Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. No Retreat, No Surrender (1986) Sinhala…

No Retreat, No Surrender (1986) Sinhala Subtitle

July 30, 2018 Rasika Samanjith | Admin
IMDB RATING 5.7
GENRES
ActionComedyCrimeEnglish MoviesGenresMovies
CAST

Kurt McKinney, Jean-Claude Van Damme, J.W. Fails, Kathie Sileno

 

          ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පටන්ගන්නම්. මොකද මේ මගේ මංගල උප සිරැසිය. හැමදාම අන්තර්ජාලයෙන් සබ් අරගෙන චිත්‍රපට  බලපු මටත් හිතුනා, ඒ වෙබ් අඩවි ඔයාලා වෙනුවෙන් කරන මේ මහඟු සේවයට සුලුවෙන් හෝ දායක වෙන්න ඇත්නම් කියලා. ඒ අනුව තමයි මේ දැනට උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි අතරේ ඉදිරියෙන්ම සිටින සබ්ස්.එල්කේ සමඟ අත්වැල් බැඳගත්තේ. අධික කාර්‍ය බහුල තත්ත්වයක් යටතේ  කට්ට කාලා කරපු උපසිරැසියක්. ඒත් දැන් මෙය ඔබ වෙත තිලිණ කරන්නේ ඉතාම සතුටින්. මා හට මෙම අවස්ථාව ලබාදුන් සබ්ස්.එල්කේ ඇඩ්මින් තුමාට මගේ හද පිරි  ස්තූතිය විශේෂයෙන්ම පුද කරන්න ඕන. ඉතින් වැඩි විස්තර අතහැරලා අපි චිත්‍රපටයට යමු.
            ඔයාලා වෙනුවෙන් මම හා පුරා කියා ඉදිරිපත්කරන චිත්‍රපටය තමයි, සටන් සහ ක්‍රියාදාම සිනමාවේ සුපිරි තරුවක් වන, “වෑන් ඩෑම් ” කිව්වම කවුරුත් හඳුනන Jean-Claude Van Damme ගේ “No Retreat No Surrender” කියන චිත්‍රපටය. තිරගත වුනේ 1986 මැයි 02 වෙනිදා. මුලින් චිත්‍රපට කිහිපයක සුළු චරිත වලට පෙනී සිටි වෑන් ඩෑම් මුල්වරට, මතක හිටින චරිතයකින් රසිකයන් අතරට ආවේ මේ ත්‍රපටයෙන්. තිරගත කල මුල්ම සතිය තුල ඇ.ඩො. 739,723 ක් උපයාගෙන, ආරම්භක සතියේ වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරේ එකොලොස් වෙනි තැනට පත්වෙමින් ඇමරිකානු බොක්ස් ඔෆීස් වාර්තා තබන්නට ” නෝ රීට්‍රීට් නෝ සරෙන්ඩර් ” චිත්‍රපටය සමත්වුනා.
            මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Kurt McKinney විසින්. වෑන් ඩෑම් රඟපෑවේ දුෂ්ටයාගේ චරිතය. චිත්‍රපටයේ ධාවන කාලයෙන් කාලකවත් වෑන් ඩෑම් නෑ. එසේ වුවත්, ඒ සුළු කාලය තුලදී, තමන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමින් මුළු චිත්‍රපටයම බබලවාලීමට පමණක් නොව, චිත්‍රපටයම තමාගේ නමින් ලියා ගැනීමටද  වෑන් ඩෑම් සමත් වුනා කිව්වොත් නිවැරැදියි. සෙසු චරිත සඳහා Kathie Sileno, J. W. Fails සහ  Dale Jacoby රංගනයෙන් දායක උනා. චිත්‍රපටය නිෂ්පාදනය කලේ Ng See-Yuen විසින්. අධ්‍යක්ෂණය කලේ yes Madam, Ninja in the Dragon’s Den, Fist of Fury 2, My Father is a Hero, Bodyguard from Beijing, Hero, So Close, Transporter, Avenging Fist වැනි සුපිරි සිනමා නිර්මාණ රාශියක් සිනමා ලොවට දායාද කල  Corey Yuen විසින්. ඉතින් අපි කතා සාරාංශය දෙසට පොඩ්ඩක් හැරෙමු.
                ජේසන් ස්ටිල්වෙල් තරුණ සටන් කලා ශිෂ්‍යයෙක්. එයාගෙ තාත්තා සටන්කලා පාසලක් කරගෙන යන සටන්කලා ගුරුවරයෙක්. එක්තරා අපරාධ සංවිධානයක්, එම පාසල තම සංවිධානයට  එක් කරගැනීමට උත්සාහ දරනවා. ඊට එකඟ නොවීම නිසා ජේසන්ගේ පියාට පහරදී කකුලකුත් කඩා දමනවා. එය කරන්නේ රුසියන් ජාතික කුලී මැරයෙක් ලව්වා. ඔහු සටන්කලාවන්හී කෙල පැමිණි අද්විතීය සටන්කරුවෙක් ( වෑන් ඩෑම් ). ජේසන් ඒ අවස්ථාවට මැදිහත් වන නමුත්, රුසියානුවා සමඟ හැරෙන්නවත් ඔහුට බැරිවෙනවා.  ඉන්පසු ඔවුන් ඒ නගරය අතහැර “සියැටල්” වල පදිංචියට යනවා. එහිදීත් ජේසන්ට නොයෙක් ආකාරයේ තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවෙනවා. මානසිකව වැටී සිටින ජේසන් තමාගෙ දුක කියන්නේ  Bruce Lee ගේ සොහොන ලඟට ගිහින්. ඔහු Bruce Lee ට ගොඩක් ආදරය කරන, ගෞරව කරන රසිකයෙක්. පසුව Bruce Lee ගේ අවතාරය පැමිණ ජේසන්ව පුහුණු කරනවා. ජේසන්ගේ පෙම්වතිය වන කෙලීගේ සහෝදරයාද “සියැටල්” වල සටන් පාසලක් පවත්වගෙන  යන්නෙක්. මේ වන විට ඔහුටද , පෙර කී අපරාධ  සංවිධානයෙන් තර්ජනය එල්ල වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සියැටල් හී පැවැත්වෙන සටන් තරගාවලියකදී , තම පියාට පහරදුන් ඒ රුසියානුවා නැවත ජේසන්ට දක්නට ලැබෙනවා. කෙලීගේ සහෝදරයාද ඊට සහභාගි වන අතර, එහිදී ඉතා අමානුෂික ලෙස රුසියානුවාගෙන් පහර කෑමට ලක්වේ. එවිට තම සහෝදරයා බේරාගැනීම සඳහා රුසියානුවාට පහරදීමට තැත්කරන කෙලී, රුසියානුවාගෙ ග්‍රහණයට හසුවෙයි. වහා ක්‍රියාත්මක වන ජේසන්, තම පෙම්වතිය බේරගැනීමට, රුසියානුවාට විරුද්ධව සටන් වලල්ලට පිවිසෙයි. ඒ අපරාජිත මිනීමරු යන්ත්‍රය පරාජය කිරීමට ජේසන්ට හැකි වේවිද? චිත්‍රපටය බලලම ඒක දැනගමු නේද ?
    ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. මුල සිට අගටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මම ගොඩක් රසවින්ඳා. මේ චිත්‍රපටය රසවිඳින්න කියලා මම ඔයාලටත් ආරාධනය කරනවා. තවද, මගේ මේ මුල්ම උප සිරැසිය මාගේ ආදරණීය අම්මාටත්, තාත්තාටත් පුදකරනවා. ආ..තව විශේෂයෙන්ම කියන්න ඕන, මහා සටන් නළු Bruce Lee මිහිදන් කරපු තැන සොහොනත් , ඔයාලට මේ චිත්‍රපටයේ දැකබලා ගන්න පුලුවන්.
           ලින්ක් වැඩකරන්නේ නැතිනම් වයිටීඑස් කොපිය බාගන්න.
     එහෙනම්, සියලු දෙනාටම ජය වේවා !.  
QUALITY // 720p – 705mb / 4080p – 1.4gb

♣♣ BRRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
180 Movies
0 TV Series
180 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2930 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
BRRip 720P
Torrent / magnet link
705 MB Torrent
BRRip 720P
Torrent / magnet link
705 MB Torrent
BRRip 720P
Direct download
705 MB Direct
BRRip 1080P
Direct download
1.4 GB Direct
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 705.79 MB x264
▲7 · ▼1
Magnet GET
1080p bluray 1.48 GB x264
▲16 · ▼3
Magnet GET
Discussion (10)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-07-30

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • Rasika samanjith Unregistered
      Android 5.1 Chrome 50
      2018-07-30

      බොහොම ස්තුතියි .

  • Nala Unregistered
    Android 7 Chrome 67
    2018-07-30

    උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…😍 machan meka sub eka කරහන්…🙏🙏

    Reply
    • rasika samanjith Unregistered
      Windows 7 Opera 54
      2018-07-31

      මට කාල වේලාව නම් ටිකක් අඩුයි. බලමු…

  • Prageeth Unregistered
    Android 8.1 UC Browser 12.8
    2018-07-30

    බොහොම ස්තුති උපසිරසට….👍👍👍👍

    Reply
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2018-08-01

    නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා… ඔබට ජය… ***Good Luck***

    Reply
    • rasika samanjith Unregistered
      Windows 7 Opera 54
      2018-08-01

      thank u very very much.

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62
    2018-08-04

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • blackcat Unregistered
    Windows 10 Chrome 68
    2018-08-23

    thnxxxx…. feels good to find this old movie which i was looking for

    Reply
  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    Thnxx saho sub ekata 😍😍

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 760
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved