54

    Niyamai saho…kiyanna wachana naha me karana kapakirimata…
    Sthuthi karalath madi me sahola karana dewalwalata…
    Sub akata bohoma sthuthi saho…
    Good luck hasitha bro…
    Subzlk akath issarahata amu ohomam…

    2017-03-03 at 10:39 pm
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-04 at 10:56 am
  • චානු Unregister User
    Android 6Chrome 50

    Subz.lk eke digatama mehama subz demu patta bro aluthma movies denna uparima

    2017-03-11 at 8:01 pm
  • mindika Unregister User
    Windows 8.1Firefox 53

    Thanks !!!!!!!!!!!!!!

    2017-05-02 at 8:22 am
  • lahiru ishan Unregister User
    Android 5UC Browser 10.9

    Thanks for sub

    2018-02-08 at 7:22 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *