ඔන්න මම තවත් චිත්‍රපටයක් අරන් ආව. මේකෙ ප්‍රධාන නළුව ලෙස ඉන්නෙ David Carradine (මෙයා තමයි ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කුංග්ෆූ කතාවෙ ප්‍රධාන නළුවට හිටියෙත්).කුංග්ෆූ වල එන බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. සටන්කලා පැත්තට බර ෆිල්ම් බලන්න කැමති අයට මේක බලන්න කියල ආරාධනා කරනව...
කතාවට හැරුනොත්, මේකෙ ඛාන් කියල නපුරු හමුදා පාලකයෙක් ඉන්නව හැම වෙලේම මිනිස්සුන්ට කරදර කර කර ඉන්න. මෙයාට කඩු සටන් එහෙමත් හොඳට පුලුවන්. දවසක් මෙයා තමන්ගෙ හමුදාව යොදාගෙන වූඩන්ග් කියන කුංග්ෆූ ශෛලිය පුහුණු කරන ආරාමයකට(ෂැඔලින් ආරාමය වගේ එකක්) පහර දෙනව. මේකෙදි භික්ෂූන් සිය දහස් ගනනින් මරා දානව. මේකෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගුරුවරියක් වන මෙහෙනින් වහන්සේ කෙනෙක්වත් මේකෙදි මරල දානව. හැබැයි මේ මෙහෙනියගේ සමීපතම සිසුවකු වන ක්‍රේන් යන්තන් මේකෙන් දිවි ගලව ගන්නව. මෙයයි තව අලුත් නවක සිසුවෙකුයි විතරයි ඇත්තම කිව්වොත් ආරාමයෙන්ම පණ බේරගන්නෙ. ඉතින් මේ ක්‍රේන් කියන ගෝලයා යනව මේ භයානක ඛාන්ගෙන් පලි ගන්න තමන්ගෙ ජීවිතේ පවා පරදුවට තියල. යන ගමනෙ මේ ක්‍රේන් හෝටල් හිමිකරුවෙක් එක්කත් යාලු වෙනව යම් සිද්දියක් නිසා. මේ හෝටල් හිමිකරුගෙ බිරිඳගෙ මල්ලිව ආගිය අතක් හොයා ගන්න නැතුව ක්‍රේන්ට එයාව හොයන්නත් උදව් කරන්න සිද්ද වෙනව...
ඉතිං ඔයාලම බලා ගන්නකො ක්‍රේන්ට ඛාන්ගෙන් පලි ගන්න පුලුවන් වෙයිද ? ක්‍රේන් හෝටල් හිමිකරුවෙක් එක්කත් යාලු වුනේ කොහොමද ? අර මල්ලිව හොයා ගන්න පුලුවන් වේවිද? ක්‍රේන් පණපිටින් ඉතුරු වෙයිද කියල මේව කරන්න ගිහින් කියලා..
ඉස්සර රූපවාහිනියෙ පෙන්නපු 'දඬුබස්නාමානය' වගේ නිල වලට පහර දෙන කතා වලට කැමති අය මේකටත් කැමති වෙයි. මේකත් ටිකක් ඒ වගේ කියල මට හිතුන බලද්දි. එහෙනම් හොඳ නරක කියල අදහස් එහෙමත් දාගෙන යන්නකෝ..
Spoiler Warning : Kung Fu Killer is a two-part 2008 Mini-series aired on Spike TV and re-uniting Daryl Hannah and David Carradine of Kill Bill fame. The film also includes a lot of eastern Kung Fu talent including Osric Chau...





Windows 10Chrome 57
නියම වැඩක්. ස්තූතියි
Windows 10Chrome 43
ela 😀 😀
Windows 7Firefox 34
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Windows 10Chrome 43
thank u.. 😀 😀 😀