ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පටන්ගන්නම්. මොකද මේ මගේ මංගල උප සිරැසිය. හැමදාම අන්තර්ජාලයෙන් සබ් අරගෙන චිත්‍රපට බලපු මටත් හිතුනා, ඒ වෙබ් අඩවි ඔයාලා වෙනුවෙන් කරන මේ මහඟු සේවයට සුලුවෙන් හෝ දායක වෙන්න ඇත්නම් කියලා. ඒ අනුව තමයි මේ දැනට උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි අතරේ ඉදිරියෙන්ම සිටින සබ්ස්.එල්කේ සමඟ අත්වැල් බැඳගත්තේ. අධික කාර්‍ය බහුල තත්ත්වයක් යටතේ කට්ට කාලා කරපු උපසිරැසියක්. ඒත් දැන් මෙය ඔබ වෙත තිලිණ කරන්නේ ඉතාම සතුටින්. මා හට මෙම අවස්ථාව ලබාදුන් සබ්ස්.එල්කේ ඇඩ්මින් තුමාට මගේ හද පිරි ස්තූතිය විශේෂයෙන්ම පුද කරන්න ඕන. ඉතින් වැඩි විස්තර අතහැරලා අපි චිත්‍රපටයට යමු.

ඔයාලා වෙනුවෙන් මම හා පුරා කියා ඉදිරිපත්කරන චිත්‍රපටය තමයි, සටන් සහ ක්‍රියාදාම සිනමාවේ සුපිරි තරුවක් වන, “වෑන් ඩෑම් ” කිව්වම කවුරුත් හඳුනන Jean-Claude Van Damme ගේ “No Retreat No Surrender” කියන චිත්‍රපටය. තිරගත වුනේ 1986 මැයි 02 වෙනිදා. මුලින් චිත්‍රපට කිහිපයක සුළු චරිත වලට පෙනී සිටි වෑන් ඩෑම් මුල්වරට, මතක හිටින චරිතයකින් රසිකයන් අතරට ආවේ මේ ත්‍රපටයෙන්. තිරගත කල මුල්ම සතිය තුල ඇ.ඩො. 739,723 ක් උපයාගෙන, ආරම්භක සතියේ වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරේ එකොලොස් වෙනි තැනට පත්වෙමින් ඇමරිකානු බොක්ස් ඔෆීස් වාර්තා තබන්නට ” නෝ රීට්‍රීට් නෝ සරෙන්ඩර් ” චිත්‍රපටය සමත්වුනා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Kurt McKinney විසින්. වෑන් ඩෑම් රඟපෑවේ දුෂ්ටයාගේ චරිතය. චිත්‍රපටයේ ධාවන කාලයෙන් කාලකවත් වෑන් ඩෑම් නෑ. එසේ වුවත්, ඒ සුළු කාලය තුලදී, තමන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමින් මුළු චිත්‍රපටයම බබලවාලීමට පමණක් නොව, චිත්‍රපටයම තමාගේ නමින් ලියා ගැනීමටද වෑන් ඩෑම් සමත් වුනා කිව්වොත් නිවැරැදියි. සෙසු චරිත සඳහා Kathie Sileno, J. W. Fails සහ Dale Jacoby රංගනයෙන් දායක උනා. චිත්‍රපටය නිෂ්පාදනය කලේ Ng See-Yuen විසින්. අධ්‍යක්ෂණය කලේ yes Madam, Ninja in the Dragon’s Den, Fist of Fury 2, My Father is a Hero, Bodyguard from Beijing, Hero, So Close, Transporter, Avenging Fist වැනි සුපිරි සිනමා නිර්මාණ රාශියක් සිනමා ලොවට දායාද කල Corey Yuen විසින්. ඉතින් අපි කතා සාරාංශය දෙසට පොඩ්ඩක් හැරෙමු.
ජේසන් ස්ටිල්වෙල් තරුණ සටන් කලා ශිෂ්‍යයෙක්. එයාගෙ තාත්තා සටන්කලා පාසලක් කරගෙන යන සටන්කලා ගුරුවරයෙක්. එක්තරා අපරාධ සංවිධානයක්, එම පාසල තම සංවිධානයට එක් කරගැනීමට උත්සාහ දරනවා. ඊට එකඟ නොවීම නිසා ජේසන්ගේ පියාට පහරදී කකුලකුත් කඩා දමනවා. එය කරන්නේ රුසියන් ජාතික කුලී මැරයෙක් ලව්වා. ඔහු සටන්කලාවන්හී කෙල පැමිණි අද්විතීය සටන්කරුවෙක් ( වෑන් ඩෑම් ). ජේසන් ඒ අවස්ථාවට මැදිහත් වන නමුත්, රුසියානුවා සමඟ හැරෙන්නවත් ඔහුට බැරිවෙනවා. ඉන්පසු ඔවුන් ඒ නගරය අතහැර “සියැටල්” වල පදිංචියට යනවා. එහිදීත් ජේසන්ට නොයෙක් ආකාරයේ තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවෙනවා. මානසිකව වැටී සිටින ජේසන් තමාගෙ දුක කියන්නේ Bruce Lee ගේ සොහොන ලඟට ගිහින්. ඔහු Bruce Lee ට ගොඩක් ආදරය කරන, ගෞරව කරන රසිකයෙක්. පසුව Bruce Lee ගේ අවතාරය පැමිණ ජේසන්ව පුහුණු කරනවා. ජේසන්ගේ පෙම්වතිය වන කෙලීගේ සහෝදරයාද “සියැටල්” වල සටන් පාසලක් පවත්වගෙන යන්නෙක්. මේ වන විට ඔහුටද , පෙර කී අපරාධ සංවිධානයෙන් තර්ජනය එල්ල වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සියැටල් හී පැවැත්වෙන සටන් තරගාවලියකදී , තම පියාට පහරදුන් ඒ රුසියානුවා නැවත ජේසන්ට දක්නට ලැබෙනවා. කෙලීගේ සහෝදරයාද ඊට සහභාගි වන අතර, එහිදී ඉතා අමානුෂික ලෙස රුසියානුවාගෙන් පහර කෑමට ලක්වේ. එවිට තම සහෝදරයා බේරාගැනීම සඳහා රුසියානුවාට පහරදීමට තැත්කරන කෙලී, රුසියානුවාගෙ ග්‍රහණයට හසුවෙයි. වහා ක්‍රියාත්මක වන ජේසන්, තම පෙම්වතිය බේරගැනීමට, රුසියානුවාට විරුද්ධව සටන් වලල්ලට පිවිසෙයි. ඒ අපරාජිත මිනීමරු යන්ත්‍රය පරාජය කිරීමට ජේසන්ට හැකි වේවිද? චිත්‍රපටය බලලම ඒක දැනගමු නේද ?
ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. මුල සිට අගටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මම ගොඩක් රසවින්ඳා. මේ චිත්‍රපටය රසවිඳින්න කියලා මම ඔයාලටත් ආරාධනය කරනවා. තවද, මගේ මේ මුල්ම උප සිරැසිය මාගේ ආදරණීය අම්මාටත්, තාත්තාටත් පුදකරනවා. ආ..තව විශේෂයෙන්ම කියන්න ඕන, මහා සටන් නළු Bruce Lee මිහිදන් කරපු තැන සොහොනත් , ඔයාලට මේ චිත්‍රපටයේ දැකබලා ගන්න පුලුවන්.
ලින්ක් වැඩකරන්නේ නැතිනම් වයිටීඑස් කොපිය බාගන්න.
එහෙනම්, සියලු දෙනාටම ජය වේවා !.
QUALITY // 720p – 705mb / 4080p – 1.4gb
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි .
උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…😍 machan meka sub eka කරහන්…🙏🙏
මට කාල වේලාව නම් ටිකක් අඩුයි. බලමු…
බොහොම ස්තුති උපසිරසට….👍👍👍👍
නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා… ඔබට ජය… ***Good Luck***
thank u very very much.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
thnxxxx…. feels good to find this old movie which i was looking for
Thnxx saho sub ekata 😍😍