Mile 22 (2018) Sinhala Subtitle

November 01, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් රෝලන්ඩ් සහ ලී කාපෙන්ටර්ගෙන්, තිරරචනයත් ලී ගේමයි. රංගනයෙන් දායක වෙන පිරිස මෙහෙමයි. මාක් වොල්බර්ග් (ජේම්ස් ‘ජිමී’ සිල්වා), ලෝරන් කොහන් (ඇලිස්), The Raid:Redemption (2011) චිත්‍රපටයෙන් අපි හැමෝගෙම මතකයේ රැඳුණ ඉන්දුනීසියානු නළු ඉකෝ උවෙයිස් (ලී නූර්), ජෝන් මැල්කොවිච් (බිෂොප්), රොන්ඩා රොසි (සෑම්), කාලෝ ඇල්බන් (විලියම් ‘ඩගී’ ඩග්ලස්), සෑම් මෙදීනා (ඇක්සෙල්), පූර්නා ජගනාතන් (බ්‍රේඩි), ජෙනික් හෙන්ඩ්‍රික්ස් (kනයිට්), කීත් ආතර් බෝල්ඩන් (කිං) ඇතුළු පිරිසක්. ලබා ඇති IMDB අගය 6.1ක්. Rotten Tomatoes අගය 24%ක්, ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් ලබා තිබෙනවා ඊට අමතරව. මේ වගේ අඩු අගයක් ලබන්න හේතුව මම හිතන්නෙ චරිත ගොඩනැගීම පැත්තෙන් අසාර්ථකවීම වෙන්න ඇති. මෙය චිත්‍රපට මාලාවක් කිරීමේ අදහසක් ඇති බව මෙහි නිර්මාණ-කරුවන් ප්‍රකාශ කරලත් තියනවා. ඒ අතින් ගත්තම මෙහි චරිත මීට වඩා සාර්ථකව අපිට අඳුන්වා දෙන්න තිබුණ කියල මටත් හිතෙනවා. තව මේකෙ කැමරා කෝණ එහෙමත් ඉතාම වේගයෙන් මාරු වෙනවා වෙලාවකට ඇහැට වදයක් තරමටම. දෙබස් වුණත් එහෙමයි ඉතාම වේගවත්. විශේෂයෙන්ම මාක් වොල්බග්ගෙ දෙබස්. හැබැයි ක්‍රියාදාම අතින්නම් කිසිම අඩුපාඩුවක් නෑ. විශේෂයෙන්ම ඉකෝ උවෙයිස්ගේ සටන් දර්ශන එහෙම හොඳටම කරල තියනවා. ඒ වගේම කියන්න ඕනෙ මෙහි චිත්‍රපටයේ කතාව ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ ඉන්දුනීසියාවේ සිදුවීම් මාලාවක් වටා. හැබැයි ඊට අදාල සියලු රූගත කිරීම් කරල තියෙන්නෙ කොලොම්බියාවේදී. ඒ වුණත් තමන් මේ දකින්නෙකොලොම්බියාව බව ප්‍රේක්ෂකයාට නොදන්වන්නට නිර්මාණකරුවන් ඉතා සාර්ථක ලෙස සමත්ව තිබෙනවා කීප තැනකදී හැරුණවිට. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට. ආ…නරඹද්දි මතක තියාගන්න මේකෙ දෙබස්වලදි “අම්මා” කියල පාවිච්චි වෙන්නෙ මෙහි එන ඕවවොච් කණ්ඩායමේ කේත නාමය. මම ඒක Mother විදියටම නොතියා අම්මා විදියට පරිවර්තන කරල දැම්මෙ හේතුවක් ඇතිව. නරඹද්දි ඕගොල්ලන්ට තේරෙයි. දැන් යමු අපි කතාව පැත්තට.

ජේම්ස් සිල්වා, ඔහු විශේෂ මෙහෙයුම් නිලධාරියෙක්. සේවය කරන්නෙ ඉන්දුනීසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට අනුයුක්තව. ඔහු තමන් වැනිම තවත් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙක්. තම කණ්ඩායමේ සාමාජිකාවක්ට ලැබෙන ඔත්තුවක් අනුව, සොරකම් කරන ලද සීසියම්-139 නම්වූ විකිරණශීලි රසායන බෝම්බ අමුද්‍රව්‍යයක් සොයායාමේ මෙහෙයුමකදී ඔවුන් අසාර්ථක වෙනව. අ…දැනට අපි එහෙම කියමුකො. මෙයින් කුපිත වෙන ජේම්ස් සිල්වා මේ ඔත්තුකරු කවුද  කියල හොයද්දි, මේ සාමාජිකාව ඔහුට කියනවා ඔත්තුකරු ලී නූර් නම් ඉන්දුනීසියානු පොලිස් විශේෂ බළකා සෙබළෙක් බව. මේ අතරවාරෙයි ඔහු ඇමරිකානු තානාපති කාර්යාලයට එන්නෙ. ඔහු කියනවා තමන්ට ඇමරිකාවේ දේශපාලන රැකවරණ අවශ්‍ය බවත්, එසේ කලහොත් සීසියම් ඇති ස්ථාන නිවැරදිවම ඔවුන්ට දන්වන බවත්. නමුත් මේ අතරවාරෙමයි ඉන්දුනීසියානු රජයත් මේ විශේෂ බළකා සෙබලා පසුපස එලවන්න ගන්නෙ. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. ජේම්ස් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඕවවොච් නම් ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායමක සහය මධ්‍යයේ, තමන්ට ආගන්තුක විදෙස් රටක් තුල යන, සැතපුම් 22ක අවධානම් ගමන නරඹන්න ඔබට ආරාධනා කරමින් මම මෙතනින් නවතින්නම්. හමුවෙමු අපි තවත් චිත්‍රපටයක උපසිරැසි සමග ලඟදීම!

  • උපසිරැසි ගොණුව තුල ‍WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වය සඳහාම උපසිරැසි අඩංගුය. ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපත සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY පිටපත සඳහා වේ.

CIA operative James Silva leads a small but lethal paramilitary team on an urgent and dangerous mission. They must transport a foreign intelligence asset from an American embassy in Southeast Asia to an airfield for extraction — a distance of 22 miles. Silva and the soldiers soon find themselves in a race against time as the city’s military, police and street gangs close in to reclaim the asset.

Download Links
720P
TOR
720P
TOR
Available Torrents
720p bluray 814.29 MB
1080p bluray 1.52 GB
720p web 811.11 MB
1080p web 1.52 GB
2160p web 4.2 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (29)
  • Leo Praba Unregistered
    Windows 10 Chrome 70

    U Are the first in every time,Gr8 keep it up…!!

  • Nuwan Janith Weerasinghe Unregistered
    Android 8 Chrome 69

    thanx very much

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    Onna Mile baluwa..supiri😍

    • shashika Unregistered
      Windows 8.1 Chrome 70

      patta bro thankz sub ekata

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

  • Chamilka Maduwantha New Subtitler
    Android 5 Chrome 63

    Well done keep it up broo

  • sanj Unregistered
    Android 6 Chrome 67

    ko bn film eka

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56

      ලින්ක් ඩෙඩ් වෙලා තිබුණෙ, ඔන්න අප්ඩේට් කලා. ක්ලවුඩ් අප්ලෝඩ් කරපුව වැඩිකල් තියෙන්නෙ නෑනෙ කොපිරයිට් කේස් එන නිසා අයින් කරනව.

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    BluRay Awaa.updated ekak danna…nawata parak tv ekama balanna.ona.. meka aru mara gamak ne dila yanna… 😊

  • indika Unregistered
    Windows 7 Chrome 70

    Thank you

  • Navod tharidu Unregistered
    Android 7 Samsung Browser 7.4

    Ptta sho gdk thnkz sub akata

  • Dimuthu Unregistered
    Android 4.4 Chrome 70

    Thnkz brother❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search