Trending

Paskal: The Movie (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පැස්කල් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අළලා නිර්මාණය වුණ Paskal (2018) මැලේසියානු චිත්‍රපටය. කොහොමහරි උපසිරැසිය හදන්න හිතුවට වඩා කල් ගියා, එක පැත්තකින් දවසට දෙතුන් වතාවක් විදුලිය ඇණහිටිනවා, මට වෙලාව තියන වෙලාවට විදුලිය නෑ, අනිත් පැත්තෙන් මේ චිත්‍රපටය සමග පැමිණි නිල උපසිරැසියෙ ඉංග්‍රීසි භාෂා දෙබස් ඇතුලත්ව තිබුණෙ නෑ . ඒ නිසා ඒ ටිකටත් ටයිම් ලයින් හදන්න වුණා. කොහොමහරි අද දවස තුල විදුලිය ඇණහිටීමකුත් නොවුණ නිසා වැඩේ අවසානයක් කරගන්න පුළුවන් වුනා. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

පැස්කල් බළකා ලාංජනය

පැස්කල් බළකාය නිල වශයෙන් ආරම්භ වන්නේ 1982 වසරේදීයැයි කියවෙතත් එය නොනිල වශයෙන් ආරම්භව තිබෙන්නේ 1977 වසරේදී. එවකට එහි නාමය වී ඇත්තේ රාජකීය මැලේසියානු නාවික හමුදා (RMN- Royal Malaysian Navy) නාවික කමාන්ඩෝ ඒකකය ලෙසයි. එය මැලේසියානු ජාතික ආරක්ෂාව සම්බන්ධ විශේෂ මෙහෙයුම් උදෙසා නිර්මාණය වූවක් වුනත්, එය සමුද්‍ර ආශ්‍රිත මෙහෙයුම් සඳහාත් එක්කයි නිර්මාණය කොට තිබෙන්නේ. එසේම එහි මූලස්ථානය මුලින්ම ස්ථාපිත කොට තිබෙන්නේද සිංගප්පූරුවේ වුඩ්ලන්ඩ්ස්හි Khatib කඳවුරේ , පසුවයි එය මැලේසියාවට ගෙන එන්නේ. PASKAL නම Pasukan Khas Laut නම කෙටි කිරීමෙන් සෑදුණක්, එහි අර්ථය නාවික විශේෂ බළකා යන්නයි. කෙසේ හෝ 2009 වසරේදී මේ PASKAL බළකායට නව නාමයක් ලැබෙනවා KD Panglima Hitam ( HMS Black Knight) නමින්. ඒ එවකට මැලේසියානු රජු අතින්.

සන්නද්ධ පැස්කල් භටයන් දෙදෙනෙක්

1977දි ඇරඹුන පැස්කල් බළකාය නිල වශයෙන් ස්ථාපිත කෙරෙන්නෙ 1982 වසරෙදි බව ලිපියේ ඉහලින් කිව්වා මතක ඇති. ඇයි ඒ? ඒකට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීති ප්‍රඥප්තිය (United Nations Convention on the Law of the Sea) ඒක මම කියනවට වඩා අපූරුවට Roar වෙබ් අඩවියේ මේ ලිපියේ තියනවා. මුලින්ම ඒක බලල ඉන්න.

ලිපියේ සඳහන් එම ප්‍රඥප්තියට අනුව නාවික සැතපුම් 12 ( කි.මී 22.2) සීමාව ඉක්මවා නාවික සැතපුම් 200 ( කි.මී370 ) දක්වාවූ මුහුදු ප්‍රදේශයක් එනම් අනන්‍ය ආර්ථික කලාප අයිතියක් ලැබූ මුල්ම රටවල්වලින් එකක් මැලේසියාව. මේ හේතුව නිසාම සාගර ගවේෂණ සහ සම්පත් යන කාරණාවලදි මැලේසියාවට කලාපයේ අන් රටවලට නොමැති විශේෂ අයිතීන් තිබෙනවා. ඒ නිසයි එම අයිතිය ලැබූ 1982 වසරේදී එතෙක් නොනිල වශයෙන් පැවති පැස්කල් බළකාය නිල වශයෙන් පිහිටුවන්නට මැලේසියාව තීරණය කරන්නෙ. ඇති නේද ඒ තොරතුරු දැනට. ඔවුන්ගේ ජනප්‍රියම මෙහෙයුම්වලින් එකක් තමයි 2011 වසරේදී සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවන MV Bunga Laurel නෞකාව මුදාගැනීමේ මෙහෙයුම නොහොත් Operation Dawn 8: Gulf of Aden. එය ඇතුළු මෙහෙයුම් කීපයක් චිත්‍රපටය තුල තිබෙන නිසා මම මින් එහාට ඒ ගැන කියන්නෙ නෑ.

MV Bunga Laurel නෞකාව

එහෙනම් Imdb අඩවියෙන් 7.7 ක අගයක්ද ගූගල් පරිශීලකයන් 97%කගේ ප්‍රසාදයද දිනාගත්, ඒඩ්‍රියන් ටෙහ් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ, අඩි අෆෙන්ඩි ( ලෝරල් 11 නෞකා කපිතාන්), අම්මර් ඇල්ෆියන්(ජෙබ්), හයිරුල් අස්රීන් (අර්මාන් රහ්මත්), ජැස්මින් සුරායා චින් (ලිලී), තෆීක් හනාෆි (උස්තාද්), හෙන්ලි හී (ජෝෂුවා), හෆිසුල් කමාල් (යාන්), ගම්බිත් සයිෆුල්ලා (ගගාක්), තීබාන් ( මිසී) ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩවුණ මේ චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්. (කියන්නම ඕනෙ මේ චිත්‍රපටයේ මගෙ හිත ගිය තැනක් තමයි කමාන්ඩෝ පුහුණුව සහිත දර්ශන පෙල, එය ඉතාම තාත්විකව කැමරාවට හසුකරගෙන තියනව ඔවුන්. කතාව පැත්තෙන් යම් යම් අඩුපාඩුකම් තියනවා වගේ දැනෙනවා හැබැයි )

තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරිනි.
විශේෂ ස්තූතිය Roar අඩවියට.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 990.85 MB x264
▲1 · ▼0
Magnet GET
1080p web 1.85 GB x264
▲3 · ▼6
Magnet GET
Discussion (12)
  • Ushan Unregistered
    Windows 10 UC Browser 7

    tnx godaaak

  • Ushan Unregistered
    Windows 10 UC Browser 7

    mojin the worm valley 2018 mekata sub denna puluwannam

  • ශලින් Unregistered
    Android 8 Samsung Browser 8.2

    අලුත් ෆිල්ම් ගොඩකට සබ් දුන්නෙ ඔයා තමා.අනිවා වෙන්න ඕනෙත් ඒකකමයි.දිගටම මෙහෙම යමු.ජය වෙවා

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 73
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71

    Godak sthuthi bro sub ekata….

  • Thisara Unregistered
    Windows 8.1 Chrome 73

    Sub eakata thanks bro
    niyamata karala thiyanawa

  • Silent$ Unregistered
    Windows 7 Chrome 73

    Pattaaaaaaaaaaa

  • Madusha Unregistered
    Windows 10 Opera 58

    බොහොම ස්තූතියි සහෝ

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 65

    elama thanks sub ekata

  • Asinda Unregistered
    Android 8.1 Chrome 72

    Supiri wedak .බොහොම ස්තුතියි

  • Milinda priyalal Unregistered
    Android 9 Chrome 76

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search