Ocean’s Eight (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. එහෙනම් මුලින්ම ඔහුට ස්තූති කරලම වැඩ අල්ලමු එහෙනම් .
මේ තමයි පිළිවෙලින් ….
Ocean’s Eleven (2001)
Ocean’s Twelve (2004)
Ocean’s Thirteen (2007)
..විදියට නිකුත් වූ ඕෂන්ස් චිත්‍රපට පෙලේ අලුත්ම සාමාජිකයා… Ocean’s 8(2018) අ.. හැබැයි සාමාජිකාව කිව්වොත් තමා හරියටම හරි. මොකද මෙවර මංකොල්ලෙට සැරසෙන්නෙ පසුගිය චිත්‍රපට තුනේ ප්‍රධාන චරිතය වුණ ඩැනී ඕෂන් ( George Cloony) ගේ සොහොයුරිය..ඩෙබී ඕෂන් .ඒ හැරෙන්නට මුල් චිත්‍රපටවල හිටි අයගෙන් මේකෙ ඉන්නෙ තව චරිත දෙකයි. ඒකත් ඉතාම සුළු චරිත. මං මේකට සමාජිකාව කිව්ව හේතුව හරියටම අදාල වෙන්නෙ මෙන්න මෙතෙන්දි, මොකද මේකෙ ඉන්නෙ මුළුමුනින්ම කාන්තාවන්ගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක්. චිත්‍රපටය නරඹන්න මුල් චිත්‍රපට තුන නරඹලා තියනවනම් වඩා හොඳයි, මොකද එහෙම වුණොත් මේකෙ මුළු රසවින්දයම ලබන්න පුළුවන් අඩුවක් නැතුව.නරඹල නෑ කියලත් ලොකු අඩුවක් දැනෙන එකකුත් නෑ හැබැයි. Imdb අගය 6.3ක් ලබා rotten tomatos වෙතින් 67%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 79%කුත් තමන් සතුකරගෙන තිබෙන මෙය සම්මාන 7කට නිර්දේශවී එයින් දෙකක් ජයගෙන තිබෙනවා මේ වනවිට.
මෙවර චිත්‍රපටයට අධ්‍යක්ෂණ දායකත්වය ගැරී රොස්ගෙන්. රනගනයෙන් දායක වෙන්නෙ සැන්ඩ්‍රා බුලොක් (ඩෙබී ඕෂන්), කේට් බ්ලැන්චට් ( ලූ), රිචඩ් ආමිටේජ් ( ක්ලෝඩ් බෙකර්), ඈන් හැතවේ ( ඩැෆ්නි ක්ලූගර්), මින්ඩි කැලින්ග් (අමිතා), සාරා පෝල්සන් (ටැමී),රිහානා (නයින්-බෝල්), හෙලේනා බොන්හැම් කාටර් (රෝස්), අව්ක්වෆීනා ( කන්ස්ටන්ස්) වගේ නළු නිළි පිරිසක්. ඇත්තටම ඈන් හැතවේගේ රංගනයනම් චිත්‍රපටයට අමුතු එලියක් එක් කරල තියන බවත් කියන්න ඕනෙ. තව කියන්න දේවල් ටිකක් තියනවා ඒ ටික මම වෙනම පහලින්ම දාන්නම් වෙන වෙනම එතකොට ලේසියි. දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට..
වෙනද වගේම චිත්‍රපටයේ මුළු කතාවම කියන්න නොයා ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම්. එතකොට රසවින්දනේට බාධාවක් නෑනෙ.
ඩැනී ඕෂන්ගේ සහෝදරිය ඩෙබී ඕෂන් මේ වනවිට ඉන්නෙ නිව්ජර්සිහි බන්ධනාගාරයක. අයියා වගේම බොහොම දක්ෂ වංචාකාරියක් වුණත් මොනවහරි ප්‍රශ්ණයක් වෙලා පොලීසියට අසුවුණ ඇය දැන් වසර පහකට ආසන්න ගණනක් සිරබත් කා අවසන්. කෙසේ හෝ යහපත් කල්ක්‍රියාව මත ඇයට නිදහස ලැබෙනවා සම්පූර්ණ දඬුවම් කාලය අවසන්වීමට පෙරාතුව. සිරභාරයේ ඉද්දිත් ඇය තමන්ට සුපුරුදු රාජකාරිය නවත්තල නැති බව ඔයගොල්ලන්ට පෙනේවි ආරම්භයේදිම, සිරභාරයෙන් නිදහස්ව පිටතට එනවිටත් ඇය
තවත් දැවැන්ත මංකොල්ලයක් සැලසුම් කරගෙනමයි එන්නෙ ,කොහොමත් ඕෂන් පවුල එහෙමයි කියල කලින් චිත්‍රපට ත්‍රිත්වය නරඹපු අයට මතක ඇතිනෙ. හැබැයි මේ කොල්ලකන දේ ප්‍රමාණයෙන් ඒතරම් විශාල නොවුනට වටිනාකමකම් ඉතාම ඉහලයි, ඒ වගේමයි තියෙන්නෙත් ලේසියෙන් ලඟාවෙන්නම නොහැකි තැනක. ඒ නිසා ඩෙබීගෙ සැලසුම මංකොල්ලය ටිකක් වෙනස් විදියට කරන්නයි.ඇති නේ, ආරම්භයක් විදියට ඔය ටික දැනගත්තම හොඳටම ඇති. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.
පිටපතේ ඇති හාඩ්කෝඩඩ් දෙබස් කොටස්ද පරිවර්තනය කර ඇත.
විශේෂ :-
* Met- Gala (මෙට්-ගාලා නොහොත් මෙට්-බෝල්)
මෙතනදි මෙට් ගාලා විදියට කෙටි කරල කියවෙන්නෙ Metropolitan Gala කියන එකයි. Gala කියන වචනයේ තේරුම උත්සවය/උළෙල කියන එකයි. උපසිරැසිය තුලදිත් මම ඒක සිංහලට පරිවර්තනය කරන්න උත්සාහ කලේ නෑ, එහෙම කරල තේරුමක් නැති නිසා සහ අකුරු හතරකින් කරන්න පුළුවන් දේට දිග වචන දෙකක් දාල ලයින් එකක තියන සීමිත ඉඩ අහුරන එක කරදරයක් නිසා. ඇත්තටම මේ මෙට් -ගාලා උළෙල සැබෑවටම පැවැත්වෙන්නක්. වාර්ෂිකව පැවැත්වෙන්නක් වන මේ උළෙලේ අරමුණ වෙන්නෙ ඇමරිකාවෙ නිව්යෝක්හි පිහිටි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයට අරමුදල් ඉපැයීම. ඒ නිසාම චිත්‍රපටයේ උළෙල සම්බන්ධව ඇති සියලුම කරුණු කාරණා ඇත්ත. මේ ගැන වැඩිදුර හොයා බලන්න කැමති අයට මේ කෞතුකාගාරය ගැන නිමැවුණ මේ වාර්තා වැඩසටහන හොයාගෙන බලන්න පුළුවන් The First Monday in May (2016)
* Vogue (වෝග් විලසිතා (මාසික) සඟරාව)
මේ සඟරාව තමයි මේ උළෙලේ සංවිධාන කටයුතු ආදී සියල්ලකම බර දරන්නෙ. මේ සඟරාවේ වර්තමාන සංස්කාරකවරිය වෙන්නෙ Anna Wintour. ඇයත් ඉන්නවා මේ චිත්‍රපටයේ.
* දේශපාලන චිත්‍ර ශිල්පී බැන්ක්සි
මේ බැන්ක්සි කියන්නෙ එංගලන්තයේ ජනප්‍රිය වීදි චිත්‍ර ශිල්පියෙක්. ප්‍රශ්ණෙකට තියෙන්නෙ ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හෙලි නොවීම. කෙසේවෙතත් කල පරීක්ෂණවලට අනුව ඔහුගේ නම රොබින් ගනින්හැම් යැයි විශ්වාසයක් තිබුණත්, එය සියයට සියයක් තහවුරුවී නැති බවයි කියවෙන්නෙ. ඔහුගේ නිර්මාණ ගොඩක් බලාගන්න පුළුවන් මෙතනින්.
https://www.canvasartrocks.com/blogs/posts/70529347-
121-amazing-banksy-graffiti-artworks-with-locations
* සැන්ඩ්‍රා බුලොක් ( ඩෙබී)ගේ මව ජර්මනියේ උපන් අයෙක්ලු. ඒ වගේම සැන්ඩ්‍රා තම ලමාකාලයෙන් වැඩි කලක් ගත කර තිබෙන්නේ නියුරම්බර්ග්වලලු. ඒ නිසාම ඇයට ජර්මන් භාෂාවත් හොඳට හුරුයි කියලයි කියන්නෙ, ඒ හැකියාව අවශ්‍ය වෙනවා ඇයට මේ චිත්‍රපටයෙදි.
*ලියනාඩෝ ඩිකැප්‍රියෝ සරදම.
මෙහි එක් තැනක ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගැන කියවෙනවා. ඇත්තටම ඒ කොටස එක්කරන්න හේතුව වෙලා තියෙන්නෙ මෙහි නයින්-බෝල් ලෙස රංගනයෙන් දායක වන රිහානා හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ අතර තිබුණායැයි කියල පෙම් පලහිලව්වක් ගැන කටකතාවක් කියලයි කියවෙන්නෙ. ඒ වගේම ලියනාඩෝ ඩිකැප්‍රියෝ තම සිනමා ජීවිතයේ කවදාවත්ම මෙට්-ගාලා උළෙලට ඇවිත් නැති කතාවකුත් තිබෙනවා . ඒ නිසාම මේ සරදමේ දෙපැත්තක් තියනව මම හිතන්නෙ.
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය.
ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
tnx bro
Kattiya awl kiwwata supirima heist thriller akak.Thanks for sub
නියමයි