Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Mission: Impossible – Fallout (2018) Sinhala…

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle

October 07, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.0
GENRES
ActionAdventureEnglish MoviesGenresMoviesThriller
CAST

Tom Cruise, Henry Cavill, Ving Rhames, Simon Pegg

ආයුබෝවන් අදත් Subz LK හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ක්‍රියාදාම චිත්‍රපටවලට ඇලුම්කරන බොහෝදෙනෙක් මේ වසරේ මග බලමින් සිටි චිත්‍රපටයක්. ඒ තමයි Mission Impossible චිත්‍රපට මාලාවෙ හයවැන්න Mission Impossible:Fall out (2018). මේ චිත්‍රපටය මට බාරදෙන්නෙ අපේ කවීෂ සහෝදරයා. ඉතින් ඔහුට මුලින්ම ස්තූති කරලම මම කතාව පටන්ගන්නම්.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. මුලින්ම කියන්න ඕනෙ. මේක චිත්‍රපට පෙලක හයවැන්න නිසා මුල් චිත්‍රපට පහ නරඹල නැත්නම් අනිවාර්යයෙන්ම නරඹල ඉන්න. මොකද මේ චිත්‍රපට සියල්ල එකකට එකක් සම්බන්ධයි චරිතවලින් සහ ඒ ආශ්‍රිත සිදුවීම්වලින්. විශේෂයෙන්ම Roaugh Nation (2015). බලල තියන අයටත් නැවත මතක් කිරීමකුත් විදියට මම මුල් චිත්‍රපට පහ කෙටියෙන් විස්තර කරන්නම් මේ විදියට.

Mission: Impossible (1996)

අධ්‍යක්ෂණය – බ්‍රයන් ඩි පාමා

IMF (Impossible Missions Force) කියන්නෙ අතිශය රහස්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු CIA (Central Intelligence Agency) සංවිධානය විසින් සැකසූ නිල නොවන,ඉහල පුහුණුවක් ලද මෙහෙයුම් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. තරුණ ඊතන් හන්ට් මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. එක් මෙහෙයුමකදී ඔහුගේ කණ්ඩායම් උපදේශක ජිම් පෙල්ප්ස් ඇතුළු සියලු දෙනා මියයනවා. ඊතන් හන්ට් ඇරෙන්නට. මෙයින් වෙන්නෙ IMF අධ්‍යක්ෂවරයාගේ සැකයට ඔහු භාජනය වීම, වෙන කරන්නට දෙයක් නැති නිසා හන්ට් IMFවෙතින් පැනයනවා මේ සිදුවූ සිදුවීමේ අගමුල සොයාගන්නට සහ තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට. මෙතනදියි ඔහුට හිටපු IMF හැකර්වරයෙක් වන ලූතර් ස්ටිකල්ව මුණගැහෙන්නේ. කෙසේ හෝ මැක්ස් නම් ආයුධ ජාවාරම්කාරිණියක් (ඇය සම්බන්ධයි නව චිත්‍රපටය ) හා වැඩකරමින් හන්ට් සමත් වෙනවා තම කණ්ඩායමේ මරණයට වගකිවයුත්තා උපදේශක ජිම් පෙල්ප්ස් බවත් ඔහු හා මැක්ස් අතර සම්බන්ධයක් ඇති බවත් IMF ප්‍රධානියාට ඔප්පු කර පෙන්වන්නට. අවසානයේ ලූතර්ව සහ හන්ට්ව නැවතත් IMFහි සේවයේ පිහිටුවන්නටත් CIA සංවිධානය කටයුතු කරනවා. නමුත් ඒ ගැන හරි තීරණයක් ගත නොහැකිව දෙගිඩියාවකින් සිටින ඊතන් හන්ට්ට දෙවෙනි මෙහෙයුමට ඇරයුම් ලැබෙන්නට වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ.

Mission: Impossible II (2000)

අධ්‍යක්ෂණය – ජෝන් වූ

හන්ට්ට මෙවර ලැබෙන මෙහෙයුම වෙන්නෙ ත්‍රස්තවාදියෙකු වන ෂෝන් ඇම්බ්‍රෝස් විසින් ලෝකයට මුදාහරින්නට සූදානම්වන ලෝක ජනගහනයෙන් බහුතරයක් සමූල ඝාතනය කර දැමිය හැකි වයිරසයක් මුදාහැරීම වැළැක්වීම. අවසානයේ ඒ මෙහෙයුමත් සාර්ථක කරගන්නට හන්ට් සමත්වෙනවා.

Mission: Impossible III (2006)

අධ්‍යක්ෂණය – ජේ.ජේ. ඒබ්‍රම්ස්

මේ වනවිට හන්ට් සෘජු මෙහෙයුම්වලින් ඉවත්ව, තරුණ IMF නිලධාරීන් පුහුණු කරමින් ජීවිතය ගත කරනවා. ඔහු මේ වන විට විවාහ ගිවිසගෙනයි ඉන්නෙ. ඒ වෘතියෙන් හෙදියක් වන ජූලියා මේඩ් සමග. හැබැයි හන්ට්ගෙ සැබෑ වෘතිය ජූලියා දන්නෙ නෑ. ඇය සිතන්නෙ හන්ට් රථවාහන පොලිස් නිලධාරියෙක් කියලයි. කොහොමහරි හන්ට් ජූලියා යුවල මේ විදියට සාමාන්‍ය ජීවිතයක් ගෙවාගෙන ඉන්න අතරෙ හන්ට්ගේ ශිෂ්‍යාවක් වන ලින්ඩ්සි ෆැරිස් රහස් මෙහෙයුමක් අතරතුර හසුවෙනවා. ඒ ඔවන් ඩේවියන් නම් අපරාධකරුවෙක්ට. හන්ට් එකඟ වෙනව ඇයව බේරාගන්න යන්න. එහෙත් එහිදී ලින්ඩ්සි මියයනවා ඩේවියන් විසින් ඇගේ මොලයට ඇතුල් කල පුපුරණ කැප්සියුලයක් පුපුරායාමෙන්. හන්ට් එතනදී දිවුරනවා ඔවන් ඩේවියන්ගෙන් පලිගන්නා බවට. මෙතනදි තමයි බෙන්ජි ඩන් නම් තාක්ෂණ ශිල්පියා හන්ට්ට එකතුවෙන්නෙ. කෙසේ හෝ ඩේවියන්ව අල්ලාගන්නට යන හන්ට් ඇතුළු කණ්ඩායම ප්‍රහාරයකට ලක්වන අතර ඩේවියන් පලා යනවා. ඒ වනවිටත් හන්ට්ගේ බිරිඳ ජූලියාව පැහැරගෙන ගොස් සිටින ඩේවියන් හන්ට්ට කියනවා රැබිට් ෆුට් නම් සුපිරි ආයුධය සොරකම් කර ගෙනත් දුන්නොත් බිරිඳව ආපසු ලබාගත හැකි බව. කෙසේ හෝ දැඩි සටනකින් පසුව ජූලියාව බේරාගන්නට හන්ට් සමත්වන අතර ඔවුන් නැවතත් සුපුරුදු ලෙස ජීවත්වෙනවා.

Mission: Impossible – Ghost Protocol (2011)

අධ්‍යක්ෂණය – බ්‍රැඩ් බර්ඩ්

තමන්ගෙ මේ අවධානම් වෘතිය නිසා ජූලියාගේ ජීවිතය අවධානමේ බව වටහාගන්නා හන්ට් ඇය මියගිය බවට හඟවා තම ජීවිතය IMF එකටම කැප කරනවා. ඔය අතරෙ හන්ට්ට මීලඟ මෙහෙයුම ලැබෙනවා ඒ තමයි රුසියාවේ ක්‍රෙම්ලිනයට ඇතුළුවී කර්ට් හෙන්ඩ්‍රික්ස්  කොබාල්ට්) නම් ආයුධ ජාවාරම්කරුවෙක් ගැන තොරතුරු අරගන්න එක, ඔහු න්‍යෂ්ටික ආයුධයක් අත්පත් කරගැනීමට වෙරදරන අයෙක්. ඉතා අසීරු මෙහෙයුමකින් පසුව හන්ට් ක්‍රෙම්ලිනයෙන් පැනගන්නවාත් සමගම ක්‍රෙම්ලිනය පුපුරා යන අතර එම ප්‍රහාරයේ චෝදනාව එල්ලවෙන්නෙ එක්සත් ජනපද රජයට සහ හන්ට්ටයි. මෙතනදියි විලියම් බ්‍රැන්ඩ්ට් කතාවට එකතුවෙන්නෙ හන්ට්ගේ නව ප්‍රධානියාගෙ සහයකයා විදියට. කෙසේ හෝ ජාත්‍යන්තර බලපෑම් හමුවේ එක්සත් ජනපදය විසින් තමන් IMF ක්‍රියාකාරකම් ගැන කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කරන අතර හන්ට්ට සැඟවී සිටින්නට සිදුවෙනවා. හැබැයි ඔහු මේ න්‍යෂ්ටික අවියක් සොයන කර්ට් ගැන සෙවීම කරගෙන යන්නට ඔහුට අවසර ලැබෙනවා. මේ අතරෙදියි අපිට දැනගන්න ලැබෙන්නේ විලියම් බ්‍රැන්ඩ්ට් යනු ජූලියාගේ ආරක්ෂාව සඳහා රහසින් පත්කර සිටි අයෙකු බවත්, ඔහු මේ ක්ෂේත්‍ර මෙහෙයුම්වලට එක්වී සිටින්නේ ඇයගේ මරණය (හන්ට් විසින් ව්‍යාජ ලෙස සැලසුම් කල) ඇතිවූ සංවේගය නිසා බවත්.කෙසේ හෝ විලියම් බ්‍රැන්ඩ්ට්ගේත් උදවු ඇතිව හන්ට් සමත් වෙනවා සැන් ෆ්‍රැන්සිස්කෝව දවා අළු කරන්නට ඔන්න මෙන්න තිබියදී කර්ට් හෙන්ඩ්‍රික්ස්ව නවත්තන්න. IMF සහ එක්සත් ජනපදය සියලු චෝදනාවලින් නිදහස් වන අතර IMF ආයතනය නැවතත් පිහිටුවනු ලබනවා. තමන් ජූලියාගේ ආරක්ෂාව බාරව සිටි තැනැත්තා බවත් ඇයගේ මරණය ගැන තමන් කණගාටුවන බවත් මෙතනදී බ්‍රැන්ඩ්ට් හන්ට්ට පවසනවා. හන්ට් ඔහුට පවසන්නේ ඒ ගැන කණාගාටු වීමට දෙයක් නැති බවත්, ඇයගේ මරණය ව්‍යාජ එකක් බවත්, තමන් එසේ කලේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ඇයට නව අනන්‍යතාවක් ලබා දීමට බවත්. අවසානයේදී අපි දකින්නෙ හන්ට් පටන්ගන්නවා ‘සින්ඩිකේටය’ නම් ජාත්‍යන්තර අපරාධ සංවිධානයක් පස්සෙ යන්න.

Mission: Impossible – Rogue Nation (2015)

අධ්‍යක්ෂණය – ක්‍රිස්ටෝපර් මැක්වරි

චිත්‍රපටය ආරම්භයේදී හන්ට්ව මෙහෙයුමකට යවනවා. ඒ IMF එක විසින් යැයි ඔහු හිතාහිටියත් ඇත්තටම එය ‘සින්ඩිකේටය’ විසින් එවූ එකක්. එහි නායක සොලමන් ලේන් විසින් තරුණ නියෝජිතවරයෙකු තමන් ඉදිරියේම මරා දමනවා දකින්නත් හන්ට්ට සිදුවෙන අතර ඔහු සින්ඩිකේටයේ අත්අඩංගුවට පත්වෙනවා. නමුත් ඔහුව නිදහස් කෙරෙනවා සින්ඩිකේට සමාජිකාවක විසින්. ඇය තමයි ඉල්සා ෆොස්ට්. හන්ට්ට පසුව දැනගන්න ලැබෙනවා ඇය බ්‍රිතාන්‍ය MI6 බුද්ධි අංශයේ සමාජිකාවක බවත්, ඇයට බාර රාජකාරිය මේ සින්ඩිකේටය අවසන් කර දැමීම බවත්. නමුත් MI6 ප්‍රධානී ඇත්ලී ඇයව පාවාදෙන නමුත් හන්ට් ඇයට උදවු කරනවා සින්ඩිකේටය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇත්ලී විසින්ම ඇටවූ එකක් බව සොයාගැනීමෙන්. ඉන්පසු හන්ට් සහ ඉල්සා ෆෝස්ට් එක්ව ඇත්ලී සහ සොලමන් ලේන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන සින්ඩිකේටය විනාශ කරදමන්නට සමත් වෙනවා.

ඉහත සියල්ල හොලිවුඩ් රිපෝටර් අඩවියේ මෙම ලිපියේ පරිවර්තනයකි.

 Mission Impossible : Fallout (2018)

ඔන්න මෙවරත් අධ්‍යක්ෂණ කාර්යය බාරවෙලා තියෙන්නෙ පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ක්‍රිස්ටෝපර් මැක්වරිටමයි. ඒ අනුව මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට ද්විත්වයක් අධ්‍යක්ෂණය කල මුල්ම අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වෙනවා. බොහෝවිට අපි දකින්නෙ චිත්‍රපටයක දෙවෙනි තුන්වෙනි විදියට කොටස් නිර්මාණය වෙද්දි එහි තියන ගුණාත්මකභාවය පහල ගිහින් ප්‍රේක්ෂකයා කලකිරෙන තැනට පත්වීමක් වුණත්, චිත්‍රපට හයක් නිර්මාණය කරලත් අද වෙනකම්ම ඒ හානිය මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටවල නොකරන්නට ටොම් කෲස් ඇතුළු මෙහි නිර්මාණකරුවන් ගන්නා උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි. ඒ නිසාවෙන්ම මෙය මේ වසරේ හොලිවුඩයෙන් නිකුත්වුණ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය සහ මිෂන් ඉම්පොසිබල්හි මෙතෙක් නිකුත්වුණ හොඳම චිත්‍රපටය බවටත් බොහෝදෙනා අදහස් පළකරනවා. IMDB වෙතින් (මේ වනවිට) 8.0ක්, Rotten Tomatos වෙතින් 97%ක් සහ Metacritic වෙතින් 86%ක් වශයෙන් දැවැන්ත අගයන් ලබාගන්නටත් මෙය සමත් වෙන්නේ ඒ නිසාමයි. රංගනයෙන් දායක වෙන්නෙ මෙන්න මේ අය. සුපුරුදු ලෙසම ටොම් කෲස් (ඊතන් හන්ට්), හෙන්රි කැවිල් (ඕගස්ට් වෝකර්), වින්ග් රේම්ස් (ලූතර් ස්ටිකල්), සයිමන් පෙග් (බෙන්ජි ඩන්), රෙබෙකා ෆර්ගියුසන් (ඉල්සා ෆොස්ට්), ෂෝන් හැරිස් (සොලමන් ලේන්), ඇන්ජෙලා බැසෙට් (එරිකා ස්ලෝන්), වැනීසා කර්බි (වයිට් විඩෝ), මිෂෙල් මොනගන් (ජූලියා), ඇලෙක් බෝල්ඩ්වින් (ඇලන් හන්ලි), ක්‍රිස්ටෝෆර් ජෝනර් (නීල්ස් ඩෙල්බෲක්) වගේ පිරිසක්. චිත්‍රපටයෙ කතාව පැත්ත ගියොත් මෙන්න මෙහෙමයි ආරම්භය…

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඊතන් හන්ට් සහ ඉල්සා ෆොස්ට් එක්ව සොලමන් ලේන්ව නීතියේ රැහැනට හසුකරගෙන දෙවසරකට පසුව. සින්ඩිකේට් සංවිධානය බිඳීයාමෙන් පසුව එහි අසුනොවී ඉතිරිවූ සාමාජිකයන් පිරිසක් “අපෝස්තුළුවරුන්” නමින් තවත් සංවිධානයක් ගොඩනගනවා. මෙහි නායකයා ජෝන් ලාක් නම් පුද්ගලයෙකු බව දැනසිටියත් ඔහු ගැන වෙනත් කිසිදු විස්තරයක් නෑ. මේ සංවිධානයේ උත්සාහය න්‍යෂ්ටික අවි තැනීමට භාවිතා වෙන ප්ලූටෝනියම් කෝර් තුනක් තමන් සතු කරගැනීම. ඊතන්, බෙන්ජි සහ ලූතර්ගෙන් සමන්විත IMF කණ්ඩායම බර්ලිනයට යවනවා. එම ගණුදෙනුවට මැදිහත්වීමට, නමුත් සිදුවන්නේ ඔවුන් හිතන දේ නෙමෙයි. එතනින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු ලඟදිම තවත් උපසිරැසියකින්.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වය සඳහාම උපසිරැසි අඩංගුය. ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපත සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY පිටපත සඳහා වේ.

විශේෂ :-

  • අපි හැමෝම දන්නවා ටොම් කෲස් කියන්නෙ ස්ටන්ට් නළුවන් භාවිතා නොකරන කෙනෙක්. අවුරුදු 56ක් වෙලත් ඔහු තාමත් එහෙමමයි. මේ චිත්‍රපටයෙ ගොඩනැගිල්ලකින් තවත් ගොඩනැගිල්ලකට පැනීමේ දර්ශනයක් රූගතකිරීමක් අතරතුරදි ඔහුගේ පා වළලුකර අනතුරකට භාජනය වී තිබෙනවා. නමුත් ඒ දර්ශනය චිත්‍රපටයෙන් ඉවත්කර නැහැ. එය ඒ විදියටම බලාගන්න පුළුවන් චිත්‍රපටය තුලදි. අනතුර නිසාම පුරා මාස දෙකක් රූගතකිරීම් අත්හිටුවන්නටත් නිර්මාණකරුවන්ට සිදුව තිබෙනවා.
  • චිත්‍රපටයේ මුල් භාගයේ එන H.A.L.O (හයි ඇල්ටිට්‍යුඩ් ලෝ ඕපනින්) ස්කයි ඩයිවින් දර්ශනය සඳහා ටොම් කෲස් වසරක් පුරාවට පුහුණුවීම් කලබවත් සඳහන්. ඒ නිසාම එය තමයිලු අවසානයටම රූගත කල දර්ශනය. ඒ අනුව මෙතෙක් H.A.L.O ස්කයි ඩයිවින් දර්ශනයකට ස්ටන්ට් නළුවෙකු භාවිතා නොකර තමන්ම දායකවූ පළමු නළුවාද ඔහු බවයි පැවසෙන්නේ. ඔහු එයට පුහුණුවීම් කර තිබෙන්නේ ඒ වෙනුවෙන්ම සැකසූ ලොව විශාලතම වින්ඩ් ටනල් එකකයි. මේ තියෙන්නෙ ඒ වින්ඩ් ටනල් එක සහ අදාල දර්ශනය රූගත කල ආකාරය.
  • ඒ වගේම චිත්‍රපටයේ සඳහන් ලෙසම ඔහු අඩි 25,000ක් එනම්, කි.මී 7ක් උස සිටයි පැන තිබෙන්නේ.
  • මේ තමයි මේ දක්වා දීර්ඝතම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටය. ධාවන කාලය පැය 2කුත් මිනිත්තු 27ක්.
  • වසර 35ක් පුරා පැවති සිනමාශාලා තහනම ඉවත්කිරීමෙන් පසුව සවුදි අරාබියේ තිරගතවන පලමු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයද මෙය වනවා.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
24402 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
720P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1.24 GB x264
▲46 · ▼3
Magnet GET
1080p bluray 2.38 GB x264
▲100 · ▼1
Magnet GET
2160p bluray 8.02 GB x265
Magnet GET
720p web 1.24 GB x264
▲45 · ▼10
Magnet GET
1080p web 2.37 GB x264
▲89 · ▼11
Magnet GET
Discussion (25)
Newer →
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69
    2018-10-08

    upasirasiyata sthuthiyi saho…lipiya nam pattama pahara thanks..

    Reply
  • ushan Unregistered
    Windows 7 UC Browser 7
    2018-10-08

    dunnata tnx sub eka….. seal team tv series puluwannam denna plz

    Reply
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2018-10-08

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65
    2018-10-08

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ❤ Along With Gods එකෙ දෙවනි කොටසකුත් ඇවිල්ලා තියෙනව සහො. ඒකටත් උපසිරැසි දෙන්නකෝ. 🔥

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-10-08

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65
    2018-10-08

    බොහොම ස්තුතියි සබ් එක වගේම ලිපියත් සුපිරියටම කරලා තියෙනවා .

    Reply
  • Silent$ Unregistered
    Windows 7 Chrome 69
    2018-10-08

    Thnxxxxxxxxxx…Brrip enakam idalama balanawa….

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 55
    2018-10-08

    ලිපියටත් උපසිරැසියත් ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 69
    2018-10-08

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට! ජයවේවා!

    Reply
  • Jithma Unregistered
    Android 7 UC Browser 12.9
    2018-10-09

    Niyamai bn

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-10-09

    මේ වගේ ජනප්‍රිය චිත්‍රපටයකට ඔයාගෙ සිංහල සබ් එකක් ලැබුන එක සතුටක්. හසිතගෙ සබ් ගැන අපි හොදවාකරවම දන්නවනෙ. උපරිම රසවිඳින්න පුලුවන් වෙයි. තැන්ක්ස් සහෝ…. ඉගාවට එන කොපි එකෙන් ෆිල්ම් එක බලමු.. එසේමෙසේ එකක් නෙවෙ නේ … Mission Impossible නේ.. ඔල්ඩ් මුවී ටික කීප පාරක්ම මතක් වෙන පාරට බලලා තියෙනවා

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-10-09

    ලිපිය සුපිරි…..❤️❤️❤️❤️❤️❤️❤️

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 730
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved