
Train to Busan Presents: Peninsula.
2020
කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකකට සබ් එක අරන් ආවා. කතාවේ නම දැක්කම කට්ටිය කතාව දන්නවා ඇති. train to busan එකේ දෙවෙනි එක ට තමා මං සබ් අරන් ආවේ.
මං කෙලින්ම කතාවට යන්නම්.
මේ කතාවනම් පටන් ගන්න කොටම කියන්න ඕන train to busan එකට වඩා වෙනස්. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුනු විදිය නෙමේ නිසා ටිකක් කලකිරුණු අයත් ඉදලා තියෙනවා. නමුත් මං දකින විදියටම කතාව ලස්සනයි. train to busan එකවගේ නැති වුනත් කතාව ලස්සනයි. ඒකට ආවේනික plot එකක් තියෙනවා.
මුල් කතාව බලපු අය දන්නවා ඇති. සොම්බි පැතිරිලා. ඒ දවස් වල තිබුණු එකම ආරක්‍ෂිත තැන වුනේ කොරියාවේ බුසාන් නගරය. පළමු කොටසේ බුසාන් වලට train එකෙන් පැනලා යන කොට වුනු සිදු වීමක්.
දෙවැනි එක නැත්නම් මේකේ තියෙන්නේ වයිරසය පැතිරිලා අවුරුදු 4 කට පසු. සිදු වීම.අවුරුදු 4 ක් තිස්සේ සොම්බි නිසා රටට වෙච්ච දෙය දැක්කම ඇත්තටම.. රටක්ද කියලත් හිතෙනවා.. මුළු රටම පාලුවට ගිහින් විනාශ වෙලා. වෙනත් රට වලින් පවා අතහැරලා දාලා කොරියාව,කොරියාව කියුවම උතුරු නැතුව දකුණු කොරියාව විතරයි මේ තත්වය තියෙන්නේ. ඒ නිසයි මේ කතාවේ නම Peninsula තේරුම අර්ධද්වීපය දකුණු කොරියාවට කියන තවත් නාමයක් එය.
එක මනුස්සයෙක් වත් එන්නේ නැති සොම්බි පිරිච්ච රටට එනවා කිහිප දෙනෙක්. ඇයි එන්නේ?
ඒ එන අයට නොහිතපු විදියට සොම්බි අස්සේ ජිවත් වෙන මිනිස්සු පිරිසක් හමුවෙනවා. ආපු අය ඇයි ආවේ ආවත් යන්න පුළුවන් වෙයිද ? රටේ හිර වෙලා ඉන්න බේරිලා යන්න බැරි වුනු ඒ පිරිස ට මොකද වෙන්නේ. බේරෙන්න පුළුවන් වෙයිද ? ඒ අතරිනුත් මිනිස්සු කියුවට සොම්බි ලාටත් වඩා අන්ත තිරිසන්නු කියලා කියන්නත් පුළුවන්.
මේ මිනිස්සු තිරිසන්නු සොම්බි ලා අතරේ පොඩි ගෑනු ළමයි දෙන්නෙකුයි අම්මා කෙනෙකුයි ඉන්නවා. තව සියා කෙනෙකුයි. මේ කතාව යන්නේ මෙයාලා ගැන.මේ සොම්බි අර්ධද්වීපයෙන් පැනලා යන විදිය කියලා කියුවොත් හරි. පළමු කතාවේ නම් අවසානය දුකයි ඒ ඇයි කියලා බලපු අය දන්නවා ඇති . මේ කතාවේ කොහොම වෙයිද ? ඔයාලා බලලාම තීරණය කරන්නකෝ.
මං මේ කතාවේ දැකපු දෙයක් තමයි. මිනිස්සු තිරිසන්නු වෙලා මානසිකව ඇද වැටිලා. තමන් ඉන්න තත්වයට හුරු වෙන්න බැරි වුනු නිසා කියලා කියන්නත් පුළුවන්. එවැනි අවස්තාවක තනි අම්මා කෙනෙක් දු ලා දෙන්නේ ක් ඒ තිරිසන් මිනිස්සු අතරේ තමන් ඉන්න තත්වයට හුරු වෙලා අවුරුදු 4 ක් ජිවත් වෙනවා. කවදා හරි දවසක මේ සොම්බි රටෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් . ඒ කැපවීම දෛරය මේ දේවල් තිබුනේ මං දකින විදියට ඒ තුන් දෙනාට විතරයි.
“මං දන්න ලෝකයත්”
“නරක නැහැ.”
කතාවේ අවසානම දෙබස මේ කියන්නේ මොකක්ද කියලා කතාව බැලුවම තේරෙයි.
කතාව ගැන විස්තර ටිකක් කියුවොත්
නම – Peninsula (2020) Train to Busan 2/Train to Busan Presents: Peninsula/ (කොරියන් වලින් ) 반도 -බන්ඩෝ
අධ්‍යක්ෂණය – යොන් සංග් හෝ
නිෂ්පාදනය – ලී ඩොන්ග් හා
රචනය – පාර්ක් ජෝ සක්
යොන් සංග් හෝ
නිකුත් කල දිනය – 2020-07-15
දුවන කාලය – මිනිත්තු 116
රට – දකුණු කොරියාව
ප්‍රධාන නළුවා – කන්ග් ඩොන්ග් වොන් කතාවේ ජොන්ග් සෝකා
ප්‍රධාන නිළිය – ලී ජන්ග් හ්යුන් කතාවේ මින් ජන්ග් ලෙසත් රග පානවා.
මං අනිත් චරිත ගැන නම් කියන්න යන්නෙ නැහැ.
මං මේ කතාවේ ආසම චරිත දෙක
ලී රා කියන ගෑනු ළමයා එයා ජුනි ලෙස ත් ලී යේ වොන් චුටි ගෑනු ළමයා යු ජින් ලෙසත් රගපානවා. මේ දෙන්නාගේ කාර්වලින් කරන වැඩ ව්හ්හ් ඇත්තටම කතාවේ හොදම ටික ඒ ටික මං දකින්නේ. තව තිබ්බනම් නියමයි කියලත් හිතුනා. ඔයාලත් බලන්නකෝ ඒ මොනවද කියලා.
“ජොන්ග් සෝකා!”
“ඇයි ඔයා විතරක් ජිවත් වෙලා ඉන්නේ ?”
මට නම් මේ කතාවේ හොදටම වැදුණු දෙබස මේ.. ඒ ඇයි කියලා ඔයාලට බැලුවම තේරෙයි.
වැඩි දෙයක් කියන්නෙ නැහැ. රසවිදින්න කියලා ඉල්ලනවා.
ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..
Download Links:
Download Direct 720P පිටපත 732 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
ඉෂි ද සිල්වා
Comments: 6
Leave a Reply
Search
Login
Updates










Hansani Rupasingha
Upasirasiyata Boboma sthuthiyi!
ඉෂි ද සිල්වා
mulma comment ekata thanx dear.:yum:
සහන් සුලක්ඛණ
කතාව හිතපු තරම් නම් ගතියක් නැහැ, cgi එහෙම ගොම ගොඩක් තනිකරම, ttb එක අහ්ලින්වත් තියන්න බහ, මේකත් එක්කම ආපු alive එක නම් මීට වඩා හොඳයි, කොහොම නමුත් හැමෝගෙම acting පට්ට. ඒ වගේම තමයි story එක අවුලක් නැහැ, නමුත් අපි හිතපු තරම් එක්ස්පීරියන්ස් එකක් ගන්න තරම් නම් මදි හොඳටම
ඉෂි ද සිල්වා
:yum::yum:
ඉෂි ද සිල්වා
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
Nuwa
busan එකේ sub නැනේ