Khamoshi (2019) Sinhala Subtitle

August 31, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසිකයින් හැමෝටම.මුලින්ම මගේ 50වැනි උපසිරැසි කඩයිමට සුභ පතපු හැමකෙනෙක්ටම ස්තූති කරනවා.ඉතින් අද උපසිරැසි ගෙනාවෙ හින්දි චිත්‍රපටයකට.ඉතින් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

මන් හිතනවා ඔයාලා හැමෝම Hush ඉංග්‍රීසි චිත්‍රපටය නරඹන්න ඇති කියලා.ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ Hush චිත්‍රපටය උපයෝගි කරගෙන.නමුත් කතාව වෙනස් අතකට හරවලා තියෙන්නේ.Hush චිත්‍රපටයෙදි සෑරා කියන චරිතේ මතක ඇති ඒ ෆිල්ම් එක බලපු අයට.ඉතින් එයා ගොලුයි වගේම බීරි කෙනෙක්.ඉතින් මේ කතාවේ ඒ චරිතේ නම සුරබි.එයත් ගොලුයි වගේම බිහිරි කෙනෙක්.නමුත් දෙන්නගේ වෙනසකට තියෙන්නේ සෑරා පොත් ලියනෝ සුරබි චිත්‍ර අදිනෝ.ඉතින් කතා දෙක සංසන්ධනය කරලා කිසිම තේරුමක් නෑ.මන් ඔයාලට කතාව කියන්නම්.

ඉස්සෙල්ලා කිව්ව විදියට සුරබි කියන්නේ ගොලු බිහිරි කලා කරුවෙක්.නමුත් මෙයා අනාත කෙල්ලෙක්.ඒත් මෙයාව ලොකු වතුයායක හිමිකාරියක් වන ඇබා විසින් හදාවඩා ගන්නවා.හැබැයි මේ ඇබා මහත්මියට තව පුතෙකුත් ඉන්නවා.ඒත් ඇබා එයාගේ සැමියට කැමති නැති නිසා ඇබා සැමියව දාලා යනවා එයා පවුලෙ අය ගාවට.එතනදි තමා ඇබා සුරබිව හදාගන්නේ.පස්සේ ඇබා මහත්මිය නැතිවුණායින් පස්සේ සේරම දේපළ යන්නේ සුරබිගේ අතට.ඉතින් ඒකට අකමැති අයනම් හුඟාක් ඉන්නවා.ප්‍රධානම අය තමා දෙසායි පවුල.දෙසායි මහත්මය සුරබි පොඩි ළමයෙක් කියලා දේපළ එයාගේ අතට ගන්න බැලුවත් ඒක හරියන්නේ නෑ.ඒවුණාට දෙසායි මහත්මිය මේ වැඩේට මොලේ පාවිච්චි කරනෝ.ඒවගේම කතාවෙදි දේව් කියල චරිතයක් එනවා.ඒතමා ඇබා මහත්මියගේ පුතා.දේව් දරුණු මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්.එයා පිස්සන් කොටුවෙන් කෙනෙකුගේ උදව්වක් ඇතිව පැනලා යනෝ.ඒතමා දේව්ගේ තාත්තා නැත්නම් ඇබාගේ සැමියා හොයාගෙන.ඒ තමා සුරබිව මරලා දෙපළ තමන්ගෙ අතට ගන්න.හැබැයි ඒක දේව්ගේ අරමුණ නෙවේ.ඒක දේව්ගේ තාත්තගේ අරමුණ.දේව්ගේ තාත්තා දේව්ගේ මනස පිස්සු වට්ටලා තියෙන්නේ.දේව්ගේ අම්මා දේව්ව දාලාගියේ මන් හින්දා නෙවේ ඔයා හින්දමයි කියලා බොරු කියවලා එයාගේ කේන්තිය උග්‍ර කරනවා.ඉතින් මන් වැඩිය කියන්න යන්නේ නෑ.ඔයාලට මන් කතාව කිව්ව විදියට ප්‍රශ්න එහම මතුවෙලා තියෙනවා ඇති.දෙසායි මහත්මිය මොලේ පාවිච්චි කරලා ගහන ප්ලෑන මොකක්ද?දේව්ට පිස්සන්කොටුවෙන් පැනගන්න උදව් කළේ කවුද?දේව් දේපළ තමන්ගේ අතට ගනිවිද නැත්නම් දේව්ගේ තාත්තා ඒක අරගනියිද?නැත්නම් මේ සේරම දේවල් වල අනිත් පැත්ත වේවිද? මේ ප්‍රශ්න දුරු කරගන්න නම් අනිවා ෆිල්ම් එක බලලා ඉන්නා.ඒවගේම Hush චිත්‍රපටය බලපු නොබලපු හැමෝටම මේ චිත්‍රපටය ආසාවෙන් බලන්න පුළුවන්.

පැයයි මිනිත්තු විසිහයක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Chakri Toleti විසින්.මේ අවුරුද්දේ ජුනි 24 දින චිත්‍රපටය නිකුත් කර තිබේ.චිත්‍රපටයේ ට්‍රේලරයට ප්‍රසාද ලැබුණ නමුත් චිත්‍රපටයට වැඩි ප්‍රසාදයක් ලැබිල නෑ.IMDb අගය 4.4 අතර ගූගල් පරිශීලකයින් 74%ගේ ප්‍රසාදය දිනාගෙන ඇත.ප්‍රධාන නිළිය ලෙස Tamannaah Bhatia(සුරබි) අතර නළුවා ලෙස Prabudeva(දේව්) රංගනයෙන් දායක වී ඇත.සෙසු චරිත වලට Sanjay Suri, Bhumika Chawla, Beena Banerjee, Akash Khurana, Vipin Sharma වැනි නළු නිළියන් රංගනයෙන් දායක වී ඇත.

ඉතින් තව මුකුත් කියන්න යන්නේ නෑ.හැමෝටම කතාව නරඹන්න කියලා අරාධනා කරලා මගේ කතාව නවත්තනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (9)
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි Thamod Godakanda බ්‍රෝ සබ් එකට.. 👍
    සෑහෙන වේගෙකින් සබ් දෙනවනෙ..සුපිරි ඈ 👊👏
    ජය වේවා.!

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 62

    බොහෝම ස්තුතියි.sub එකට.වගේම.good luck 50 වෙනි sub එකට.ඊලග කඩයිම පහු කරන්න ශක්තිය දිරිය
    ලැබෙවා කියලා පතනවා.

    • amila Unregistered
      Windows Phone 10 Edge 15

      Thanks for sub bro….ayi bro Tamil Telugu movie walata sub karannaththe subzlk wala issarahata me film denakan api balagena inne…..please bro………

  • rajitha Unregistered
    Windows 7 Chrome 76

    Thanks machan……jayawewa…..!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 76

      Request :
      Unplanned (2019)
      Parasite (2019)
      mkvcage.

  • sanjeewa perera User
    Windows 10 Chrome 77

    බොහෝම ස්තුතියි.sub එකට.

  • sakuntha dayadara User
    Windows 10 Chrome 77

    thanks for the sub….

  • Kasun rj Unregistered
    Android 5.1 Chrome 77

    Meke video eka ganna bene.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search