• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle

2018/10/07 at 7:00 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ක්‍රියාදාම චිත්‍රපටවලට ඇලුම්කරන බොහෝදෙනෙක් මේ වසරේ මග බලමින් සිටි චිත්‍රපටයක්. ඒ තමයි Mission Impossible චිත්‍රපට මාලාවෙ හයවැන්න Mission Impossible:Fall out (2018). මේ චිත්‍රපටය මට බාරදෙන්නෙ අපේ කවීෂ සහෝදරයා. ඉතින් ඔහුට මුලින්ම ස්තූති කරලම මම කතාව පටන්ගන්නම්.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. මුලින්ම කියන්න ඕනෙ. මේක චිත්‍රපට පෙලක හයවැන්න නිසා මුල් චිත්‍රපට පහ නරඹල නැත්නම් අනිවාර්යයෙන්ම නරඹල ඉන්න. මොකද මේ චිත්‍රපට සියල්ල එකකට එකක් සම්බන්ධයි චරිතවලින් සහ ඒ ආශ්‍රිත සිදුවීම්වලින්. විශේෂයෙන්ම Roaugh Nation (2015). බලල තියන අයටත් නැවත මතක් කිරීමකුත් විදියට මම මුල් චිත්‍රපට පහ කෙටියෙන් විස්තර කරන්නම් මේ විදියට.

Mission: Impossible (1996)

අධ්‍යක්ෂණය - බ්‍රයන් ඩි පාමා

IMF (Impossible Missions Force) කියන්නෙ අතිශය රහස්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු CIA (Central Intelligence Agency) සංවිධානය විසින් සැකසූ නිල නොවන,ඉහල පුහුණුවක් ලද මෙහෙයුම් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. තරුණ ඊතන් හන්ට් මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. එක් මෙහෙයුමකදී ඔහුගේ කණ්ඩායම් උපදේශක ජිම් පෙල්ප්ස් ඇතුළු සියලු දෙනා මියයනවා. ඊතන් හන්ට් ඇරෙන්නට. මෙයින් වෙන්නෙ IMF අධ්‍යක්ෂවරයාගේ සැකයට ඔහු භාජනය වීම, වෙන කරන්නට දෙයක් නැති නිසා හන්ට් IMFවෙතින් පැනයනවා මේ සිදුවූ සිදුවීමේ අගමුල සොයාගන්නට සහ තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට. මෙතනදියි ඔහුට හිටපු IMF හැකර්වරයෙක් වන ලූතර් ස්ටිකල්ව මුණගැහෙන්නේ. කෙසේ හෝ මැක්ස් නම් ආයුධ ජාවාරම්කාරිණියක් (ඇය සම්බන්ධයි නව චිත්‍රපටය ) හා වැඩකරමින් හන්ට් සමත් වෙනවා තම කණ්ඩායමේ මරණයට වගකිවයුත්තා උපදේශක ජිම් පෙල්ප්ස් බවත් ඔහු හා මැක්ස් අතර සම්බන්ධයක් ඇති බවත් IMF ප්‍රධානියාට ඔප්පු කර පෙන්වන්නට. අවසානයේ ලූතර්ව සහ හන්ට්ව නැවතත් IMFහි සේවයේ පිහිටුවන්නටත් CIA සංවිධානය කටයුතු කරනවා. නමුත් ඒ ගැන හරි තීරණයක් ගත නොහැකිව දෙගිඩියාවකින් සිටින ඊතන් හන්ට්ට දෙවෙනි මෙහෙයුමට ඇරයුම් ලැබෙන්නට වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ.

Mission: Impossible II (2000)

අධ්‍යක්ෂණය - ජෝන් වූ

හන්ට්ට මෙවර ලැබෙන මෙහෙයුම වෙන්නෙ ත්‍රස්තවාදියෙකු වන ෂෝන් ඇම්බ්‍රෝස් විසින් ලෝකයට මුදාහරින්නට සූදානම්වන ලෝක ජනගහනයෙන් බහුතරයක් සමූල ඝාතනය කර දැමිය හැකි වයිරසයක් මුදාහැරීම වැළැක්වීම. අවසානයේ ඒ මෙහෙයුමත් සාර්ථක කරගන්නට හන්ට් සමත්වෙනවා.

Mission: Impossible III (2006)

අධ්‍යක්ෂණය - ජේ.ජේ. ඒබ්‍රම්ස්

මේ වනවිට හන්ට් සෘජු මෙහෙයුම්වලින් ඉවත්ව, තරුණ IMF නිලධාරීන් පුහුණු කරමින් ජීවිතය ගත කරනවා. ඔහු මේ වන විට විවාහ ගිවිසගෙනයි ඉන්නෙ. ඒ වෘතියෙන් හෙදියක් වන ජූලියා මේඩ් සමග. හැබැයි හන්ට්ගෙ සැබෑ වෘතිය ජූලියා දන්නෙ නෑ. ඇය සිතන්නෙ හන්ට් රථවාහන පොලිස් නිලධාරියෙක් කියලයි. කොහොමහරි හන්ට් ජූලියා යුවල මේ විදියට සාමාන්‍ය ජීවිතයක් ගෙවාගෙන ඉන්න අතරෙ හන්ට්ගේ ශිෂ්‍යාවක් වන ලින්ඩ්සි ෆැරිස් රහස් මෙහෙයුමක් අතරතුර හසුවෙනවා. ඒ ඔවන් ඩේවියන් නම් අපරාධකරුවෙක්ට. හන්ට් එකඟ වෙනව ඇයව බේරාගන්න යන්න. එහෙත් එහිදී ලින්ඩ්සි මියයනවා ඩේවියන් විසින් ඇගේ මොලයට ඇතුල් කල පුපුරණ කැප්සියුලයක් පුපුරායාමෙන්. හන්ට් එතනදී දිවුරනවා ඔවන් ඩේවියන්ගෙන් පලිගන්නා බවට. මෙතනදි තමයි බෙන්ජි ඩන් නම් තාක්ෂණ ශිල්පියා හන්ට්ට එකතුවෙන්නෙ. කෙසේ හෝ ඩේවියන්ව අල්ලාගන්නට යන හන්ට් ඇතුළු කණ්ඩායම ප්‍රහාරයකට ලක්වන අතර ඩේවියන් පලා යනවා. ඒ වනවිටත් හන්ට්ගේ බිරිඳ ජූලියාව පැහැරගෙන ගොස් සිටින ඩේවියන් හන්ට්ට කියනවා රැබිට් ෆුට් නම් සුපිරි ආයුධය සොරකම් කර ගෙනත් දුන්නොත් බිරිඳව ආපසු ලබාගත හැකි බව. කෙසේ හෝ දැඩි සටනකින් පසුව ජූලියාව බේරාගන්නට හන්ට් සමත්වන අතර ඔවුන් නැවතත් සුපුරුදු ලෙස ජීවත්වෙනවා.

Mission: Impossible – Ghost Protocol (2011)

අධ්‍යක්ෂණය - බ්‍රැඩ් බර්ඩ්

තමන්ගෙ මේ අවධානම් වෘතිය නිසා ජූලියාගේ ජීවිතය අවධානමේ බව වටහාගන්නා හන්ට් ඇය මියගිය බවට හඟවා තම ජීවිතය IMF එකටම කැප කරනවා. ඔය අතරෙ හන්ට්ට මීලඟ මෙහෙයුම ලැබෙනවා ඒ තමයි රුසියාවේ ක්‍රෙම්ලිනයට ඇතුළුවී කර්ට් හෙන්ඩ්‍රික්ස්  කොබාල්ට්) නම් ආයුධ ජාවාරම්කරුවෙක් ගැන තොරතුරු අරගන්න එක, ඔහු න්‍යෂ්ටික ආයුධයක් අත්පත් කරගැනීමට වෙරදරන අයෙක්. ඉතා අසීරු මෙහෙයුමකින් පසුව හන්ට් ක්‍රෙම්ලිනයෙන් පැනගන්නවාත් සමගම ක්‍රෙම්ලිනය පුපුරා යන අතර එම ප්‍රහාරයේ චෝදනාව එල්ලවෙන්නෙ එක්සත් ජනපද රජයට සහ හන්ට්ටයි. මෙතනදියි විලියම් බ්‍රැන්ඩ්ට් කතාවට එකතුවෙන්නෙ හන්ට්ගේ නව ප්‍රධානියාගෙ සහයකයා විදියට. කෙසේ හෝ ජාත්‍යන්තර බලපෑම් හමුවේ එක්සත් ජනපදය විසින් තමන් IMF ක්‍රියාකාරකම් ගැන කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කරන අතර හන්ට්ට සැඟවී සිටින්නට සිදුවෙනවා. හැබැයි ඔහු මේ න්‍යෂ්ටික අවියක් සොයන කර්ට් ගැන සෙවීම කරගෙන යන්නට ඔහුට අවසර ලැබෙනවා. මේ අතරෙදියි අපිට දැනගන්න ලැබෙන්නේ විලියම් බ්‍රැන්ඩ්ට් යනු ජූලියාගේ ආරක්ෂාව සඳහා රහසින් පත්කර සිටි අයෙකු බවත්, ඔහු මේ ක්ෂේත්‍ර මෙහෙයුම්වලට එක්වී සිටින්නේ ඇයගේ මරණය (හන්ට් විසින් ව්‍යාජ ලෙස සැලසුම් කල) ඇතිවූ සංවේගය නිසා බවත්.කෙසේ හෝ විලියම් බ්‍රැන්ඩ්ට්ගේත් උදවු ඇතිව හන්ට් සමත් වෙනවා සැන් ෆ්‍රැන්සිස්කෝව දවා අළු කරන්නට ඔන්න මෙන්න තිබියදී කර්ට් හෙන්ඩ්‍රික්ස්ව නවත්තන්න. IMF සහ එක්සත් ජනපදය සියලු චෝදනාවලින් නිදහස් වන අතර IMF ආයතනය නැවතත් පිහිටුවනු ලබනවා. තමන් ජූලියාගේ ආරක්ෂාව බාරව සිටි තැනැත්තා බවත් ඇයගේ මරණය ගැන තමන් කණගාටුවන බවත් මෙතනදී බ්‍රැන්ඩ්ට් හන්ට්ට පවසනවා. හන්ට් ඔහුට පවසන්නේ ඒ ගැන කණාගාටු වීමට දෙයක් නැති බවත්, ඇයගේ මරණය ව්‍යාජ එකක් බවත්, තමන් එසේ කලේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ඇයට නව අනන්‍යතාවක් ලබා දීමට බවත්. අවසානයේදී අපි දකින්නෙ හන්ට් පටන්ගන්නවා 'සින්ඩිකේටය' නම් ජාත්‍යන්තර අපරාධ සංවිධානයක් පස්සෙ යන්න.

Mission: Impossible – Rogue Nation (2015)

අධ්‍යක්ෂණය - ක්‍රිස්ටෝපර් මැක්වරි

චිත්‍රපටය ආරම්භයේදී හන්ට්ව මෙහෙයුමකට යවනවා. ඒ IMF එක විසින් යැයි ඔහු හිතාහිටියත් ඇත්තටම එය 'සින්ඩිකේටය' විසින් එවූ එකක්. එහි නායක සොලමන් ලේන් විසින් තරුණ නියෝජිතවරයෙකු තමන් ඉදිරියේම මරා දමනවා දකින්නත් හන්ට්ට සිදුවෙන අතර ඔහු සින්ඩිකේටයේ අත්අඩංගුවට පත්වෙනවා. නමුත් ඔහුව නිදහස් කෙරෙනවා සින්ඩිකේට සමාජිකාවක විසින්. ඇය තමයි ඉල්සා ෆොස්ට්. හන්ට්ට පසුව දැනගන්න ලැබෙනවා ඇය බ්‍රිතාන්‍ය MI6 බුද්ධි අංශයේ සමාජිකාවක බවත්, ඇයට බාර රාජකාරිය මේ සින්ඩිකේටය අවසන් කර දැමීම බවත්. නමුත් MI6 ප්‍රධානී ඇත්ලී ඇයව පාවාදෙන නමුත් හන්ට් ඇයට උදවු කරනවා සින්ඩිකේටය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇත්ලී විසින්ම ඇටවූ එකක් බව සොයාගැනීමෙන්. ඉන්පසු හන්ට් සහ ඉල්සා ෆෝස්ට් එක්ව ඇත්ලී සහ සොලමන් ලේන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන සින්ඩිකේටය විනාශ කරදමන්නට සමත් වෙනවා.

ඉහත සියල්ල හොලිවුඩ් රිපෝටර් අඩවියේ මෙම ලිපියේ පරිවර්තනයකි.

 Mission Impossible : Fallout (2018)

ඔන්න මෙවරත් අධ්‍යක්ෂණ කාර්යය බාරවෙලා තියෙන්නෙ පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ක්‍රිස්ටෝපර් මැක්වරිටමයි. ඒ අනුව මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට ද්විත්වයක් අධ්‍යක්ෂණය කල මුල්ම අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වෙනවා. බොහෝවිට අපි දකින්නෙ චිත්‍රපටයක දෙවෙනි තුන්වෙනි විදියට කොටස් නිර්මාණය වෙද්දි එහි තියන ගුණාත්මකභාවය පහල ගිහින් ප්‍රේක්ෂකයා කලකිරෙන තැනට පත්වීමක් වුණත්, චිත්‍රපට හයක් නිර්මාණය කරලත් අද වෙනකම්ම ඒ හානිය මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටවල නොකරන්නට ටොම් කෲස් ඇතුළු මෙහි නිර්මාණකරුවන් ගන්නා උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි. ඒ නිසාවෙන්ම මෙය මේ වසරේ හොලිවුඩයෙන් නිකුත්වුණ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය සහ මිෂන් ඉම්පොසිබල්හි මෙතෙක් නිකුත්වුණ හොඳම චිත්‍රපටය බවටත් බොහෝදෙනා අදහස් පළකරනවා. IMDB වෙතින් (මේ වනවිට) 8.0ක්, Rotten Tomatos වෙතින් 97%ක් සහ Metacritic වෙතින් 86%ක් වශයෙන් දැවැන්ත අගයන් ලබාගන්නටත් මෙය සමත් වෙන්නේ ඒ නිසාමයි. රංගනයෙන් දායක වෙන්නෙ මෙන්න මේ අය. සුපුරුදු ලෙසම ටොම් කෲස් (ඊතන් හන්ට්), හෙන්රි කැවිල් (ඕගස්ට් වෝකර්), වින්ග් රේම්ස් (ලූතර් ස්ටිකල්), සයිමන් පෙග් (බෙන්ජි ඩන්), රෙබෙකා ෆර්ගියුසන් (ඉල්සා ෆොස්ට්), ෂෝන් හැරිස් (සොලමන් ලේන්), ඇන්ජෙලා බැසෙට් (එරිකා ස්ලෝන්), වැනීසා කර්බි (වයිට් විඩෝ), මිෂෙල් මොනගන් (ජූලියා), ඇලෙක් බෝල්ඩ්වින් (ඇලන් හන්ලි), ක්‍රිස්ටෝෆර් ජෝනර් (නීල්ස් ඩෙල්බෲක්) වගේ පිරිසක්. චිත්‍රපටයෙ කතාව පැත්ත ගියොත් මෙන්න මෙහෙමයි ආරම්භය…

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඊතන් හන්ට් සහ ඉල්සා ෆොස්ට් එක්ව සොලමන් ලේන්ව නීතියේ රැහැනට හසුකරගෙන දෙවසරකට පසුව. සින්ඩිකේට් සංවිධානය බිඳීයාමෙන් පසුව එහි අසුනොවී ඉතිරිවූ සාමාජිකයන් පිරිසක් "අපෝස්තුළුවරුන්" නමින් තවත් සංවිධානයක් ගොඩනගනවා. මෙහි නායකයා ජෝන් ලාක් නම් පුද්ගලයෙකු බව දැනසිටියත් ඔහු ගැන වෙනත් කිසිදු විස්තරයක් නෑ. මේ සංවිධානයේ උත්සාහය න්‍යෂ්ටික අවි තැනීමට භාවිතා වෙන ප්ලූටෝනියම් කෝර් තුනක් තමන් සතු කරගැනීම. ඊතන්, බෙන්ජි සහ ලූතර්ගෙන් සමන්විත IMF කණ්ඩායම බර්ලිනයට යවනවා. එම ගණුදෙනුවට මැදිහත්වීමට, නමුත් සිදුවන්නේ ඔවුන් හිතන දේ නෙමෙයි. එතනින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු ලඟදිම තවත් උපසිරැසියකින්.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වය සඳහාම උපසිරැසි අඩංගුය. ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපත සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY පිටපත සඳහා වේ.

විශේෂ :-

  • අපි හැමෝම දන්නවා ටොම් කෲස් කියන්නෙ ස්ටන්ට් නළුවන් භාවිතා නොකරන කෙනෙක්. අවුරුදු 56ක් වෙලත් ඔහු තාමත් එහෙමමයි. මේ චිත්‍රපටයෙ ගොඩනැගිල්ලකින් තවත් ගොඩනැගිල්ලකට පැනීමේ දර්ශනයක් රූගතකිරීමක් අතරතුරදි ඔහුගේ පා වළලුකර අනතුරකට භාජනය වී තිබෙනවා. නමුත් ඒ දර්ශනය චිත්‍රපටයෙන් ඉවත්කර නැහැ. එය ඒ විදියටම බලාගන්න පුළුවන් චිත්‍රපටය තුලදි. අනතුර නිසාම පුරා මාස දෙකක් රූගතකිරීම් අත්හිටුවන්නටත් නිර්මාණකරුවන්ට සිදුව තිබෙනවා.
  • චිත්‍රපටයේ මුල් භාගයේ එන H.A.L.O (හයි ඇල්ටිට්‍යුඩ් ලෝ ඕපනින්) ස්කයි ඩයිවින් දර්ශනය සඳහා ටොම් කෲස් වසරක් පුරාවට පුහුණුවීම් කලබවත් සඳහන්. ඒ නිසාම එය තමයිලු අවසානයටම රූගත කල දර්ශනය. ඒ අනුව මෙතෙක් H.A.L.O ස්කයි ඩයිවින් දර්ශනයකට ස්ටන්ට් නළුවෙකු භාවිතා නොකර තමන්ම දායකවූ පළමු නළුවාද ඔහු බවයි පැවසෙන්නේ. ඔහු එයට පුහුණුවීම් කර තිබෙන්නේ ඒ වෙනුවෙන්ම සැකසූ ලොව විශාලතම වින්ඩ් ටනල් එකකයි. මේ තියෙන්නෙ ඒ වින්ඩ් ටනල් එක සහ අදාල දර්ශනය රූගත කල ආකාරය.
  • ඒ වගේම චිත්‍රපටයේ සඳහන් ලෙසම ඔහු අඩි 25,000ක් එනම්, කි.මී 7ක් උස සිටයි පැන තිබෙන්නේ.
  • මේ තමයි මේ දක්වා දීර්ඝතම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටය. ධාවන කාලය පැය 2කුත් මිනිත්තු 27ක්.
  • වසර 35ක් පුරා පැවති සිනමාශාලා තහනම ඉවත්කිරීමෙන් පසුව සවුදි අරාබියේ තිරගතවන පලමු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයද මෙය වනවා.
සිංහල උපසිරැසිය ලබා ගන්න 24270

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
Mission: Impossible - Fallout
  • 720p (bluray)
    1.24 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.38 GB
    Download Torrent
  • 2160p (bluray)
    8.02 GB
    Download Torrent
  • 720p (web)
    1.24 GB
    Download Torrent
  • 1080p (web)
    2.37 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Pasindu Wickramasinghe User
    Android 5.1UC Browser 11

    කලින් චිත්‍රපට නොබලපු යාලුවොන්ට වගේම, කලින් බලපු යාලුවොන්ටත් උදව්වක් වෙන විදියට ලස්සනට ලිපිය ලියලා තියෙනවා.. උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ..ජය වේවා..

    2018-10-17 at 5:25 pm
    Reply
  • Sisith Unregistered User
    Android 6Chrome 69

    Niyamai..thanks..jaya wewa….

    2018-10-23 at 2:08 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    Please Mission Impossible Fallout WEB-DL UPDATE 😍

    2018-11-07 at 7:10 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 56

      Updated 😉

      2018-11-07 at 5:56 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 69

      Thanks you

      2018-11-07 at 6:29 pm
  • Sajith Tharaka User
    Windows 10Chrome 70

    Thank you 😍😍😍😜

    2018-11-08 at 7:35 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    Movie eka baluwa patta 😍.thank you.God bls u

    2018-11-11 at 3:12 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    Bluray AWAA

    2018-11-14 at 11:10 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 56

      Updated 😉

      2018-11-15 at 6:16 pm
  • Pathmila Unregistered User
    Android 7Chrome 65

    නියමයි සහෝ සුපිරි වැඩක්…!

    2018-11-16 at 2:20 pm
    Reply
  • indika Unregistered User
    Windows 7Chrome 70

    Thank you

    2018-11-17 at 7:31 am
    Reply
  • kasun Unregistered User
    Windows 7Chrome 71

    suppaaaaaaaaa

    2018-12-31 at 2:31 pm
    Reply
  • Nazgul Unregistered User
    Android 5.1UC Browser 11.5

    Greate job brother

    2019-02-03 at 5:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms