ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම.අද මන් වෙනස් දෙයක් තමා අරන් ආවේ.මොකද අපේ සයිට් එකේ හිංදි,ටැමිල්,තෙලුගු චිත්‍රපටවල උපසිරැසි දෙනවා අඩුයි.ඒ හින්දා මන් හිතුවා අලුතෙන් ආපු මෙ වගේ තෙලුගු චිත්‍රපටියකට උපසිරැසි ගේන්න.මේක මන් දන්න හැටියට නම් HDRip පිටපත release වුණේ මේ ඉරිදා වගේ.කාර්යබහුල වීමත් එක්ක ටිකක් පරක්කු වුණ උපසිරැසිය ඔයාලට ලබාදෙන්න.මන් ඊයේ රෑ තමා මේකේ උපසිරැසිය හදලා ඉවරයක් කළේ.නින්දත් එක්ක ලිපිය ලියන්න බැරි හින්දා පස්සේ අදට වැඩේ කල් දැම්මා.හරි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
Majili (2019)
Shiva Nirvana විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය IMDb මීටරේ 7.6 වැනි අගයකට කරකවා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.ඒවගේම Google පරිශීලකයින්95%ක් පමණ මේ චිත්‍රපටයට කැමැත්ත පළ කරලා තියෙනවා.ඒවගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවයි නිළියයි කැපි පෙනෙන චරිත දෙකක්.මන් එහෙම කිව්වේ වර්තමානයේ ඒ දෙදෙනා මහත්තයයි නෝනයි.ඉතින් කතාවෙත් ඒ දෙන්නා මහත්තයයි නෝනයි චරිතේ තමා කරන්නේ.ඉතින් ඒ දෙන්නා කවුද?ප්‍රධාන නළුවා Naga Chaitanya එහෙමත් නැත්නම් Naga Akkineni.මොහු කතාවේ පූර්ණා කියන චරිතයකට පණ පොවනවා.ඒ වගේම ප්‍රධාන නිළිය Samantha Ruth Prabu එහෙමත් නැත්නම් Samantha Akkineni.ඇය කතාවේ නම් ස්‍රාවනි කියන චරිතෙට පණ පොවනවා.ඒවගේම තව කෙනෙක් තමා Divyanka Kaushik.ඇය අන්ෂු කියන චරිතෙට පණ පොවනවා.ඒවගේම Divyanka Kaushik ගේ රග දක්වන පළවන චිත්‍රපටය තමා මේ.ඉතින් දැන් පොඩ්ඩක් කතාවේ මොන වගේ එකක්ද කියලා කියන්නම්.
මේ කතාව අනිවා කියන්න ඕන Romantic කියලා.අපි දන්නවා අපේ ජීවිතේට ගොඩක් ලස්සන දේවල් ලැබෙනවා හැබැයි මොකක්දෝ අවාසනාවාකටවත් ආයේ ඒ දේ අපෙන් නැති වෙනවා.ඉතින් මේ කතාවේ පූර්ණා කියන්නේ ක්‍රිකට් වලට පට්ටම ආස කොල්ලෙක්.ඉතින් මුගේ වැඩේම තාත්තා රෑ වැඩ කරද්දි යාලුවෝ එක්ක රෑට මැට්ච් එක බලන එක.ඉතින් මොකක් හරි කරුමෙකට ඒ කොලනියේ ට්‍රාන්ස්ෆෝමරේට බඩු සෙට් වෙණෝ.ඉතින් ට්‍රාන්ස්ෆෝමරේ හදන්න පුළුවන් මේ කොලනියේ ඉන්න එකම කොල්ලා ඉතින් පූර්ණා තමා. ඉතින් මූ ඒක හදන්න කළුවරෙ යාලුවෝ එක්ක යද්දි මුට මල වසංගතයක් වෙන එකෙක් තමා ඉස්සරහ ගෙදර ඉන්න මාමා.එයා ඉතින් හැමවෙලේම පූර්ණට දොස් කියන එක තමා පුරුද්ද වෙලා තියෙන්නේ.හැබැයි ඒ අස්සේ එයාගේ දුව පූර්ණට හොරෙන් ආදරේ කරනෝ පූර්ණට නොදැනෙන්න.ඒ අතරේ පූර්ණට තව කෙල්ලෙක් ආදරේ කරනෝ ඒ තමා අන්ෂු.එයාව සෙට් වෙන විදිය නම් හරිම ලස්සන තැනක්.ඒවගේම පූර්ණත් ආදරේ කරන්නේ අන්ෂුට.දැන් ඉතින් මොකද වෙන්නේ?ඉස්සරහ ගෙදර මාමගේ දුවත් පූර්ණට ආදරෙයි,අන්ෂුත් පූර්ණට ආදරෙයි ඒ එක්කම පූර්ණත් අන්ෂුට ආදරෙයි.ඉතින් මේක පටලැවිල්ලක් වගේ ඉස්සරහට යන්නේ.ඉතුරු ටික ඉතින් කතාව බලලම දැනගන්න.ඒවගේම මේකේ ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා.
තව ඉතින් ටයිප් කරන්න බෑ.මෙතනින් නවත්තන්නම්.හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.
TamilRockerss HDRip පිටපත් සදහා මෙම උපසිරැසිය ගැළපෙනු ඇත.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Sub 1ta ස්තුතියි සහෝ ❤
Thanks…
Thnks bro sub ekata
Thank bro…..
Thanks..!
Request: The axiom 2019
Tumbaa 2019
Anukta 2018
Aa Karaala Ratri 2018
හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.