The Man From Earth (2007) Sinhala Subtitle
ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ ෆිල්ම් එක ගැන ඊ මේල් එකක් මගින් දැනුම්දීපු හිරාන් සහෝදරයට, එයා නැත්තම් මට කවදාවත් මේක බලන්න ලැබෙන එකක් නෑ බොහෝවිට. ඉතින් හිරාන්ගේ ඒ වටිනා ඉල්ලීම ඉටුකිරීමයි මේ.
මුලින්ම කියන්නෙ ඕනෙ මේක ලංකාවේත් ප්‍රධාන ආගම් දෙකක් දෙස වෙනස් කෝණයකින් බැලීමක්. ඒ වගේම දැඩිව මතභේදයට තුඩුදිය හැකි කරුණු කාරණා ඇතුලත් මේ චිත්‍රපටයට.
මාත් පෞද්ගලිකව යම් ආගමක් අදහන, සියලු ආගම්වලට එකසේ ගරු කරන ඒවායේ ඇති ජීවිතයට වටිනා දේ ජීවිතයට එක් කරගන්න කැමති කෙනෙක් . ඒ නිසා මේක හුදෙක් පරිවර්තනයක්ම මිස මගේ මතය නොවන අතර දැඩි ආගමික මතයක නොසිට විවෘත මනසකින් චිත්‍රපටය නරඹන ලෙස නරඹන හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නත් කැමතියි, මොකද ගොඩක් අය ආගම කියන කාරණයේදි බොහොම සංවේදී නිසා.
ඒ කොහොමවුණත් විද්‍යා ප්‍රබන්ධවලට ප්‍රිය කරන රසිකයන්ට මේක අලුත්ම අත්දැකීමක් වෙයි. ඒ වගේම මේ චිත්‍රපටය හොඳ නිදර්ශණයක් උසස් චිත්‍රපටයක් හදන්න සුන්දර ආකර්ෂණීය දර්ශන තල, පසුබිම් වගේ දේවල් ඒතරම්ම වැදගත් නොවෙන බවට. මම එහෙම කිව්වෙ මේ මුළු චිත්‍රපටයේම දර්ශණ තලය විදියට භාවිතා වෙන්නෙ නිවසක සාලයක් පමණක් නිසා. රූගත කරල තියෙන්නෙත් පැනසොනික් DVX100 කැම්කෝඩර් දෙකක් පමණක් භාවිතා කරමින්.12 angry men( 1957) බලපු අය ඉන්නවනම් මේකත් ඒ වගේම ෆිල්ම් එකක්.
වෙන වෙන කතා කිව්වට මම තාමත් චිත්‍රපටයේ නම කිව්වෙ නෑනෙ. 2007 වසරේදී ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ චිත්‍රපටයක් ලෙසද සැලකෙන මෙය නමින් The Man from Earth (2007) නොහොත් පෘතුවියෙන් ආ මිනිසා. මෙහි අධ්‍යක්ෂණය (Richard Schenkman ) රිචඩ් ෂෙන්මන්ගෙන් . තිර රචනය ජෙරොම් බික්ස්බි (Jerome Bixby )ගෙන්, ඔහු Star Trek: The Original Series එකේ කොටස් කීපයකටම තිර රචනයෙන් දායක වුණ අයෙක්. ඔහු විතරක් නෙමෙයි තව මේ චිත්‍රපටයට සම්බන්ධ කීපදෙනෙක්ම ස්ටා-ට්‍රෙක් කතාමාලාවට විවිධාකාරයෙන් සම්බන්ධ අය. Imdb අගය ගැනත් කියන්නම ඕනනෙ, ඔවුන්ගෙන් මේ චිත්‍රපටයට හිමිවුණ අගය 7.9ක්. ඒ විතරක් නෙමෙයි Rotten Tomatoes අඩවියෙන් 85% ක අගයකුත් ගූගල් පරිශීලකයන් 95%ක අගයකුත් ලබාගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන 5ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා. මගේ නීරස ලිපිය දැන් ටිකක් දිග වැඩියි වගේ නිසා දැන් අපි යමු කතාව පැත්තට. මේ කථාවේ කතානායකයා නමින් ජෝන් ඕල්ඩ්මන්. ඔහු ඉතිහාසය සම්බන්ධ ආචාර්යවරයෙක්. ඔහු මේ වනවිට වසර 10ක් පුරා තමන් සේවය කල සරසවියෙන් ඉවත්වෙලා වෙනත් ප්‍රදේශයක පදිංචියට යන්න සූදානමින් ඉන්නෙ. නමුත් වසර 10ක් පුරා තමන් සමග එකට සේවය කල මේ මිත්‍රයට නිකම්ම යන්න දෙන්න ඔහුගේ මිතුරු මිතුරියන්ගෙ සූදානමක් නෑ. ඔවුන් තෑගිබෝග එහෙම අරගෙන එනවා ජෝන්ට සමුදෙන්න. ඒ අතරෙ අහම්බෙන් මේ උගත් මිත්‍රයො පිරිස පටන්ගන්නවා සාකච්ජාවක්. හැබැයි ටිකෙන් ටික මේ කතාව ඇදීගෙන යන්නෙ ඔවුන් සිහිනෙන්වත් නොසිතූ දිශාවකට. ඉතිරි කතාන්දරය නැරඹීම ඔයගොල්ලන්ට බාර කරමින් මම ගිහින් එන්නම්. ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.
විශේෂයි :-
මේ චිත්‍රපටය කිසිදු ගැටලුවක් නැතිව පවුලේ සියලු දෙනා සමග නරඹන්න පුළුවන් .
මෙව ගෙ ජිවිතය ගැන කතාකරන ගැබුරැ තෙමා තියන නිර්මාන බලන්න හුරැ උනෙ hbo වලට පින්සිද්ද වෙන්න westworld,true detective,six feet under වගෙ කතා බැලුව නිසා මගෙජිවිතෙ හොද වෙලාවල් තියනවද ඇහුවොත් එකතා බලපු වෙලාවවල් කියන්න පුලුවන් මෙව ඉතිං පැනිහට්ටි වගෙතමා මට එක නිසා ඔයාටයි මෙක හොයල දුන්න මල්ලිටයි ගොඩාාාක් ස්තුති යාලුව9:-):-)
ඔයාගෙ මතයත් එක්ක මමත් 100%ක්ම එකඟයි. මම විශ්වාස කරන්නෙ ආගම් නිර්මාණය වෙන්නෙ ඇත්තෙ මිනිසා කියන ඉවක්බවක් නැති සත්වයාව පාලනය කරන්නයි . “ආගම නොමැතිකල මිනිසා තරම් තිරිසනෙකු තවත් නැත” කියල කියමනකුත් තියනවනෙ, ඒ නිසා මිනිසාව පාලනය කරන්න ආගමක් යම් තරමකින් යහපත් බලපෑමක් බව මම විශ්වාස කරනවා. නමුත් ඒවට කාලෙන් කාලෙට විවිධ ගැලපෙන සහ නොගැලපෙන දේවල් එක්වීමෙන්, ආගමික නායකයන්ගෙ විවිධ මතභේද, ආත්මාර්ථකාමී අරමුණු සහ මෝඩකම් නිසා කොටස්වලට කැඩිලා මුල් අරමුණෙන් සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා විකෘති වුණ ආගම් තමයි අද තියෙන්නෙ.
කොහොමවුණත් මේ වගේ මාතෘකා ගැන නිර්භයව කතාකරන චිත්‍රපට (PKත් ඇතුළුව) නිර්මාණය වීම අපිටත් ඒ ගැන අලුතින් හිතන්න හොඳ අවස්ථාවක්, නමුත් තම තමන්ගේ ආගම් පමණක් නිවැරදියි කියල විශ්වාස කිරීම ඇරෙන්න , ඒ ගැන තර්කානුකූලව හිතන අය බොහොම අඩුයි. කණගාටුවට කාරණේ වෙන්නෙ මිනිසාගේ තර්කාණුකූල බුද්ධිය වර්ධනය කරන්න ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් බහුතරයක් ජනමාධ්‍යයන් සහ ආගමික නායකයන් පවා අද කරන්නෙ මිනිසාගෙ බුද්ධිය පොඩිපට්ටම් කිරීම වීමයි. හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා, තවත් දවසක හමුවෙමු 🙂
මම කියන්න try කරපු කාරනාව හරියටම හරිම,මම කියන්නම හදපු point එකෙන් ඔයා තෙරැම් අරන්තියනව සහෝ.එවගෙ තෙරැම් ගන්න පුලු කෙනෙක් එක්ක මෙගැන වචනයක් හරි කතාකරන්න ලැබිච්ච එ ක ගොඩක් සතුටුයි
දෙවියන්ගෙන් මිනිස්සු කරන මුලිකම දෙ එක එක එවා ඉල්ලන එක.එත් දොඩම් ඉල්ලුවොත් ඉල්ලපු වෙලාවට ඉල්ලපු තැනදි ඉල්ලපු වෙලාවට(ebay,amazom වලින් ඉල්ලුවොත් ඉහත ඔක්කොටම අනුව ලැබෙයි,එතකොට එවාගෙන් ඉල්ලන එක දෙවි පිහිටට වඩා සාර්තක නැද්ද) හබ්බ වෙච්ච කවුරැත්නැ දෙවියන්ගෙන ඉල්ලුවෙත් ලැබෙන වදකියව research එකක් කරොත් ඉහත දොඩම් ගෙඩිය යොදාගෙන ප්‍රතිපලය හැමොම දන්නව.pk වලත් එවගෙ තැනක් තියනව පෙන්නන්න හදපු.මිනිහ යතුරද මොකද්ද එක හොයලදෙන්න දෙයින්ගෙන් ඉල්ලන්න යනකොට,එ දෙවාල වලටම යන මිනිස්සු අහනව තමුසෙ බිලද කියල(pk කියන එකෙ තෙරැමත් එකනෙ)හිතන්න මම toothbrush එක නැති උනා දෙයියන් ගෙන් ඉල්ලන් යනව කියන මිනිස්සුම රස්සාවක්,ලමයෙක් වගෙ දෙයක් ගැන කියනකොට දෙවාල වලට යන පාරත් කියයි
කියන කොට හිනාවෙන(එක මිස් උනා);-);-)
කෙනෙක් හිතයි මම අදෙව වාදියෙක්කියල එහෙම නෙමෙයි මම කියන්න හැදුවෙ එහෙම දෙවිකෙනෙක් හිටියොත් අපිට වෙන කිසිම දෙයකට එ අය වගකියන්න බැදිලනැ.ඉල්ලන පලියට දෙන්නවත් අපෙ ප්‍රශ්න වලට වගකියන්නවත් මෙ දෙවියන් කියන්නෙ අපි හදාගත්ත වැරදි සංකල්පයක් මම හිතන්නෙ හරියට වයිරස් එකක්නිසා හැදෙන පැපොලට දෙයියන්ගෙ ලෙඩකියනව වගෙ.එහෙම උදව්වට එන දෙවකෙනෙක්නැ ඇහිල්ලත් නැ(ආවනම් ටිවි එකෙ පෙන්නවනෙ,මිනිස්සු මිනිස්සුගෙ උදව්වට ආපුවනම් ඔනතරම් තියනව,සත්තු පවා එහෙම එනව ඉන්නවනම් දෙවිවරැඑගැන ලැජ්ජවෙන්න ඔනි)pk වල උනත් උදව්වට එන්නෙ මිනිස්සු වෙච්ච අනුෂ්කයි, ගම්‍ෙගොඩෙ හද්දපිටිසර දත් අයියයි.
100% එකඟයි සෑම්. අපේ අය ඕව කොච්චර විශ්වාස කරනවද කියල බලන්න තිබුණ අපි දෙන්න මේ මාතෘකාව ෆෝරම් එකක ඇදගත්තනං. දෙන්නටම බැනුම් එහෙම අහගන්න තිබුණ හොඳට ?.
?????
me wage supiri movies demu machoooo
බොහොම ස්තුති සින්හල උපසිරසියට…
November criminals ekata blue ray sub denna ko
උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුති සින්හල උපසිරසියට
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ