ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත. යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් වහලුන් ලෙස සේවයට යොදාගැනීම එකල බහුලව සිදුවුනි...
ලෝක යුද්ධයේ අවසන් සමයේදි ඩෙන්මාර්කය තම රටේ වෙරළ තීරවල හිට්ලර්ගේ නාසි හමුදා විසින් වලලා තිබූ බිම්බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවලට තමන් සතුව සිටි ජර්මානු යුධ සිරකරුවන් දහස් ගණනක්ව යොදාගත්තේය. ඔවුන්ගෙන් බොහොමයක් හිරිමල් තරුණ වියේ පසුවූවන් වූ අතර අඩු පළපුරුද්ද නිසාවෙන්ම ඔවුන්ගෙන් බොහොමයක් ජීවිතයෙන් සමුගත්තේය.IMDB අගය 7.8 ලබාගත් සහ සම්මාන 21 ලබා තවත් 17කට නිර්දේශවූ මෙම සිනමාපටය එම සිදුවීම් වස්තුබීජය කරගත්තකි. කතාව සැකෙවින් මෙසේය..... බිම්බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සඳහා තරුණ යුධ සිරකරුවන් පිරිසක්ව දරුණු හමුදා නිලධාරියෙකුට බාර කෙරේ. ඔහු තමන්ට සුපුරුදු විලාශයෙන්ම ඔවුන්ට සැලකුවද , සිදුවන යම් යම් සිදුවීම් හේතුවෙන් ඔහුගේ දැඩි සිත කෙමෙන් මෘදු බවට පත්වන අතර ඔහු ඔවුන්ට කාරුණිකව සැලකීමට පටන්ගනී. එහෙත් රාජකාරීමය වශයෙන් ඇති බාධක හමුවේ ඔහුට එය කල හැකිවේද? නිරුවත් දර්ශන අඩංගු නැත...
Spoiler Warning : A group of German POWs are forced to dig up millions of land mines with their bare hands...




Android 5.1Chrome 43
නියමයි සහෝ…
***Good Luck***
Windows XPFirefox 43
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
Windows 7Firefox 34
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Windows XPFirefox 43
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
Windows Phone 8.1Internet Explorer Mobile 11
Good luck bro… Sub ekata thanks.
Windows 7Chrome 56
බොහොම ස්තූතියි !!!
Android 4.4Chrome 33
Site ake sub deela thiyena film set akama patta bn
Sub akath lesatama set wenawa gd luck…
Android 6Chrome 58
සුපිරි ෆිල්ම් එකක් වගෙ බලපු අරම් ස්තුතියි සහෝ හොදම රෙකමන්ට් වගෙ
Android 7Chrome 69
Sib eka mata support wenne ne..nee..machan😟😟
Windows 7Chrome 70
සමාවෙන්න, මිත්‍රයා. මම කලින් සබ් එක හදල තිබුණෙ ASS ෆයිල් එකක් විදියට. මම හිතන්නෙ ඔයා බලනව ඇත්තෙ ෆෝන් එකකින් වෙන්න ඕනෙ, ගොඩක් වෙලාවට ෆෝන් ප්ලේයර්වලට ASS සබ් ගැලපෙන්නෙ නෑ. ඔන්න මම සබ් එක SRT විදියට හදල අප්ඩේට් කලා. දැන් හරියයි. වීඩියෝ පිටපත BLURAY නම් හරියටම හරියනවා, බය වෙන්න එපා. දැන් බලන්න හරිද කියල .
Android 7Samsung Browser 11.1
ගොඩක් ස්තුතියි..
ජයවේවා…!