Murder on the Orient Express (2017) Sinhala Subtitle
සුබ දවසක් වේවා අපේ Subzlk හිතවතුන්ට.ඔන්න ටික දවසක නිහැඩියාවකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා.කොහොම වුනත් Counterpart බලන සෙට් එක මාත් එක්ක තරහ වෙන්න එපා.මෙන්න මේක හින්දා තමයි පරක්කු වුණේ.ඇත්තෙන්ම කිව්වොත් මේ උපසිරැසිය මම දෙන්න හිටියේ HD RIP පිටපතට.ඒ වුනත් ඒ පිටපතේ උපසිරැසියේ වැඩ ඉවරකරනකොටම,බ්ලූ රේ ඇවිල්ලා තිබුණා.ඒ පෙබරවාරි 09 වෙනිදා.කොහොම වුනත් අවසානයේදී ඔන්න ඔයාලට සබ් එක දෙන්න හැකියාව ලැබුණා.
අගතා ක්‍රිස්ටි කියන්නේ ලොව සුපතල අපරාධ කතා ලේඛිකාවක්.ඇයගේ චරිත නිර්මාණයක් තමයි හර්කියුල් පයිරට් කියන්නේ.හර්කියුල් පයිරට් කියන්නේ,ආතර් කෝනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් වගේ රහස් පරීක්ෂකයෙක්.Murder On The Orient Express කියන්නේ හර්කියුල් පයිරට් වටා ගෙතුනු ජනප්‍රිය කතාවක්.අගතා ක්‍රිස්ටිගේ මෙම Murder On The Orient Express (සිංහල පරිවර්තනය-දඬුවම මරණයයි)කෘතිය ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නේ.
Murder On The Orient Express චිත්‍රපටය තිරගතවීම ඇරඹුනේ 2017 නොවැම්බර් 10 දින.IMDB අගය 6.7/10 හා කුණු තක්කාලි අගය 57% ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ගෙතෙනුයේ ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ සිදු වූ මිනී මැරුමක් සම්බන්ධයෙන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත්,
ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ අබිරහස් මිනීමැරුම
ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පයිරට් කියන්නේ පොලිස් සේවයේ ඉඳලා විශ්‍රාම ගත්තු කෙනෙක්.තමාගේ වැඩ කටයුතු වලින් වෙහෙසට පත්වෙලා ඉන්න හර්කියුල් පයිරට් නිවාඩුවක් ගත කරන්න යන්නයි හදන්නේ.ඉස්තාන්බුල් දුම්රියපලට යන පයිරට් ට තමාගේ පරණ යාළුවෙක් වන බුක් ව මුනගැහෙනවා.මේ අතරේ තානාපති කාර්යාලයකින් පයිරට් ව හොයාගෙන එනවා කැස්නර් නම් අපරාධ සිද්ධියක පරීක්ෂණ කටයුතු කරන්න කියලා ඉල්ලමින්.ඉතින් පයිරට් ගේ යාළුවා බුක් කියන්නේ දුම්රිය සමාගමක අධ්‍යක්ෂක කෙනෙක්.මේ දවසේ කොහොමහරි Orient Express දුම්රියේ අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්නේ මේ බුක්.කොහොමහරි හර්කියුල් පයිරට් තමන් ගත කරන්න ආපු නිවාඩුව අමතක කරලා.Orient Express දුම්රිය ගමනට එකතුවෙනවා.
මේ ගමන දින තුනක දුම්රිය ගමනක්.මේ දුම්රිය ගමනේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණදෙන්න දුම්රියේ මගීන් හැමෝටම සිද්ධවෙනවා.ඒ හිම කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම.ඒ හින්දා ගමන අතරමග තාවකාලිකව නතරවෙනවා.උදේම තවත් ආරංචියක්… දුම්රිය මඟීන් අතර හිටිය එක් මඟියෙක් ව තමාගේ කාමරය තුලදී මරලා දාලා.තමන්ගේ මිත්‍ර බුක් ගේ ඉල්ලීම නිසා හර්කියුල් පයිරට් ඔන්න තවත් පරීක්ෂණයකට එකතුවෙනවා.පයිරට් ගේ මුල්ම නිගමනය මඟීන්ගෙන් කෙනෙක් මේ මිනීමැරුම කල බව.ඒ වුණත් මේ අබිරහස් මිනීමැරුමේ සැඟවුනු ලොකු කතාවක් තියෙනවා… මේ ඒ කතාවයි.
රංගන ශිලිපීන්/ශිල්පිනියන් ගැනත් පොඩි මතක් කිරීමක් කරන්නම්.මෙහි එන ප්‍රධාන චරිත 3 කටම රඟපාන්නේ අපි හොඳින්ම දන්න,අපි ආදරය කරන නළු නිලියන්.හරිකියුල් පයිරට් විදියට kenneth Branagh ද රැචට් විදියට Jhonny Depp ද මේරි ඩිබෙන්හැම් චරිතයට Daisy ridley ද රඟ දක්වනවා.අවසන් වශයෙන් වචනයකින් පවා උදව් කරපු අපේ සුමින්ද ලක්ෂාන් සහෝදරයටත්,හැමදාම අපිට අලුත් දෙයක් අරන් එන දමිත් ප්‍රියංකර සහෝටත් ස්තූති කරමින් මම සමුගන්නවා.ඔබට ජය ශ්‍රී!!
Bluray පිටපත් සඳහා දී ඇති උපසිරැසි අදාල වේ
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට..මේක දෙනකම් තමා මෙච්චර කල් ඉවසගෙන හිටියේ..අනික සහෝනෙ සබ් එක කළේ..අනිවා බැලිල්ලක් තියෙන්නේ..?ඔබට ජය සහෝ..??
ස්තූතියි සහෝ අදහසට!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරය..වටිනා චිත්‍රපටයක් වගේ
ස්තූතියි සහෝ අදහසට!
Thanks Sahooo. Enakan Balan idiye…
ස්තූතියි සහෝ අදහසට!
Meekata sub denakan hitiye subz ekan dunna eka gana sathutui.. Bohoma isthuthi, jaya wewa!!!
ස්තූතියි සහෝ අදහසට!
Wow bro balagenama hitapu film ekak… goda sthuthi ..
ස්තූතියි සහෝ අදහසට!
ස්තුතියි ලක්ෂාන් සහෝ.ජයවේවා!
ස්තූතියි සහෝ අදහසට!
Thanks saho………..Patta
Film eka aran saahena kal bn…film eka blala iwrai.. tika kalin dyn mchn aye jaya aa
Thanks brother
Tnx.. hd rip ekatath galapenawada??
බ්ලූ රේ විතරයි සහෝ!
yts eken deela thiyena 720p bluray ekata sub eka galapenawada
ඒක කියන්න අමාරුයි සහෝ!
elama saho thanks