Trending

Only the Strong (1993) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

ශක්තිවන්තයා කවුද?
    මාෂල් ආට් ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්න නමක් තමයි Mark Dacascos කියන්නෙ. ඇමරිකන් සටන් නලුවෙක්. අමතක නම්, Drive [1997], Brotherhood of the Wolf [2001], Crying Freeman [1995], Double Dragon [1994] කියන්නෙ ඔහුගෙ නම ගිය ෆිල්ම් සෙට් එකක්. 1990 වසරේ Angel Town සිනමා පටයෙන් රිදී තිරයට පිවිසි අතර ඔහුගේ තුන්වෙනි චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා අතරට එක් වෙමින් ඔහුව සිනමා අඹරේ ඉහලටම ඔසවා තැබුවා. රසික හදවත් වසඟයට පත් කල ඔහුගේ ඒ චිත්‍රපටය තමයි Only the Strong. මුලින්ම තිරගත වුනේ 1993 අගෝස්තු 27 දිනයි. විනාඩි 99 ක ධාවන කාලයකින් යුක්ත වන අතර 6.5/10 ක IMDb අගයකුත්, ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 95% කුත් ලබාගෙන තියෙනවා. Action, Martial Arts, Drama විදිහට වර්ග කරන්න පුලුවන්. බ්‍රසීලියානු සටන් කලාවක් වන කැපොවේරා උගන්වන ගුරුවරයෙක්ගේ චරිතයකට තමයි ඔහු පෙනී සිටින්නෙ. එදා මෙදා තුර කැපොවේරා සටන් කලාව ගැන, මුල සිට අග දක්වාම කතා බහ කෙරුනු එකම හොලිවුඩ් සිනමා නිර්මාණය මෙය බවයි සැලකෙන්නෙ. මූලිකවම කැපොවේරා සමග ඩැකාස්කොස්ගේ සම්බන්ධයක් නොතිබී ඇති අතර කැපොවේරා පුහුණුව ඔහුට ලබාදීලා තියෙනවා. ඒ මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂක වන, කැපොවේරා මාස්ටර් Amen Santo විසින්. ඔහු මෙහි පොඩි චරිතයකටත් පෙනී ඉන්නවා. Mark Dacascos ( ලුයිස් ස්ටීවන්ස්) සමඟ Stacey Travis (ඩයනා), Paco Christian Prieto (සිල්වේරියෝ ඔලිවේරස්), Geoffrey Lewis (කෙරිගන්), Richard Coca (ඕර්ලැන්ඩෝ) රංගනයෙන් දායක වෙනවා. ඇමෙරිකාවේ සහ කැනඩාවේ ආරම්භක සති අන්තයේදී ඇ.ඩො. 1,286,889 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන ඇති අතර සමස්ථ බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. 3,283,371 ක්.
 විශේෂ බලකා සොල්දාදුවෙක් වන ලුයිස්, බ්‍රසීලයේ වසර කීපයක සේවයෙන් පසු ආපසු තමාගේ නගරයට පැමිණනවා. ඔහු ඉගෙනගත් ලින්කොන් උසස් පාසැල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ අණසකට යටවෙලා. නව යොවුන් තාරුණ්‍යය වැරදි මගට යොමුවෙලා. නිතරම රණ්ඩු සරුවල්. බොහෝ අය අවි ආයුධත් පාවිච්චි කරනවා. ගුරුවරුන් කියනදේ කණකට වත් ගන්නෙ නෑ. ලුයිස්ට බ්‍රසීලයේදී කැපොවේරා කියන බ්‍රසීලියානු සටන් කලාව හදාරන්න ලැබෙනවා. ඒක සංගීතය, රිද්මය හා බැඳුණු කලාවක්. කැපොවේරා සිසුන්ට ඉගැන්වීම තුලින්, ඔවුන් යම් හික්මීමකට ලක් කර, ඔවුන්ව යහපත් පිරිසක් කිරීමට ලුයිස් සහ ඔහුගේ පැරණි ගුරුවරයා වන මිස්ට කෙරිගන් අදහස් කරනවා. පාසලෙන්ම මීට විරෝධතා මතු වුනත්, පාසලේ ගුරුවරියක් වන, ලුයිස්ගේ පරණ පෙම්වතිය ඩයනා ඔහු වෙනුවෙන් කතා කරනවා. බොහෝ දුෂ්කරතා මැද පන්තිය ආරම්භ කලත් ඒක තවත් යුද්ධයකට අත වැනීමක් වෙනවා. පන්තියේ ළමයෙක් වන ඕර්ලැන්ඩෝගෙ ඥාති සහෝදරයා ඒ නගරයේ ප්‍රධානම මැර කණ්ඩායමේ නායකයා. ඔහුත් කැපොවේරා දක්ෂයෙක්. ඔහු තමාගේ නීති විරෝධී වැඩ වලට ලැන්ඩෝව සම්බන්ධ කරගැනීමට විරුද්ධව ලුයිස් හඬ නැගීමත් සමගම ඒ යුද්ධය ඔහුට ලැබෙනවා. මේ චිත්‍රපටයේ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ.
ජය වේවා.
QUALITY // 720p – 870 MB // 1080p – 1.7 GB
SUB FORMAT // SRT 

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
WEBRip 720P
Direct download
870 MB Direct
WEBRip 1080P
Direct download
1.7 GB Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 869.35 MB x264
1080p web 1.74 GB x264
▲30 · ▼2
Magnet GET
Discussion (4)
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 88

    නියම ෆිල්ම් එකක්නේ.
    තෑන්ක්ස් සබ් එකට.

  • Supun Kaushalya Unregistered
    Android 12 Chrome 103

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Shamal Manojan User
    Windows 10 Chrome 102

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මේ ෆිල්ම් ටිකටත් හැකි අයුරින් ඉදිරි කාලයේදී සබ් දෙන්න.

    To Kill with Intrigue – 1977
    Snake and Crane Arts of Shaolin – 1978
    Dragon Fist – 1979
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    Red Sonja – 1985
    Black Eagle – 1988
    Red Heat – 1988
    Twins – 1988
    Swordsman – 1990
    Swordsman II – 1992

  • kasun Unregistered
    Android 10 Chrome 78

    thank you.puluwannam drunken master 1978 sub denna

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search