Naked (2017) Sinhala Subtitle
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ ඊලඟ උපසිරසිය විදියට ඔයාලට අරන් ආවෙ 2017 වර්ශයේ අගෝස්තු මාසයේදි Netflix වෙබ් අඩවිය විසින් නිකුත් කරපු Naked කියන ඉංග්‍රීසි චිත්‍රපටය. ඉතින් මේක අයිති වෙන්නෙ Comedy, Romance ගනයට. ඉතින් හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මේකෙ IMDB අගය 5.4 ක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Michael Tiddes. ප්‍රධාන චරිතය විදියට Scary Movie, Little Man වගේ කොමඩි චිත්‍රපට ඇතුලු තවත් චිත්‍රපට ගනනාවකටම රංගනයෙන් දායක වුනු Marlon Wayans එක් වෙනවා. ඊට අමතරව Jarhead, Navy Seals ඇතුලු සුපිරි චිත්‍රපට ගනනාවකම රගපෑ Dennis Haysbert ද, Law Abiding Citizen, Scary Movie ඇතුලු චිත්‍රපට ගනනාවකම රගපෑ Regina Hall ද මෙහි රංගනයෙන් දායක වෙනවා.
හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. ප්‍රධාන චරිතය තමා රොබ්. මිනිහ කසාද බදින්න ඉන්නෙ. කලබල අස්සෙ කොහොමහරි වැඩේ සිද්ද වෙන දවසට කලින් දවසෙ එයාට පොඩි අකරතැබ්බයක් වෙනවා. මිනිහ වෙඩිම දවසෙ උදේ නැගිටින්නෙ අමුතුම තැනක උපන් ඇදුමින්. දැන් තේරෙනවනෙ චිත්‍රපටයට නම වැටුණු හැටි. හැබැයි ඉතින් චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ ඒක නෙමේ. මේක නියමම කොමඩියක් කියල කියන්න පුලුවන්. ඉතින් ඊට පස්සෙ මේ මනුස්සයා වෙඩිමට යන්න තමා පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරන්නෙ. එක එක පිස්සු වැඩ ගොඩයි ඉතින්. ඔන්න දැන් තමා කතාවෙ හොදම ටික. මෙයා අවදි වෙන හැම වාරෙකදිම එකම පැය දිගටම සිද්ද වෙනව. හැබැයි වෙනස් විදියට. ඉතින් අන්තිමට මෙයාට මේ ඔක්කොම අවුල් ලිහාගෙන වෙඩිම හරියට කරගන්න පුලුවන් වෙයිද කියල බලන්නනම් ජීවිතයටත් යම් දෙයක් දෙන, ඒ වගේම බොහොම ලස්සනට ගලාගෙන යන මේ චිත්‍රපටය බලන්නම වෙනවා යාලුවනේ. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. බුදු සරනයි!
Fatta bro thnx sub ekat😇👍👌👌
Thnxxxxxxxx
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි……..
niyamai aye sub eka athal tika balanna puluwan.thank youuuuuuuu
ගොඩක් ස්තුතියි උපසිරැසියට.. ඔන්න මාත් ගත්තා..
bohom isthuthi sahho!! obata jaya.
Thank for sub
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thanxs bro
උප සිරසට ස්තූතී
තව මේ වගේ ඒවා ගොඩක් දෙන්න