Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Ocean’s Eight (2018) Sinhala Subtitle

Ocean’s Eight (2018) Sinhala Subtitle

August 23, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.4
GENRES
ActionComedyCrimeEnglish MoviesGenresMovies
CAST

Sandra Bullock, Griffin Dunne, Deidre Goodwin, Daniella Rabbani

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. එහෙනම් මුලින්ම ඔහුට ස්තූති කරලම වැඩ අල්ලමු එහෙනම් .

මේ තමයි පිළිවෙලින් ….

Ocean’s Eleven (2001)

Ocean’s Twelve (2004)

Ocean’s Thirteen (2007)

     ..විදියට නිකුත් වූ ඕෂන්ස් චිත්‍රපට පෙලේ අලුත්ම සාමාජිකයා… Ocean’s 8(2018) අ.. හැබැයි සාමාජිකාව කිව්වොත් තමා හරියටම හරි. මොකද මෙවර මංකොල්ලෙට සැරසෙන්නෙ පසුගිය චිත්‍රපට තුනේ ප්‍රධාන චරිතය වුණ ඩැනී ඕෂන් ( George Cloony) ගේ සොහොයුරිය..ඩෙබී ඕෂන් .ඒ හැරෙන්නට මුල් චිත්‍රපටවල හිටි අයගෙන් මේකෙ ඉන්නෙ තව චරිත දෙකයි. ඒකත් ඉතාම සුළු චරිත. මං මේකට සමාජිකාව කිව්ව හේතුව හරියටම අදාල වෙන්නෙ මෙන්න මෙතෙන්දි, මොකද මේකෙ ඉන්නෙ මුළුමුනින්ම කාන්තාවන්ගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක්. චිත්‍රපටය නරඹන්න මුල් චිත්‍රපට තුන නරඹලා තියනවනම් වඩා හොඳයි, මොකද එහෙම වුණොත් මේකෙ මුළු රසවින්දයම ලබන්න පුළුවන් අඩුවක් නැතුව.නරඹල නෑ කියලත් ලොකු අඩුවක් දැනෙන එකකුත් නෑ හැබැයි. Imdb අගය 6.3ක් ලබා rotten tomatos වෙතින් 67%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 79%කුත් තමන් සතුකරගෙන තිබෙන මෙය සම්මාන 7කට නිර්දේශවී එයින් දෙකක් ජයගෙන තිබෙනවා මේ වනවිට.

මෙවර චිත්‍රපටයට අධ්‍යක්ෂණ දායකත්වය ගැරී රොස්ගෙන්. රනගනයෙන් දායක වෙන්නෙ සැන්ඩ්‍රා බුලොක් (ඩෙබී ඕෂන්), කේට් බ්ලැන්චට් ( ලූ), රිචඩ් ආමිටේජ් ( ක්ලෝඩ් බෙකර්), ඈන් හැතවේ ( ඩැෆ්නි ක්ලූගර්), මින්ඩි කැලින්ග් (අමිතා), සාරා පෝල්සන් (ටැමී),රිහානා (නයින්-බෝල්), හෙලේනා බොන්හැම් කාටර්  (රෝස්), අව්ක්වෆීනා ( කන්ස්ටන්ස්) වගේ නළු නිළි පිරිසක්. ඇත්තටම ඈන් හැතවේගේ රංගනයනම් චිත්‍රපටයට අමුතු එලියක් එක් කරල තියන බවත් කියන්න ඕනෙ. තව කියන්න දේවල් ටිකක් තියනවා ඒ ටික මම වෙනම පහලින්ම දාන්නම් වෙන වෙනම එතකොට ලේසියි. දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට..
වෙනද වගේම චිත්‍රපටයේ මුළු කතාවම කියන්න නොයා ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම්. එතකොට රසවින්දනේට බාධාවක් නෑනෙ.

ඩැනී ඕෂන්ගේ සහෝදරිය ඩෙබී ඕෂන් මේ වනවිට ඉන්නෙ නිව්ජර්සිහි බන්ධනාගාරයක. අයියා වගේම බොහොම දක්ෂ වංචාකාරියක් වුණත් මොනවහරි ප්‍රශ්ණයක් වෙලා පොලීසියට අසුවුණ ඇය දැන් වසර පහකට ආසන්න ගණනක් සිරබත් කා අවසන්. කෙසේ හෝ යහපත් කල්ක්‍රියාව මත ඇයට නිදහස ලැබෙනවා සම්පූර්ණ දඬුවම් කාලය අවසන්වීමට පෙරාතුව. සිරභාරයේ ඉද්දිත් ඇය තමන්ට සුපුරුදු රාජකාරිය  නවත්තල නැති බව ඔයගොල්ලන්ට පෙනේවි ආරම්භයේදිම, සිරභාරයෙන් නිදහස්ව පිටතට එනවිටත් ඇය
තවත් දැවැන්ත මංකොල්ලයක් සැලසුම් කරගෙනමයි එන්නෙ ,කොහොමත් ඕෂන් පවුල එහෙමයි කියල  කලින් චිත්‍රපට ත්‍රිත්වය නරඹපු අයට මතක ඇතිනෙ. හැබැයි මේ කොල්ලකන දේ ප්‍රමාණයෙන් ඒතරම් විශාල නොවුනට වටිනාකමකම් ඉතාම ඉහලයි, ඒ වගේමයි තියෙන්නෙත් ලේසියෙන් ලඟාවෙන්නම නොහැකි තැනක. ඒ නිසා ඩෙබීගෙ සැලසුම මංකොල්ලය ටිකක් වෙනස් විදියට කරන්නයි.ඇති නේ, ආරම්භයක් විදියට ඔය ටික දැනගත්තම හොඳටම ඇති. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

පිටපතේ ඇති හාඩ්කෝඩඩ් දෙබස් කොටස්ද පරිවර්තනය කර ඇත.

විශේෂ :-
* Met- Gala (මෙට්-ගාලා නොහොත් මෙට්-බෝල්)
මෙතනදි මෙට් ගාලා විදියට කෙටි කරල කියවෙන්නෙ Metropolitan Gala කියන එකයි. Gala කියන වචනයේ තේරුම උත්සවය/උළෙල කියන එකයි. උපසිරැසිය තුලදිත් මම ඒක සිංහලට පරිවර්තනය කරන්න උත්සාහ කලේ නෑ, එහෙම කරල තේරුමක් නැති නිසා සහ අකුරු හතරකින් කරන්න පුළුවන් දේට දිග වචන දෙකක් දාල ලයින් එකක තියන සීමිත ඉඩ අහුරන එක කරදරයක් නිසා.  ඇත්තටම මේ මෙට් -ගාලා උළෙල සැබෑවටම පැවැත්වෙන්නක්. වාර්ෂිකව පැවැත්වෙන්නක් වන මේ  උළෙලේ අරමුණ වෙන්නෙ ඇමරිකාවෙ නිව්යෝක්හි පිහිටි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයට අරමුදල් ඉපැයීම. ඒ නිසාම චිත්‍රපටයේ උළෙල සම්බන්ධව ඇති සියලුම කරුණු කාරණා ඇත්ත. මේ ගැන වැඩිදුර හොයා බලන්න කැමති අයට මේ කෞතුකාගාරය ගැන නිමැවුණ මේ වාර්තා වැඩසටහන හොයාගෙන බලන්න පුළුවන් The First Monday in May (2016)

* Vogue (වෝග් විලසිතා (මාසික) සඟරාව)
මේ සඟරාව තමයි මේ උළෙලේ සංවිධාන කටයුතු ආදී සියල්ලකම බර දරන්නෙ. මේ සඟරාවේ වර්තමාන  සංස්කාරකවරිය වෙන්නෙ Anna Wintour. ඇයත් ඉන්නවා මේ චිත්‍රපටයේ.

* දේශපාලන චිත්‍ර ශිල්පී බැන්ක්සි
මේ බැන්ක්සි කියන්නෙ එංගලන්තයේ ජනප්‍රිය වීදි චිත්‍ර ශිල්පියෙක්. ප්‍රශ්ණෙකට තියෙන්නෙ ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හෙලි නොවීම. කෙසේවෙතත් කල පරීක්ෂණවලට අනුව ඔහුගේ නම රොබින් ගනින්හැම් යැයි විශ්වාසයක් තිබුණත්, එය සියයට සියයක් තහවුරුවී නැති බවයි කියවෙන්නෙ. ඔහුගේ නිර්මාණ ගොඩක් බලාගන්න පුළුවන් මෙතනින්.
https://www.canvasartrocks.com/blogs/posts/70529347-
121-amazing-banksy-graffiti-artworks-with-locations

* සැන්ඩ්‍රා බුලොක් ( ඩෙබී)ගේ මව ජර්මනියේ උපන් අයෙක්ලු. ඒ වගේම සැන්ඩ්‍රා තම ලමාකාලයෙන් වැඩි කලක් ගත කර තිබෙන්නේ නියුරම්බර්ග්වලලු. ඒ නිසාම ඇයට ජර්මන් භාෂාවත් හොඳට හුරුයි කියලයි කියන්නෙ, ඒ හැකියාව අවශ්‍ය වෙනවා ඇයට මේ චිත්‍රපටයෙදි.

*ලියනාඩෝ ඩිකැප්‍රියෝ සරදම.
මෙහි එක් තැනක ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගැන කියවෙනවා. ඇත්තටම ඒ කොටස එක්කරන්න හේතුව වෙලා තියෙන්නෙ මෙහි නයින්-බෝල් ලෙස රංගනයෙන් දායක වන රිහානා හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ අතර  තිබුණායැයි කියල පෙම් පලහිලව්වක් ගැන කටකතාවක් කියලයි කියවෙන්නෙ. ඒ වගේම ලියනාඩෝ ඩිකැප්‍රියෝ තම සිනමා ජීවිතයේ කවදාවත්ම මෙට්-ගාලා උළෙලට ඇවිත් නැති කතාවකුත් තිබෙනවා . ඒ නිසාම මේ සරදමේ දෙපැත්තක් තියනව මම හිතන්නෙ.

 

 

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය.

ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

 

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
11176 වාරයක්
Download Links
720P
TOR
720P
TOR
Available Torrents
720p bluray 938.22 MB
GET
1080p bluray 1.76 GB
GET
2160p bluray 5.15 GB
GET
720p web 934.85 MB
GET
1080p web 1.76 GB
GET
Discussion (17)
Newer →
  • losaka Unregistered
    Windows 10 Chrome 68
    2018-08-24

    Thank u bro

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 68
    2018-08-24

    මන් බලපු නියම පිල්ම් සෙට් එකක් තම ඔය උඩ ෆිලිම් තුන
    මංකොල්ල කන සින් වලට මාර අසයි….😁
    මෙක සුපිරිම වෙන්න ඔනෙ, සුපිරි නිලියො සෙට් එකක් නොවෑ ඉන්නෙ. Sandra Bullock එයත් මරුම නිලියක් තම.. ගොඩක් ස්තුතියි සහෝ මෙකට සබ් දුන්නට. දැම් ඉතින් අසාවෙන් බලන්න පුලුවන් thanks you❤️❤️❤️❤️

    Reply
  • prabodha Unregistered
    Android 4.4 Firefox 60
    2018-08-24

    Godak sthuthi saho sub ekataaa….

    Reply
  • Taranga Unregistered
    Android 5.1 Opera 37
    2018-08-24

    Thank .. mawaga hoda move walata sab karanawata satutui👍

    Reply
  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62
    2018-08-24

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • lahiru Unregistered
    Windows 10 Chrome 68
    2018-08-24

    thankz bro

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-08-24

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-08-24

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන් මෙම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. (PSA Rips/MKV Cage)Beast (2017) To All the Boys I’ve Loved Before (2018) The Yellow Birds (2017) American Animals (2018) Patient Zero (2018) The Package (2018)Like Father (2018)Tully (2018)Overboard (2018)Father of the Year (2018)Occupation (2018)

    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregistered
    Windows 7 Chrome 68
    2018-08-24

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 54
    2018-08-26

    නියමයි.බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 68
    2018-08-28

    Hasita saho.blurry walatat update ekak dnnako MkaCage .mn dn na ma sab eka gatta anit yaluwanta kohomada kiyala lassanata danna film eka sab karala thiyanawa. Ara wanat bashawan yana ewatat sb karala nisa niyamai.
    Maru filim eka oyata godak sthuthii.

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55
      2018-09-01

      BLURAY අප්ඩේ‍ට් කලා ,මිතුන් 🙂

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.2
    2018-08-31

    මං කලින් පිලුම් දෙක බලලා නැතත් මේක බලන්න හිතුනා. ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. තෙරුවන් සරණයි…!

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 408
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved