
ආදරයෙන් බැඳෙන්න නියමිත වේලාවක් නැත
“සල්මාන් ඛාන්ගේ Lucky: No Time For Love (2005)
ෆිල්ම් එකටත් පුළුවන්නම් සබ් එක දෙන්නකෝ.
නියම ෆිල්ම් එකක්. සින්දු ටිකත් නියමයි.
හැබැයි ඒ ෆිල්ම් එකේ හොඳ කොපියක් හොයාගන්න බෑ.
මං ඉන්ටනෙට් එකේ සෑහෙන්න හෙව්වා.
තියෙන්නේ DVDRip කොපි විතරයි.
ඒවායේ කොලිටිය මදියි.
අයියත් පුළුවන්නම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ.”
මම සබ් කරපු “Yeh Hai Jalwa” ෆිල්ම් එකට අපේ ලහිරු සඳරුවන් සොයුරා එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. එහෙම කියද්දි නොකර ඉන්නෙ කොහොමද, නේද? ඉතින් ඒ අනුව ඔයාලට අරන් ආවා, හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky – No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. “ලකී” විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.
මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා.
බලන්න මේ ගීත ටික මතකද කියලා?
01. චොරි චොරි – අල්කා යාග්නික් // සෝනු නිගම්
02. ජාන් මේරි ජා රහී සනම් – උදිත් නාරායන් // අනුරාධා පෝද්වාල්
03. සුන් සරා – සෝනු නිගම්
04. ලකී ලිප්ස් – ආශා බෝස්ලේ
05. ශායඩ් යහී තෝ ප්‍යාර් හේ – ලතා මංගේෂ්කාර් // අද්නාම් සාමි
06. හම් දිවා නේ – සෝනු නිගම් // අනුරාධා පෝද්වාල්
එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද?
ජය වේවා.
QUALITY / 480p – 400 MB / 720p – 1.2 GB
SUB FORMAT / SRT & IDX
♣♣ WEBRip / 480p / 720p ♣♣
Download Links:
Download Direct WEBRip 480P පිටපත 400 MB uptobox Download Direct WEBRip 720P පිටපත 1.2 GB uptobox
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
4.7
0%
0%
Comments: 9
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Supun Kaushalya
ටික දවසකට පස්සේ ආයෙම සබ් එකක් :fire: සුන් සරා සිංදුව පොඩි දවස්වල ඉඳන් ආසම සිංදුවක් ඒත් ෆිල්ම් එක බලල තිබ්බෙ නෑ.. තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් කරන්න
Rasika Samanjith
රාජකාරී වල කාර්‍යබහුල වීම නිසා හෙමිහිට තමයි සබ් කරන්නෙ, සුපුන්. ඒත් ලද හැමවිටම ඔයාල වෙනුවෙන් හොඳ ෆිලුමකට සබ් ගේනවා. සුන් සරා වගේම අනෙක් සිංදුත් පට්ට ලස්සනයි. ෆිල්ම් එක බලන්නකෝ.
Lahiru Sandaruwan
ස්තූතියි කියනවට වඩා බොහොම පිං අයියේ මේ ෆිල්ම් එකට සබ් එක ගෙනාවට. මේ ෆිල්ම් එක පරණ වුණාට මාරම ලස්සනයි. සින්දු ටික නම් කියලා වැඩක් නෑ, සුපිරියි. මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරමටම ලස්සනයි. මේ වගේ පරණ ෆිල්ම් වලට තැනක් දෙන එක ගැන ඇත්තටම සතුටුයි. ඉස්සරහාටත් මේ වගේ හොඳ නිර්මාණවලට සබ් බලාපොරොත්තු වෙනවා.
Rasika Samanjith
අනිවාරෙන් පරණ හොඳ ෆිල්ම් රසිකයන්ට ගෙනත් දෙමු, ලහිරු.
Lahiru Sandaruwan
සල්මන් ඛාන්ගේ Tere Naam (2003) ෆිල්ම් එකටත් පුළුවන්නම් සබ් එක දෙන්න. ඒකත් සුපිරි ෆිල්ම් එකක්.
Tharindu Dilshan
Gadar: Ek Prem Katha (2001) aiye me film ekata sub eka denawada
Rasika Samanjith
ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්. ට්‍රයි එකක් දාන්නම්, සහෝ.
රැග්නා - සිනමා ලෝකය (Direct Link)
Khushi 2003 Hindi filmes akata sub dannako broo
Sanju
—–ස්තූතියි—–
දිගටම කරගෙන යමු ජය ජය……..
Khushi 2003 හින්දි චිත්‍රපට උපසිරස ලබාදෙනවද අයියේ ….