Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 2018 වසරේ නිකුත්වූ Peter Rabbit චිත්‍රපටයේ දෙවැන්න වන Peter Rabbit 2 (2021) හි සිංහල උපසිරැසිය. මුලින්ම කියන්නට ඕනෙ මුල් චිත්‍රපටය හා මෙය සෘජුවම එකිනෙක සම්බන්ධයි, එම නිසා මෙය නරඹන්නටනම් මුල් චිත්‍රපටය නරඹා තිබිය යුතුයි. ඔබට එය සිංහල උපසිරැසි සමග ලබාගත හැකියි මෙතනින්.
මෙවරත් මෙහි අධ්‍යක්ෂණය විල් ග්ලක්ගෙන්. IMDb අගය 6.2කුත්, Rotten Tomatoes අගය 67%කුත් මෙටාක්‍රිටික් අගය 43%කයත් ලබාගන්නට සමත්ව තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ රෝස් බර්න් (බී), ඩොම්නල් ග්ලීසන් (තෝමස් මැක්ග්‍රෙගර්), ඩේවිඩ් ඔයෙලොවො( නයිජල් බැසිල්-ජෝන්ස්), ජේම්ස් කෝඩන් (පීටර්/හඬ), කොලින් මූඩි (බෙන්ජමින්/හඬ), මාගෝ රොබී (ෆ්ලොප්සි/හඬ), එලිසබෙත් ඩෙබිකි (මොප්සි/හඬ), ඒමී හෝන් (පුළුන්-වල්ගා/හඬ), ලෙනී ජේම්ස් (බානබස්/හඬ)හේලි ඇට්වෙල්( මිටන්ස්/හඬ),ඩේමන් හෙරිමන් ( ටොම් කිටන්/හඬ), රුපර්ට් ඩෙගාස් ( සැමුවෙල් රැවුලාස්/හඬ), සියා (ඩිගී වින්කල්/හඬ) සෑම් නීල් (ටොමෝ බ්‍රොක් /හඬ) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව දෙසට…
මෙවර කතාව ඇරඹෙන්නේ බී සහ තෝමස් දෙදෙනාගේ විවාහ උත්සවයෙන්. විවාහයත් එක්කම පීටර් ඇතුළු හාවුන්ගේ භාරකරුවන් බවට පත්වෙනවා ඔවුන් දෙදෙනා. තෝමස් හා ඒතරම් හිත හොඳක් නැති පීටර් මේකට කැමති නෑ. කොහොමින්හරි කාලෙකට පසු බීගේ පොත ප්‍රකාශනය කරන්නට ඉහල පෙලේ පොත් ප්‍රකාශකයෙක් කැමැත්ත පලකරනවා. ඒත් සමගම නගරයට ගොස් එම ප්‍රකාශකයා හමුවන්නට පීටර් ඇතුළු හාවුන්ටද ආරාධනා ලැබෙනවා. තෝමස් හා පීටර් අතර මේ වනවිට ඇති සිත් අමනාපකම්ද සමගින් පීටර්ට නගරයෙදී හමුවෙනවා අළුත් මිතුරෙක්…
චිත්‍රපටය අවසානයේ ක්‍රෙඩිට් දර්ශන කිහිපයක් ඇති බැවින් අවසානය තෙක්ම නරඹන්න. ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සඳහා ගැලපේ.WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් සඳහා ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් වේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
බොහොම ස්තූතියි හසිත සහෝ මුල් ෆිල්ම් එකට වගෙම මේකටත් සබ් එක අරන් ආවට!!
❤:heart_eyes:
බලන් හිටියෙ
තෑන්ක්ස් සබ් එකට සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!