Open Water 2: Adrift (2006) Sinhala Subtitle

May 07, 2021 Admin
Subtitle by Rasika Samanjith
මුහුද මැද ජීවිත අරගලය

                      ඇස් රතු වෙන විහිලු කරන්න හොඳ නෑ කියල කතාවක් තියෙනවනෙ. ඇත්තටම ඇස් රතු වෙන විහිලු හොඳ නෑ. වැඩි දුර නොහිතා ෆන් එකට කරපු විහිලු භයානක ප්‍රතිඵල අත් කර දුන්නු සිදුවීම් අපි අනන්තවත් අහල තියෙනවා. ඔයාල අත් දැකලත් ඇති. ඒ වගේ පොඩි විහිලුවක් නිසා පට්ට විනෝද මුහුදු සංචාරයක් මහා ඛේදවාචකයකින් අවසන් වුනු කතාවක් රැගත් සිනමා පටයක් තමයි මෙවර subz.lk හරහා ඔබට අරන් ආවෙ. මම විශේෂයෙන්ම මේක තෝරගත්තෙ මේක ඉල්ලලා කමෙන්ට් කරපු සහෝදරයෙක්ගෙ ඉල්ලීමක් නිසා. චිත්‍රපටය මාත් බලලා තිබ්බෙ නැති නිසා හිතුවා සබ් එක කරන්න ඕනෙ කියලා. චිත්‍රපටය තමයි Open Water 2 – Adrift. මුලින්ම තිරගත වුනේ 2006 අගෝස්තු 10 ජර්මනියේදී. මේකෙ භාෂාව ඉංග්‍රීසි. ජර්මන් සිනමා නිර්මාණයක්. Adventure, Drama, Thriller, Horror විදිහට වර්ග කෙරෙන අතර විනාඩි 94 ක කාලයක් පුරා ප්‍රේක්ෂකයන් කුතුහලයෙන් ඇඳබැඳ තබා ගැනීමට සමත් චිත්‍රපටයක්. මෙය 2003 වසරේ නිකුත්වූ Open Water චිත්‍රපටයට කිසිම සම්බන්ධතාවයක් නොමැති අතර, ජපන් ගත් කතුවරයෙක් වන Koji Suzuki විසින් ලියන ලද Adrift නම් කෙටි කතාව පාදක කරගෙන නිර්මාණය වූවක්. නමුත් චිත්‍රපටයේ සහ පෝස්ටර් වල සඳහන් වන්නේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කර ඇති බවයි.
එක්සත් රාජධානියේ ආරම්භක සති අන්තයේදී ඇ.ඩො. 407505 ක් උපයාගැනීමට සමත්වූ අතර පළමු සති අන්තියේදීම ජර්මනියේදී ඇ.ඩො. 293601 ක්ද, ස්පාඤ්ඤයේදී ඇ.ඩො. 326381 ක්ද උපයාගෙන තියෙනවා. සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මිලියන 6.8 ක් ලෙසයි සඳහන් වෙන්නෙ. Susan May Pratt ( ඇමී ), Richard Speight Jr.( ජේම්ස් ) Niklaus Lange ( සැච් ), Ali Hillis ( ලොරේන් ), Cameron Richardson ( මිෂෙල් ) සහ Eric Dane ( ඩෑන් ) රංගනයෙන් දායක වෙනවා.
කතාව කෙටියෙන් කියනවනම්, උසස් විද්‍යාල යහලු යෙහෙලියො සෙට් එකක් අවුරුදු 5 කට පස්සෙ උපන් දින සැමරුමකට එකතු වෙනවා. ඒක සමරන්නෙ මුහුදු සංචාරයකින්. ඩෑන්ගේ අති නවීන සුපිරි බෝට්ටුවේ. කුඩා කාලයේ වුනු සිදුවීමක් නිසා වතුරට දැඩි බියක් දක්වන ඇමීත් මේ අතර ඉන්නවා. ඇය එන්නෙ ඇගේ සිඟිති දියණියත් අරගෙනයි. ඇමීගෙ වතුරට තියෙන බය කොච්චරද කිව්වොත් ඇය බෝට්ටුව ඇතුලෙ ඉන්නෙත් ජීවිතාරක්ෂක ජැකට් එකක් දාගෙන. මේ අඹ යාලුවන්ගේ ඉරණම වෙනස් වෙන්නේ කොහොමද? Open Water 2 – Adrift බලමු නේ.
ජයවේවා.

♣♣   BRRip / 720p   ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි?  මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p bluray 869.63 MB
1080p bluray 1.75 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (5)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 90

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)
    The Dry (2020)
    Mission Possible (2021)
    The Mitchells vs. the Machines (2021)

  • Shamal Manojan User
    Android 7 Chrome 90

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request…

    Shaolin Temple – 1982
    Death Warrant – 1990
    Street Fighter – 1994

    • Shamal Manojan User
      Android 7 Chrome 90

      Death Warrant 1990 නෙමෙයි වැරදුනා. ඒකට සබ් දීලා නේ තියෙන්නේ.
      Sudden Death – 1995

  • tv malli Unregistered
    Windows 10 Chrome 90

    බොහොම ස්තුතියි…කමෙන්ට් කරලා ෆිල්ම් එක ඉල්ලුවාම සබ් කරලා දුන්නු එකට.සබ් නැති නිසා ෆිල්ම් එක බලන්නෙ නැතුව හුගක් කල් ඉදියා…දිගටම සබ් දෙමු මිත්‍රයා:heart_eyes:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search