Kate (2021) Sinhala Subtitle

September 13, 2021 Admin
Subtitle by Rasika Samanjith
අනුකම්පා කිරීමට කාලය නැත

                        2021 සැප්තැම්බර් 10 දින මුලින්ම එකසත් රාජධානියෙන් තිරගත කිරීම ආරම්භ කල, Netflix ලගෙ නවතම සිනමා නිර්මාණයක් තමයි තමයි මෙවර අරගෙන එන්නෙ. ඒ තමයි Kate. ඇමරිකන් සිනමා පටයක්. විනාඩි 106 ක ධාවන කාලයකින් යුතු අතර Action, Adventure, Crime, Drama, Thriller යන වර්ග වලට අයත් වෙනවා. IMDb අගය 6.5/10 ක් සහ Google පරිශීලකයන්ගේ කැමැත්ත 93% ක් ලබාගෙන තියෙනවා.
කතාවේ පසුබිම ජපානය වන අතර සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නෙ ජපානයේ ටෝකියෝ වල. රංගන ශීල්පීනුත් බහුතරයක්ම ජපන් ජාතිකයන්. බොහෝ තැන්වල ජපන් භාෂාව භාවිතා වන අතර ඒ සියල්ලමත් සිංහල උපසිරැසි ගන්වලා තියෙන්නෙ. ඉහළ හැකියාවන්ගෙන් යුත්, දක්ෂ කුලී ඝාතකයෙක් වන කේට් නමැති තරුණිය වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. අති ධාවනකාරී සටන් සහ ඇක්ෂන් වලට කැමති රසිකයන්ට නම් සුපිරිම ෆිල්ම් එකක්. මුල ඉඳන් අග දක්වාම සටන් ගැටුම්, ත්‍රාසය, කුතුහලය පිරි චිත්‍රපටයක්. රංගනයෙන් දායක වෙනවා Mary Elizabeth Winstead (කේට්), Miku Patricia Martineau (ආනි), Woody Harrelson (වැරික්), Tadanobu Asano (රෙන්ජි) සහ Jun Kunimura (කිජීමා).
කේට් කුලී ඝාතකයෙක්. එයාගෙ ලොක්කා සහ ගුරුවරයා තමයි වැරික්. කුඩා කාලයේ දෙමාපියන් අහිමිව තනිවෙන කේට්ව ඇතිදැඩි කරල ඔයා තත්ත්වයට පත් කරන්නෙ වැරික්. ඔවුන් පවුලක් වගේ. දිනක් කේට්ට අසනීප තත්ත්වයක් ඇතිවන අතර ඇය සොයාගන්නවා කවුරුහරි ඇයට වස දී ඇති බව සහ ඇයට ජීවත් වෙන්න ලැබෙන්නෙ තව පැය 24 ක් පමණක් බව. ඒ වගේම ඇය දැනගන්නවා ඇගේ අවසන් මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයින් විසින් මෙය කර ඇති බව. තමාට වස දුන් අය සහ මේකට පිටිපස්සෙ ඉන්න පුද්ගලයන් හොයාගෙන පලිගන්න ඇය පටන් ගන්නවා “නොනවතින රැල්ලක්.” මොකද මේ ලෝකයේ ඇයට තව තියෙන්නෙ පැය 24 ක් විතරයි. කේට් විසින් කලින් ඝාතනය කල පුද්ගලයෙකුගේ තරුණ දුවෙක් වන ආනිගෙ සහයත් ඇයට ලැබෙනවා. කේට් තම ඉලක්කය කොහොම සපුරා ගනීවිද? ලේසි වෙන්නෙ නම් නෑ. මොකද ඇය සොයා යන්නෙ ධනයෙන්, බලයෙන් අගතැන්පත් ජපානයේ ඉහළම පවුලක්. ඒත් ඔවුන්ට මේ වෙඩි කෑ කොටි දෙන නැවැත්විය හැකි වෙයිද?

ජය වේවා.

QUALITY
480p – 350 MB
720p – 586 MB – 750 MB – 976 MB
1080p – 1.9 GB

SUB FORMAT – SRT & IDX

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p web 978.05 MB
1080p web 1.96 GB
2160p web 4.75 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (2)
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78

    ඇක්ෂන් ෆිල්ම් එකක් නිසා බලන්න පුළුවන්.
    තෑන්ක්ස් අයියේ සබ් එකට.:smiley:

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    තෑන්ක්ස් සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search